රූපලාවණ්ය - Beauty

කෝපිවලින් ලස්සන වෙන්නේ මෙහෙමයි.

කෝපි කියන්නේ අපේ රටේ හුඟක් දෙනා කැමති පානයක්. අපේ රටේ විතරක් නෙමෙයි, ලෝකෙම ගත්තත් කෝපි හුඟක් ජනප්‍රිය පානයක්.

නිවැරදිව මුහුණ සෝදන ආකාරය

අපි හැමෝම හැමදාම මුහුණ සෝදනවා. ඒ නිසා අපි හිතන්නේ මුහුණ හෝදන එක හරිම ලේසියි. ඒක කරන හරි විදිහ අපි දන්නවා කියලා. නමුත් අපි පුංචි පුංචි වැරදි දේවල් කරනවා වෙන්න පුළුවන්. මේ පුංචි වැරදිවලින් අපි අපේ මුහුණට ලොකු හානියක් කරගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදිව මුහුණ සෝදන හැටි ඉගෙන ගන්න. එතකොට මුහුණ පැහැපත්ව ලස්සනට දිගු කාලයක් තියාගන්න පුළුවන්.

විස්මිත ඔලිව් තෙල් සත්කාරය   

එදිනෙදා හදන කෑම-බීම වලට පාවිච්චි කරන දෙයක් විදියට දැන් ඔලිව් තෙල් වලටත් ඔයාගේ මුළුතැන්ගෙයි තියෙන්නේ විශේෂිත තැනක් නේද?ඒ කෑම-බීම වලට ඔලිව් තෙල් වලින් ලැබෙන විස්මිත පෝෂණය නිසා.පෝෂණය හැරුනුකොට මේ ඔලිව් තෙල් ඔයාගේ පෙනුමත් වෙනස් කරන්න උදව් වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?ඔයාගේ හමට අවශ්‍ය තෙතමනය ලබාදෙමින්,වයස්ගත පෙනුම ඔයාගෙන් ඈත් කරන ඔලිව් තෙල් වල විස්මිත බලය ගැන අද අපි කතාකරමු.

එක රැයෙන් මුහුණේ බ්ලැක් හෙඞ්ස් නැති කර ගමු

හුගක් අයට තියෙන කරදරයක් තමයි බ්ලැක් හෙඩ්ස්. සමහරු තමාට නොදැනීම, පිරිසක් ඉදිරියේදි පවා තමාගේ නහය මත ඇති බ්ලැක් හෙඞ්ස් ස්පර්ශ කරමින් ඒවා ඉවත් කරන්නට වෙහෙසෙනවා අපි දැක තිබෙනවා මෙම ක‍්‍රියාව නිසා ඔබ වගේම අවට සිටින අයත් අපහසුතාවයට පත්වෙන්න පුළුවන්, ඉතිං මේ බ්ලැක් හෙඞ්ස් නැතිකරගන්න මේ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයන් අනුගමනය කරලා බලන්න. එක රැයකින් බ්ලැක් හෙඞ්ස් සම්පුර්ණයෙන් නැති වී යාවි.

සන් ක්‍රිම් එකක් පාවිච්චි කරන්න ඕනමයි

ලංකාව කියන්නේ සමකය ආශ්‍රිත රටක්. සමකය ළඟ රටවලට ගොඩක් තදින් හිරු එලිය වැටෙනවා. ඒ නිසාම පොඩ්ඩකට එලියට ගියත් ඉර එලියට අපේ හම පිච්චෙනවා. මේකට හොඳම විසඳුම තමයි සන් ක්‍රීම්. හැබැයි ලංකාවේ ගොඩක් දෙනෙක් සන් ක්‍රීම් පාවිච්චි කරන්නේ නැහැ. ඒත් වෙන රටවල් වල කාන්තා පිරිමි දෙපාර්ශවේම සන් ක්‍රීම් පාවිච්චි කරනවා.

