රූපලාවණ්ය - Beauty

දෙනෙත වටා කළු පැහැයට ප්‍රතිකාරයක්

මූහූණ පැහැපත්ව තිබියදී තම දෙනෙත් වටා කළු පැහැගැන්වී තිබීම දකින විට ඔබටම හිතෙනවා නේද? මොන තරම් නම් අවලස්සනක් දිස්වෙනවාද කියලා. මූහූණේ ලස්සන තව තවත් වැඩි වෙන්නට නම් අපගේ ඇස් දෙකත් මනාව හැඩට තිබිය යූතුයි. නමූත් ඇතැම් යූවතියන් දෙනෙතට ප්‍රතිකාර කිරීමට නම් මූහූණට ෆෙෂල් එකක් කළ යූතු යැයි සිතනවා. නමූත් දෙනෙතට ප්‍රතිකාර කිරීමට ෆෙෂල් එකක් කළ යූතුම නොවේ.

ඔබගේ කළු පැහැයට හැරුනු තොල් වල වර්ණය නැවත ලබාගන්න.

සමහර පුද්ගලයන්ගේ තොල් අඳුරු හෝ කළු පැහැයට හැරිල තියනව දැකගන්න පුළුවන්. ඔබගේ තොල් එසේ වී ඇත්නම් ඔබ තවත් කණගාටු නොවිය යුතුයි. මෙම තත්වය අසාමාන්‍ය තත්වයක් නොවේ. මෙම ලිපියෙන් ඔබට එම තත්වය නැතිතර ගැනීමට නිවසේදීම සිදුකල හැකි ක්‍රම කිහිපයක් ගැන දැනගන්න පුළුවන්..

මූහූණ පිරිසිදු කරගන්නා නිවැරදි ක්‍රමය

පේෂල් එකක් කිව්වම කවූරුත් හිතන්නේ රූපලාවන්‍යාගාරයකට ගිහින් කරගත යූතු දෙයක් කියලා. හරි අමාරු දෙයක් කියලා නෑ ඔබටත් නිවසේ සිටම පේෂල් කරගන්නට පූළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදිව පේෂල් එකක් කළ යූතු අන්දම පිළිබඳ නිවැරදි දෑනූමක් ලබා සිටීම පමණයි. ඒ පිළිබඳ නිවැරදි දෑනූමක් ඔබට ලබාදීමටයි අපේ මේ වෑයම.

දෙගුණයක් වේගයෙන් හිසකෙස් වැවෙන්න මෙන්න ඛෙහෙතක්

ඔබ නොනවත්වා හිසකෙස් වැවීමට උත්සහ කලද ඔබට ඉතිරිවන්නේ කැඩුණුල වැටෙන හෝ තෙල් බේරෙන ප‍්‍රතිඵලයකි එසේනම් ඔබට තෘප්තිමත් වියහැකි වට්ටෝරුවක් මෙම වට්ටෝරු 2න් හදුනා ගත හැක ඔබට අවශ්‍ය සියලුම ද‍්‍රව්‍ය ඔබේ මුළුතැන්ගෙයින් සොයා ගත හැක

තාරුණ්‍ය මුලා කරන වයිටිං උන්මාදය

තමන් උපතින් ලත් සමේ පැහැයට වඩා වැඩි සුදක් ලබාගැන්මේ උන්මාදයෙන් පෙළෙන අය මේ සඳහා කොපමණ මුදලක් වුවත් වැය කිරීමට කැමැත්තෙන් මේ පසුපස යති. ඔවුන්ට අවශ්‍ය සුදුවීමය. ඉන් එහාට එතුළින් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල ගැන මේ අයට වගක් නැත. මෙහි සැබෑ තත්ත්වය කුමක්ද යන්න අප කතාබහ කිරීමට සිතුවේද එබැවිනි.

 

අද වෙළෙඳපොළේ බොහෝ ආලේපන වර්ග ඇත. බොහෝවිට මේ අතරින් වඩාත් ජනපි‍්‍රය වී ඇත්තේ වයිට්නිං ආලේපනයයි.

එනම් අද ආලේප කළ විට හෙට සුදුවන ඒවායි. නමුත් මෙවන් ආලේපවල කිසි විටෙකත් රසායනික ද්‍රව්‍ය අඩංගු බව සඳහන්කර නැත.

