.
දෙපා පිරිසිදුව තබාගන්න
අපි හොඳින් ම දන්න දෙයක් තමයි අද සමාජයේ බොහෝ තරුණ තරුණියන්ගේ තමන්ගේ මුහුණ පියකරුව තබා ගැනීම සඳහා ඕනෑ තරම් කැප කිරීම් කරන බව. සමහරුන් මේ වෙනුවෙන් දහස් ගණන් මුදල් වෙන්කිරීමට පසුබට වෙන්නේත් නෑ. අපි අපේ ශරීරයේ මුහුණට විතරක් මේ විදියට අවධානය යොමු කිරීම ප‍්‍රමාණවත් නෑ කියලා මේ ලිපි පෙ‍ළින් පස්සේ ඔබත් වටහා ගනීවි. ඕනෑම කෙනෙක් තමන්ගේ ශරීරයේ සෑම අවයවයක් ම පිරිසුදුව, පිළිවෙළට තබාගෙන ඉන්නව නම් තමයි ඔහුගේ ඇය ලස්සන වෙන්නේ. අද සිට අපේ අවධානය යොමුවෙන්නේ මුහුණ අලංකාර කරගත්තා සේම ඔබේ දෙපා අලංකාරව තබාගන්නේ කෙසේද යන්න ගැනයි. දෙපය කියල කියන්නේ අපේ ශරීරයේ බර දරා සිටින ඉතාම වැදගත් ශරීරාංගයක්. දෙපය අලංකාරව තබා ගැනීම වගේම සෞඛ්‍ය සම්පන්නව ශක්තිමත්ව තබා ගැනීමත් අතිශයින් ම වැදගත්. එහෙත් බොහෝ දෙනා තමන්ගේ මුහුණට දක්වන ආදරය. රැුකබලා ගැනීම දෙපයට දක්වන්නේ නෑ. නමුත් අපිව දරා සිටින අපිට ඇවිදීමට උපකාරී වන දෙපයේ වටිනාකම කොතෙක්ද කියා ඔබ නිකමට හෝ හිතා බැලූවාද? එසේ නොසිතුවා නම් දැන් ඒ ගැන සිතන්නට කාලය ඇවිත්. අපි අපේ අතීත සමාජයේ යම් යම් සාම්ප‍්‍රදායික කියමන් ගැන අවධානය යොමු කළොත් ඔබ අහලා ඇති සමහරු කියනවා මනමාලියෙක් බලන්න ගියත් ඉස්සරලම හොඳින් බලන්න ඕන කකුල් දෙක දිහා කියලා. කකුල් දෙක පිරිසුදුයි නම් අපිළිවෙළයි නම් අනිත් දේවල් ගැන අහන්න දෙයක්. බලන්න දෙයක් නෑ කියලයි ඔවුන් හිතුවේ. ඇත්තටම මේ කියමන කොයි තරම් සත්‍යය ද? නමුත් අද මේ තත්ත්වය අපේ තරුණ තරුණියන් අතින් බොහෝ දුරට පැහැර හැරෙනවා. ඒ නිසා අපි අපේ අවධානය මෙවර යොමු කරනුයේ දෙකකුල් පිරිසුදුව. පිළිවෙළට නඩත්තු කරන්නේ කොහොමද යන්න ගැනයි. මුලින් ම අපි හඳුනාගත යුතුවන්නේ දෙකකුල් අපිරිසිදුවන, අපිළිවෙළ වන හේතු මොනවාද යන්න පිළිබඳය. පළමු වැනි කාරණාව විදියට අපි හඳුනාගත යුතු වන්නේ අපි දෙකකුල් වලින් සිට ගන්නේ ඉඳ ගන්නේ ඇවිදින්නේ දුවන්නේ නිවැරැුදි ඉරියව්වෙන් ද යන්න පිළිබඳව ය. නිවැරදි ඉරියව්වෙන් සිට ගත්තේ නැතිනම් දෙකකුල් ආබාධයට, වෙහෙසට පත්වෙනවා. විශේෂයෙන් රැුකියාවකට යන කෙනෙකුට මේ තත්ත්වය දැඩි ලෙස බලපානවා. රැකියාවේ ස්වභාවය ද මේ සඳහා හේතු වන අවස්ථා තිබෙනවා. අපි හිතමු ඔබ ආරක්ෂක අංශයේ සේවය කරන කෙනෙකු කියා. ඇත්තටම ඔබගේ රැකියාවේ ස්වභාවය හේතුවෙන් දවසේ වැඩිපුර කාලයක් සිටගෙන සිටීමට සිදුවනවා. මෙවැනි හේතු නිසා කකුලේ නහර ගැට ගැසීම, හන්දි ඉදිමීම වැනි රෝගී තත්ත්වයන්ට ඔබේ දෙකකුල් ලක්විය හැකියි. මෙවැනි අය විශේෂයෙන් ම පැය 1‍/2 ට වරක් වත් ඉරියව්ව වෙනස් කර දෙපයට විවේකයක් ලැබෙන අයුරින් කටයුතු කළ යුතුයි. අනෙක් කාරණාව තමයි දෙකකුලේ පිරිසුදු භාවය වෙනුවෙන් චැාමජමරු, පැබසජමරු වැනි සත්කාර මාසයකට සැරයක්වත් කළ යුතු යි. බොහෝ දෙනෙක් මේ සඳහා උනන්දුවක් නොදක්වන්නේ ඒ සඳහා විශාල මුදලක් දැරීමට සිදුවනවා යන මතයත් නිසා ය. එහෙත් මෙවැනි සත්කාර කරගැනීම සඳහා රූපලාවණ්‍යාගාරයකටම යා යුතු නොවෙයි. එය ඒ පිළිවෙළට ම ඉතාම අඩු මුදලකින් ඔබට නිවෙසේ දීම කර ගත හැකියි‍. ඔබ රූපලාවණ්‍යාගාරයකට ගියහොත් මේ සඳහා සැකැවින් ම රුපියල් 2000, 2500 ක වැනි මුදලක් වියදම් කළ යුතුයි. නමුත් ඒ සඳහා අවශ්‍ය වන කුඩා උපකරණ ටික රු. 500/= ක් වැනි මුදලකට දැන් ඔබට මිලදී ගත හැකි ය. ඒක ඔබට බොහෝ කාලයකටම ස‍ෑහේ. ඒ නිසා දෙපයට එවැනි සත්කාරයක් කිරීම ඇත්තටම අත්‍යාවශ්‍ය කරුණක්.
ඇස් අලංකරණයේ දී පරෙස්සම වැදගත්
ඇසේ අලංකරණ ක්‍රම සේම ඇස වටේ පෙනුම නිරෝගීව ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ ප්‍රමිතියකින් යුතු විටමින් කේ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. එසේම ඔබ දන්නවා පරිසරයේ පවතින විවිධ සංකූලතා හේතුවෙන්, වෛරස් නිසා බෝවෙන රෝගවලින් ඇසටත් හානි සිදුවිය හැකිය. මේ විවිධ ආකාරයේ ඇස් අමාරු සඳහා ඔබ වෛද්‍ය උපදෙස් පතද්දී Eye drops පාවිච්චි කිරීමට සිදුවේ. වෛද්‍ය උපදෙස් මත ඔබ ලබා ගන්නා හෝ මිලදී ගන්නා Eye drops පාවිච්චියේදී ඉතාමත්ම සැලකිලිමත් විය යුතුය. ඇසට මේවා වැක් කිරීමට ප්‍රථම දෙඅත් විෂබීජ නාශක දියරයක් දමා හොඳින් සෝදා ගත යුතුය. එම ඛෙහෙත් පාවිච්චියෙන් පසු බෝතලයේ මූඩිය හොඳින් වසා තැබිය යුතුය. එසේම වෛද්‍යවරයා මෙම ඛෙහෙත් නියම කරන්නේ සතියක කාලයට නම් ඉන් වැඩි දිනක් කිසි විටෙකත් එය පාවිච්චි කළ යුතු නොවේ.
