.
ඔබේ අත් දෙකත් ලස්සනට තියා ගන්න උපදෙස් 6 ක්
අපි මූනට නම් ගොඩක් සත්කාර කරනවා. හම වයසට යාම අඩු කරන්න ආලේපන, හමේ තෙතමනය රකින්න ආලේපන , විශේෂ සත්කාර කරනවා. හැබැයි ඔබේ මූණ විතරක් ලස්සනට තිබිල මදි. අත පය දුර්වර්ණ වෙලා, අකාලේ වයසට ගිහින් නම් මුහුණේ ඇති ලස්සනෙන් වැඩක් නැති වෙනවා. පිරිමි පාර්ශවය බොහෝ විට අවිඥානිකවම අපේ වයස සහ පිරිසිදුකම මනින්නේ අතේ ,පයේ ස්වභාවයට අනුව.
ඔබේ සමේ මැරුණ ශෛල කොටස් ඉවත් කරන ෆේස් මාස්ක් හතරක් (Exfoliating Masks)
අපේ රටේ බොහොමයක් කාන්තා පාර්ශවය පැහැපත් වෙන්න නොයෙක් ආලේපන වලට සල්ලි යට කරාට ස්වභාවික දේවල් කීපෙකිනුත් කිසිම අතුරු අබාධයක් නැතුවම මුහුණේ මැරුණ ශෛල ඉවත් කරගෙන පැහැපත් වෙන්න පුලුවන්.
 දිදුලන සමක් සඳහා යෝගට් භාවිතා කල හැකි ආකාර 05ක්
යෝගට් කියන්නේ විටමින්, ප්‍රෝටීන් ආදීය බහුලව අඩංගුවන ආහාරයක්. නමුත් ආහාරයට ගැනීම පමණක් නෙවෙයි මෙයින් ගත හැකි රූපලාවණ්‍ය ප්‍රයෝජන ද ගණනාවක් තිඛෙනවා. විශේෂයෙන්ම සමේ නිරෝගීකම රැක ගැනීම සඳහා යෝගට් විවිධ ආකාරය උපයෝගී කරගත හැකියි. පහත දැක්වෙන්නේ එවන් ආකාර කිහිපයක්.
සුදෝ සුදු දත් දෙපලක් ලබාගන්න පුංචි පිළියම්
දන්ත කළ්‍යාණය රුව ඔපනංවන වැදගත්ම ආභරණයක්. දත් අවපහැ වී ඇති නම් මොන තරම් ලස්සනට මේකප් කලත් වැඩක් නැහැ. මේ පුංචි පිළියම් අවපැහැ වුණු දත් නැවතත් දීප්තිමත් කරගැනුමටයි.
ස්වභාවිකව පැහැපත් සමක් ඇතිකර ගන්නේ කෙසේද?
පැහැපත් සමක් උරුම කර ගැනීම ගොඩක් ආසියාතික ගැහැණු ළමයින්ගේ හීනයක්. මේ නිසා බොහෝ රසායනික නිෂ්පාදන වෙළඳපොළට පැමිණ තිබෙනවා. ඒවායින් සමහරක් ඔබේ සෞකයට අහිතකරයි. නමුත් ක්‍රීම් වර්ග විතරක් නෙවෙයි වෙනත් හානිදායක ඉන්ජෙක්ෂන් පවා ඕනෙම ගානක් දීල භාවිතා කරන්න ගොඩක් අය උත්සහ කරනවා. ඔබේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය තීරණය කළා ඔබට ස්වභාවිකව පැහැපත් වීමට මග කියා දීමට.
Facewash පාවිචිකරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම දැනගතයුතු දෑ මෙන්න
පාරතොටේ කුණු දුහුවිළි අධික බැවින් ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝදෙනා අතර Facewash භාවිතය ඉතාමත් ජනප්‍රියයි. නමුත් මේ අයුරින් Facewash වලින් නිතරම මුහුණ සේදීම සමට එතරම් සුදුසු නොවන බව වෛද්‍ය මතයයි.
නිවෙසේදීම සාදා ගත හැකි ස්ක්‍රබ්
සමේ මැරුණු ෙසෙල ඉවත් කරන ප්‍රාථමික ක්‍රමවේදයක් ලෙස කාන්තා හා පිරිමි පාර්ශ්වයටද මෙම සත්කාරය සිදුකර ගත හැකිය. සාමාන්‍යයෙන් ස්ක්‍රබ් එකක් සිදු කරන්නේ සතියකට වරක්ය. නමුත් විඩාබර, තෙල් සහිත සමක් හිමි නම් සතියකට දෙවතාවක් ස්ක්‍රබ් සත්කාරය කර ගත හැකිය. වඩාත් වියළි සංවේදී සමකට නම් දින 10 - 15කට වරක් ස්ක්‍රබ් කිරීම සුදුසු වන්නේ සමට හානි විය හැකි නිසයි.
