රූපලාවණ්ය - Beauty

ලස්සන වැඩි කරන ඔලිව් තෙල් කියන්නේ හොඳ ඖෂධයක්

 රූපලාවණ්‍ය කටයුතු ගැන කතා කරන විට ඔලිව් තෙල් කියන්නේ නිතරම කියවෙන නාමයක්. රුව හැඩ කරන්න පමණක් නෙවෙයි ඔලිව් තෙල් සතුව සුවිශේෂ ඖෂධීය ගුණ රාශියකුත්  තිබෙනවා. ඉතින් මේ ලිපියෙන් ඔලිව් තෙල් ආහාරවලට එක්කර ගැනීමෙන් ලබා ගත හැකි වාසි පිළිබඳව කතා බහ කෙරෙණු ඇති.

මුහුණේ මේකප් එක සමග නින්දට නොයෑමට හේතු 5ක්

 මුහුණේ මේකප් එක සමග ගණුදෙණු කිරීම තරමක් පරිස්සමෙන් කළ යුතු දෙයක්. ඔබේ සමට හා මුහුණට හරියටම ගැලපෙන මේකප් එක ඔබ තෝරාගත යුතුයි. නමුත්, ඒ මේකප් එක සෝදාහැරීම ගැන නම් අපට පැහැදිලි මතයක් නෑ. ඔබේ මුහුණේ ඇති සම, මුලු ශරීරයේම සම හා සසදන විට ඉතා සංවේදියි බව පැවසිය හැකියි. ඉතින් ඔබ, ඔබේ මුහුණේ සම හොඳින් ආරක්ෂා කළ යුතුයි. ඒ කියන්නේ, නින්දට පෙර මේකප් එක නොසේදීම ගැන නම් කිසිම නිදහසට කාරණාවක් නෑ කියන එකයි. නින්දට යාමට පෙර ඔබේ මුහුණ පිරිසිදු කළ යුත්තේ ඇයි දැයි ඔබ දන්නේ නැතිද? එහෙනම් මේ ලිපිය අනිවාර්යෙන්ම කියවන්න.

ලස්සන වෙන්න කැමති ඔබට අපෙන් ආයුර්වේද රහස් කිහිපයක්

අද සමාජ වටපිටාව එක්ක බැලූ කල අපි දන්නවා ගොඩක් කාන්තාවන් ලස්සනට ඉන්න ලස්සන වෙන්න නොයෙක් දේවල් කරනවා කියලා. සමහර ගෑණු ළමයින්ට එක එක විදියෙ රූපලාවණ්‍ය  ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තවත් විදියකින් කියනවා නම්  ලස්සන වෙන්නෙ කොහොමද, ලප කැළැල් නැති කර ගන්නෙ කොහොමද ,  සමේ වියළි බව දුරු  කරගන්නෙ කොහොමද යන නොයෙක් ප්‍රශ්න වලින් ඔබ පීඩා විදිනවා වෙන්න පුළුවන්. මෙම අසහනකාරී රූපලාවණ්‍ය ප්‍රශ්න වලට ඔබත් ඉක්මන් විසදුම් සොයන්නෙක්ද ?  නැතිනම් අද වෙළඳපොළේ නොයෙකුත් නම් වලින් භාවිතා වන එකම ආලේපන වලට හුරු වුන කෙනෙක්ද?

අඳුරු තොල් ආපහු රෝස තොල් කරගන්න ක්‍රම 6ක්

අපි කවුරුත් කැමතියි රෝස සුමුදු තොල් තියෙනවා නම්. තොල් කළු වුනාම මුහුණට ලොකු අඳුරු ගතියක් එනවා. කොච්චර සුදු වුනත් තොල් කළුයි නම් හරිම කැතට ඒක පේනවා. තොල් කළු වීමට හුඟක් හේතු බලපානවා. අව්වට පිච්චීම, ස්ට්‍රෙස්, බාල වර්ගයේ ලිප්ස්ටික්, ලිප්ස්ටික් නියමාකාරයෙන් ඉවත් නොකිරීමෙන්, සිගරට් බීම, බුලත් කෑම, කාලගුණය, කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම, රුධිර සංසරණය නියමාකාරයෙන් සිදු නොවීම, අවශ්‍ය පමණට වතුර නොබීම… වැනි හේතු පෙන්වා දෙන්න පුළුවන්.

