රූපලාවණ්ය - Beauty

ඇහි පිහාටු අඩු යුවතියන්ට

ගැහැනු ළමයි ලස්සන වෙන්න එක එක විදියේ ෆැෂන් කරන එක සාමාන්‍ය දෙයක්. මීට අවුරුදු දහයකට විතර කලින් ඇඳුම් පැලඳුම්වලින් විතරක් එක එක ෆැෂන් කරපු ගැහැනු ළමයි දැන් ශරීරාංගවලටත් ෆැෂන් කරනවා. ඒ කියන්නෙ හිසකෙස්, දෙතොල්, නියපොතු, ඇහි බැම, ඇහි පිහාටු වගේ දේවලිනුත් තමන්ගේ ලස්සන තව තවත් මතුකර ගන්න උත්සාහ කරනවා. අයි ලෑෂස්, එහෙමත් නැත්නම් ඇහි පිහාටුවලින් කරන්න පුළුවන් ෆැෂන් මොනවද?

පිරිමි ආකාර්ශන නොමද ව ලබා ගන්නා ඇස් රැක ගමු

දීප්තිමත් ඇස්, කතා කරන ඇස්, අඩවන් ඇස් මේ මොනම අන්දමේ ඇස් දෙකකින් වුවත් මුහුණට ලැබෙනුයේ උතුරා යන සුන්දරත්වයකි. අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍යයක්වන ඇස් ඔබේ සැමියාගේත් සිත දිනන අනගි මාධ්‍යයකි. උතුරා යන සුන්දරත්වයෙන් යුතු නෙත් සඟල නිරෝගීමත් නෙත් සඟලක් ද විය යුතු වේ.

නිසි ලෙස ස්ක්‍රබ් කරමු

සමේ තදින් හා ගැඹුරින් පිහිටා ඇති මැරුණු සම ඉවත් කිරීමට සිදු කළ හැකි පහසුම ක්‍රමය නම් ස්ක්‍රබ් වර්ගයක් ආලේප කර සම සීරීමකින් හෝ ඇදීමකින් තොරව ඉවත්කර ගැනීමයි.

කොන්ඩේ Dye කරන්න ගිහින් නැති කරදර දා ගන්න එපා

සුන්දර කෙස් කළඹක් ගැන හීන බලන අපේ තරුණියන්ට තිබෙන ලොකු ගැටළුවක් තමයි හිස කෙස් වල ස්වාභාවික පැහැය ආරක්ෂා කර ගැනීම.

කොන්ඩේ Dye කරන්න ගිහින් වරදක් වුනොත් නැති ප්‍රශ්න කෝටියක් ඇති වෙනවා.

අද අපි කතා කරන්නට යන්නේ හිසකෙස්‌ ඩයි කිරීම ගැනයි. මුලින්ම අපි බලමු හිසකෙස්‌ සුදුවීම සිදුවන ආකාර.

1. අකලට කෙස්‌ පැහීම

නිසි ලෙස නිය ආලේපන ගල්වන ආකාරය

මීට කලකට පෙර නිය ආලේපන ගැල්වීම විශේෂ අවස්ථාවල දී පමණක් සිදු කළ ක්‍රිවාවක් වුව ද වර්තමානය වනවිට තරුණියන් අතර බොහෝ ජනප්‍රිය විලාසිතාවක් බවට නිය ආලේපන ගැල්වීම පත් ව තිබේ.

සමට හානි නොවී අනවශ්‍ය රෝම ඉවත් කරන්නේ මෙහෙමයි

අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා විවිධ ක්‍රම පවතී. ඒවා නිසි ආකාර ව සිදු කළ යුතු ය. මන් ද ඉන් සමට හානි සිදු විය හැකි බැවිණි. ත්‍රෙඩිං කිරීම, ට්විසර් කිරීම, වැක්ස් කිරීම ආදී ක්‍රම මගින් අනවශ්‍ය රෝම පහසුවෙන් ඉවත් කළ හැකි ය.

ඔබේ සමේ වර්ගය හඳුනනවාද? තෙල්ද? වියළිද? මිශ්‍ර සමක්ද?

සම සුන්දර කරන සක්කාර කිරීමට පෙර ඔබේ සම නිසියාකාරව හඳුනා ගැනීම වැදගත්ය. නිරෝගී පැහැපත් සමකට සත්කාර කිරීමට පෙර ඔබ මේ ගැනත් දැනගන්න. ඔබේ සම නිසියාකාරව හඳුනා ගැනීමට මේ පියවර කිහිපය ප්‍රමාණවත්ය.