ආකර්ෂණීය කෙස් කලඹක් ලබාගන්න මෙන්න හොඳම ක්‍රම
කෙස් කළඹ යනු කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක්. නමුත් කෙස් කලඹහෙි ආකර්ෂණීය පෙනුම පවත්වාගෙන යාම නම් තරමක ගැටළුවක්. කෙස්‌ කළඹ සෞඛ්‍ය සම්පන්නව සහඅලංකාරව පවත්වාගෙන යෑමට නම් එයට නියමිත ලෙස සාත්තු කිරීම අත්‍යාවශ්‍යයි. අනවශ්‍ය ලෙස හෝ වැරදි සාත්තුව මඟින් කෙස්‌ කලඹට හානි විය හැක.
විනාඩි 5න් office යන්න ලෑස්තිවෙමු
උදේට ඇහැරෙන්නෙම හරිම අමාරුවෙන්, උයන පිහන වැඩත් ඉවරවෙලා තව මොනව ලෑස්ති වෙන්නද කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒවුණත් විනාඩියක් අරගෙන තියෙන මූණ තව චුට්ටක් ලස්සන කරගෙන ගියොත් දවසේ එන ප්‍රශ්න මැද්දෙත් බයනැතිව ඔලුවකෙලින් තියාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම වැඩමුළුවකට වගේ අවස්ථාවකට සහභාගීවෙනවා නම් හොඳටඇඳල යන එක හොඳයි. හැබැයි තොරණක්වගේ නෙමෙයි. බලන්න මේ විදිහට පොඩි office makeup කරන එක කොයිතරම් පහසුද කියල.
ක්‍රීඩාව තුලින් කාන්තා සිරුරේ ලාලිත්‍ය නැති වෙනවාද?
තවමත් බොහෝ දෙනා සිතන්නේ කාන්තාවන් තරගකාරී ක්‍රීඩා ඉසව්වලට සහභාගී නොවිය යුතු බවයි. ක්‍රිකට්, හොකී, රගර්, පාපන්දු ආදී ක්‍රීඩාවන් වඩාත් සුදුසු වනුයේ පුරුෂ පාර්ශවයට බවත් එවැනි ක්‍රීඩාවන්හි නිරතවීමෙන් කාන්තා ලාලිත්‍යය හීන වන බවත් අදටත් පවතින අන්ධ විශ්වාසයක්.
දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස් 12ක් – 1 කොටස
01) මතක තියා ගන්න එක රැයකින් කොණ්ඩය වැවෙන්නේ නැහැ.
ලස්සන දෑතක රහස දැන් නම් රහසක් නොවේ..
ලස්සන දෑතක රහස එහි නිය පෙළයි. ඒ නිසාම හැඩ වැඩ ඇති නිය පෙළක්පවත්වාගෙන යාම කාන්තාවක් කළ යුතුමදෙයක්.
වියපත් වන මුහුණට තරුණ පෙනුම ලබාදීමට ස්වභාවික දේශීය ඔසුවක්..........
අවුරුදු 30න් පසු වියපත් වන මුහුණට තරුණ පෙනුම ලබාදීමට ස්වභාවික දේශීය සම්බාහන ක්‍රමයක්
 ලස්‌සන වැඩිවෙන්න මේකප් කරමු
රුව ගැන කතා කරන විට මේකප් ගැනත් කතා නොකරම බැහැ. අද යුවතියන්, කාන්තාවන් කවුරුත් යන්තම් හෝ මේකප් එකක්‌ කරගන්නට උනන්දුවක්‌ දක්‌වනවා. ඒ නිසා අපි හිතුවා පහසුවෙන් හා ඉක්‌මනින් සරල මේකප් එකක්‌ කරගන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න.
නිකටේ රෝම වැවීම නවත්වන්න පුලුවන්ද?
නිකට ප්‍රදේශයේ රෝම වැවීම කියන්නේ වර්තමානයේ බොහෝ කාන්තාවන්ට ඇති ප්‍රධාන ගැටළුවකි. මෙලෙස කාන්තාවන්ගේ නිකට ප්‍රදේශයේ රෝම වැවීමට බලපාන ප්‍රධාන හේතුන් කිහිපයකි. එනම්, මානසික ආතතිය, ආර්තවහරණය සහ ස්ථුලතාවය ආදියයි. මුල් අවධියේදී මෙම රෝම ඉතා සිහින් සහ ලා පැහැයකින් යුතුව හට ගන්නා නමුත් පසුව මේවා ඉතා ඝනට මෙන්ම තද කළු පැහැය දක්වා වර්ධනය වේ. මෙම නිකට ආශ්‍රිතව රෝම වර්ධනය වීම ස්වාභාවිකව නැවැත්විය හැක. එහෙත් ඒ සඳහා කාලය මෙන්ම ඉවසීම ද අවශ්‍ය වේ.