හර්බල්, ආයුර්වේද නැචුරල් හෝ ස්වාභාවික වශයෙන් සඳහන්කර ඇති මෙම ආලේපන දැන් බහුලව දක්නට ලැබෙයි. වයිට්නිං සහ ෆෙයානස් (Whitening - Fairness) යන්නෙන් අදහස් වන්නේ අර්ථ දෙකකි. වයිට්නිං යනු සුදුකරවීමයි. ෆෙයානස් යනු පැහැපත් කරවීමයි.

මෙහිදී එක් දෙයක් මතක තබා ගත යුතුයි. එනම් කිසිදු ස්වාභාවික දෙයකින් සම සුදුකරවීම කොහෙත්ම කළ නොහැකි බවයි. එයින් කළ හැක්කේ පැහැපත්වීම පමණයි. එම පැහැපත්වීම නිරෝගිමත් පැහැපත්වීමයි.

අපේ සමේ සෛල තට්ටු පහක් ඇත. වයිට්නිං ආලේපන වල ඇති රසදිය හයිඩ්‍රොක්විනෝන් හෝ අධිමාත්‍රාවක් හෝ කෝජික් ඇසිඩ් ඉහත කී සෛල තට්ටුවලට ගොස් ලේවලට මිශ්‍රවෙයි.

ඉන් සිදුවන්නේ සමේ ඇති සමට වර්ණය ලබාදෙන මෙලනින් නිපදවන මෙලනොසයිටිස් සෛල විනාශ කිරීමයි. මෙය සිදුවීමට ගතවන්නේ තප්පර කීපයකි.

අප භාවිතයට ගන්නා ඉහත කී ආලේපනවල රසදිය අඩංගු වී ඇති බව අප සඳහන් කළෙමු. එම අලේපන හොඳින් සමේ අතුල්ලා පැය පහක් හෝ හයක් තිබෙන්නට හැරීමෙන් සිදුවන්නේ කුමක්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. මෙමඟින් සෑදෙන රෝගද විවිධාකාර වෙයි.

ඇතැම් විට රෝගය කුමක්ද කියා හඳුනාගත නොහැකියි.

රෝග අවස්ථා ඇති වූ විට එම රෝගියා භාවිත කරන ලද ආලේපන ගැන කිසිවිටෙකත් අවධානය යොමු නොවන්නේ රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන ගැන කිසිවිටෙකත් වැඩි සැලකිල්ලක් නොදක්වන හෙයිනි.

යුරෝපා රටවල තහනම්කර ඇති ඇතැම් රසායනික ද්‍රව්‍ය අපවැනි ආසියාතික රටවල අය දෝතින් වැළඳ ගෙන තිබෙන්නේද මෙම සුදුවීමේ උන්මාදයෙන් ඔවුන් පෙළෙන බැවිනි.

වැනි තාවකාලික ලස්සනකින් සිදුවන භයානක රෝග ගැන මුළුමහත් ලාංකික ජනතාවට පහදාදීම රූපලාවණ්‍ය ශිල්පීන්ගේ වගකීමකි.

ආලේපනය උසස් ප්‍රමිතියකින් යුතුද නැත්ද යන්න හඳුනා ගැනීම අපහසු වී ඇත්තේ මාධ්‍යවල නොයෙකුත් ආලේපන සඳහා කරනු ලබන වෙළඳ ප්‍රචාරන නිසයි.

ආලේපනයක් ජනප්‍රිය වූ පමණින් හෝ එය ඉතාමත් ඉහළ තත්ත්වයේ ළා දැක්වූ පමණින් එහි ප්‍රමිතිය කිසිසේත්ම උසස් යැයි කිව නොහැකිය.

මෙහිදී එම ආලේපනය වෙළඳපොළට ඉදිරිපත් කරන ආයතනය පිළිගත් ආයතනයක්ද යන්න සොයා බැලීම සුවඳ විලවුන් හා ඖෂධ අධිකාරියේ ලියාපදිංචි වී ඇත්දැයි සොයා බැලීම එම ආලේපනය හඳුන්වා දෙන රූපලාවණ්‍ය ශිල්පීන් හෝ ශිල්පිනියක් කාලයෙන් කාලයට විවිධ නිෂ්පාදන ගැන කතා කරන කෙනෙක්ද නැත්නම් මුදල් පසුපස හඹා නොයන බුද්ධිමත් එකම ආලේපනයක් ගැන පමණක් කලක සිට කතාකරන කෙනෙක්ද යන්න.

