.
ඔබ අතින් ඔබේ මුහුණට නොදැනුවත්වම සිදුවන වැරදි මෙන්න
දැන් කාලේ ගැහැණු පිරිමි කවුරුත් කැමතියි ලස්සනට ඉන්න. එහෙම ලස්සනට ඉන්න අදකාලේ කවුරුත් නොකරන දෙයක් නැහැ.. අලුතින් වෙළඳපලට එන්නේ මොනවද ඒ හැමදේම මිලට අරගෙන පාවිච්චි කරලා බලනවා. එහෙම ගොඩක් දේවල් පාවිච්චි කරන්න ගිහින් හුඟක් දෙනෙක් අද තිබුනටත් වඩා තමන්ගේ පෙනුම අවලස්සන කරගෙන තියෙනවා.  ලස්සන ගැනම වද වෙන නිසා ගොඩක් අය ඉන්නේ මානසිකවත් ලොකු පිඩනයකින්.

ඔබ මොන දේවල් පාවිච්ච් කලත් වැඩක් වෙන්නේ නැහැ ඔබ හරියාකාරව පිරිසිදුකම ගැන සැලකිලිමත් නොවෙනවානම්. විශේෂයෙන්ම මුහුණ පිරිසිදුව තබාගැනීම හුඟක් වැදගත්.

මුහුණ සෝදා සබන් හෝ facewash වර්ගයක් ආලේප කර එය සොදහැරිම කල පමණින්ම මුහුණ පිරිසිදු නොවන බව ඔබ දන්නවද?

1. ඉක්මනින් මුහුණ සේදීම

සාමාන්‍යයෙන් අපි කරන්නේ මුහුණ වතුරෙන් සෝදා සබන් හෝ වෙනත් දෙයක් ආලේප කර සෝදා හරිම. තප්පර 10ක් වැනි සුළු වෙලාවක් තුල මෙය සිදු කරනවා. නමුත් එයින් සිදුවන්නේ ඔබේ මුහුණේ පිටත ඇති කුණු දුහුවිලි ඉවත්වීමක් පමණයි.
නමුත් මුහුණ හොදින් සෝදා සබන් හෝ facewash මුහුණේ ආලේප කර හොඳින් සම්බාහනය කල යුතුයි. පසුව සියුම්ව හොඳින් සෝදාහරින්න. එවිට ඒ ඒ ආලේපන ඔබේ සම මතුපිටට කා වැදී සම පිටත මෙන්ම මතුපිටින්ද හොඳින් පිරිසිදු වේ.

2. මුහුණ සේදීමෙන් පසු හොදින් වියලා නොගැනීම

බොහෝ අය මුහුණ සේදීමෙන් අනතුරුව මුහුණ හොදින් පිසදා වියලා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ. ඔවුන් කරන්නේ ඉබේම මුහුණ වියලියාමට ඉඩදී බලා සිටීමයි. රස්නය අධික කාලයට මෙය ඔබට සහනයක් ගෙන දෙන කාරණාවක් වුනත් ඇත්තටම මුහුණේ වතුර ඉබේම වියළී යාමට ඉඩ හැරීම නිසා සම වියලී යනවා. මේ නිසා ඔබ අනිවාර්යෙන්ම මතක තබා ගත යුතුයි මුහුණ සේදීමෙන් අනතුරුව හොදින් පිසදා වියලාගෙන සුදුසු moisturizer වර්ගයක් අලේප කරගන්න.

3. එකම තුවාය ඇගට සහ මුහුණට භාවිතා කිරීම

බොහෝ දෙනෙක් ඇගට සහ මූණට වෙන වෙනම තුවා භාවිතා කරන්නේ නෑ. නමුත් ඇත්තටම අපි මුහුණට සහ ඇගට වෙන වෙනම තුවා භාවිතා කල යුතුයි. මොකද නැත්නම් අපේ ඇගේ තියන බැක්ටීරියා අපිම අරන් මුහුණේ ගාගන්න එක තමයි වෙන්නේ. මොකද බොහෝ වෙලාවට අපි මුහුණ හොදින් පිරිසිදු කර ගත්තත් ඇග හොදින් පිරිසිදු කර ගන්නේ නෑ. මේ නිසා හොදම දේ තමයි ඇගට සහ මුහුණට වෙන වෙනම තුවා භාවිතා කරන එක.

4. Makeup Brush නිතර පිරිසිදු කර තබා නොගැනීම

makeup brush කියන්නේ දිනපතා අපි භාවිතා කරන දෙයක්. නමුත් බොහෝ කාන්තාවන් සිතන්නේ නෑ මේවා නිතර පිරිසිදු කර ගැනීම අනිවාර්ය දෙයක් බව. නමුත් අපි makeup brush පිරිසිදු කර ගන්නේ නැතුව සතියකට වඩා කාලයක් භාවිතා කරනවා කියන්නේ අනවශ්‍ය බැක්ටීරියා සහ විසබීජ විශාල ප්‍රමාණයක් makeup සමග මුහුණේ ආලේප කරගන්නවා කියන එක. මේ නිසා වෙන්නේ ඔබේ මුහුණේ කුරුලෑ ඇතිවී මුහුණේ සම අසාදනය පත් වීමයි. ඔබට හැමදාමත් මුහුණ ලස්සනට තියාගන්න ඕනේ නම් අනිවාර්යෙන් දින තුනකට වතාවක්වත් ඔබේ makeup brush ටික පිරිසිදු කර ගන්න.

5. උණු ජලය මුහුණ සේදීම සදහා භාවිතා කිරීම

 උණුසුම් ජලයෙන් නාන්න, ඇග සෝදන්න වගේම මුහුණ හෝදන්නත් කවුරුත් කැමතියි. නමුත් ඕනෑවට වඩා රස්නේ වතුර වලින් මුහුණ හෝදන එක නම් එච්චර හොද දෙයක් නෙවෙයි. මොකද මේ නිසා ඔබේ සම ඉක්මනින් වියලි භාවයට පත්වෙන්න පුළුවන්.

6. නින්දට යාමට පෙර මුහුණ නොසේදීම


ඔබ නින්දට යාමට පෙර මුහුණ සේදීම අනිවාර්යෙන්ම කල යුතු දෙයක්. මොකද ඔබ නිදා ගන්න ගිය විට ඔබේ සම එය විසින්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ කාලය තුල ඔබේ සම කිසිදු ආකාරයක අහිතකර බැක්ටීරියා සහ විසබීජ වලින් තොරව ස්වයං ක්‍රියාකාරිත්වයක යෙදීම ඔබේ සම නිරෝගී වීමට බලපානවා.

මේ කරුණු කාරනා ගැන සැලකිලිමත් වෙලා පිරිසිදුව හිටියොත් ඇත්තටම කිසිම ආලේපනයක් ඔබේ මුහුණට අවශ්‍ය වෙන්නේ නැතිතරම්. (under the courtesy of hirutv.lk blog web)
.