ඇස් අලංකරණයේ දී පරෙස්සම වැදගත්
ඇසේ අලංකරණ ක්‍රම සේම ඇස වටේ පෙනුම නිරෝගීව ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ ප්‍රමිතියකින් යුතු විටමින් කේ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. එසේම ඔබ දන්නවා පරිසරයේ පවතින විවිධ සංකූලතා හේතුවෙන්, වෛරස් නිසා බෝවෙන රෝගවලින් ඇසටත් හානි සිදුවිය හැකිය. මේ විවිධ ආකාරයේ ඇස් අමාරු සඳහා ඔබ වෛද්‍ය උපදෙස් පතද්දී Eye drops පාවිච්චි කිරීමට සිදුවේ. වෛද්‍ය උපදෙස් මත ඔබ ලබා ගන්නා හෝ මිලදී ගන්නා Eye drops පාවිච්චියේදී ඉතාමත්ම සැලකිලිමත් විය යුතුය. ඇසට මේවා වැක් කිරීමට ප්‍රථම දෙඅත් විෂබීජ නාශක දියරයක් දමා හොඳින් සෝදා ගත යුතුය. එම ඛෙහෙත් පාවිච්චියෙන් පසු බෝතලයේ මූඩිය හොඳින් වසා තැබිය යුතුය. එසේම වෛද්‍යවරයා මෙම ඛෙහෙත් නියම කරන්නේ සතියක කාලයට නම් ඉන් වැඩි දිනක් කිසි විටෙකත් එය පාවිච්චි කළ යුතු නොවේ.
ඔබේ කකුල් දෙකත් අවලස්සන වෙලාද?
යටි පතුල් පැලීම කියන්නේ හරිම කරදරකාරී අත්දැකීමක්. බොහෝ විට මෙලෙස යටි පතුල් හා විලුඹ ප්‍රදේශය පැලෙන්නේ වියලි සමක් ඇති පුද්ගලයන්ගෙයි. මෙය සුළුකොට තකා නොසලකා හැරියහොත් මෙම තත්ත්වය වැඩි වී යටි පතුල්වලින් ලේ ගැලීම හා ඇවිදීමට නොහැකි වන තරමට වේදනාව ඇති විය හැක.
සුදු මුහුණේ මාරයා සැඟවිනිද?
 බොහෝ දෙනෙක් අපට දිනපතා යොමු කරන ප්‍රශ්නයක් තිබෙනවා. එනම් විවිධ ක්‍රීම් වර්ග, ඉන්ජෙක්ෂන් වර්ග සහ පෙති වර්ග වල නම් එක්ක අහනවා මෙය බොන්නද කියල. ඇත්තටම සුදු වීම කියනෙන් බොහෝ කාන්තාවන්ගේ ජාතික ප්‍රශ්නයක් වෙලා. මේ මොන හේතුවකටද කියල අදත් අපි සාකච්චාවට බඳුන් කළා. මේ අහන නිෂ්පාදන බොහොමයක් ශරීරයට අහිතකර විෂ වර්ග අඩංගුයි. අහිංසක හිත් රිදවන්න අපිටත් දුකයි.
මුහුණේ අනවශ්‍ය රෝම ලෙහෙසියෙන්ම මට්ටු කරමු
බොහෝ කාන්තාවන්ට මුහුණේ අනවශ්‍ය රෝම වැවෙන එක හරිම කරදරයක්.  දැනට bleaching, threading,  electrolysis සහ laser hair removal ඇසුරින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සිදු කෙරෙනවා. නමුත් මෙම ක්‍රම මගින් රෝම ඉවත් කිරීම සිදු වන්නේ කෘත්‍රීමව නිසා මුහුණට විවිධ හානි සිදු වන්නට පුළුවන්. එනිසා ස්වාභාවික ද්‍රව්‍ය ඇසුරින් ස්වාභාවිකවම අනවශ්‍ය රෝම වැවීම පාලනය කරීමෙන් ඔබේ මුහුණේ සම ලස්සනට තබාගත හැකිවේවි.
