රූපලාවණ්ය - Beauty

 පුංචි ගාණකින් හැඩ වැඩ වෙන්නකෝ . . .

රුව ලස්සන කරගන්න සම පැහැපත් කරගන්න උනන්දුවන වැඩි දෙනෙක්  සිතන්නේ අපට නිතර දකින්නට අසන්නට ලැබෙන එක එක විදිහේ ආලේපන අවශ්‍ය බවයි. නමුත් ඔය හැටි වියදම් නොකර ඔබේ රුව ලස්සන කරගත හැකි ආලේපන ඔබට ගෙදරදීම සකසා ගන්නට පුළුවන්.

සුදු වෙන්න වටිනා උපදෙස් ටිකක් ස්වාභාවික ප්‍රතිකාර

අපි කව්රුත් කැමතියි පොඩ්ඩක් සුදු වෙන්න. හැබැයි ඉතින් ඔය කඩේ තියෙන එක එක ජරු්ප ගලා මුණ සවුත්තු කර ගන්නවට වඩා හොදයි මොකුත් නොකර ඉන්න එක එතකොට සල්ලි ටික හරි ඉතුරුයි. හැබැයි යාළුවනේ ඔයාලා දන්නවාද මුහුණ පැහැපත් කර ගන්න හොදම ක්‍රමය පුළුවන් තරම් ස්වභාවික ප්‍රතිකාර කරන එක කියලා. අනික ඒ වගේ දේවල් වලට ගොඩක් සල්ලි යන්නෙත් නෑ. හරි ඔන්න එහෙනම් අද විශ්ම ලෝකය තුලින් අපේ කෙල්ලෝ වගේම කොල්ලොන්ටත් පොඩ්ඩක් සුදු වෙන්න පුළුවන් වටිනා උපදෙස් ටිකක් දෙන්නම්. අපි දැන් මේ වැඩේ කරන්න පටන් ගන්න කොට මුලින්ම ඔබේ මුහුණ කළු වෙන්න බලපාන මුලික හේතු ටිකත් විනාශ කර ගෙනම ප්‍රතිකාර ක්‍රම ටිකත් ඒ එක්කම පටන් ගමු.

 මුහුණේ පැහැපත් බව රකින ස්වභාවික ආලේප

කාර්යබහුල ජිවන රටාව, ආතතිය , අව්වට පිළිස්සීම ,පෝෂණ දුර්වලතා නිසා අපේ සම අවපැහැ ගැන්වෙනවා. සැලුන් ගානේ යනවාට වඩා ගෙදර ඉඳන්ම ඔයාට මුහුණට පුංචි සත්කාරයක් කරගන්න පුළුවන් උනොත් මුදල් වගේම කාලයත් ඉතිරි කරගන්න පුළුවන් නේද? මෙන්න තියෙනවා අඩු වියදම් සහිත ස්වභාවික pack කිහිපයක්. ඔයත් Try කරලම බලන්නකෝ..

 අඳුරු තොල් රෝස තොල් කරගන්න

අපි කවුරුත් කැමතියි රෝස සුමුදු තොල් තියෙනවා නම්. තොල් කළු වුනාම මුහුණට

හැඩැති රැවකට ආයුර්වේදයෙන් උපදෙස්

ලස්සන වීමට බොහෝ දෙනා කැමතිය. ස්තී‍්‍ර පුරුෂ සියල්ලෝම ලස්සන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබන අතර රුව රැකගැනීම සඳහා නොයෙක් දේ කරති. දේශීය වෙදකමෙහි ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ ද සුන්දරත්වය රැකගැනීම පිළිබඳ තොරතුරු දක්වා තිබේ.කෙසේ වූව ද සුන්දරත්වය හෙවත් ලස්සන යනු ස්තී‍්‍ර හෝ පුරුෂ භේදයකින් තොරව මිනිසාට සම්පතකි. එය අගනා සම්පතක් වන්නේ මෙලොව වැසි සියල්ලන්ටම සුන්දරත්වය හිමි නො වන නිසා ය. ලස්සන හෙවත් සුන්දර බවට කිසිදු මිනුම් දණ්ඩක් නොමැත. මෙය සාපේක්‍ෂ දෙයකි.උපතින් කෙනකුට ලැබෙන සුන්දරත්වය අතර යම් අසුන්දර අවලක්‍ෂණ බවක් හෙවත් කැතක් වෙත්නම් එම අසුන්දර රුව සුන්දර කර පෙන්වීමට බාහිර ආලේප හා වර්ණ භාවිත කිරීමට කාන්තාවෝ වැඩි වෙහෙසක් දරති. මෙය හඳුන්වන්න් රූපලාවන්‍ය ලෙසයි.

