රූපලාවණ්ය - Beauty

Office මේකප් භාවිතයේදී ඔබ මතක තබාගත යුතු දෑ

මේකප් අපි භාවිතාකරන්නේ තිබෙන ලස්සන තවත් වැඩි දියුණුකරගන්නයි. ඔබේ තිබෙන සුන්දර පෙනුම මේකප් නිසා අඩුවෙනවා නම් එය ඔබේ ප්‍රතිරූපයට හානියක්. ඒනිස ඔබ අනිවාර්යයෙන්ම මතකතබාගත යුතු සහ පිළිපැදිය යුතු පුංචිද්වල් කිහිපයක් තමයි මේ.

ඔබ විසින්ම ඔබේ පෙනුමට හානි කරන වැරදි පුරුදු 15 ක් – 2 කොටස

මේ ලිපියේ පළමු වෙනි කොටස පල වුනා. ඔබ කියවන්න ඇති. මෙතැන් සිට අපේ රුව අවලස්සන කරන අනික් පුරුදු ගැනත් ඉගෙනගෙන ඒවගෙන් මිදෙන්න උත්සහ කරමු.

ඔබ විසින්ම ඔබේ පෙනුමට හානි කරන වැරදි පුරුදු 15 ක් – 1 කොටස

ඔබේ සුන්දරත්වය නොදැනීම විනාශ කරන වැරදි පුරුදු අපි හැමෝම අතරේ තිබෙනවා. මේවා වලට හුරු වෙන්නේ ඉබේමයි. නමුත් එයින් ඔබේ පෙනුම අවලස්සන වෙනවා නම්, ඒ පුරුදු වලින් මිදීම තමයි හොඳම දේ. කියවල බලන්නකෝ මෙතනින් කීයක් ඔබත් කරනවද කියල.

ලස්සනට නිරෝගිව ඉන්න, පුංචි අදහස් හයක්

කාන්තාවක් කියන්නේ වගකීම් රැසක් උසුලන කෙනෙක්. ඉතින් ඔබේ නිරෝගිකම ඍජුවම පවුලේ දියුණුව කෙරෙහි බලපානවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇත්තටම අපි කලයුත්තේ ස්මාර්ට් ලයිෆ් ස්ටයිල්  එකක් අනුගමනය කිරීම.

ලස්සන මුහුණකට කුස්සියෙන් face mask එකක්

මුහුණේ සම පැහැපත්ව ලස්සනට තියාගන්නට කාන්තාවන් නොකරන දෙයක් නැහැ. කැළැල් නැති ලස්සන මුහුණක් කියන්නේ කාන්තාවන් හැම කෙනාම ලබා ගන්න උත්සාහ කරන දෙයක්. කෘතීම දේවල් නැතිව කුස්ස්සියේ ඇති ස්වාභාවික අමුද්‍රව්‍ය තුනකින් face mask එකක් හද ගන්න පුලුවන්නම් කෙතරම් හොඳද?  කැළැල් මකන ස්වාභාවික face mask එකක් මෙලෙස සකසා ගනිමු

සුරූපී ඒඩ්‍රයානා හෙළිකරන බ්‍රසීලියානු යුවතියන්ගේ රුව රකින රහස්

බ්‍රසීලිය රූ රැජිණන් බිහිකිරීම ගැන ඉතාමත් ප්‍රසිද්ධයි. බ්‍රසීලියානු රුව ලොවම අගයකරන්නකි. බ්‍රසීලියානු සුරූපිනියක්වන ඒඩ්‍රියානා ලීමා (Angel Adriana) ලොව වැඩිම මිලක් අයකරන සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනියකි. ප්‍රසිද්ධතම සහ ජනප්‍රියම Victoria’s Secret Angel කෙනෙක්වන ඈ ඉතාමත් සුන්දර රූසපුවකට උරුමකම් කියන්නීය.

ජලයෙන් රුව රැක ගන්න හැටි දන්නවා ද?

කවුද අකමැති ලස්සන වෙන්න වගේම නීරෝගීව ජීවත්වෙන්නත්? මුදලක් නොයදවා ජලය පමණක් උපයෝගීකොටගෙන රුව සහ ස්‍යෙඛ්‍යය රැක ගැනීමට ප්‍රතිකාරය ජපානයේ භාවිතා කෙරෙනවා. ජපාන ජනතාවට උදෑසන අවදි වූ වහාම ජලය පානය කිරීමේ පුරුද්දක් ඇති බව ඔබ දැනසිටියාද? දෙවන ලෝක යුද්ධයයෙන් පසු මේ ක්‍රමවේදය ඉතා ජනප්‍රිය වූ බවත් බොහෝ රෝග සුව කිරීම සඳහා මේ පැරණි සම්ප්‍රදායික ක්‍රමය වේගයෙන් පැතිරීම හේතුකොටගෙන ජපන් වැසියන් ලස්සන වී ලෙඩ රෝග අඩුව වැඩිම ආයුෂ භුක්ති විඳින රටක් බවට පත්වීමට මඟ පෑදූ බව සමහරුන්ගේ මතයයි.

