රූපලාවණ්ය - Beauty

කුරුලෑ සුව නොවන ප්‍රධාන හේතු

කුරුලෑ සදහා ප්‍රතිකාර කිරීමේදී සහ එම රෝගීන් සමඟ කතා කිරීමේදී ඔවුන් දරනා සමහර මත වැරැදි බව හැඟී ගිය හෙයින් මෙම ලිපිය ලියන්නට සිතුනි. මක් නිසාද යත් එම වැරැදි ආකල්ප නිසා ඔවුන්ට හානියක් වන නිසාය. එයින් එක් මතයක් නම් කුරුලෑ යනු වයස නිසා ඇතිවන රෝගයක් නිසා ප්‍රතිකාර කළ යුතු නැත යන්නයි. අවුරුදු 10 - 12 වයස්වල දරුවන් හෝ ඔවුන්ගේ ශාරීරික හෝමොන වෙනස්කම්වලට භාජන වීමත් සමඟ කුරුලෑ ඇතිවීමට පටන් ගනී. එය හෝමෝනමය ක්‍රියාවලියක් වුවද ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුය. එසේ නොමැති නම් ඒ නිසා ඇතිවන කැළැල් සහ පැල්ලම් ඉවත් කිරීම ඉතා අපහසුය. ඒ සමඟම කුරුලෑ නිසා දරුවන්ට ඇතිවන මානසික අසහනය ඉමහත්ය. සමාජයට මුහුණදීමට ඇති මැළිකම, ස්ව අභිමානය නැතිවීම සහ මානසික ආතතියට ලක්වීම මෙම දරුවන්ට බහුලව සිදුවෙයි. එම නිසා වයස කුමක් වුවත් ප්‍රතිකාර ගැනීම කළ යුතුයි.

හිස කේ වේගයෙන් වවා මෙසේ දීප්තිමත් කරගමුද අලිගැට පේර වලින් විශ්මිත කෙස් සාත්තුවක්

ඔන්න ඔයාලට අදත් ඉතාමත් සරල ඒ වගේම ඉතාම අඩු වියදමකින් සහ කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන ගෙදරදීම හදා ගන්න පුළුවන් හානි වූ හිසකෙස් වලට ඉතාම හොද මාස්ක් එකක් හදන විදිය කියල දෙනවා. මේක හදන්න ගන්නේ අලි ගැට පේර සහ බිත්තරයක් පමණයි. ඔයාල දන්නවනේ අලි ගැට පේර විටමින් ෑ සහ ඊ වලින් පොහොසත් ඒ වගේම තෙතමනය හොදින් රදවා ගන්න පුළුවන් ගුණ තියෙන පළතුරක් කියලා.

ගෙදරදී ෆෙෂල් කරන එක ඇත්තටම හොඳද ?

ෆෙෂල් කිරීමක් යනුවෙන් අප හදුන්වන්නේ මුහුණේ සම පැහැපත්ව නිරෝගිමත්ව තබා ගැන්මට සිදු කෙරෙන සුවිශේෂ සත්කාරයක්.

කොස් වලින් සුදු වෙන හැටි

ඉඳ හිටවත් කොස්, පොළොස් මැල්ලුමක් ආහාර වේලකට එකතු කර ගතහොත් ඇග පතට ඉන් ලැඛෙන සවි ශක්තිය මෙපමණකැයි කියන්න නම් බෑ. දේශීය ආහාර අතර කොස් පොළොස් වලට හිමි වන්නේ ප‍්‍රධාන තැනක්. මෙවැනි ආහාර රටාවකට කට දිව හුරු පුරුදු ඕනෑම කෙනකුට රස ගුණ වගේම ඖෂධීය සත්කාරයකුත් ලැඛෙනවා. පොළොස් ගැටයේ සිට පැසුණු කොස් ගෙඩිය දක්වා මෙන්ම වැල වරකා ගෙඩියේත් ඇත්තේ විවිධාකාර වූ පෝෂණ ගුණයක්.

කොස් වලින් සුදු වෙන හැටි

ඉඳ හිටවත් කොස්, පොළොස් මැල්ලුමක් ආහාර වේලකට එකතු කර ගතහොත් ඇග පතට ඉන් ලැඛෙන සවි ශක්තිය මෙපමණකැයි කියන්න නම් බෑ. දේශීය ආහාර අතර කොස් පොළොස් වලට හිමි වන්නේ ප‍්‍රධාන තැනක්. මෙවැනි ආහාර රටාවකට කට දිව හුරු පුරුදු ඕනෑම කෙනකුට රස ගුණ වගේම ඖෂධීය සත්කාරයකුත් ලැඛෙනවා. පොළොස් ගැටයේ සිට පැසුණු කොස් ගෙඩිය දක්වා මෙන්ම වැල වරකා ගෙඩියේත් ඇත්තේ විවිධාකාර වූ පෝෂණ ගුණයක්.