සම දුර්වර්ණ බව නැති කරන සුවිශේෂි ප‍්‍රතිකර්ම

සම දුර්වර්ණ වන්නේ ඇයිද යන්න සහ එයට මුල්වන හේතූන් මොනවාද යන්න අප මේ යටතේ මුලින්ම කතාබහ කළ කරුණු වලින් ඔබට පැහැදිලි වන්නට ඇති.සැබැවින්ම සමෙහි දුර්වර්ණ ලප කැළැල් ඇතිවීම සමෙහි පැහැපත් බවට හිතකර දෙයක් නොවෙයි. මෙම තත්ත්වයන් මගහරවා ගත හැකි ප‍්‍රතිකර්ම තිබෙනවාද? එය සිදු කරන්නේ මොන ආකාරයෙන්ද? එයයි මෙවර රුව තුළින් විමසා බැලෙන්නෙ. සමෙහි දුර්වර්ණවත් බව මකාලන්නට හැකි ප‍්‍රතිකර්ම වශයෙන් ආලේප කළ හැකි යම් යම් දේ පිළිබඳව බොහෝ තැන්වල සඳහන් වනවා. නමුත් බොහෝ දෙනකු මැසිවිලි නගන්නේ මේවා භාවිතා කළත් ඉන් සාර්ථක ප‍්‍රතිඵලයක් අත් නොවූ බවයි.

නිසි සත්කාරයෙන් ඔබටත් පැහැපත් දෙපා

කාන්තාවකගේ දෙපය සුන්දර විය යුතුයි. නමුත් ඇතැම් කාන්තාවන් නා නා විලාසිතාවලින් සැරසී සිටියත් ඔවුනගේ දෙපා ගැන නම් අවධානයක් නොමැති බැව් පෙනෙනවා. අපිරිසුදු වැවුණු නිය, පැලුණු කුණු පිරි විලුඹ සහිත අපිරිසුදු දෙපා නිසා කොතෙක් මෝස්තර සිදු කළත් රූපයේ පැහැදිලි අඩුවක් ඇති වේ. එමනිසා සෑම කාන්තාවක්ම තම මුහුණට දක්වන සැලකිල්ල තමාගේ දෙපයට ද දැක්විය යුතුයි. එමෙන්ම රූපලාවන්‍ය ශිල්පියකු හෝ ශිල්පිනියක වන ඔබ පෙඩික්‍යු එකක් නැතිනම් දෙපා සත්කාරයක් සිදු කරන ආකාරය පිළිබඳ දැනුවත් විය යුතුයි. එමෙන්ම මේ පිළිබඳ දැනුවත් බවක් ලබා ගැනීම තුළින් තමාගේ දෙපයට පෙඩික්‍යු එකක් කරගැනීමටත් ඔබට පුළුවන්. පෙඩික්‍යු එක සිදු කරන්නේ කෙසේදැයි දැන් අපි බලමු. මේ සඳහා ෆුට් ස්පා ලෙස හඳුන්වන උපකරණයක් අවශ්‍ය වේ. මෙම ෆුට් ස්පා එකට මද උණුසුම් ජලය දමා ගන්න. එම ජල බඳුනට ෂැම්පු ස්වල්පයක් හා ඩෙටෝල් ස්වල්පයක් මිශ‍්‍ර කරන්න.දැන් දෙපා මෙම ෆුට් ස්පා එකට දමා විනාඩි 15 ක පමණ වේලාවක් තැබිය යුතුයි. ෆුට් ස්පා එක විදුලියට සවි කිරීමෙන් මෙම උපකරණය තුළ ඇති කුඩා ගැටිති මගින් දෙදෙරීමක් සිදු සිදුවන අතර එමගින් යටි පතුල් සම්බාහනය වීමක්, කුඩා තෙරපීමක් සිදු වේ. දැන්, නේල් බ‍්‍රෂ් එක ගෙන නියපොතු හා කකුල හොඳින් බ‍්‍රෂ් කරගන්න. ඇඟිලි කරු අතර හා යටි පතුල ද මේ අයුරින්ම බ‍්‍රෂ්කර හොඳින් පිරිසුදු කරන්න. ඉන්පසු දෙපා වතුර බඳුනෙන් ඉවත් කර තෙත මත්තු කරන්න. ෆුට් ස්පා එකේ ඇති වතුර ඉවත්කර සාමාන්‍ය වතුර දමන්න.