ප්‍රතිඵල ලබාගැනීමට මාසයකට වඩා කාලයක් ගත වන්නේදැයි සොයා බැලීම.

ක්‍රීම් එක ආලේප කළ සැනෙකින් සමට උරාගන්නේදැයි බැලීම.

මෙම කරුණුවලට අදාළ නොවුණහොත් මෙහි ඇති ඡායාරූපවල දිස්වන සේ ඔබටත් එවන් ආසාදිත තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවනු ඇත.

ඉහත සඳහන් කළ ආකාරයෙන් ආලේපන නිසා ඔබටත් මෙසේ ආසාදන තත්ත්වයක් හටගෙන ඇත්නම් එයට නිසි ප්‍රතිකාර කිරීමට පමාවීම භයානක ප්‍රතිඵල ගෙන දීමට හේතුවිය හැකියි.

මෙහිදී ඔබ පාවිච්චි කරන සියලුම ආලේපන නවත්වා කෝමාරිකා ෆේස් වොෂ් සහ කෝමාරිකා ජෙල් ගෑමට පටන් ගන්න.

ඒ සමඟ ප්‍රිම්රෝස් මලේ සාරය තිබෙන ආහාර අතිරේකයක් අභ්‍යන්තරව ගත යුතුයි. මෙවන් සෛලවල බැක්ටීරියා ආසාදන ඉවත්වී අලුතින් නිපදවන සෛල හොඳින් පෝෂණය වී නිරෝගිමත් වී පිටතට එයි.

මාස හතරක කාලයක්වත් මෙය භාවිත කර පසුව සමට ගැළපෙන ෆේස් වොෂ් සහ ඩේ ලෝෂන් එකක් හා නයිට් ක්‍රීම් එකක් භාවිත කරන්න.

curtesy : http://tharunie.lk

දීප්තිමත් සමකට එළවළු යුෂ!

දීප්තිමත් සමක් සඳහා පළතුරු යුෂ සේම එළවළු යුෂ ද උපකාරී වේ. මේ ලිපියෙන් ගෙන එන්නේ එවැනි එළවළු යුෂ වර්ග කීපයක් පිළිබඳවයි.

01. කැරට් යුෂ

දිනපතා vitamin A සපිරි කැරට් යුෂ පානය  කළහොත් ඔබට ඉතා පැහැදිලි දීප්තිමත් සමකට හිමිකම් කීමට හැකි වනවා සේම බර අඩු කරගැනීමටද කදිමය.

02. නිවිති යුෂ

ඔබගේ  උදෑසන තේ හෝ කෝපි එක වෙනුවට නිවිති යුෂ පානය කිරීමෙන් කැළැල් රහිත පැහැදිලි සමක් උරුම කරගත හැකිය.

අත්යට, ඛෙල්ල, වැලමිට සහ දණහිස් කළු පාටද? මෙන්න ගෙදරදීම කල හැකි පිළියම් කීපයක්

ඔබත් අත්යට, ඛෙල්ල, වැලමිට සහ දණහිස් කළු පාට නිසා පිඩාවට පත්වෙලාද? ඔබ විතරක් නෙමෙයි. මෙය බොහෝ දෙනාහට ඇති ගැටළුවක්. දන්නවාද මෙහෙම වෙන්නේ අයි කියලා? ගෙල වටා අඳුරු සම පැච් තිබීමට හේතුව ්ජ්බඑයදිසි බසටරසජ්බි යන සම කළු වීම හිරු එලියට නිරාවරණය වීම සහ වයසට යාම බලපායි. වැළමිට හා දණහිස අවට සම සාමාන්‍යයෙන් ඝනැති වන අතර එහි නවුම්ද විශාල ලෙස පැවති. එම නිසා මෙම ප්‍රදේශ වල තෙල් අවයව නැත. සම වියලි ලෙස තිඛෙන්නේ ඒ නිසයි.