 කුරුලෑ සුව කරන විශේෂ ප්‍රතිකර්මයක්
මුහුණ නම් හරිම පැහැපත්. ඒත් ඒ පැහැපත් පෙනුම අවලස්සන කරන්නේ මුහුණපුරාම තියෙන කුරුලෑ බිබිලි. ඒ විතරක්ද කුරුලෑ බිබිලි නිසා ඇතිවන ලප කැළල්, සිදුරු. මේක නම් හරිම කරදරයක්. මෙය ඒ තරම් ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබේ කුරුලෑ කරදරය ඉවත් කරලා පැහැපත් පෙනුමක් ඔබට ලබා දෙන්න අපට පුළුවන්. ඒත් ඊට කලින් මේ කුරුලෑ ඇතිවීමට බලපාන හේතූන් මොනවද යන්න සොයා බලා ඒ අනුව නිසි ප්‍රතිකර්ම ලබා ගන්නට උනන්දු වෙන්න ඕනෙ. හරි විදිහට ප්‍රතිකාර කරනවා නම් කොහොමටවත් ඔබට කුරුලෑ නිසා ප්‍රශ්නයක් ඇතිවන එකක් නෑ.
අඳුරු තොල් ආපහු රෝස තොල් කරගන්න ක්‍රම 6ක්
අපි කවුරුත් කැමතියි රෝස සුමුදු තොල් තියෙනවා නම්. තොල් කළු වුනාම මුහුණට ලොකු අඳුරු ගතියක් එනවා. කොච්චර සුදු වුනත් තොල් කළුයි නම් හරිම කැතට ඒක පේනවා. තොල් කළු වීමට හු`ගක් හේතු බලපානවා. අව්වට පිච්චීම, ස්ට්‍රසේ, බාල වර්ගයේ ලිප්ස්ටික්, ලිප්ස්ටික් නියමාකාරයෙන් ඉවත් නොකිරීමෙන්, සිගරට් බීම, බුලත් කෑම, කාලගුණය, කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම, රුධිර සංසරණය නියමාකාරයෙන් සිදු නොවීම, අවශ්‍ය පමණට වතුර නොබීම… වැනි හේතු පෙන්වා දෙන්න පුළුවන්.
දුටුවන් මන බඳින රූ සපුවක රහස
දුටුවන් මන බඳින පැහැපත්, ප‍්‍රසන්න මුහුණක් සතු කර ගැනීමට යෞවන යෞවනියන් පමණක් නොව මැදිවිය ඉක්මවුවන්ද අකමැති නො වනු ඇත. මුහුණ පැහැපත් වීමට සමේ වර්ණය වැදගත් වන බව බොහෝ දෙනකු සිතා සිටිය ද එය වැරැදි මතයකි. අඳුරුපැහැ සමක් සහිත අයකුට වුවද පැහැපත් ආකර්ෂ”ය පෙනුමක් ලබා ගත හැකිය. සමේ පිරිසුදු බව හා නිරෝගිමත් බව අඛණ්ඩව රඳවා තබා ගැනීම පමණක් ඊට ප‍්‍රමාණවත් ය.මුහුණේ සම ශරීරයේ අනෙකුත් ස්ථාන වල සමට වඩා සියුම් සහ සංවේදී බවකින් යුක්ත වීම නිසා ඉතා ඉක්මනින් එහි වෙනස්කම් සිදුවේ.
ඇඟ ලස්සනට තියාගන්න කැමති අයට ගැලපෙනම කෑමක්
ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් ‘ඕට්ස්’ ලොව තිබෙන ධාන්‍යමය ආහාර අතරින් පෝෂණ ගුණයෙන් වැඩිම ආහාරයක්. ඕට්ස්වල අඩංගු පෝෂණ සංඝටක වශයෙන්, විටමින් B5- 10%, විටමින් B1- 39% ෆොලේට්-11% සින්ක්- 20% යකඩ – 20%කොපර් – 24% මැග්නීසියම්- 34% පොස්පරස්- 41% මැංගනීස්- 91% වගේම, කැල්සියම්, පොටෑසියම්,විටමින් B6, විටමින් B3 යනාදිය ද යඅඩංගුවේ. මෙහි මුළු කැලරි ප්‍රමාණය 303කි.
සරුසාර කෙස් කළඹකට කවුද අකමැති
යම් පුද්ගලයකුගේ පෞරුෂත්වය ඉහළ නැංවීම යන කාරණයේදී කෙස් කළඹින්ද ඉටුවන්නේ වැදගත් කාර්යභාරයකිග දීප්තිමත් කෙස් කළඹක් නිරතුරුවම මුහුණට සුන්දරත්වයක් එක් කරන අතර කෙස් කළඹ මළානික ස්වභාවයකින් යුක්ත වූ විට අපගේ බාහිර ස්වරූපයට ද එම`ගින් බලපෑම් ඇති කෙරේ. හිසකෙස් වියළීමල හිසකෙස් ගැලවී යාමල කෙස් අග්ගිස්ස පැලීමල කෙස් සුදුවීම ආදිය අද වන විට බොහෝ දෙනකුට කෙස් සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයක් වන අතර කේෂාලංකරණය සම්බන්ධයෙන්ද බොහෝ දෙනාගේ උනන්දුව අධිකයග අද අපේ වෙදකමෙන් කෙස් පිළිබඳව කතා කරන්නට සිතුවේ මනා කෙස් කළඹක් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග රාශියක්ම ආයුර්වේදයේ සඳහන් වන නිසාය.
.