සන් ක්‍රිම් එකක් පාවිච්චි කරන්න ඕනමයි

ලංකාව කියන්නේ සමකය ආශ්‍රිත රටක්. සමකය ළඟ රටවලට ගොඩක් තදින් හිරු එලිය වැටෙනවා. ඒ නිසාම පොඩ්ඩකට එලියට ගියත් ඉර එලියට අපේ හම පිච්චෙනවා. මේකට හොඳම විසඳුම තමයි සන් ක්‍රීම්. හැබැයි ලංකාවේ ගොඩක් දෙනෙක් සන් ක්‍රීම් පාවිච්චි කරන්නේ නැහැ. ඒත් වෙන රටවල් වල කාන්තා පිරිමි දෙපාර්ශවේම සන් ක්‍රීම් පාවිච්චි කරනවා.

වියළි සමක් සඳහා කළ හැකි සත්කාර

 වියළි සමක් කෙනෙකුට ඇති වන්නේ ශරීරයේ මේද ග්‍රන්ථිවලින් නිකුත්වන මේදය ප්‍රමාණ අවම වන විටදීයි. වියළි සමක් ඇති අය බොහෝ කල්පනාකාරීව, තමන්ගේ සම ගැන දැඩි අවධානයකින් කටයුතු කළ යුතුය.එයට හේතුව වන්නේ මේ සම ඉතාම ඉක්මනින් රැළි වැටීමේ හැකියාවක් ඇතිවීමයි.එසේම ඉතාම ඉක්මනින් වියළි සම වයසට යෑමේ හැකියාවත් වැඩියි. මේ නිසා වියළි සමක් හිමි කෙනෙක් මේ තත්ත්වයෙන් මිදෙමින් නිරෝගීව තම සමේ ස්වභාවය, පෙනුම පවත්වාගෙන යාමට කල්පනාකාරී විය යුතුයි.

ඔබත් ඇඟ පිහදාන තුවායෙන් මුහුණ පිසදමනවද?

 ඔයාලටත් තියෙනවද ඇඟ පිහදමන තුවායෙන්ම මුහුණත් පිසදමන පුරුද්ද? හොඳයි… කොච්චර දවසකට සැරයක් ඔබ නාන තුවාය හෝදනවද? ඔයාගේ නාන තුවයෙන් පිස දමන තැන් කොතරම්ද? කොන්ඩේ, පිටිපස්ස , කකුල් ? ඒත් එක්කම ඔබ දන්නවද නාන කාමරයක ඇති තෙත තුවායක් කියන්නේ විෂබීජ වලට වැඩෙන්න හොඳ බිමක් කියල? .

ඉස්හොරි කරදරයෙන් අත් මිදෙන්න කළ යුත්තේ කුමක්ද?

කාන්තාවන් සියලුම දෙනාට තිබෙන තවත් ගැටලුවක් තමයි මේ ඉස්හොරි. ඉතින් මෙම කරදරයෙන් ගැල්වීමට අපි නොයෙකුත් දේවල් සිදු කරනවා. නමුත් එම දේවල් කිරීමට කලින් මොහොතක් වත් සිතුනෙ නෑ නේද ඒ දේවල් අපේ හිසකෙස් වලට,   සමට,  අපට  කෙසේ නම් බලපාවි ද කියලා.

අලුතෙන් මේකප් මිලදී ගන්න කළින් මේ ගැනත් හිතන්න.

මේකප් කියන්නේ කෙනෙකුගේ පෙනුම අප් කරන දෙයක් නේ. ගෑනු පිරිමි දෙගොල්ලොන්ගෙම හුඟක් අය, මේ පෙනුම අප් කරන විජ්ජාවට ටිකක් හරි කැමතියි. අපේ රටේ පිරිමි අය ඒ තරම් ම මේ මේකප් පාවිච්චි නොකලත්, ගෑනු ළමයින්ගේ සුකුරුත්තම් අතරේ බැලුවොත් මොකක් හරි මේකප් සුකුරුත්තමක් හොයාගන්න බැරිවෙන්නේ නැහැ.