මුහුණ සෝදන්න.

නව යෞවනියන්ගේ ලස්සන වැඩි කරන රහස්

ජීවිතයේ වසත් කාලයට පාතබන නව යෞවනියන් නිතරම හිතන්නේ ලස්සන ගැන. ඒ වෙනුවෙන් කරන සමහර දේවල් නිසා ගැටලු ඇති වෙන්නෙත් පුළුවන්. ඒ නිසා දැනුවත්කම ඉතා වැදගත්.

• අවුරුදු 13 දීම ඔබට රූපලාවණ්‍ය ශිල්පිනියකගේ උපදෙස් අවශ්‍යයයි.

ස්වාභාවික ලස්සන තරම් දෙයක් තියෙනවා ද

සම පැහැපත්කර රුව ලස්සන කරගත හැකි රූපලාවණ්‍ය සත්කාර නම් බොහෝමයක් තිබෙනවා. ඒ අතරින් ෆේෂල් කිරීම විශේෂයි. ඒත් දැන් එම සත්කාර පිළිබඳ සෑහීමකට පත් නොවී කෘත්‍රිමව සම සුදුකර ගන්න ඉන්ජෙක්ෂන් පසුපස ශල්‍යකර්ම පසුපස යන අය වැඩිවෙලා. ඇත්තටම මේ සුදුවීම කියන දෙය අලුතින් රූපලාවණ්‍යයට එකතුවුණ විසබීජයක් බවට පත්වෙලා.

50න් පස්සෙත් කෙල්ල වගේ ඉන්න කොහොමද?

වෛද්‍ය පරීක්‍ෂණවලට යොමු වීම

හැඩට ඉන්න කරුණු 4ක්

මිල ප්‍රමාණය වෙනස් වුවත් සුවඳ විලවුන් සියල්ලම එක සමානයි. මිල කියන්නේ පාරිභෝගිකයා රැවටීමට යොදා ගන්නා ප්‍රයෝගයක්. ඔබ සුවඳ විලවුන් ඉස ගැනීමට පෙර සම මත මොයිෂ්චරයිසින් ආලේපය ඉතාම වැදගත් වනවා. එයට හේතුව සුවඳ විලවුන්වල ඇල්කොහොල් අඩංගු වීමයි. සුවඳ විලවුන් වාෂ්ප වනවිට සමෙහි තෙතමනයද උරා ගන්නා නිසා සම වියළි වනවා.

පිපිඤ්ඤා පෙත්තෙන් අල පෙත්තෙන් ඇසට කරන සත්කාර

දෑස් කියන්නේ මුහුණේ ඇති සංවේදීම අංගයයි. දෑස්වලට කරන ස්වාභාවික රූපලාවණ්‍ය ප්‍රතිකාර ක්‍රම ගැන ඔබ වඩා සැලකිලිමත් විය යුත්තේත් මෙනිසයි.

ඇස් යට කළුවීමට ප්‍රතිකර්ම

ඇස් යට කළුවීම සුලබ ව දක්නට ඇති සරළ දසිද්ධියකි. එහෙත් එයින් බොහෝ දෙනෙක් පීඩා විඳිති. රූප ස්වභාවයට දැඩි ලෙසම බලපාන ඇස්යට කළුවීම වළකා ගැනීමට අනුගමනය කළ යුතු තවත් සුවිශේෂී ක්‍රමෝපාය කීහිපයක් ඇත.

කැපීම වගේම නිවැරැදිම සෙට් කිරීමත් ඉතාමත් වැදගත්

හෙයාකට් එකකින් තමන්ගේ මුහුණට කොණ්ඩයට ලස්සන පෙනුමක් ගෙන දෙන්නට පුළුවන්. නමුත් මෙහිදී නිවැරැදිව තමන්ගේ මුහුණේ හැඩය කොණ්ඩේ ස්වභාවය හඳුනාගෙන හෙයාකට් එක කිරීම ඉතාමත් වැදගත් බව අමතක නොකළ යුතුයි. බොහෝ විට අප මෙහි ඉදිරිපත් කරන හෙයාකට් විලාසිතා තුළින් ඔබ වඩාත් පි‍්‍රය කරන ඔබටම ගැළපෙන නවතම හෙයාකට් පිළිබඳව කිසියම් අදහසක් ගන්නට හැකිවේයැයි අප විශ්වාස කරනවා.

