රූපලාවණ්ය - Beauty

සුසිනිඳු සමකට Aloe Vera face packs

කෝමාරිකා face packs ස්වාභාවික හා නැවුම් සම සුන්දරව තබාගැනීමට සහ හානිවූ සම අලුත්වැඩියාකර ඔබේ සම තබා ගැනීමට උපකාරී වේ. කෝමාරිකා යනු පිළිස්සීම්වලට ප්‍රතිකාර කිරීමට, තුවාල සුව කිරීමට අනාදිමත් කළක සිට භාවිතා කරන ඖෂධීය ශාකයකි. ඒ වගේම කෝමාරිකා  සමේ අහිතකර බැක්ටීරියා නසා, පෝෂණයකර, අකළට වයසට යෑම වළකා,  කුරුළෑ නසා, කැළැල් මකා සම ආරක්ෂාකර දෙයි.

ලස්සන වෙන්න ස්වාභාවික cleanser හදමු

හැමෝම හිතන්නේ ලස්සන වෙන්න ගොඩක් සල්ලි වියදම් කරන්න ඕනේ කියලානේ. නමුත් ලස්සන වෙන්න වැඩියෙන්ම අවශ්‍ය දැනුවත්භාවයයි. ස්වාභාවික දේවල්වලින් වැඩි වියදමකුත් නැතිව ගෙදරදීම ලස්සන වෙන්න පුළුවන්. රසායනික දේ මිශ්‍ර නොමැති නිසා සමට අහිතකර නොවේ. සම ඇතුලටම පිරිසුදු කරන ස්වාභාවික cleanser වර්ග කිහිපයක් නිවසේදීම මෙලෙස සකසාගනිමු.

සමට ගැලපෙන scrub එකක් නිවසේදීම සකසාගමු

ලස්සන සමක් ලබාගැනීමට නම් අපේ මැරුණු සම ඉවත් කිරීමට අනිවාර්යයෙන්ම scrub කළ යුතුයි. වියළි සමක් ඇති අයෙක් නම් සති දෙකකට වරක් scrub කළයුතු අතර සාමාන්‍ය හෝ තෙල් සහිත සමක් ඇති පුද්ගලයෙක් නම් සතියකට වරක් scrub කිරීම ප්‍රමාණවත්. වස විස නැති ස්වාභාවික scrub එකක් මෙලෙස නිවසේදී සාදා ගනිමු-

කලු පැහැ පසුපස පැහැපත් කරන්න ගෙදරදීම සත්කාර ….

   වයස බේදයකින් තොරවම කාන්තා හැමෝම පොදුවේ මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි තට්ටම් , වැලමිට හා දෙදණ කාල වර්ණ වීම කියන්නේ. මේ ප්‍රදේශ වල සම සාමන්‍යයෙන් රලුයි. ස්නානය කරන අතරතුර නිසි ලෙස අවධානය යොමු නොකර මග හැරියොත් කාලය සමග එම ස්ථාන වල සම කලු පාටට හැරෙනවා. මෙසේ වීමට මූලික හේතු කීපයක් තිබෙනවා.

ඔබත් රේසරයක් භාවිතයෙන් අනවශ්‍ය රෝම ඉවත් කරනවාද?

වර්තමානයේදී බොහෝ කාන්තාවන් තම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සුලබව දකින්න ලැබෙනවා.අත් රහිත හැට්ට, කොට සායවල් වැනි විලාසිතාවන්ගෙන් සැරසී යාමේදී රෝම පිරුණු දෙපා , කිහිළි ඔබව අවලස්සන කරනවා.මෙසේ රෝම ඉවත් කිරීමට වර්තමානයේදී විවිධ ආලේපන සහ ක්‍රම සහ විදි තිබුණත අදටත් බොහෝ කාන්තාවන් භාවිතා කරන්නේ රෝම ඉවත් කිරීමේ පැරණිම ක්‍රමය වන රේසරයයි.හැබැයි රේසරයෙන් රෝම ඉවත් කරනවා නම් ඔබ ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි.සීරුණු , පළුඳු වුණු හෝ මල බැඳුනු රේසර් කිසි විටෙකත් භාවිතා නොකල යුතුයි.එසේම නිතරම රේසර් මාරු කල යුතුයි සේම අළුත් රේසරයක් වුවද භාවිතා කිරීමට ප්‍රථම විශබීජ නාශක දියර වර්ගයකින් සෝදා ගැනීම අත්‍යවශ්‍යයි.