 ඩාර්ක් සර්කල්ස් පරද්දමු!   

රූපලාවන්‍ය ගැටළු ගත්තම බොහොමයක් දෙනෙක් මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් තියෙනවා.ඒ තමයි මේ ඩාර්ක් සර්කල්ස්-එහෙම නැත්තං ඇස් වටා සම අවපැහැ ගැන්වීම.ගොඩදෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් නිසාම මේකට විසඳුමක් හොයාගන්නත් ගොඩක් කට්ටිය උනන්දුයි.ඒ නිසාම මොනම ක්‍රමයකින් හරි මේ ඩාර්ක් සර්කල්ස් වහගන්න තමයි අපි නිතරම උත්සහ කරන්නේ.මේකට බලපාන හේතු වගේම ඊට ගැළපෙන පිළියම් තියෙනවා.ඒ වුණත් ඉක්මන් සහ තාවකාලික විසඳුමක් විදියට මේකට මේකප් පාවිච්චි කරන්නත් පුළුවන්.එහෙනම් අද බලමු කොහොමද මේකප් වලින් ඩාර්ක් සර්කල්ස් වලට උත්තර දෙන්නේ කියලා.

ඔබේ සම තව තවත් දිදුලවන නවතම තාක්ෂණය “Hydrosoft”

අප ජීවත් වන්නේ තාක්ෂණයේ දියුණුවත් සමගින් ශ්‍රීඝ්‍රයෙන් ඉදිරියට ඇදෙන සමාජයකයි. ඒ හේතුවෙන් අපගේ සෑම කාර්යයක්ම ඉතාම පහසු මෙන්ම උපරිම උසස් මට්ටමකින් ඉටුකරගැනීමට මේ වන විට හැකියාව පවතිනවා. කාන්තාවකගේ සුන්දරත්වය පවත්වා ගැනීමටත් දැන් තාක්ෂණයේ සහය අපට ලැබී තිබෙනවා.

මුණ විතරක් සුදු වෙලා මදි   

ස්කින් කෙයාර් ගැන කිව්වම ඔයාට එකපාරටම මතක් වෙන්නේ මොකක්ද?මුහුණ විතරයි නේද?අපි සැලෝන් එකකට ගියත් කරන්නේ ෆේෂල් එකක්,ක්ලීනප්එකක්,ෆේස් මසාජ් එකක් නැතිනම් මොකක් හරි විශේෂිත සත්කාරයක් අපේ මුහුණට විතරයි..එහෙම නේද?එතකොට අපේ ඇඟ පුරා පැතිරිලා තියෙන අනෙක් සම?අපේ මුළු සිරුර පුරාම පැතිරිලා තියෙන සම හැම ආකාරයකින්ම,එකම විදියකින් ආරක්ෂා කිරීම,සත්කාර කිරීම හරිම වැදගත්.බලන්න මේ අදහස් කිහිපය ඔයාට අයිඩියා එකක් දෙයි කොහොමද ඔයාගේ සම ආරක්ෂා කරගනිමින් රැකබලාගන්නේ කියලා.

ලස්සන වෙනවට අමතරව ව්‍යායාම කිරීමෙන් ලැබෙන වාසි 8 ක් ….

අද කාලෙ ගොඩක් කාන්තාවන්ගේ මැසිවිල්ල තමයි මගේ ශරීරය බර වැඩියි නැත්නම් මහත වැඩියි කියන එක. බොහෝ දෙනෙක් කෙට්ටු වෙන්න කියල ව්‍යායාම වල නිරත වෙනවා. මොන අරමුණක් ඇතුව කළත් ව්‍යායාම කිරීම කියන්නේ ශරීරෙට ගොඩක් වැදගත් දෙයක්. කාන්තාවකට ව්‍යායාම කිරීමෙන් අත් කර ගන්න පුලුවන් ප්‍රතිලාභ ගොඩක් තියනවා. ඒ ගැන ඉගෙන ගත්තොත් ඔබට එයින් වැඩියෙන් ව්‍යායාම වල නිරත වෙන්නට දිරියක් ලැබේවි.