ඔබේ සම රැලි වැටීමෙන් වලක්වන ක්‍රම 07ක්
අපි වයසට යනවත් එක්කම අත්දැකීම් වලින් බහුල වෙනවා වගේම බුද්ධියෙනුත් මුහුකුරා යනවා. වයසත් එක්කම ලැබෙන තවත් දෙයක් තමයි රැලි වැටීම් කියන්නේ. රැලි වැටීම් කියන්නේ ලේසියෙන්ම පරද්දන්න පුළුවන් කරදරයක්.අද කතාකරන්න සූදානම් වෙන්නේ ඉක්මනින් වයසට යන්න කැමැති නැති අයට රැලි වැටීම් නවත්තගන්න සහතික කරපු ක්‍රම 07ක් ගැන
ස්වභාවිකව පැහැපත් සමක් ඇතිකර ගන්නේ කෙසේද?
පැහැපත් සමක් උරුම කර ගැනීම ගොඩක් ආසියාතික ගැහැණු ළමයින්ගේ හීනයක්. මේ නිසා බොහෝ රසායනික නිෂ්පාදන වෙළඳපොළට පැමිණ තිබෙනවා. ඒවායින් සමහරක් ඔබේ සෞකයට අහිතකරයි. නමුත් ක්‍රීම් වර්ග විතරක් නෙවෙයි වෙනත් හානිදායක ඉන්ජෙක්ෂන් පවා ඕනෙම ගානක් දීල භාවිතා කරන්න ගොඩක් අය උත්සහ කරනවා. ඔබේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය තීරණය කළා ඔබට ස්වභාවිකව පැහැපත් වීමට මග කියා දීමට.
සුන්දර සිරුරකට ඔබත් හීන මවනවාද? එහෙනම් මේ ක්‍රම අත්හදා බලන්න ටිප්ස් 11
සිහින් සිරුරක් කියන්නේ අපි කාගේත් හීනයක්. ඔබත් සුන්දර සිහින් සිරුරක් ලබා ගන්න මහන්සි වෙන කෙනෙක්ද? ඒක හිතන තරම්ම පහසුත් නැහැ. ගොඩක් අය ආහාර පාලනය හා ව්‍යායාම කිරීම් ආරම්භ කර අතරමගදී එය නවතා දමනවා. ඒ නිසා බොහෝ දෙනෙකුට මෙය සිහිනයක්ම විතරක් වෙලා තියනවා. ඒ නිසාම අපි අද කියන්න යන්නේ සිහින් සිරුරක් ලබා ගන්න ඔබ අනුගමනය කල යුතු සරල ක්‍රම කිහිපයක් ගැනයි.
බ්ලීචින් පාවිච්චියට පෙර අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන දැනුවත් වෙන්න
ලලනාවන්  සෑම විටම තම රුව දැකුම්කළුව තබා ගැනීමට නිතරම උත්සාහ කරති . මෙහිදී ඡවි කළ්‍යාණය රැකගන්නට බොහෝ වෙර දරයි. ලංකාවේ කාන්තාවන් තම සම සුදු පැහැ ගන්වනට වෙසෙසින් වෙර දරයි. වර්තමානයේ බොහෝ දෙනා මේ සඳහා වෙළඳපොළේ ඇති නොයෙකුත් bleaching ක්‍රීම් වර්ග භාවිතා කිරීමට නැඹුරුව ඇත. නමුත් මෙම ක්‍රීම් වල ප්‍රමිතීන් ගැන නිවැරැදි දැනුමක් බොහෝ දෙනාට නොමැත. සම bleach කිරීම නැතහොත් විරංජනය කිරීම, සම කෘතිමව සුදු කිරීම පිළිබඳව  නිසි දැනුමක් තිබීම වැදගත්.
ස්වභාවිකව පැහැපත් සමක් ඇතිකර ගන්නේ කෙසේද?