අත්යට, ඛෙල්ල, වැලමිට සහ දණහිස් කළු පාටද? මෙන්න ගෙදරදීම කල හැකි පිළියම් කීපයක්

ඔබත් අත්යට, ඛෙල්ල, වැලමිට සහ දණහිස් කළු පාට නිසා පිඩාවට පත්වෙලාද? ඔබ විතරක් නෙමෙයි. මෙය බොහෝ දෙනාහට ඇති ගැටළුවක්. දන්නවාද මෙහෙම වෙන්නේ අයි කියලා? ගෙල වටා අඳුරු සම පැච් තිබීමට හේතුව ්ජ්බඑයදිසි බසටරසජ්බි යන සම කළු වීම හිරු එලියට නිරාවරණය වීම සහ වයසට යාම බලපායි. වැළමිට හා දණහිස අවට සම සාමාන්‍යයෙන් ඝනැති වන අතර එහි නවුම්ද විශාල ලෙස පැවති. එම නිසා මෙම ප්‍රදේශ වල තෙල් අවයව නැත. සම වියලි ලෙස තිඛෙන්නේ ඒ නිසයි.

කෙසෙල් යුෂ මගින් කෙස් කලඹ රැක ගන්නා හැටි

විටමින්

ඔබේ කෙස් කලඹේ පෝෂනය සදහා අත්‍යාවශ පෝෂන පධාර්තයක් වන විටමින් සපයා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස කෙසෙල් යුෂ පානය හැදින්වීම සුදුසු වන්නේ කෙසෙල් සතුව විටමින් බී3, විටමින් බී5, විටමින් බී6 සහ විටමින් සී වැනි පෝෂන කොටස් අවංගු වන හෙයිනි.

පොටෑසියම්

අකලට හිසකෙස් වැටීම බහුලව පුද්ගලයන් අතවිදින සෞඛ්‍ය ගැටලවක් වන අතර එයට බාෙහෝ සෙයින් හේතුවන්නේ ශරීරය තුල වන පොටෑසියම් මටටම අවම වීමයි.කෙසෙල්හි බහුලව පොටෑසියම් අඩංගු වීම නිසා හිසකෙස් වෑටීම අවමකර ගැනීමේ උපක්‍රමයක් ලෙස කෙසෙල් යුෂපානය භාවිතා කර හැක.

මෙයිස්චරයිසරයක් ලෙස

කෙසෙල් යුෂ මොයිස්චරයිසරයක් ලෙස ක්‍රියා කරන නිසා එමගින් වඩා සෞම්‍ය,මෘදු කේෂ කලාපයක් ලබාදේ.

අඳුරු ලප නැති වෙන්න අල වලින් සත්කාරයක් ඔයාලත් මේක හත් හදා බලල කියන්න

ඔන්න අද මම කියන්න යන්නේ ඔබේ සමේ තියෙන අඳුරු ලප නැති කරගන්න ක්‍රමයක්. වැඩි වියදමක් යන්නේ නැති පහසුවෙන් අඩු මිලකට මිලදී ගන්න පුළුවන් අල වලින් තමයි මේ සත්කාරය කිරීමට යන්නේ. අල වලින් හමේ තියෙන අඳුරු ලප නැති කරන්න පුළුවන් කියලා ඔබ මිට කලින් දැනගෙන හිටියාද? ඔයාල මේක නොදැන සිටියා වන්නට පුළුවන්. ඔන්න දැන් අපි දැනගමු අල සත්කාරයෙන් කෙසේද මුහුණේ අඳුරු ලප නැතිකරගන්නේ කියල.

කෙස් කළඹ ආරකෂා කරගන්න උපදෙස්

අද කාන්තාවන් බොහෝ විට කෙස් කළඹ පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන්නේ වෙළඳපොලෙන් මූදල් ගෙවා ලබාගන්නා ෂැම්පූ වර්ගවේ. මෙය බොහෝ පහසූ කාර්යක් වූවත් බොහෝවිට ඉන් හිසකෙස්වල ආරකෂාව සහ වර්ධනය සිදුනොවේ. මෙය තාවකාලික පිරිසිදු කිරීමක් බව දෑක්විය හැකියි.

