රූපලාවණ්ය - Beauty

ඔබත් කුරුලෑ නිසා දුක් වෙනවාද? මෙන්න කුරුලෑ වලට ආයුර්වේද  රහස් ප්‍රතිකාරයක්

කුරුලෑ කියන්නේ තරුණ වයසේ ඉන්න ඕනෑම කෙල්ලෙක් කොල්ලෙක් මුණ දෙන ප්‍රශ්නයක්. නමුත් සමහරුන්ට මේ ප්‍රශ්නෙ දැඩිව බලපානව අපි දැකල තියනවා. අපි හැමෝම කැමති නෑ කුරුලෑ වලින් අපේ මුහුණ අවලස්සන වෙනවට. එහෙනම් ඊට අදාළ ප්‍රතිකාර ගැන ඔබ දැනුවත්ව සිටීම වැදගත්.

ඔබේ සමේ අඳුරු පැහැය ඉවත් කරගන්න කහ අඩංගු මාස්ක් එකක් හදා ගන්නේ මෙහෙමයි.

කහ කියන්නේ ඉස්සර ඉඳන්ම සමේ ඇතිවන එක එක ආසාදනවලට භාවිත කරන බොහොම වටිනා ඖෂධයක්. සාමාන්‍යයෙන් සමේ ලප කැළැල් මකා දාල නැවත යථා තත්වයට පත්කර ගැනීමට ආයුර්වේදයේ නිර්දේශ කරන්නෙත් කහ. කහ කියන්නේ මැරුණු සම ඉවත් කරලා සමට විශ්මිත පැහැයක් ගෙනත් දෙන වටිනා ඖෂධයක්. ඒ විතරක් නෙවෙයි මේ කහ යෙදු මාස්ක් එක මගින් සමෙහි කුණු දුවිලි ඉවත් කරලා, මැරුණු සමද ඉවත් කරලා, සමෙහි චය අගය සමබර කර ගනිමින් සමට නිරෝගිමත් හා දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා. අප සමට යොදනු ලබන ඕනෑම පැක් එකක් මගින් විනාඩි 20ක් වගේ කාලයක් ඇතුලත එහි අඩංගු වන සියලුම පෝෂක කොටස් සමට උරා ගනිමින් සමේ ලේ ගමනාගමනය වැඩි කරනවා. ඉන්දියාවේ රූප රාජිනියනුත් සමේ රන්වන් පැහැය වැඩි කරගන්න පාවිච්චි කරන්නේ කහ.

 අඳුරු බව දුරුකොට පහසුවෙන්ම සුදුවෙන්න විශ්මිත ස්වභාවික ප්‍රතිකාර රැසක්.

සමේ ඇති අඳුරු බව දුරුකරගෙන සම ආලෝකමත් කරගැනීමට සැවොම තුල ඇත්තේ අධික ආශාවකි. එම නිසාම රූපලාවන්‍ය නිෂ්පාදන ලක්ෂ ගණනක් වෙළඳපොලට පැමිණ තිඛෙනවා. ප්‍රතිශතයක් ලෙස බැලුවොත් කාන්තාවන්ගෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසක් සම සුදු කරගැනීමට වෙහෙසෙන බව නම් නොරහසකි.

සමේ පැහැයට ගැළපෙන තොල් ආලේපන තෝරාගන්නේ මෙහෙමයි. හැඩට ඉන්න කැමති ඔබට විශේෂයි

සාමාන්‍ය ගමනට බිමනට පවා වර්තමාන තරුණියන් ලිප්ස්ටික් නොහොත් තොල් ආලේපන ගල්වන එක සාමාන්‍ය දෙයක්. නමුත් ගොඩක් තරුණියන් තමන්ගේ සමට ගැළපෙන වර්ණවලින් තොල් ආලේපන ගල්වන්නෙ නැහැ. හරි අවබෝධයක් නැතිව වර්ණ පාවිච්චි කරලා තියෙන බව මුහුණ බැලුවාම පේනවා. ඒ නිසා සමේ පැහැයට ගැළපෙන විදියට තොල් ආලේපන තෝරා ගන්න පුංචි උදව්වක් තමයි මේ කරන්න යන්නෙ.