කුරුළෑ වලට ඔබට නිවසේදී කරගත හැකි ප්‍රතිකර්ම

කුරුළෑ ඇති වීම ඇත්තෙන්ම හිසරදයකි. මේ ලිපියෙන් ගෙන එන්නේ කුරුළෑ සුව කරගැනීමට ප්‍රතිකර්ම කීපයකි.

01. මධ්‍යසාර ස්වල්පයක් පුළුන් කැබැල්ලකින් ගෙන  එයින් කුරුළෑව ඇති වී ඇති ස්ථානය පිරිසිදු කරන්න. මෙමගින් එම ප්‍රදේශයේ ඇති බැක්ටීරියා විනාශ වේ.

02. පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන එය උණු වතුරින් පොඟවා ගන්න. පසුව කුරුළෑව මත රෙදි කැබැල්ලෙන් පිරිමදින්න. මෙමඟින් කුරුළෑවේ ඇති විශබීජ සේදී ගොස් සිදුරු හොඳින් විවෘත වේ. එම ස්ථානය වියළී යන බැවින් කුරුළෑව මැරී යයි. 

03. බිත්තර සුදු මදය ගෙන කුරුළෑව ඇති ප්‍රදේශයේ තවරා මිනිත්තු 20කින් සෝදා හරින්න.

04. දෙහි යුෂ කුරුළෑව ඇති ප්‍රදේශයේ ආලේප කර මිනිත්තු 10කින් සීතල ජලයෙන් සෝදා හරින්න. එමඟින් ඒ ප්‍රදේශයේ ඇති තෙල් ඉවත් වී සම පිරිසිඳු වේ. එමෙන්ම මේ ප්‍රදේශයේ ඇති බැක්ටීරියා ඉවත් කරවයි.

05. අපිරිසිදු හිසකෙස් බැක්ටීරියාවන් හා පුස් ඇති කරයි. මේ මඟින් කුරුළෑ ඇති කරවයි. දිනපතා ස්නානය කිරීම මෙය වළක්වාලයි.

ලස්සන වෙන්න කෙසෙල් ලෙලි කන්න

 සම නිරෝගිමත් කරවන, සම පැහැපත් කරවන, සමේ වියළි ගතිය මඟහරවන, පලතුරක් ලෙස කෙසෙල් ලෙලි ඉතාම සුදුසු බව නවතම පර්යේෂණයකින් හෙළි වුණා. මදය ආහාරයට අරගෙන, පොත්ත විසිකරන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ.

කෙසෙල් පොත්ත විටමින්, පෝෂණ සංඝටක සහ ප්‍රතිඔක්සිකාරකවලින් යුක්තයි. ඒ වගේම ෆයිබර්වලින් ද පොහොසත්. හුඟක් වේලාවට කෙසෙල් පොතු ආහාරයට ගැනීමේදී අළු කෙසෙල් පොතු ආහාරයට ගැනීම මෙම ප්‍රතිඵලය දෙගුණ කරනවා.

ඉක්මණින්ම සම ලස්සන කරගන්න උපදෙස්..

හදිසියේ ළදීම පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමට සිදු වුවහොත් මූණ ලස්සන කරගන්න කොච්චර දේවල් කරන්න ඕනද? මේ ක්‍රම ටික අත්හදා බලන්න. දින 3කින් පැහැදිලි වෙනසක් ලැබේවි.

01. කහ

කහ ටිකක් කඩල පිටි ටිකක් සමඟ මිශ්‍ර කොට සාදා ගන්නා මිශ්‍රණය මුහුණේ ආලේප කර මඳ වේලාවකින් සෝදා හරින්න.

02. මී පැණි

කුරුළෑ, අඳුරු ලප හා මුහුණේ ඇති වන වලවල් වලට හොඳම ස්වාභාවික ප්‍රතිකර්මයකි මී පැණි. එමෙන්ම මෙහි සම සිනිඳු කරවන මොයිස්චරයිසින් ගුණ ද ඇත.

03. බේකින් සෝඩා

කුරුළෑ, ලප කැළැල් හා අඳුරු ලප වලට ඉක්මන් ප්‍රතිකාරයකි. සමේ  pH අගය සමබරව පවත්වාගැනීමේ හැකියාවක් සහිතය.