ඔබේ හිසකෙස් පිළිබඳ කැමැති හෙයාකට් එක පිළිබඳව මෙම කේශලාවණ්‍ය ශිල්පීන්ව සහ ශිල්පිනියන්ව විමසිය යුතු නම් මෙහි දැක්වෙන ඔවුන්ගේ දුරකථන අංකයට කතා කරන්න ඔබට පුළුවන්.

අපි බලමු මෙවර හෙයාකට් එක සිදු කරන්නේ මොන ආකාරයෙන්ද කියා.

හෙයාකට් විලාසිතා අතර ලේයර් කට් එක වඩාත් ජනපි‍්‍රය බව ඔබ දන්නවා. ලේයර්කට් කී විට මෙය එක් එක් අයගේ කොණ්ඩේ ස්වභාවය, කොණ්ඩේ දිග ප්‍රමාණය අනුවයි සිදු කෙරෙන්නේ. සමහරුන් තම කොණ්ඩේ දිග ප්‍රමාණය එලෙසින්ම පවත්වා ගනිමින් ලේයර් එක සිදුකරන අවස්ථා තිබෙනවා. නදීෂාට අවශ්‍ය වුණෙත් තමන්ගේ කොණ්ඩයේ ලෙන්ත් එක එසේම තිබියදී කොණ්ඩය ලේයර් කරන්නයි.

නදීෂා උස - ඕවල් හැඩයේ මුහුණක් ඇති යුවතියක්. එමෙන්ම ඇය රැකියාවක නියුතු යුවතියක්.

ඇයට අවශ්‍ය වුණේ තමන්ගේ මුහුණේ පෙනුමට කොණ්ඩයට අනුව ගැළපෙන හෙයා කට් එකක් කර ගැනීමටයි.

නදීෂාගේ හෙයාකට් එක කරන්නේ කොහොමද?

යොෂාන් ඒ ගැන මෙහෙම පවසනවා.

නදීෂාගේ හෙයාකට් එකේදී දෙපසින් පිරුණු ස්වභාවයක් (ෆුල්නස්) තැබීම අවශ්‍යයි. ඇය උසින් යුත් කෙනෙක්. මේ නිසා ඒ අනුව ඇයට පෙනුමක් ගෙන දෙන ආකාරයට හෙයාකට් එක කිරීම අවශ්‍යයි. නදීෂාගේ හෙයාකට් එකේදී මම ලේයර් එක කළේ ස්ලයිසින් කරන ක්‍රමයට.

එය හෙයාකට්වලදී භාවිත කෙරෙන එක ටෙක්නික් එකක්. මේ ආකාරයට ලේයර් එක කිරීමෙන් කොණ්ඩයට ෆෙදර් ලුක් එකක් එන නිසා ලස්සන පෙනුමක් ගෙන දෙන්න පුළුවන්.

කොණ්ඩයට සැහැල්ලු ආකාරයක් ගෙන දෙන විලාසිතාවන්ට පි‍්‍රය කරන යුවතියන්ට මෙවැනි ලේයර් කට් එකක් වඩා සුදුසුයි. මම ඉහත කී ආකාරයෙන් කොණ්ඩය ස්ලයිස්කර කපනවිට කොණ්ඩයේ එම මෝස්තරයට අනුව කැපීයන ප්‍රමාණය ද වෙනස් වනවා. කොණ්ඩය සෙට් කරන විට ජෙල් හෝ මූස් දමා රෝලර් සෙට් එකකින් සෙට් කරන්නට පුළුවන්. එවිට එහි නිමාව ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් ගෙන දෙනවා.

එසේ නොමැති නම් සාමාන්‍ය ආකාරයට වුවද සෙට්කර ගන්න පුළුවන්.

බොහෝ විට කොණ්ඩය තෙත්කර සෙට් කරනවාට වඩා කොණ්ඩය ස්වභාවිකව වියැළෙන්නට හැර සෙට් කිරීමෙන් එහි නියම පෙනුම ලබාගත හැකියි.

මෙසේ සෙට් කිරීමේ දී හෙයා ඩ්‍රයරයේ ඩ්‍රිපියුසරය යොදා ගෙන රෝලර් බ්‍රෂ් එක ආධාරයෙන් සෙට් කිරීම වඩාත් සුදුසුයි.