ලස්සන රුවක් ලබා ගන්නේ කොහොමද ?

ලස්සන ගැන කතා කිරීමේදී අපි කතා කරන්නේ අපේ ප්‍රධාන ඉන්ද්‍රිය වන සම ගැනයි. එසේ නම් අප සම ආරක්ෂා කර ගත යූතු බව අමූතුවෙන් කිව යූතු නොවෙයි.

ඇස් යට කළු වී රැළි ගැසී ඇත්නම් ප්‍රතිකාර කර රුව වඩන්න

ඔබගේ සූන්දරත්වය වැඩි දියූණූ කිරීමට දීප්තිමත් නෙත් සඟලක් තිබීම ඉතාම වැදගත්. නමූත් බොහෝ කාන්තාවන්ට එවැනි දීප්තිමත් නෙත් යූවලක් පවත්වාගෙන යාමට අවශ්‍ය දෑනූම නොමැති තම ලොකු අඩූපාඩූවක්ය. එබැවින් එවැනි නෙත් සඟලක් නොමැති වීමට හේතුවන සාධක පිළිබඳව අපි පළමූවෙන්ම විමසා බලමූ.

ස්ටීම් කිරීම,ස්ක්රබ් කිරීම ,පේෂල් කිරීම වැඩිදුරටත්

මූහූණේ තිබෙනා රෝම කූප මත සිර වී තිබෙන කුණූ ඉවත් කිරීමට අප මූහූණ සියූම් රත් කිරීමක් කරනවා. මෙය තමයි ස්ටිම් කරනවා කියලා කියන්නේ. එහෙම නැතිව මූහූණ දෑඩි ලෙස තම්බා ගැනීමක් කරන්නට හොඳ නෑ . බොහෝ වෙලාවට මේ වැරැද්ද සිදුවන්නේ නිවසේදී පේෂල් කිරීමක් කරන විටදීය. බොහෝ අය නිවසේදී පේෂල් කිරීමක් කරන විට මූහූණ හූමාලයෙන් දෑඩි ලෙස තම්බාගන්නවා. හරියට පිටිටූ තම්බා ගන්නවා වගේ. මෙය ඉතා වැරදි ක්‍රියාවක්. සම ඕනාවට වඩා තම්බාගැනීමත් හොඳ නෑ. ඕනවට වඩා සීතල කර ගන්නත් හොඳ නෑ. මද උණූසූමින් ඒ කියන්නේ සෙන්ටිගේටි අංශක 40 ක් වගේ උනූසූමකින් තමයි ස්ටීම් කිරීමක් කළයූත්තේ. නිවසේදී ස්ටීම් එකක් කරනවා නම් සෝස් පෑන් එකේ රත් වූ වතුරේ හූමාලයට අඩියක් විතර උඩින් මූහූණ අල්ලන්නේ නම් එවිටමද උණූසූමින් ඔබේ මූහූණ හූමාලයෙන් තවා ගන්නට පූළුවන්. අපේ සමේ ස්වභවය තමයි උණූසූමට රත්වෙන විට රෝම කූප ලිහිල් වීමත් සීතලට සම ළංවීම සිදුවීම. උණූසූමට මූහූණෙහි සිදුරු විවෘත වෙන විට හිරවෙලා තියෙන කුණූ තටිටූ අපට ගලවන්නට ලෙහෙසියි.