එක රැයෙන් මුහුණේ බ්ලැක් හෙඞ්ස් නැති කර ගමු

හුගක් අයට තියෙන කරදරයක් තමයි බ්ලැක් හෙඩ්ස්. සමහරු තමාට නොදැනීම, පිරිසක් ඉදිරියේදි පවා තමාගේ නහය මත ඇති බ්ලැක් හෙඞ්ස් ස්පර්ශ කරමින් ඒවා ඉවත් කරන්නට වෙහෙසෙනවා අපි දැක තිබෙනවා මෙම ක‍්‍රියාව නිසා ඔබ වගේම අවට සිටින අයත් අපහසුතාවයට පත්වෙන්න පුළුවන්, ඉතිං මේ බ්ලැක් හෙඞ්ස් නැතිකරගන්න මේ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයන් අනුගමනය කරලා බලන්න. එක රැයකින් බ්ලැක් හෙඞ්ස් සම්පුර්ණයෙන් නැති වී යාවි.

අවුරුද්දට හැඩ වෙන්න මේ විදියට මුහුණ සම්බාහනය කරන්න

සිංහල අලුත් අවුරුද්ද එළඛෙන්න තව තියෙන්නේ නොබෝ මොහොතයි. අවුරුද්දට නෑගම් යන්න එන්න තියෙන නිසා මේ දවස් වල ටිකක් ලස්සනට ඉන්න එක ගොඩක් වැදගත්. ඉතින් ලස්සන් වෙන්න පේෂල් එකක් එහෙම කර ගන්න බියුටි සැලෝන් වලටම දුවන්න ඕනේ නෑ. අද විශ්ම ලෝකයෙන් ඔබට කියල දෙන්නේ නිවසේදීම රුපලාවන්‍ය සම්බාහනයක් කර ගන්න ආකාරය. ඔබේ වියපත් වී රැලි වැටි ඇති මුහුණේ හම ඔබේ රූපයට අවලස්සනක් එක් කරනවා. ඇස් යට කළුවීම වගේම මුහුණේ රැලි වැටීම පාලනය කර ඔබේ වියපත් වෙන ලකුණු මකලා දාන්න මේ පේෂල් එකත් සමග කරන සම්බාහනයට පුළුවන්. මේ පිළිවෙත් අත්හදා බලන්න. ඔබේ සමට සිනිඳු බවක් එක් කරනවා.