04. දෙහි

සැනෙකින් සම පැහැපත් කිරීමේ හැකියාවක් දෙහි සතු වේ. ඒ ඒවායේ ඇති ස්වාභාවික  බ්ලීචිං ගුණයන් නිසාය.

රෝස පෙති වලින් ලස්සන වෙමුද ? මෙන්න විශ්මිත ප්‍රතිකාර ක්‍රම 5ක්.

ශරීරයට, මනසට සහ සමට හිතකර බලපෑමක් ඇතිකිරීමට සමත් සුවිශේෂී මල් වර්ගයක් ලෙස රෝස හඳුන්වන්නට පුළුවන්. රුව අලංකරණය කරගැනීම සඳහාත් රෝස භාවිතා කරන්නට හැකියාව තිඛෙනවා. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ රෝස මල් වලින් රුව අලංකරණය කරගන්නා ආකාරයයි.

තෙල් සහිත සමකට නිවසේදීම සාදාගත හැකි Toner වර්ග..

තෙල් සහිත සමක් හිමි විවිධ කෘතීම Toner වර්ග වලට අකමැති ඔබ සඳහා මේ ලිපියෙන් නිවසේදීම සාදාගත හැකි Toner වර්ග කීපයක් ගෙන ඒ.

01. විනාකිරි

විනාකිරි හා ජලය සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. පුළුන් කැබැල්ලක් ගෙන මේ මිශ්‍රණයේ හොඳින් තෙත් කර ගෙන මුහුණ පිරිමදින්න. මෙමඟින් මුහුණේ ඇති තෙල් හා කුණු දූවිලි ඉවත් කරවයි.

02. මිංචි කොළ

උණු ජලයේ මිංචි කොළ සාමාන්‍ය ප්‍රමාණයක් ගෙන මිශ්‍ර කරන්න. මෙහිදී කොළ ජලය මත පාවීම වළක්වන්න. මෙය සිසිල් වන තෙක් තබා පුළුන් කැබැල්ලක් මඟින් මුහුණේ පිරිමදින්න.

03. Lemon Juice+Peppermint tea+Hazel

ඉහත ද්‍රව්‍ය මේ ආකාරයෙන් ගන්න. Lemon Juice මේස හැන්දක්, Peppermint tea bag 1ක්, hazel  මේද හැඳි 2ක් උතුරන ජලයට යොදා මිශ්‍රණය සාදා ගන්න. කොට්න් රෙදි කැබැල්ලකින් මුහුණු සහ ගෙල ප්‍රදේශයේ  ආලේප කරන්න.

04. කෝමාරිකා

කෝමාරිකා මදය ගෙන එය මුහුණ හා ගෙල ප්‍රදේශයේ ගල්වා මිනිත්තු කිහිපයකින් සීතල ජලයෙන් සෝදා හරින්න

කොහොඹ කොළවලින් ලස්සන වෙමුද
මෙන්න විස්මිත වට්ටෝරු හයක්

කොහොඹ ඈත අතීතයේ සිටම බොහොමයක්ම ඛෙහෙත් සදහා භාවිතා කරන ඖෂධයක්. සැම නිවසකම කොහොඹ ගසක් වැව ගන්න කියලා තමයිනේ අපිට කියලා තියෙන්නේ. කොහොඹ වලින් සමට ලබාගත හැකි ප්‍රයෝජන ගැන තමයි අද ඔයාලට කියලා දෙන්නේ. කියවල බලන්නකෝ ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා.

කෙස් වැටීම වැලක්වීමට හා කෙස් සුදු වීම පමා කිරීමට නිල තෙරපීමෙන් ප්‍රතිකාර.

අද ලෝකයේ වැඩි දෙනෙකුට ඇති විශාල ගැටළුවක් ලෙස මේ හිස කෙස් සම්බන්ධව ඇති ගැටලු හැඳින්වීමට පුළුවන. මෙය විශේෂයෙන් ස්ත්‍රී පාර්ශවයට ඉතාමත් විශාල ප්‍රශ්නයකි. හිස කෙස් ආරක්ෂා කර ගැනීම සඳහා විශාල කැපකිරීමක් මෙන්ම විශාල ලෙස තම මුදල් ද වියදම් කරන බොහෝදෙනා වෙනුවෙන් මෙය සතුටුදායක පුවතක් වන බවට නොඅනුමානයි.