අකලට කොණ්ඩය සුදුවනවාට ස්වාභාවික සත්කාරයක්

හැමෝම කැමතියි ලස්සනට කොන්ඩේ තියාගන්න. නමුත් ඔබේ කොන්ඩය අතරින් පතර සුදු කෙස් කිහිපයක් මතු වී ආවොත් ප්‍රශ්නයක්. මෙවැනි අවස්ථාවක දි බොහෝ දෙනා යොමුවන්නේ කෘතීම ඛෙහෙත් වර්ග භාවිතයට යොමුවීමයි. එය එතරම් යහපත් ප්‍රතිඵල ගෙනදෙන්නේ නැහැ. එසේ කෘතීම ඛෙහෙත් වර්ග භාවිතා නොකර, අකලට සුදු වෙන කොණ්ඩය නැවත කළු කරගන්න නිවසේදීම කර ගත හැකි මෙම ස්වාභාවික ප්‍රතිකාර කිහිපය අත්හදා බලන්න.

Oily Lipstick එකක් Matte Lipstick එකක් කරගන්න විදිහ

අපි හැමෝම දන්නවා Lipstick types කිහිපයක් තියෙනවා කියලා. Moisturizing Lipstick (gloss lipstick ) Matte Lipstick, Sheer Lipstick, Cream Lipstick. Matte finish එක ඇරෙන්න මේ හැම lipstick එකකම Oily ගතියක් තියෙනවා. නමුත් ඔයාලා මම කියන එක try කළොත් matte look එකක් ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් pure matte lipstick හොයාගන්න අමාරුයි.‍ මොකද හැම brand එකක්ම matte finish එකෙන් Lipstick හදන්නේ නෑ. ඒ වගේම ලංකාවේ matte finish Lipstick brands තියෙන්නේ එකයි දෙකයි.

කොණ්ඩය straight කිරීමට පෙර දැනගත යුතු දේ

 ගැහැණු, පිරිමි හා වයස් යන මේ කිසිම භේදයකින් තොරව කොණ්ඩය straight කිරීමට පෙළඹීම වර්තමානයේ දකින්නට ලැබෙන විලාසිතාවක්. දිය ඇල්ලක් සේ හරිම ලස්සනට පහතට කඩා හැලෙන ස්වභාවය නිසයි කොණ්ඩය straight කිරීම මේ තරමටම ජනප්‍රිය විලාසිතාවක් වෙලා තියෙන්නේ.

ඔබේ රුව රැකගැනීම සඳහා මී පැණි භාවිතා කළ හැකි ආකාර 8ක්

කිසිදා කල් ඉකුත් නොවන මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීයයන්ගේ රුව වඩවා ගැනීමට මී පැණි අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස තිබුණ බවයි එම සාක්ෂිවලින් කියැවෙන්නේ.

මුහුණේ මේකප් එක සමග නින්දට නොයෑමට හේතු 5ක්

 මුහුණේ මේකප් එක සමග ගණුදෙණු කිරීම තරමක් පරිස්සමෙන් කළ යුතු දෙයක්. ඔබේ සමට හා මුහුණට හරියටම ගැලපෙන මේකප් එක ඔබ තෝරාගත යුතුයි. නමුත්, ඒ මේකප් එක සෝදාහැරීම ගැන නම් අපට පැහැදිලි මතයක් නෑ. ඔබේ මුහුණේ ඇති සම, මුලු ශරීරයේම සම හා සසදන විට ඉතා සංවේදියි බව පැවසිය හැකියි. ඉතින් ඔබ, ඔබේ මුහුණේ සම හොඳින් ආරක්ෂා කළ යුතුයි. ඒ කියන්නේ, නින්දට පෙර මේකප් එක නොසේදීම ගැන නම් කිසිම නිදහසට කාරණාවක් නෑ කියන එකයි. නින්දට යාමට පෙර ඔබේ මුහුණ පිරිසිදු කළ යුත්තේ ඇයි දැයි ඔබ දන්නේ නැතිද? එහෙනම් මේ ලිපිය අනිවාර්යෙන්ම කියවන්න.