රුව වැඩුමට සහල් තැම්බූ ජලය

සහල් තැම්බූ ජලය සැලෝන් නොයා ගෙදරදීම ඔබේ රුව රැකගැනීම සඳහා ඇති හොඳම පිළියමක් වේ. මෙය බොහෝ සෙයින් ජපන් කාන්තාවන් අතර ප්‍රචලිතයි. සහල් තැම්බූ ජලය දිලිසෙන සහ පැහැදිලි සමක් ලබාගැනීමට උපකාරී වේ. මෙය වියළි තෙල් සහිත හා සාමාන්‍යය සම වැනි ඕනෑම ආකාරයේ සම් වර්ගයක් සඳහා සුදුසු වේ.

මේකප් ( Make up) කරද්දී පොදුවේ කරන වැරදි 10 ක්

 අපි මේකප් දාන්නේ තිබෙන ලස්සන වැඩි කර ගන්න. ඒ වගේම මුහුණේ තිබෙන ලස්සනට හානි කරන දේවල් ඉවත් කරලා ආත්ම විශ්වාසයෙන් යුතුව එදිනෙදා ජීවිතේ කටයුතු කරන්න මේකප් කිරීම ගොඩක් උපකාරී වෙනවා. ගොඩක් අය මේකප් කරද්දී පුංචි පුංචි වැරදි කරනවා. ඇත්තටම ඒ මගින් ඔබේ වයස වැඩියෙන් පෙනෙනවා. Goodhousekeeeping.lk කියවන ඔබ මේ වැරදි වලින් වලකින්න.

මේක් අප් නැති ජිවිතයක් ගැන නිකමටවත් හිතලා තියෙනවද?

කාන්තාව ඇත්තටම සැම දෙනෙකුගේම ආකර්ෂණය දිනා ගන්නා චරිතයක් වන්නට අතිශයින් කැමතියි. ඒ සඳහා සිය රූපය ආභරණයක් කර ගැනීමට ඇය කැමැත්තක් දක්වනවා.

මුහුණ ක්ෂණිකව සුදු කරගන්න විශ්මිත සත්කාරයක් මෙන්න.

මෙම ප්‍රතිකාරය භාවිතා කිරීමේදී මුහුණ සැණෙන් සුදු වෙන අතර සම පෝෂණය වීමක්ද සිදුවෙනවා.

විලවුන් සුවඳ දවස පුරාම රැකගන්න නම්…

විලවුන් වල සුවඳ දවස පුරාම හෝ වැඩි වේලාවක් අප අසල තබා ගන්න අප කවුරුත් කැමතියි. ඉතින් අපි බලමු දවස පුරා වැඩි වෙලාවක් සුවඳ රඳා පවත්වා ගැනීමට අප විසින් අනුගමනය කරන්න ඕනා දේවල් මොනවද කියලා.

සුසිනිඳු සමකට Aloe Vera face packs

කෝමාරිකා face packs ස්වාභාවික හා නැවුම් සම සුන්දරව තබාගැනීමට සහ හානිවූ සම අලුත්වැඩියාකර ඔබේ සම තබා ගැනීමට උපකාරී වේ. කෝමාරිකා යනු පිළිස්සීම්වලට ප්‍රතිකාර කිරීමට, තුවාල සුව කිරීමට අනාදිමත් කළක සිට භාවිතා කරන ඖෂධීය ශාකයකි. ඒ වගේම කෝමාරිකා  සමේ අහිතකර බැක්ටීරියා නසා, පෝෂණයකර, අකළට වයසට යෑම වළකා,  කුරුළෑ නසා, කැළැල් මකා සම ආරක්ෂාකර දෙයි.

ලස්සන වෙන්න ස්වාභාවික cleanser හදමු

හැමෝම හිතන්නේ ලස්සන වෙන්න ගොඩක් සල්ලි වියදම් කරන්න ඕනේ කියලානේ. නමුත් ලස්සන වෙන්න වැඩියෙන්ම අවශ්‍ය දැනුවත්භාවයයි. ස්වාභාවික දේවල්වලින් වැඩි වියදමකුත් නැතිව ගෙදරදීම ලස්සන වෙන්න පුළුවන්. රසායනික දේ මිශ්‍ර නොමැති නිසා සමට අහිතකර නොවේ. සම ඇතුලටම පිරිසුදු කරන ස්වාභාවික cleanser වර්ග කිහිපයක් නිවසේදීම මෙලෙස සකසාගනිමු.