ලේයර් එක කිරීමෙන් පසු ඉන් ගෙන දී ඇති පෙනුම බලන්න. ඔබටත් මේ ආකාරයෙන් ලේයර් එකක් කිරීමෙන් ලස්සන පෙනුමක් ලබාගත හැකි වේවි.

තෙත කොන්ඩේ පෝනි ටේල් දාන්න එපා !

ස්වාභාවික කොණ්ඩය වෙනස් කරන්න වගේම තෙත් කොණ්ඩය වියළා ගැනීමටත් හෙයාර් ඩ්‍රයර් එකක් අවශ්‍ය වෙනවා. ඉස්සර ගෘහණියන් මේ සඳහා රූපලාවණ්‍යාගාරයක සහය පැතුවද දැන් ඒ කාලය හෙයාර් ඩ්‍රයරය නිසා ඉතිරියි.

සෑම කොණ්ඩයකටම ආවේණික වූ ස්වාභාවික හැඩයක් තියනවා. එය වෙනස්කර තමන්ට අවශ්‍ය හැඩය ලබා ගැනීමට තමයි හෙයාර් ඩ්‍රයර් එකක් භාවිත කරන්නෙ. හැබැයි මේ සඳහා හොඳ හෙයාර් ඩ්‍රයර් එකක් අවශ්‍ය වෙනවා.

එහිදී බ්‍රෑන්ඩ් එක නැතිනම් හෙයාර් ඩ්‍රයර් එකේ තත්ත්වය ඉතාමත්ම වැදගත්.

තාක්ෂණික අතින් හොඳ නමක් දිනා ඇති ආයතනයකින් ලබා ගන්නා හෙයාර් ඩ්‍රයර් එකක් දිගු කාලයක් භාවිත කරන්න පුළුවන්. නමුත් නිවෙසකට නම් වොට් ගණන අඩු හෙයාර් ඩ්‍රයරයක් සුදුසුයි.

හෙයාර් ඩ්‍රයරයක පීඩන කොටස් කීපයක් තිබෙනවා. ඒවා නොසල් ලෙස හඳුන්වනවා. එම නොසල් හෙයාර් ඩ්‍රයරයෙන් පිටතට වඩාත් විවෘතව තිබේ නම් එමගින් රස්නය (උණුසුම) විහිදී යන ප්‍රමාණය වැඩියි.

එවිට කොණ්ඩය වියළීම පමණක් සිදුවන අතර ස්ට්‍රේට් වීමක් සිදු වෙන්නේ නැහැ. හෙයාර් ඩ්‍රයරයේ ඇති නොසල් උල් හැඩයක් ගනී නම් එමඟින් ඉක්මනින්ම ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

කෙසේ වෙතත් හෙයාර් ඩ්‍රයරයක් පාවිච්චි කිරීමේ දී එහි උණුසුම තබාගත යුතු ආකාරය පිළිබඳ වගේම එය නිසි ලෙස පවත්වා ගැනීමටත් ඔබ සැලකිලිමත් විය යුතුයි. නැත්නම් බොහෝ විට ඔබේ හිසකෙස්වලට හානි සිදුවන්නට ඉඩ තිබෙනවා.

ස්වාභාවික ඩියොඩ්රන්ට් ආලේපනයක්

ශ්‍රී ලංකාව සමකාසන්නයේ පිහිටි ඝර්ම කලාපීය රටකි. එම නිසා ලාංකික අපට හිරුගේ බලපෑම දැඩිව දැනෙන නිසා අධිකව දහදිය දමයි. දහදිය දැමීම ස්වාභාවිකය. නමුදු ඇතැමකුට දහදිය දැමීම ප්‍රශ්නයකි. එයට හේතුව දහදිය අධික දුර්ගන්ධයෙන් යුක්ත වීමය.

මෙම තත්ත්වය අසහනකාරී අද්දැකීමක් වන්නේ තමන්ට වඩා අවට සිටින අයට දහදිය දුගඳ ඉවසා සිටීමට නොහැකි බැවිනි. කාන්තා - පිරිමි භේදයකින් තොරව සැමටම දහදිය දමයි. නමුත් අස්වාභාවික ලෙස දහදිය දුගඳ වීමට විවිධ වූ හේතු බලපානු ලබයි.

More News »

add_one