ගැහැණු ළමයෙක්ගේ make up පෙට්ටියේ තිබිය යුතු දේවල්….

1) ක්ලේන්සර්, ටෝනර්, මොයිස්චරයිසර්

මුහුණ තරමටම ලස්සන විය යුතු දෑත්

දෙඅත් හා දෙපාවල නිරෝගී බව මෙන්ම පැහැපත් බවද කාන්තාවකගේ රුව තවත් වැඩිකිරීමට හේතු වෙනවා. දෑත හෝ දෙපය අපගේ ශරීරයේ ඉතාම කාර්යබහුල අවයවයක් තමයි නිය. ඒ නිසාම විවිධ පාරිසරික හා දේශගුණික තත්ත්වයන්ට සෘජුවම භාජනය වෙනවා. මේ නිසා මේවා ඉක්මනින් අපිරිසුදුවීමට වගේම රෝගාබාධවලට ලක්වීමටත් හේතු වෙනවා. නිය සමේම කොටසකි. කැල්සියම් හා ප්‍රෝටීනවලින් නිර්මාණය වී ඇති කෙරටීනවලින් නිය සමන්විත වෙනවා. දෙඅත්වල නිය මාස තුනකට සෙන්ටිමීටර් එකක් පමණ වැඩෙනවා. පාදවල නිය එතරම් ඉක්මණින් වැඩෙන්නේ නැහැ. නිය නිරෝගීව අලංකාර තබා ගැනීම ඉතාම අවශ්‍ය දෙයක්. ඒ තුළින් ඔබේ දෙඅත්, දෙපාවලට මනා පෙනුමකුත් ලැඛෙනවා.

නිවසේදීම නිය ආලේපන ජෙල් හා පොලිශ් ඉවත් කර ගන්නේ කෙසේද?

ජෙල් පොලිෂ් නිය ආලේපන වල ප්‍රතිලාභ රාශියක් ඇත. දිදුලන, සුන්දර නියපොතු සති දෙකක් පුරාවට පවත්වා ගැනීම බොහෝ ගැහැණු ලමයින්ට සිහිනයකි. දවස පුරා කීබෝඩ් එකේ  කිරීම මාගේ රාජකාරියේ කොටසකි. මීට අමතරව ඉඳුල් භාජන හා ඇඳුම් සේදීමේ කටයුතු වල මා නිතරම නියැලෙන බැවින් ලස්සන නිය රටා තබා ගැනීම බෙහෙවින් අසීරු වේ. මේ නිසා මම ජෙල් පොලිෂ් භාවිතා කරමි. මෙහි ප්‍රතිලාභ රැසක් ඇතත් ඒවා ඉවත් කිරීම අපහසු වේ. මා විසින් සිදු කල පරීක්ෂණයකින් නිවසේදීම මෙම ජෙල් පොලිෂ් ඉවත් කර ගත හැකි ක්‍රම වේද 3ක් මම සොයා ගත්තෙමි.

මේකප් ගැන කියන බොරු කතා 16 ක්…..

ඔබත් මේකප් දමන තරුණියක්ද? එහෙමනම් ගොඩක් වැදගත් වේවි මේ සුලභ මිත්‍යා කතා ගැන දැන ගන්න එක.

ලස්සන වෙන්න අද ඉඳල මේ දේවල් අත්හදා බලමුද?

ලස්සනට ඉන්නේ කොහොමද? ලස්සන වෙන්න මොනවද කරන්න පුළුවන්? මෙය සරළව කරගන්නේ කොහොමද? තිබෙන සුන්දරත්වය පවත්වගන්නේ කොහොමද? මේ ඔබ දිනපතා කැඩපත ඉදිරියට ගියාම ඔබෙන්ම අසන ප්‍රශ්ණ කිහිපයක් නේද? smart lady අප, අද ඔබ වෙනුවෙන් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී  නයනා  කුමාරි  මහත්මියගෙන් මේ ප්‍රශ්ණ පිලිබඳ විමසීමක් කළා.