සම රැක ගැනීමට කෙටි උපදෙස්

1. සම රැක ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් දිනපතා අනූගමනය කළ යූතු ක්‍රියාමාර්ග තුනකි. එනම් ක්ලෙන්ස් කිරීම, ටෝන් කිරීම සහ මොයිස්චරයිස් කිරීම. බටහිර රටවල මෙම තෙවදැරුම් ක්‍රමය "සම රැකගැනීමේ දහම" යනූවෙන් හඳුන්වයි. මෙලෙස පවසන්නේ එය එතරම්ම වැදගත් බවක් ඇති නිසාය. මෙම පිළිවෙත් තුන දින පතා අනූගමනය කිරීමෙන් ඔබට තෙතමනයෙන් යූතු දිදුලන පිරිසිදු හා නිරෝගී සමක හිමිකාරියක් විය හැක.

මූහූණ පිරිසිදු කරගන්නා නිවැරදි ක්‍රමය

පේෂල් එකක් කිව්වම කවූරුත් හිතන්නේ රූපලාවන්‍යාගාරයකට ගිහින් කරගත යූතු දෙයක් කියලා. හරි අමාරු දෙයක් කියලා නෑ ඔබටත් නිවසේ සිටම පේෂල් කරගන්නට පූළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදිව පේෂල් එකක් කළ යූතු අන්දම පිළිබඳ නිවැරදි දෑනූමක් ලබා සිටීම පමණයි. ඒ පිළිබඳ නිවැරදි දෑනූමක් ඔබට ලබාදීමටයි අපේ මේ වෑයම.

අව පැහැ ගැන්වූණූ සමට ප්‍රතිකාර

තමන්ගේ සමේ ස්වභාවය පැහැපත් කර රූ සපූව වැඩි කර ගැනීමට ඕනෑම කාන්තාවක් කැමතිය. එවැනි පැහැපත් සමකට උරුමකම් කීමට කොතෙක් කැමැත්තෙන් සිටියද සම අව පැහැ ගැන්වීම බොහෝ කාන්තාවන් මූහූණ දී ඇති ගැටලුවකි. සම අව පැහැ ගැන්වීමට ප්‍රධාන හේතුව වන්නේ අධික

කුරුලෑ සුව කර ගැනීම සදහා ඔබට කළහැකි ස්වභාවික ප්‍රතිකාර

ලෙමන් සහ මී පැණි කුරුලෑ සුව කර ගැනීම සදහා ඉතාමත් හොද ප්‍රතිකාරයකි . මී පැණි ස්වාභාවික විශබිජ නාශකයක් ලෙස ක්‍රියාකරයි. ඔබේ මුහුණේ කුරුලෑ ඇත්නම් මෙම ලෙමන් සහ මීපැණි මිශ්‍රනය ඔබට cleanser එකක් ලෙස එදිනෙදා බාවිතා කිරීමෙන් කුරුලෑ සුව කර ගත හැකි.

ඇස් වට කලු වීම සහ රැළි ගැසීම වළක්වා ගන්න කළ හැකි සරල ප්‍රතිකාර

ලස්සන සහ දීප්තිමත් ඇස් දෙකක් යනු ඔබගේ මුහුණට සුන්දරත්වය වැඩි කර දෙන සුවිශේෂී වූ අංගයයි. එහෙත් නිදි මැරීමල රූපවාහිනිය නැරඹීමල පරිගණක භාවිතයල හිරු එළියට නිරාවරණය වීමල ජලය අඩුවෙන් පානය කිරීමල වැනි හේතූන් නිසා ඔබගේ ඇස් යට කළු වීමල ඉදිමීමල පෙනීමේ දුර්වලතා පවා ඇති වෙන්නට පුළුවන්.