රුව අවලස්සන කරවන ඉන්නන් සඳහා ගත හැකි ප්‍රතිකර්ම

ඉන්නන් යනු අප සිරුරට අහිතකර නොවන සම මතුපිට හට ගන්නා ගැට විශේෂයක්. වෛරසයක් මඟින් ඇතිවන මේ ගැටිති ඉංග්‍රීසි බසින් ‘wart’ ලෙස හැඳින්වෙනවා. එහි ඇත්තේ සම මතුපිට ස්ථානගත වී ඇති වෛරසය ක්‍රියාත්මක වීමෙන් හටගත් මියගිය චර්ම සෛල රොත්තක්.

දත් සුරකින මේ වත්පිළිවෙත් ගැන ඔබ දන්නවද?

ඔබ මෙතෙක් නොදැන සිටි මේ කරුණු දැනගත්තොත් පුදුම හිතේවි

ලස්සන දෑතකට උරුමකම් කියන්න මේ සරළ උපදෙස් 7 පිළිපැදල බලන්න

කාන්තා පිරිමි බේදයකින් තොරව මුහුණ සුන්දරව තබා ගන්න අපි හැමෝම උනන්දුයි. නමුත් ඔබේ දෑත මුහුණ තරම්ම වැදගත් කියල මොහොතකටවත් සිතුවාද? කෙනෙකුව පළමු වර හමුවීමේදී අතට අත දෙන්නත්, ඔබේ ආදරය, කරුණාව පෑමේ මාධ්‍යක් විදියටත්, ඇතැම්විට අදහසක් ප්‍රකාශ කිරීමේදීත් දෑත් විශාල කාර්යබාරයක් ඉෂ්ඨ කරනව. නමුත් අපෙන් අපේ දෑත් වලට ඒ තරම් ලොකු අවධානයක් ලැබෙන්නෙම නැති තරම්. දෙපා සුන්දර කරගන්න හැටි තරුණ පෙනුම රැකගන්න හැටි වගේම ගෙදරදීම ඔබේ රුව රැකගන්න කල හැකි සත්කාර ගැනත් අපි මීට කලින් අනිවා වෙතින් කතා කලා. අද අපි ඔබේ දෑත් සුන්දරව තබා ගන්නෙ කොහොමද කියන එක ගැන කතා කරමු.

මනාලියක් වීමට සැරසෙන ඔබට සම පැහැපත් කරන ස්වාභාවික Face Masks 4ක්

සුන්දර මනාලියක් ලෙස පති කුලයට යාම සෑම යුවතියකගේම පාහේ සිත්තුල තිබෙන මිහිරි සිහිනයක්. ඉතින් මනාලියක් වන දිනය පැහැපත්ව සිටීමට යුවතියන් කැමතියි. මේ ලිපිය ලියැවෙන්නේ ඔවුන් වෙනුවෙන්. නිවසේදීම පහසුවෙන් සුළු වෙලාවක් තුලදී සාදාගත හැකි මෙම  ස්වාභාවික face masks ඔබේ සමට අමුතුම එළියක් ගෙන දේවි.

රසායන සත්කාර කළ හිසකෙස්‌ රැක බලාගන්නේ මෙහෙමයි

වර්තමානයේ විවිධ හිසකෙස්‌ විලාසිතා අනුගමනය කරන්නට බොහෝ දෙනෙක්‌ පෙළඹිලා ඉන්නවා. එහි වරදක්‌ නැති නමුත්, ප්‍රධාන ගැටලුව වන්නේ මෙසේ විලාසිතාවට සකස්‌ කළ හිසකෙස්‌ හොඳින් රැකබලා නොගැනීමයි. ඒ කොහොමද කියල ඔබට කියල දෙන්නයි මේ ලිපිය සකස් වෙන්නේ.