පොල් තෙල් වලින් මුහුණ හේදුවාම තරුණ වෙන හැටි දැක්කොත් පුදුම හිතෙයි

පොල් තෙල් කියන්නේ ගුණාත්මක බවෙන් ඉතාම වැඩි ස්වභාවික සංයෝගයක්. විෂබීජ නාශනය, සමට තෙතමනය ලබා දීම, පෝෂණය කිරීම වගේ බොහෝ ප‍්‍රයෝජන පොල් තෙල් භාවිතයෙන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විවිධ රෝග සහිත සමකට පොල් තෙල් වලින් ලබා ගත හැකි සුවය ඉතා අනර්ඝයි. ඔබ දැනට සම පැහැපත් කර ගන්න, ලස්සන වෙන්න, කුරුලෑ කැළැල් ඉවත් කර ගන්න මිල දී ගන්න කෘත‍්‍රිම සංයෝග සේරම වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් රූපලාවණ්‍ය සත්කාරයක් තමයි පොල් තෙල් කියලා කියන්නේ. ඒවා මිලෙන් වගේම ශරීරයට විෂ දායක දේවල් වලිනුත් ඉහළයි, ඒත් පොල් තෙල් කියන්නේ ඉතාම ආරක්ෂාකාරී ස්වභාවික සංයෝගයක් නිසා කිසිම බයක් නැතුව මේ ප‍්‍රතිකර්ම කර ගන්නට ඔබටත් පුළුවන්.

ආයුර්වේදයට අනුව ලස්සන වෙන හැටි

අපි දන්නවා ගොඩක් අපේ ගෑණු ළමයි එක එක රූපලාවන්‍ය ප්‍රශ්න වලින් ඉන්නවා කියලා. තවත් විදියකට කියනවනම්, ලකොහොමද මම ලස්සන වෙන්නේ? කොහොමද මේ කැළැල් නැති කරගන්නේ?ල වගේ දේවල් හිත හිතනේ ඉන්නේ. ඒ වගේම ගොඩක් අය, මේ දේවල් වලට ඉක්මන් විසදුම් හොයන්නෙත්. නමුත්, අද ප්රනැඑ එකේ තියෙන ගොඩක් ආලේපන වර්ග ඉක්මන් විසදුම් දුන්නත්, ගොඩක් ඒවා වල අහිතකර බලපෑම් තියෙනවා. ඉතින් හැමදේටම වැඩිය හොදයි නේද ආයුර්වේදයට අනුව ස්වභාවික දෑ යොදා ගෙන මේ ප්‍රශ්න විසදගෙන ලස්සන වෙන එක? ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ ආයුර්වේදයට අනුව ලස්සන වෙන්න පුළුවන් පුංචි එසචි ටිකක්...

සමේ පැහැපත් භාවය සඳහා ආහාර වල බලපෑමක් ඇත

අව්වට පිළිස්සුනු සමක පැහැය ඒකාකාර නොවේ. සමහර තැන් තද පැහැයෙන් ද තවත් කොටසක් ඊට වඩා අඩු පැහැයෙන් ද පිළිස්සී තිබිය හැක. ආසියාතික රටවලට බලපාන හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ මගින් සමට හානි සිදුවේ. මේවා චර්ම පිළිකා ඇති කිරීමට ද හේතුවේ. එම නිසා අව්වේ යාමෙන්් වැළකී සිටීම සම ආරක්ෂාකර ගැනීමේ පළමු පියවර වේ.දීර්ඝ කාලයක් අව්වේ නොගොස් සම ආරක්ෂා කර ගත් කෙනෙකු විනාඩි පහක් අව්වේ ගිය විට කාලයක් පුරා ආරක්ෂා කර ගත් සමේ පැහැය අවපැහැ විය හැකියි. ඒ තරම් දැඩි බලපෑමක් හිරුඑළියෙන් සමට සිදුවේ.