1) ඉර එලිය තමයි ඔබේ හමේ හතුරා
කුරුලෑ සුව කරන විශේෂ ප්‍රතිකර්මයක්
මුහුණ නම් හරිම පැහැපත්. ඒත් ඒ පැහැපත් පෙනුම අවලස්සන කරන්නේ මුහුණපුරාම තියෙන කුරුලෑ බිබිලි. ඒ විතරක්ද කුරුලෑ බිබිලි නිසා ඇතිවන ලප කැළල්, සිදුරු. මේක නම් හරිම කරදරයක්. මෙය ඒ තරම් ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබේ කුරුලෑ කරදරය ඉවත් කරලා පැහැපත් පෙනුමක් ඔබට ලබා දෙන්න අපට පුළුවන්. ඒත් ඊට කලින් මේ කුරුලෑ ඇතිවීමට බලපාන හේතූන් මොනවද යන්න සොයා බලා ඒ අනුව නිසි ප්‍රතිකර්ම ලබා ගන්නට උනන්දු වෙන්න ඕනෙ. හරි විදිහට ප්‍රතිකාර කරනවා නම් කොහොමටවත් ඔබට කුරුලෑ නිසා ප්‍රශ්නයක් ඇතිවන එකක් නෑ.
ගෙදරදීම ලස්සන වෙන්න
ලස්සන වෙන්න නම් ඉතින් අපි කවුරුත් කැමතියිනේ. ඉතින් අද මේ ඔබට කියා දෙන්නේ ලස්සන වෙන්න ගෙදරදීමට ඔබට කරන්න පුලුවන් දේවල් ගැනයි.
මුඛයේ දුර්ගන්ධය ඔබටත් ගැටලුවක් ද?
කොතරම් අලංකාරව සැරසුනත් මුඛයේ දුර්ගන්ධය වැන් ගැටලු නිසා අපහසුතාවට පත්වන අවස්ථා බොහෝ ය. දත් දිරා යැම, පරිදන්ත රෝග ආදිය හැරුණු විට මුඛ සෞඛ්‍යය පිළිබඳව ඇති ඉතා ම සුලබ ම රෝගී තත්ත්වයක්‌ ලෙස මුඛ දුර්ගන්ධය හැඳින්විය හැකි ය. මෙම තත්ත්වය මගින් මානසික අසහනය, ආත්ම විශ්වාසය පිළිබඳව ගැටලු වැනි විවිධ අයහපත් ප්‍රතිඵල ගෙන දෙන නිසා විශේෂයෙන්ම අවදානය යොමු කලයුතුවේ. මින් අත්මිදීම සඳහා කළ හැකි ක්‍රම කිහිපයකි.
හිසකෙස් වැඩීමට නිවසේදීම සිදු කරන පිළියම්
නිවසේ හිසකෙස් පැල්ලම් ප්‍රතිකාර - වැඩ කරන 7 පිළියම්
ඔබට ඕනෑ ලස්සන වෙන්න නම්
සම සුදු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන කිසිදු ද්‍රව්‍යයකින් හානියකින් තොරව සමසුදු කරගැනීමේ හැකියාවක් නැත. සම සුදු කරන ආලේපනයන්හි අන්තර්ගත රසායන ද්‍රව්‍ය සම මත ප්‍රතික්‍රියා කොට සමට හානි කරයි.
නිකටේ රෝම වැවීම නවත්වන්න පුලුවන්ද?