Makeup මිලදී ගැනීමේදී ඔබට අමතකම වන දේ

මේකප් ගැන හොඳ දැනුමක් තබෙන අයටත් අමතකවෙන පුංචි කරුණක් තිබෙනව. ඒ තමයි රූපාලංකරණ නිෂ්පාදනවලටත් කාලය ඉකුත්වීමේ දිනයක් තිබෙනබව. කාන්තාවන් හරිම කැමතියි දකින දකින අලංකාර අලුත් රූපාලංකරණ නිෂ්පාදන එකතුකරගන්න. ගොඩක්දෙනා ප්‍රියකරන විනෝදාංශයක් බවට මෙය පත්වෙලා.

ලස්සන දෙතොල කට නිවැරදිව තොල් ආලේපන ගල්වන්නේ මෙහෙමයි

නිවැරදිව තොල් ආලේපන ගැල්වූයේ නැතිනම් එය ඔබේ මුහුණට අවලස්සනක් එක් කරන්නටත් පුළුවන්. ඒ නිසාමයි නිවැරදිව තොල් ආලේපනය කරන ආකාරය ගැන නිවැරදි ලෙස ඔබව  දැනුවත් කරන්න අපි හිතුවේ. අදින් පසුව තත්පර කිහිපයක් වැඩියෙන් වැයකර ලස්සන නිමාවක් ඔබේ දෙතොලට ලබාදෙන්න අතපසු කරන්න එපා.. විශේෂයෙන්ම උත්සව අවස්ථාවකදී හෝ රැකියාස්ථානයේ විශේෂ අවස්තාවකට සහභාගී වීමේදී ඔබ මේ ආකාරයට තොල් ආලේපනය කරීමෙන් ඔබේ සුන්දරත්වය වඩාත් ඉස්මතු වී පෙනේවී.

ඔබත් ඔබේ ලස්සන වෙනුවෙන් දවසක් වෙන් කරනවාද?

cති කර ගන්නවා. අපට වෙලාවක් නැහැ කියන එක හොඳ නිදහසට කරුණක් විදිහට මම සලකන්නේ නැහැ. සුන්දරත්වය වෙනුවෙන් සතියකට එක දවසක් අනිවාර්යයෙන්ම වෙන් කර ගත යුතුයි.

මුහුණේ කැළැල් හා විශාල වූ අවලස්සන විවර මකා දමන බෙහෙත් වට්ටෝරු 5ක්

තෙල් ගතිය වැඩි සමක් තියෙන අයගේ මුහුණු වල කැළැල් හා විවරමය ස්වභාවය පැහැදිලිව අනිත් අයට පෙන ගතිය වැඩියි. තම මුහුණේ අවලස්සන ගතිය නිසා එවැනි අය සිටින්නේ ගොඩක් ලොකු මානසික පීඩාවකින්. මෙම කැළැල් මකා දමා මුහුණේ ඇති විශාල විවර ගතිය නැති කිරීමට නම් සම සුවපත් කර සමේ ඇදෙන සුළු භාවය වැඩි කරන්න ඕනේ. ඒ සදහා වෙළඳ පොලේ කොතෙකුත් කෘතීම නිෂ්පාදන දකින්නට ලැබුනත් ඒවායින් කියන තරම් සාර්ථක ප‍්‍රතිපල අත් වෙන්නේ නෑ. නමුත් බිය වන්න එපා. මෙම ප‍්‍රශ්නයට සාර්ථක ලෙස විසදුමක් ලබා දෙන ස්වාභාවික බෙහෙත් වට්ටෝරු කීපයක් ගැන අද  අපි ඔබව දැනුවත් කරන්නම්.