තරුණ පෙනුමැති මුහුණක් ලබා ගන්න පේර කොළවලින් විශ්මිත ක්‍රමයක්

තරුණ වෙන්න කවුද අකමැති? මුහුණේ සමේ ඇති කැළැල්, රැලි, මුහුණට වයස්ගත් පෙනුමක් ලබා දෙනවා. වයසට යනකොට කොහොමත් සම දුර්වර්ණ වෙනවානේ. අපිට ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ඒ වගේම බොහෝවිට අපේ වත්තේම තිඛෙන පේර ගහෙන් තරුණ පෙනුමක් තියෙන සමක් ලබා ගන්න පුලුවන්නම් කොහොමද?

වේගයෙන් හිස කේ වවා ගමුද මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්ඛෙහෙත් හතරක්

කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ.

කිහිලි යට කලු වෙලා නම් ඔබ මෙම ප්‍රතිකාර අත්හදා බලන්න

කලු ගැන්වුන කිහිලි ඇත්තටම ඔනෑම කෙනෙක් අපහසුතාවයට පත් කරන්නක්. විශේෂයෙන් අත් කොට හෝ ඈත් රහිත ඇදුමක් අදින විට . මෙය කිහිල්ලේ රෝම ඉවත් කිරිම, අධිකව දාඩිය දැමිම ශරිර ස්ථුල තාවය මෙන්ම ඇල්කොහොල් අඩංගු සුවඳ විලවුන්/ ඩියෝඩ්‍රන්ට් ආලේපය හේතුවෙන් ඇතිවෙන සුලභ තත්වයකි මේ. මින් අත මිදිමට පහසු ස්විභාවික ක්‍රම කිහිපයකි මේ.

ඛෙල්ල අවපැහැ වූණොත් පැහැපත් කරගන්න මේ ටික කරන්න

ගෙල කියන්නෙ ලස්සන ඉස්මතු වෙන තැනක් කිව්වොත් එය අතිශෝක්තියක් නොවෙයි. මාලයක් පැළඳුවත් නැතත් කාන්තාවක් දෙස බලන අයෙකුගේ ඇස ගෙල දෙසට යන්නේ නිරායාසයෙන්.

මුහුණේ රැළිවැටීම නවත්වන විස්මිත ෆෙස් මාස්ක් එකක් හදමු

ඔන්න අදත් කාන්තාවන්ට විශේෂිත ෆෙස් මාස්ක් එකක් හදන හැටි කියලා දෙනවා. මෙය නිකම්ම ෆෙස් මාස්ක් එකක් නෙමයි. මෙයින් මුහුණේ රැලිද සාර්ථකව නැති කරයි. අමුද්‍රව්‍ය 5කින් පමණක් හදන්න පුළුවන් මෙය ඔයාලත් පාවිචිචි කරලා ප්‍රතිපල අපට කියන්නකෝ. යාළුවොන්ටත් බලන්න පොස්ට් ඒක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

ඔබත් ලස්සන වෙන්න කැමති නම්, ක්ලියෝපැට්රාගේ රූපලාවන්‍ය රහස් භාවිතා කරන්න

ක්ලියේපැට්රා කියන්නේ ඊජිප්තුව පාලනය කල අධිරාජිනියක්. මිනිස් ඉතිහාසය තුල ඇයගේ තරම් වෙනත් කිසිදු කාන්තාවකගේ රූපසපුව පිළිබද වර්ණනා අපට අසන්නට ලැබී නැති තරම්. ජුලියස් සීසර් වැනි ඉතා ප්‍රභල අධිරාජ්‍යයන් පවා තමා වසගයේ පවත්වා ගන්නට ඇය යොදා ගත්තේ ඇගේ රූසපුවයි. ඒවගේම ඇය රූපලාවන්‍ය ක්‍රම පිලිබද විශාල දැනුමකින් හෙබි තැනත්කියක් බව පැවසෙනවා. ඇය විසින් රූපලාවන්‍ය රහස් ඇතුලත් පොතක් ද රචනා කල බව පැවසුවත් එය මේ වන විට විනාශ වී ගොස් අවසන්. නමුත් කට වහරින් පැමිණි ඇය විසින් භාවිතා කල බව පවසන රූලාවන්‍ය ක්‍රම බොහෝ ප්‍රමාණයක් දැනටත් ඉතිරිව පවතිනවා. ඒ අතරින් ඔබටත් භාවිතා කරන්න පුළුවන් ඉතා ප්‍රතිඵලදායී ස්වභාවික රූපලාවන්‍ය සත්කාර කීපයක් මෙහි දක්වා තිඛෙනවා.

වේගයෙන් හිස කේ වවා ගමුද
මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්ඛෙහෙත් හතරක්

කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ.

More News »

add_one