ඔබට ලස්සන වෙන්න ආසයිද
ලස්සන පැහැපත් සමක උරුමක්කාරියක් ‍වෙන්නේ මෙහෙමයි

ඔබේ රුව ගැන අන් කවරෙකුටත් වඩා සැලකිලිමත් වන්නේත්, ඒ ගැන ආඩම්බර වන්නේත් ඔබමයි. ඉඩක් ලද මොහොතක දී කැඩපතක් ඉදිරියට ගොස් ඔබ ඔබේ රුව නරඹන්නේත් ඒ නිසාමයි. ඔබට හිමිවී තිඛෙන්නේ පැහැපත් සමක් වීමට හෝ නොවීමට පුළුවන්. එහෙත් සොබාදහමින් උරුම වූ ඒ අපූරුවත්වය රැකගැනීම සේම ආරක්ෂා කරගැනීම ද ඔබේම වගකීමක්. එසේම ඔබ නෙතගින් හෙළන බැල්ම, කතා විලාසය, මුවගින් නඟන සිනහව, මේ සියල්ලම උරුමකර දෙන්නේ පියකරු මුහුණක්. එය අන්‍යයන් ඉදිරියේ වඩාත් හොඳ ප්‍රතිරූපයක් නංවා ගැනීමට ඔබට අත්වැලක් සපයාවි. ඒ නිසා ඔබේ දෛනික පුරුදු අතරට සම ආරක්ෂා කරගැනීමේ පුරුදුද එක්කළ යුත්තේ ඇයිදැයි අද සාකච්ඡා කරමු.

මුහුණ පිරිසිදු කිරීමට ස්වභාවික ක්ලෙන්සර් එකක්
මුහුණ දීප්තිමත් කර පිරිසිදු කරවයි

කාන්තාවන් මෙන් ම පුරුෂ පාර්ශවය ද දැවෙන ප්‍රශ්නයක්‌ තමයි මුහුණේ මේකප් සහ කුණු දුහුවිලි හොඳින් ඉවත් කර ගැනීම. ඒ නිසා ඔබට දැන් සතුටුවිය හැකි කාරණාවක්‌ ඇත. ඔබගේ එවැනි ප්‍රශ්නවලට හොඳ විසඳුමත් ලැබී ඇති නිසා එනම් ගුණාත්මක බවින් වැඩි ඒ වගේම ලෙහෙසියෙන් හා පහසුවෙන් අපට භාවිත කළ හැකි ක්‌ලෙන්සර් වර්ග අපට වෙළඳ පොලෙන් මිලදී ගත හැකි වීමයි. එහෙත් ඒවායේ අතුරු ආබාධ නැතුවාද නොවේ. අද අපි කියාදෙන්න යන්නේ ස්වභාවික ක්ලේන්සර් එකක් තනා ගන්නා අන්දමයි. එමගින් අප මුහුණේ හා අත් පා වල ඇති විෂබීජ සහිත දූවිලි ඉවත් වෙනවා වගේම සමෙහි තෙතමනය රදවා ගැනීමට අපට හැකිවෙනවා.

 මුහුණේ සම හඳුනාගන්නේ කොහොමද?

අපි කවුරුත් කැමැතියි ලස්සනට ඉන්න. බොහෝ දෙනෙක් තමන්ගේ ලස්සන වෙනුවෙන් නොයෙකුත් කැප කිරීම් කරනවා. සමහර වෙලාවට ඒ වෙනුවෙන් අධික මිල මුදල් පවා වැය කරනවා. මේ සියලු දෙයින් බලාපොරොත්තු වෙන්නේ තම රූප ස්වභාවය ආරක්ෂා කරගැනීම සහ එය දීර්ඝව පවත්වා ගැනීමයි. මේ වෙනුවෙන් අද අපේ රටේ ඕනෑ තරම් රූපලාවණ්‍යාගාර, රූපලාවණ්‍යය ශිල්පීන් මෙන් ම ඒ වෙනුවෙන් සැකසුණු විවිධාකාරයේ ආලේපන වර්ගත් විවිධ ක්‍රමෝපායනුත් තිබෙනවා.