නේල් පොලිෂ් ලස්සනට ගාන එක හිසරදයක්ද? මෙන්න මේ මූලික ටිප්ස් 9 දන්නවනම් එහෙම වෙන්නෙ නෑ

ලස්සනට නේල් පොලිෂ් ගාපු නිය පෙලකට ගෑණු ලමයි කොහොමත් ආසයි. ඉස්කෝලෙ යන කාලෙ නිවාඩු මාසෙ ආව ගමන් මුලින්ම කරන්නෙ නියපොතු ටික පොඩ්ඩක් වවාගෙන දවස් දෙකෙන් දෙකට එක එක පාට නේල් පොලිෂ් ගාන එක. ආයෙත් ඉස්කෝලෙ යන්න ඔය ටික මකන්නෙ බොහොම හිතේ අමාරුවෙන්. ඒ කාලෙ එහෙම ආසාවට ගෑවට හරියටම නියපොතු ටිකට නේල් පොලිෂ් ගාන හැටි අපි වැඩි දෙනෙක් දන්නෙ නෑ. නිකම්ම බ්‍රෂ් එකෙන් අරන් ගානවට වඩා දේවල් ටිකක් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ලස්සන නිමාවක් ලබා ගන්න නම්. ඔන්න ඒකට අපෙන් පුංචි උදව්වක්. ලස්සනට පිළිවෙලට නේල් පොලිෂ් ගාපු නිය පෙලක් ලබා ගන්න නම් ඔබ දැන ගෙන ඉන්න ඕන මූලිකම දේවල් ගැන කියල දෙන්නයි මේ හදන්නෙ.

ඔබගේත් ඇස් යට කලු වෙලාද... විශ්මිත ප්‍රතිකාරයක්

බේකින් සෝඩා සුවල්පයක් ඔබේ ඇස් යටින් තිබ්බොත් වෙන දේ දන්නවද?

දිස්නේ ගහන ලස්සන සමක් උරුම කර ගැනීමට ඔබ මඟහැරිය යුතු කාරණා 09ක්.

 සුන්දර සමක් හිමි උනා වුවද එය එලෙසම දිගුකලක් රැක ගැනීමට අවශ්‍යනම් ඔබට ඒ වෙනුවෙන් සුළු හෝ කැප කිරීමක් කරන්න සිදු වෙනවා..මේ ලිපිය අවසානය වෙනකම් කියෝගෙන ගියොත් සුළු කැපකිරීම් ගණයට වැටෙන ජාති මොන වගේද කියලා ඔබටම බලා ගන්න පුළුවන්.මොනා අතෑරියක් මොකද ලස්සන වෙනවනම් නේද?හරි..එහෙනම් අපි පටන් ගමුද?

කොහොඹ යුෂ හා කීකිරිඳිය යුෂ හිසකෙස්‌වලට ඉතා ගුණයි

හිසකෙස්‌ යැම ඇතුළු ශීර්ෂ සෞඛ්‍යය පිළිබඳව අප හා සාකච්ඡා කිරීමට අද සිට මෙම පිටුවට එක්‌වන අයේෂා කළුආරච්චි මෙනෙවිය B.A.M.S (HONS)

පැහැපත් සමක් සදහා ආයුර්වේද රහස....

ඈත අතීතයේ සිට මිනිසුන් තම රුව සම්පත රැක ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කල බව ඉතිහාසයේ නොයෙකුත් සාක්ෂි ඇත. විශේෂයෙන් කාන්තාවන් මේ සඳහා දැඩි උද්යෝගයකින් කටයුතු කර ඇත. ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන රූ සපුව රැක ගැනීම පිළිබඳව ඇති ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඈතට දිවේ. වර්තමානයේ මිනිසුන් තුල එම උනන්දුව තීව්‍ර වී ඇති නමුදු නොයෙකුත් කෘතිම රූපලාවණ්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවය හේතුවෙන් අකාලයේ තම ස්වාභාවික රූප සම්පත්තිය නාස්ති කරගන්නා ආකාරයද දැක ගත හැක.

More News »

add_one