ආයුර්වේදයට අනුව ලස්සන වෙන හැටි

අපි දන්නවා ගොඩක් අපේ ගෑණු ළමයි එක එක රූපලාවන්‍ය ප්‍රශ්න වලින් ඉන්නවා කියලා. තවත් විදියකට කියනවනම්, “කොහොමද මම ලස්සන වෙන්නේ? කොහොමද මේ කැළැල් නැති කරගන්නේ?” වගේ දේවල් හිත හිතනේ ඉන්නේ. ඒ වගේම ගොඩක් අය, මේ දේවල් වලට ඉක්මන් විසදුම් හොයන්නෙත්. නමුත්, අද market එකේ තියෙන ගොඩක් ආලේපන වර්ග ඉක්මන් විසදුම් දුන්නත්, ගොඩක් ඒවා වල අහිතකර බලපෑම් තියෙනවා. ඉතින් හැමදේටම වැඩිය හොදයි නේද ආයුර්වේදයට අනුව ස්වභාවික දෑ යොදා ගෙන මේ ප්‍රශ්න විසදගෙන ලස්සන වෙන එක? ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ ආයුර්වේදයට අනුව ලස්සන වෙන්න පුළුවන් පුංචි tips ටිකක්…

කළු පැහැ ගැන්වුන දෙතොල් නිවසේදිම දීප්තිමත් කරගන්න. මෙන්න විසඳුම්.

c කියන්නෙ. ඉතින් අපි කොයි තරම් සුදුවට ලස්සනට හිටියත් අපේ මුහුණ හා සම්බන්ධ අංග වලදි ඒ එක් අංගයක් හරි අවපැහැ ගැන්විලා තියෙනවා නම් ඒක අපේ ලස්සනට බාධාවක් නේද?.  ඉතින් ඒ නිසාම මම හිතුවා ගොඩක් කාන්තාවන්ට තියෙන තොල් කළු වීමේ මෙම ගැටලුවට අද Womanly.lk ඔබේ පිටුව මගින් විසඳුමක් ලබා දෙන්න ඕන කියලා. අැත්තටම මෙම සියලු විසඳුම් ඕනෑම කෙනෙකුට ලෙහෙසියෙන්ම නිවසේ සිටම නල හැකි ස්වභාවික සත්කාර ක්‍රමයන්. බොහෝමයක් කාන්තාවන්ට ස්ට්‍රෙස්, කාර්යබහුලත්වය, දේශගුණය, බාල වර්ගයේ දෙතොල් ආලේපන භාවිතය , අවශ්‍ය පමණට වතුර පානය නොකිරීම වැනි හේතු  සාධක නිසා දෙතොල් කළු වීමේ ගැටලුවට මුහුණ පාන්න සිදු වෙනවා. ඇත්තටම මෙය කාන්තාවන්ට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. බොහෝ පිරිමි උදවියටත් තොල් කළු වීමේ ගැටලුව තියෙනවා. සිගරට් බීම, බුලත් කෑම, රුධිර සංසරණය ක්‍රමානුකූලව සිදු නොවීම වැනි හේතු තමයි පිරිමි  උදවියට මෙය බලපානු ලබන්නෙ.

සුන්දර දෙපයකට නිවසේදිම කල හැකි සත්කාරයක්

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. ඒ නිසා අපි හුඟක් වියදම් කරලා ක්‍රිම් ජාති අරගන්නවා, ඒ වගේම සැලෝන් යනවා. මේ ඔක්කොම දේවල් කරන්නේ මුහුණ පැහැපත් කරගන්න. එහෙමත් නැත්තම් ලස්සන දිග කොණ්ඩයක් වෙනුවෙන්. මේ නිසා අපිට කකුල් දෙකේ ලස්සන අමතක වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට අදින්නේ කකුල් වැහෙන්න ඩෙනිම් වගේ ඇඳුම් නේ. හදිසියේ හරි කොට ගවුමක් සායක් වගේ අඳින්න ගියාම තමා කකුල් වල අවලස්සන පේන්නෙ.