ඛෙල්ල අවපැහැ වූණොත් පැහැපත් කරගන්න මේ ටික කරන්න

ගෙල කියන්නෙ ලස්සන ඉස්මතු වෙන තැනක් කිව්වොත් එය අතිශෝක්තියක් නොවෙයි. මාලයක් පැළඳුවත් නැතත් කාන්තාවක් දෙස බලන අයෙකුගේ ඇස ගෙල දෙසට යන්නේ නිරායාසයෙන්.

දිදුළන හා පැහැපත් සමක් සදහා පිපිඤ්ඤා වලින් සත්කාරයක්

සුදු වෙන්න මුදල් වියදම් කර නොයෙකුත් ආලේපන ලබා ගත් කාලයට තිත තියන්න දැන් කාලය හරි. ඔබේ සමෙහි ආරක්ෂාවට හා අතුරු ආබාධ වලින් තොරව සමට ගැලපෙන ප්‍රතිකාර ඔබට නිවසේ සිටම සිදුකර ගන්න පුළුවන්. පිපිකු්කුා කියන්නේ සිලිකා කියන ඛනිජ ලවණ වලින් වලින් සරු ආහාරයක්. සිලිකා සම මත ඇති පටක (Connective Tissues) හොදින් ශක්තිමත් කිරීමට හා රැලි වැටීමකින් තොරව හොදින් ඇද තැබීමටද උපකාරී වනවා . තෙල් සහිත කුරුලෑ ඇති සමට මෙන්ම වියළි සමටත් මෙම පිපිකු්කුා ප්‍රතිකාර උචිතයි. ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මෙම මුහුණු ආලේපන නිවසේ සිටම විනාඩි කිහිපයකින් පිලියෙල කර ගන්න හැකියි. හරි අපි එහෙනම් මේක හදන්නේ කොහොමද කියලා බලමු

අවුරුදු 30න් පසු වියපත් වන මුහුණට ස්විභාවික දේශීය රූපලාවන්‍ය සත්කාරය

මගේ අදහසට නම් අනුව ජිවිතේ හොදම කාලේ ලබන්නේ අවුරුදු 30න් පස්සේ. ලංකාව වගේ රටක ගොඩක් දෙනා ආර්ථික අතින් ස්ථාවර වෙන්නේ අවුරුදු 30 දී වගේ තමයි. කෙටියෙන්ම කිව්වොත් ජිවිතේ කාටවත් බරක් නොවී සුපිරියටම විදින්න පටන් ගන්නවා. එත් ඒ වෙනකොට ඔබේ තරුණ පෙනුම ඔඛෙන් ගිලිහි තිබුනොත් කොයි තරම් සල්ලි හම්බ කරත් වැඩක් නෑ නේද ?

මුහුණේ ලප කැළැල් නසන විශ්මිත දේශීය රහස් ඛෙහෙත

ඇත්තටම ඔය කුරුලෑ වගේ ආසාධන තත්වයන් නිසා මුහුණු වල ඇති වෙලා තියෙන හරිම අවලස්සන ලප කැළැල් ඉවත් කරන්න පුළුවන් විශ්මිත ගුණයක් එඩරු තෙල් වලට තියෙනවා. එඩරු තෙල් වල තියෙනවා Fatty acids කියලා පෝෂණ සන්ගටකයක්. එමගින් මුහුණේ සමේ තට්ටු epidermal skin layers  තුලට හොදින් කිදා බැස ලප කැළැල් මකලා දාන්න පටන් ගන්නවා. ඒ අතරම එම මුහුණේ විනාශ වූ ප්‍රදේශ වල අලුත් ෙසෙල  ඇති කරනවා. ඒ මගින් මුහුණ ලස්සන වෙනවා. එක දිගටම කරොත් අනිවාර්යයෙන් මුහුණ පෙර පැවති තත්වයට ඉතාම ආසන්න කර ගන්න පුළුවන්

ලස්සන වෙන්න ඕනේ තමයි හැබැයි හොඳට හිතලා

නිෂ්පාදන තෝරා ගන්නකොට ඔබට සුදුසුම දේ තෝරාගන්න **කාන්තාවකගෙන් වයස ඇසීමට එපා යයි කීව ද සිරුර කැඩපත වී වයස ගැන බොහෝ දේ පවසයි. මේ රහස දන්නා නිසාම වයස අවුරුදු හතළිහට පසු බොහෝ කාන්තාවෝ රූපලාවණ්‍යයේ පිහිට පතති. එහෙත් මේ ඉතා කල්පනාකාරීව ගත පවසන වයස සැඟවිය යුතු කාලයකි.