නිකට ප්‍රදේශයේ රෝම වැවීම කියන්නේ වර්තමානයේ බොහෝ කාන්තාවන්ට ඇති ප්‍රධාන ගැටළුවකි. මෙලෙස කාන්තාවන්ගේ නිකට ප්‍රදේශයේ රෝම වැවීමට බලපාන ප්‍රධාන හේතුන් කිහිපයකි. එනම්, මානසික ආතතිය, ආර්තවහරණය සහ ස්ථුලතාවය ආදියයි. මුල් අවධියේදී මෙම රෝම ඉතා සිහින් සහ ලා පැහැයකින් යුතුව හට ගන්නා නමුත් පසුව මේවා ඉතා ඝනට මෙන්ම තද කළු පැහැය දක්වා වර්ධනය වේ. මෙම නිකට ආශ්‍රිතව රෝම වර්ධනය වීම ස්වාභාවිකව නැවැත්විය හැක. එහෙත් ඒ සඳහා කාලය මෙන්ම ඉවසීම ද අවශ්‍ය වේ.fb- like-begපළමු පියවරනිරන්තරයෙන් මනස සැහැල්ලුවෙන් තබා ගන්න. මානසික ආතතියෙන් බේරී සිටීමට හැකිතාක් උත්සහ කරන්න. මානසික ආතතිය හේතුවෙන් ටෙස්ටොස්ටෙරෝන් ආදී මෙම රෝම වර්ධනයට හේතුවන් හෝර්මෝන ශ්‍රාවය වේ. එනිසා ඔබ මානසික ආතතියට ගොදුරු නොවී සැහැල්ලු මනසින් සිටියහොත් ඔබට මෙම අනවශ්‍ය රෝම වැවීම නවතා ගත හැක.දෙවන පියවරසමබල ආහාර වේලක් ගන්න. හැකි සෑම අවස්ථාවකම නැවුම් එළවලු, පලතුරු, ධාන්‍ය සහ පෝෂ්‍යදායි මාංශ ආදිය ආහාරයට එක්කර ගනිමින් පෝෂ්‍යදායි ආහාර ගැනීමට උත්සහ කරන්න. පෝෂ්‍යදායි ආහාර ගනිමින් සිරුරේ බර පාලනය කිරීම තුළින් සිරුරේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි කරන අතර මුහුණේ රෝම වැදීමට හේතු වන ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම මර්දනය කරයි. පොෂ්‍යදායී ආහාර ගනිමින් ව්‍යායාමවල නිරත වීම තුළින් ඔබගේ සිරුරේ හෝර්මෝන මට්ටම යථා තත්ත්වයට පත් කර අනවශ්‍ය රෝම ඇති වීම නවතාලයි.තෙවන පියවරදෙහි යුෂ හෝ ලෙමන් යුෂ හෝ කැමමිල් හෝ රෝම වැවෙන ප්‍රදේශයේ ආලේප කරන්න. එවිට බ්ලීච් මගින් එම රෝම විනාශ කර නැවත ඇති වීම වලක්වයි. එමෙන්ම මෙම රෝම ගැලවීමෙන් වැළකී සිටීමද ඉතා වැදගත් වේ. මන්ද රෝම ගැලවීම හේතුවෙන් ඒවා පැතිරීම තවත් වැඩි වන බැවිනි. ඉහත ද්‍රව්‍යයන් ආලේප කිරීමෙන් රෝම කුපයන් විනාශ වූ පසු වැක්ස් මගින් මේවා ඉවත් කර ගන්න.සිව්වන පියවරසීනි කෝප්ප 4, දෙහි යුෂ කෝප්ප 2 සහ මී පැණි කෝප්ප 1 ගෙන එය හොඳින් මිශ්‍රකර මද රස්සනයේ උණු කර ගන්න. ඉන් පසු එය නිවෙන්නට ඉඩ හැර අදාළ ප්‍රදේශයේ ආලේප කරන්න. ඉන් පසු කපු රෙදි කැබැල්ලක් ගෙන එම ප්‍රදේශය ආවරණය කරන්න. එම මිශ්‍රණය තරමක් වියලුනු පසු රෙදි කැබැල්ලේ එක කෙළවරක් ගෙන රෝම වැවෙන දිශාවට එකවර අදින්න. එවිට රෝම ඉවත් වී යයි.මෙම පියවරයන් නිසි පරිදි අනුගමනය කිරීමෙන් අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට මෙන්ම ඒවා නැවත වර්ධනය වීම ද වළක්වා ගත හැකි වේවි.
.