රෝස මලෙන් ලස්සන වෙමු.....

අපි දන්නවනේ ගෑණු ළමයි මල් වලට ආදරේද කියලා... ඒ වගේම ඒ අය හරි දක්ෂයි මල් වලින් එක එක නිර්මාණ කරන්නත්... නමුත් අද අපි කියන්න යන්නේ මල් වලින් කොහොමද ඔයාලාගේ ලස්සන වැඩියෙන් ඉස්මතු කරන්නේ කියලා. විවිධ මල් වර්ග තියෙනවා රුපලාවන්‍ය කටයුතු වලට යොදා ගන්න. නමුත් අද අපි කියන්න යන්නේ, "රෝස මල්" වලින් ලස්සන වෙන හැටි...

අව පැහැ ගැන්වූණූ සමට ප්‍රතිකාර

තමන්ගේ සමේ ස්වභාවය පැහැපත් කර රූ සපූව වැඩි කර ගැනීමට ඕනෑම කාන්තාවක් කැමතිය. එවැනි පැහැපත් සමකට උරුමකම් කීමට කොතෙක් කැමැත්තෙන් සිටියද සම අව පැහැ ගැන්වීම බොහෝ කාන්තාවන් මූහූණ දී ඇති ගැටලුවකි. සම අව පැහැ ගැන්වීමට ප්‍රධාන හේතුව වන්නේ අධික

ගස්ලබු වලින් ලස්සන වෙන හැටි

ගස්ලබු නැත්නම් පැපොල් කියන්නේ ගොඩක් රසවත් පළතුරක් කියල අපි දන්නවනේ. රස විතරක් නෙමේ, ඔයාලා දන්නවද මේ ගස්ලබු අපිට නිරෝගීව ඉන්න වගේම ලස්සනට ඉන්න හොඳ පෝෂණයක් ලබා දෙනවා. ලංකාවේ අපිට මේ පළතුර හොයා ගන්නත් එච්චර අමාරු නෑනේ. ඉතින් එක එක කෘතිම ක්‍රීම් වර්ග ගානවට වඩා, හොඳ නැද්ද ස්වභාවික විදියට ලස්සන වෙන එක? ඉතින් ඒක නිසා, අපි හිතුවා "ගස්ලබු වලින් ලස්සන වෙන හැටි" ගැන කතා කරන්න.අපි දැන් බලමු කොහොමද මේ පලතුරෙන් ලස්සන වෙන්නේ කියලා.

මුහුණ තරමටම ලස්සන විය යුතු දෑත්

දෙඅත් හා දෙපාවල නිරෝගී බව මෙන්ම පැහැපත් බවද කාන්තාවකගේ රුව තවත් වැඩිකිරීමට හේතු වෙනවා. දෑත හෝ දෙපය අපගේ ශරීරයේ ඉතාම කාර්යබහුල අවයවයක් තමයි නිය. ඒ නිසාම විවිධ පාරිසරික හා දේශගුණික තත්ත්වයන්ට සෘජුවම භාජනය වෙනවා. මේ නිසා මේවා ඉක්මනින් අපිරිසුදුවීමට වගේම රෝගාබාධවලට ලක්වීමටත් හේතු වෙනවා. නිය සමේම කොටසකි. කැල්සියම් හා ප්‍රෝටීනවලින් නිර්මාණය වී ඇති කෙරටීනවලින් නිය සමන්විත වෙනවා. දෙඅත්වල නිය මාස තුනකට සෙන්ටිමීටර් එකක් පමණ වැඩෙනවා. පාදවල නිය එතරම් ඉක්මණින් වැඩෙන්නේ නැහැ. නිය නිරෝගීව අලංකාර තබා ගැනීම ඉතාම අවශ්‍ය දෙයක්. ඒ තුළින් ඔබේ දෙඅත්, දෙපාවලට මනා පෙනුමකුත් ලැඛෙනවා.

More News »

add_one