සමට ගැලපෙන scrub එකක් නිවසේදීම සකසාගමු

ලස්සන සමක් ලබාගැනීමට නම් අපේ මැරුණු සම ඉවත් කිරීමට අනිවාර්යයෙන්ම scrub කළ යුතුයි. වියළි සමක් ඇති අයෙක් නම් සති දෙකකට වරක් scrub කළයුතු අතර සාමාන්‍ය හෝ තෙල් සහිත සමක් ඇති පුද්ගලයෙක් නම් සතියකට වරක් scrub කිරීම ප්‍රමාණවත්. වස විස නැති ස්වාභාවික scrub එකක් මෙලෙස නිවසේදී සාදා ගනිමු-

කලු පැහැ පසුපස පැහැපත් කරන්න ගෙදරදීම සත්කාර ….

   වයස බේදයකින් තොරවම කාන්තා හැමෝම පොදුවේ මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි තට්ටම් , වැලමිට හා දෙදණ කාල වර්ණ වීම කියන්නේ. මේ ප්‍රදේශ වල සම සාමන්‍යයෙන් රලුයි. ස්නානය කරන අතරතුර නිසි ලෙස අවධානය යොමු නොකර මග හැරියොත් කාලය සමග එම ස්ථාන වල සම කලු පාටට හැරෙනවා. මෙසේ වීමට මූලික හේතු කීපයක් තිබෙනවා.

ඔබත් රේසරයක් භාවිතයෙන් අනවශ්‍ය රෝම ඉවත් කරනවාද?

වර්තමානයේදී බොහෝ කාන්තාවන් තම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සුලබව දකින්න ලැබෙනවා.අත් රහිත හැට්ට, කොට සායවල් වැනි විලාසිතාවන්ගෙන් සැරසී යාමේදී රෝම පිරුණු දෙපා , කිහිළි ඔබව අවලස්සන කරනවා.මෙසේ රෝම ඉවත් කිරීමට වර්තමානයේදී විවිධ ආලේපන සහ ක්‍රම සහ විදි තිබුණත අදටත් බොහෝ කාන්තාවන් භාවිතා කරන්නේ රෝම ඉවත් කිරීමේ පැරණිම ක්‍රමය වන රේසරයයි.හැබැයි රේසරයෙන් රෝම ඉවත් කරනවා නම් ඔබ ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි.සීරුණු , පළුඳු වුණු හෝ මල බැඳුනු රේසර් කිසි විටෙකත් භාවිතා නොකල යුතුයි.එසේම නිතරම රේසර් මාරු කල යුතුයි සේම අළුත් රේසරයක් වුවද භාවිතා කිරීමට ප්‍රථම විශබීජ නාශක දියර වර්ගයකින් සෝදා ගැනීම අත්‍යවශ්‍යයි.

අකලට කොණ්ඩය සුදුවනවාට ස්වාභාවික සත්කාරයක්

හැමෝම කැමතියි ලස්සනට කොන්ඩේ තියාගන්න. නමුත් ඔබේ කොන්ඩය අතරින් පතර සුදු කෙස් කිහිපයක් මතු වී ආවොත් ප්‍රශ්නයක්. මෙවැනි අවස්ථාවක දි බොහෝ දෙනා යොමුවන්නේ කෘතීම ඛෙහෙත් වර්ග භාවිතයට යොමුවීමයි. එය එතරම් යහපත් ප්‍රතිඵල ගෙනදෙන්නේ නැහැ. එසේ කෘතීම ඛෙහෙත් වර්ග භාවිතා නොකර, අකලට සුදු වෙන කොණ්ඩය නැවත කළු කරගන්න නිවසේදීම කර ගත හැකි මෙම ස්වාභාවික ප්‍රතිකාර කිහිපය අත්හදා බලන්න.

Oily Lipstick එකක් Matte Lipstick එකක් කරගන්න විදිහ

අපි හැමෝම දන්නවා Lipstick types කිහිපයක් තියෙනවා කියලා. Moisturizing Lipstick (gloss lipstick ) Matte Lipstick, Sheer Lipstick, Cream Lipstick. Matte finish එක ඇරෙන්න මේ හැම lipstick එකකම Oily ගතියක් තියෙනවා. නමුත් ඔයාලා මම කියන එක try කළොත් matte look එකක් ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් pure matte lipstick හොයාගන්න අමාරුයි.‍ මොකද හැම brand එකක්ම matte finish එකෙන් Lipstick හදන්නේ නෑ. ඒ වගේම ලංකාවේ matte finish Lipstick brands තියෙන්නේ එකයි දෙකයි.

කොණ්ඩය straight කිරීමට පෙර දැනගත යුතු දේ

 ගැහැණු, පිරිමි හා වයස් යන මේ කිසිම භේදයකින් තොරව කොණ්ඩය straight කිරීමට පෙළඹීම වර්තමානයේ දකින්නට ලැබෙන විලාසිතාවක්. දිය ඇල්ලක් සේ හරිම ලස්සනට පහතට කඩා හැලෙන ස්වභාවය නිසයි කොණ්ඩය straight කිරීම මේ තරමටම ජනප්‍රිය විලාසිතාවක් වෙලා තියෙන්නේ.

More News »

add_one