 අව්වේ ගිහිල්ලා මුණ කළු වෙලාද - එහෙනම් මේ ෆෙස් පැක් එක අද රෑම දා ගමු

මේ දවස් වල සුර්යයාගේ අව්රශ්මිය හුගාක් සැර වැඩියි. ඒ නිසාම දහවල් කාලයේ අව්වේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගියත් අපේ සම ඉක්මනින් කළු වෙන්න බලනවා. මෙහෙම උනාම ඉතින් ගෑණු ලමයින්ට නම් රෑට නින්ද යන්නෙත් නෑ. මොකද ඒ ගොල්ලෝ ගොඩක් මුහුණ හා සම පැහැපත්ව තියා ගන්න වෙහෙසෙන නිසා. බය වෙන්න එපා. අද විශ්ම ලෝකයෙන් ඔබට කියලා දෙනවා  අව්වට පිලිස්සී කළු උනු මුහුණ හා සම කලින් තිබුනා වගේ පැහැපත් කර දෙන රුපලාවන්‍ය සත්කාරයක්. හැබැයි මේ වැඩේ ඉක්මනින් කර ගන්න තරමට ඔබට ලබා ගත හැකි ප්‍රතිපල වැඩියි. ඒ කියන්නේ ඔබ අද දහවල් කාලයේ අව්වේ ගිහිල්ලා කළු උනා නම් මේ සත්කාරය අද රෑම කර ගන්න ඕනේ. එය මත තමයි මෙහි සාර්ථකත්වය රදා පවතින්නේ.

මුහුණේ ලස්‌සනට ආලේපන වගේම සුන්දර සිනහවත් අවශ්‍යමයි

යුවතියන්, කාන්තාවන් ලස්‌සන වෙන්න උත්සාහ දැරීමේදී, හැමවිටම උත්සාහ කරන්නේ මුහුණ ලස්‌සනට තබා ගැනීමටයි.

ඔබගේ හිසකෙස් අඩු වෙලාද ? තුනී වෙලාද ?
හිසකෙස් ඝනව වර්ධනය කරන ස්වාභාවික සත්කාරය

ඔබට නිරෝගී හා ඝන කෙස් කලඹක් සිහිනයක්ද? ඔබගේ කෙස් කලඹ වේගයෙන් වර්ධනය කර ගැනීමට මේ සරල ඛෙහෙත් වට්ටෝරුව භාවිතා කරන්න..

මුහුණේ කැළැල් හා විශාල වූ අවලස්සන විවර මකා දමන බෙහෙත් වට්ටෝරු 5ක්

තෙල් ගතිය වැඩි සමක් තියෙන අයගේ මුහුණු වල කැළැල් හා විවරමය ස්වභාවය පැහැදිලිව අනිත් අයට පෙන ගතිය වැඩියි. තම මුහුණේ අවලස්සන ගතිය නිසා එවැනි අය සිටින්නේ ගොඩක් ලොකු මානසික පීඩාවකින්. මෙම කැළැල් මකා දමා මුහුණේ ඇති විශාල විවර ගතිය නැති කිරීමට නම් සම සුවපත් කර සමේ ඇදෙන සුළු භාවය වැඩි කරන්න ඕනේ. ඒ සදහා වෙළඳ පොලේ කොතෙකුත් කෘතීම නිෂ්පාදන දකින්නට ලැබුනත් ඒවායින් කියන තරම් සාර්ථක ප‍්‍රතිපල අත් වෙන්නේ නෑ. නමුත් බිය වන්න එපා. මෙම ප‍්‍රශ්නයට සාර්ථක ලෙස විසදුමක් ලබා දෙන ස්වාභාවික බෙහෙත් වට්ටෝරු කීපයක් ගැන අද  අපි ඔබව දැනුවත් කරන්නම්.

හිස්හොරි ප්‍රශ්නයට හොඳම උත්තරය

දෙහි ගැට ටිකක්, උළුහාල් ටිකකුත් එකතු කරලා හොඳින් තම්බා ගන්න. එය හොඳට පොඩි කරගෙන හිසේ ආලේප කරන්න. පැය 1/2කට පමණ පසු හිස හොඳින් සෝදා හරින්න.

ඔබගේත් ඇස් යට කලු වෙලාද... විශ්මිත ප්‍රතිකාරයක්

බේකින් සෝඩා සුවල්පයක් ඔබේ ඇස් යටින් තිබ්බොත් වෙන දේ දන්නවද?

More News »

add_one