නිවැරදිව මුහුණ සෝදන ආකාරය

අපි හැමෝම හැමදාම මුහුණ සෝදනවා. ඒ නිසා අපි හිතන්නේ මුහුණ හෝදන එක හරිම ලේසියි. ඒක කරන හරි විදිහ අපි දන්නවා කියලා. නමුත් අපි පුංචි පුංචි වැරදි දේවල් කරනවා වෙන්න පුළුවන්. මේ පුංචි වැරදිවලින් අපි අපේ මුහුණට ලොකු හානියක් කරගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදිව මුහුණ සෝදන හැටි ඉගෙන ගන්න. එතකොට මුහුණ පැහැපත්ව ලස්සනට දිගු කාලයක් තියාගන්න පුළුවන්.

කුරුලෑ සඳහා ගත හැකි ප්‍රතිකාර ක්‍රම 05ක්

  යෞවනයේ රෝගය ලෙසින් හැඳින්වෙන කුරුලෑ හටගැනීම පිලිබඳ මීට පෙර ලිපියකින් අපි සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඒ ‘කුරුලෑ හට ගැනීම පිලිබඳ තරුණ පරපුරට ඇති සුලබ ගැටළු’ යන මාතෘකාව යටතේ. මේ ලිපියෙන් අපි කුරුලෑවලට ලබා ගත හැකි ප්‍රතිකාර මොනවාද යන්න ගැන විමසා බලීමකුයි සිදු කරන්නේ.  ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව කුරුලෑ වාදයෙන් පීඩා විඳින ඔබට මේ තොරතුරු ඉතාම ප්‍රයෝජනවත් වේවි කියා අප බලාපොරොත්තු වෙනවා.

රෝම ඉවත් කරන්න රේසරයක් භාවිතා කිරීමේදී ……

අද වෙද්දී ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නට නොයෙක් ක්‍රම ලෝකය පුරාම ලලනාවෝ පාවිච්චි කරනවා. වැක්ස්, ක්‍රීම් වර්ග, උගුලවා දැමීම, රේසරයෙන් කැපීම වගේ ක්‍රම ඒ අතරින් ප්‍රධානයි. රේසරය කියන්නේ ආරක්‍ෂිත, පහසු, වියදම් අඩු ක්‍රමයක්. හැබැයි රේසරය පාවිච්චි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තිබෙනවා.

ලස්සන වැඩි කරන ඔලිව් තෙල් කියන්නේ හොඳ ඖෂධයක්

 රූපලාවණ්‍ය කටයුතු ගැන කතා කරන විට ඔලිව් තෙල් කියන්නේ නිතරම කියවෙන නාමයක්. රුව හැඩ කරන්න පමණක් නෙවෙයි ඔලිව් තෙල් සතුව සුවිශේෂ ඖෂධීය ගුණ රාශියකුත්  තිබෙනවා. ඉතින් මේ ලිපියෙන් ඔලිව් තෙල් ආහාරවලට එක්කර ගැනීමෙන් ලබා ගත හැකි වාසි පිළිබඳව කතා බහ කෙරෙණු ඇති.

මුහුණේ මේකප් එක සමග නින්දට නොයෑමට හේතු 5ක්

 මුහුණේ මේකප් එක සමග ගණුදෙණු කිරීම තරමක් පරිස්සමෙන් කළ යුතු දෙයක්. ඔබේ සමට හා මුහුණට හරියටම ගැලපෙන මේකප් එක ඔබ තෝරාගත යුතුයි. නමුත්, ඒ මේකප් එක සෝදාහැරීම ගැන නම් අපට පැහැදිලි මතයක් නෑ. ඔබේ මුහුණේ ඇති සම, මුලු ශරීරයේම සම හා සසදන විට ඉතා සංවේදියි බව පැවසිය හැකියි. ඉතින් ඔබ, ඔබේ මුහුණේ සම හොඳින් ආරක්ෂා කළ යුතුයි. ඒ කියන්නේ, නින්දට පෙර මේකප් එක නොසේදීම ගැන නම් කිසිම නිදහසට කාරණාවක් නෑ කියන එකයි. නින්දට යාමට පෙර ඔබේ මුහුණ පිරිසිදු කළ යුත්තේ ඇයි දැයි ඔබ දන්නේ නැතිද? එහෙනම් මේ ලිපිය අනිවාර්යෙන්ම කියවන්න.

More News »

add_one