සාමාන්‍යයෙන් වයස අවුරුදු හතළිහට පසු සමෙන් නිපදවන ලිපිඩ ප්‍රමාණය අඩුවෙයි. මේ නිසා සම වඩාත් වියළි හා රළු බවට පත්වෙයි. තාරුණ්‍යයේ සුමුදු තෙල් පිරි සමකට තවදුරටත් හිමිකාරියක නොවන බව දැන් ඔබට සිතේවි. එහෙත් එසේ නොසිතන්න. සමෙහි ඇතිවන වියළි බවට, රැලි ගතියට, පැල්ලම්වලට එකී මෙකී, නොකී වෙනස්කම්වලට දැන් පිළිතුරු ඇත. හැබැයි මේ සඳහා ඔබ රූපලාවණ්‍ය විශේෂඥයාගේ පමණක් නොව චර්ම රෝග විශේෂඥයාගෙත් පිහිටෙන් ප්‍රතිකාර පැතිය යුතුයි.

වයස්ගත වන සම ඉතා සංවේදීයි. සමට සිදුවන හානියකදී එය යථා තත්ත්වයට පත්වීම ඉක්මනින් සිදු වන්නේ ද නැත. එහෙත් මේ අඩුපාඩු සැඟවීමට ඔබ නොගන්නා උත්සාහයක් නැහැ නේද? මෙවන් අවස්ථාවක සම ඔපවත් කරගත යුත්තේ මුහුණ සෝදන දියර (ෆේස් වොෂර්ස්), ආවරණ (මාස්ක්ස්), හෝ සීරම් වැනි මෘදු ආලේපන භාවිත කිරීමෙනි.

ආකර්ශනීය දෙපා යුගලක් සදහා විශ්මිත දේශීය රූපලාවන්‍ය සත්කාර

තරුණ යුවතියක් වන ඔබ මුහුණ තරමට දෙපා වල පැහැපත් බව ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. මුහුණ කොයි තරම් පැහැපත් උනත් වැඩක් නෑ ඔබේ දෙපා අවලස්සන නම්. මුහුණට විවිධ රුපාලාවන්‍ය සත්කාර සිදු කර පැහැපත් කර ගැනීමට සමගාමීවම ඔබගේ දෙපාද පැහැපත් කර ගැනීමට ස්වාභාවික සත්කාර අද විශ්ම ලෝකයෙන්  කියන්නමි.

සුදු වෙන්න වටිනා උපදෙස් ටිකක් ස්භාවික ප්‍රතිකාර

අපි කව්රුත් කැමතියි පොඩ්ඩක් සුදු වෙන්න. හැබැයි ඉතින් ඔය කඩේ තියෙන එක එක cream ගලා මුණ සවුත්තු කර ගන්නවට වඩා හොදයි මොකුත් නොකර ඉන්න එක එතකොට සල්ලි ටික හරි ඉතුරුයි. හැබැයි යාළුවනේ ඔයාලා දන්නවාද මුහුණ පැහැපත් කර ගන්න හොදම ක්‍රමය පුළුවන් තරම් ස්වභාවික ප්‍රතිකාර කරන එක කියලා. අනික ඒ වගේ දේවල් වලට ගොඩක් සල්ලි යන්නෙත් නෑ. හරි ඔන්න එහෙනම් අද විශ්ම ලෝකය තුලින් අපේ කෙල්ලෝ වගේම කොල්ලොන්ටත් පොඩ්ඩක් සුදු වෙන්න පුළුවන් වටිනා උපදෙස් ටිකක් දෙන්නම්. අපි දැන් මේ වැඩේ කරන්න පටන් ගන්න කොට මුලින්ම ඔබේ මුහුණ කළු වෙන්න බලපාන මුලික හේතු ටිකත් විනාශ කර ගෙනම ප්‍රතිකාර ක්‍රම ටිකත් ඒ එක්කම පටන් ගමු.

More News »

add_one