ලස්සන පැහැපත් දෙතොලක් සති දෙකකින්.

cඒ වෙනුවට lip balm එකක් පාවිච්චි කරනවා. ඔබ හිතන විදියට ඔබ ඒ පාවිච්චි කරන lip balm එක ස්වභාවික තත්වයෙන් උසස්, විශ්වාසය තහවුරු කල හැකි ආලේපන වර්ගයක් ද? අද මේ වන විට වෙළදපොලට හදුන්වා දී ඇති lip balm වර්ග රැසක් ඔබට දැකගන්න පුළුවන්. ඒවායින් ඔබට හොදම මොකක්ද කියලා තෝරලා අරගන්න පුළුවන් ද? බෑ. ඔබ මිල දී ගන්නේ සැකයකින්. මේකෙන් මට ප්‍රතිඵලයක් ලබයි ද යන ප්‍රශ්නාර්ථය මත. විශ්වාසවන්තව හොද brand එකකින් lip balm එකක් ගන්න ගියොත් රු. 2000ක්වත් යනවා. ඔබ දන්නවා ද ඔබේ දෙතොල් ඔබේ මුහුණේ වර්ණයට සමාන වර්ණයකින් වර්ණ වී ඇති බව?

 මංගල දිනයට සූදානම් වෙද්දි රුව ගැනත් හිතන්න

මංගල දිනයට සූදානම් වෙද්දි රුව ගැනත් හිතන්න දේවල් මොනතරම් තියෙනවද? මේ එක්කම මුහුණේ දුර්වර්ණතා ලප, කැළැල්, කුරුලෑ නිසා ඇති වූ වළවල් තියෙනවද? ඒවා කෙතරම් දුරට අවලස්සන පෙනුමක් ගෙනදී තිබෙනවාද යන්න ගැනත් විමසා බැලිය යුතු වෙනවා.

කුරුළෑ වලට ඔබට නිවසේදී කරගත හැකි ප්‍රතිකර්ම

කුරුළෑ ඇති වීම ඇත්තෙන්ම හිසරදයකි. මේ ලිපියෙන් ගෙන එන්නේ කුරුළෑ සුව කරගැනීමට ප්‍රතිකර්ම කීපයකි.

පිරිමින්ට පෙනුම සදහා රුපලාවන්‍ය ක්‍රම තුනක්

බොහොමයක් කාන්තාවන් රුපලාවන්‍ය කෙරෙහි වැඩි නැබුරු තාවයක් දැක්වුවද පිරිමින් ඒ කෙරෙහි දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. සැම පිරිමියෙක්ම ලස්සන ගැහැනියක් තම සහකාරිය කර ගැනීමට කැමති ලෙසම කාන්තාවන්ද සොයන්නේ කඩවසම් පෙනුමක් ඇති පිරිමියෙකි. පිරිමින්ගේ කඩවසම් පෙනුම ඔප නැංවීම සදහා පහත පියවර උදවු වෙයි සිතමි .

නාකි සමේ රැලි අරින්න කෘත්‍රිම දෙවැනි සමක් නවතම පර්යේෂණයකින් සොයාගැනේ

නාකි සමේ ක්‍රීම් වර්ග ආ‍ලේප තැවරුවත් මහලු වී රැලි ගැසුණු සමකට තරුණ පෙනුමක් ලබාදීම නම් බොරු. ඒ වුණත් තරුණ පෙනුමක් බලා‍පොරොත්තුවෙන් නොයෙකුත් රූපලාවණ්‍ය කටයුතුවල යෙදෙන පිරිස නම් දිනපතාම වැඩිවන බවයි පෙනෙන්නේ. සමේ රැලි සදහටම ඉවත්කිරීම අපහසු වුණත් සෑහෙන දුරකට රැලි මකා කෘත්‍රිම සමක් නිපදවන්නට විද්‍යාඥයන් සමත් වී ඇති බව නවතම වාර්චාවකින් පෙනී යනවා. දැන් ඒ ගැන කියවමු.

More News »

add_one