රූපලාවණ්ය - Beauty

එක රැයකින් කුරුලෑ සුව කරගන්න ඔනිද?

1. දෙහි යුෂ භාවිතා කරමින් කුරුලෑ සුව කරගැනීම. 

සමට සහ හිසකෙස් රෝගවලට රෝස වතුර

වෛද්‍ය සුලෝචනා සේනාරත්න ඕ. ඒ. ර්. ඉ. ගෞරව කොළඹ විශ්වවිද්‍යාලය චාම් වේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

ගෙවත්ත හැඩ කරන මල් කුමරියන් අතර රෝස මල්වලට වැඩි ඉඩකඩක් හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි රෝස ඔබේ රුව හැඩ කරන්න හා ඔෟෂධයක් ලෙසත් භාවිතයට ගන්නවා.

රෝස වතුර

හෙළ වෙදකමින් ලස්සණවීමට රහස්

පුන්සඳවන් මුහුණකට,සුන්දර අත්වැලක්

කොන්ඩෙ තියෙනවට වඩා යනවද?

නිරෝගි කලු පැහැති දිගු කෙස් කළඹකට අශා නොකරන කෙනෙක් නැත.

කුරුලෑ ලප ඉවත් කරන අලුත්ම ක්‍රම

සමේ පැහැපත් බව නැති කරන කැළැල් නිසා ඔබත් පිඩාවට පත් වෙලාද? දැන් ඒ ලප ඉවත් කරන්නට විවිධ ක්‍රම වෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වා දී තිබෙනවා. ඒ ගැන දැනුවත් කරන්නටයි මේ ලිපිය.

තණකොළ වලින් ලස්සන වෙන හැටි

නිරෝගී කම කියන්නේ ඔබේ ජිවිතයේ වටිනාම දෙය කිව්වොත් නිවැරදියි. රජෙක් වුනත් ලෙඩෙක් වුනොත් වැඩක් නෑ කියලත් කතාවක් තියනවනේ.

නිරෝගී වුනාම ඔබ නොදැනුවත්වම ඔබේ ලස්සනත් වැඩි වෙනවා. ලෙඩ ඇඟේ තියෙද්දී මුනෙනුත් ලෙඩ පාට පේනවා කියල ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.

ඔබේ සිරුර නිරෝගිව තබාගන්නට වගේම ඔබේ ලස්සන වැඩි කරගන්නටත් හැකි වන ඔබට පුරුද්දක් කරගත හැකි වන දෙයක් ගැනයි අද කතාබහ.

ඇවිදීම කියන්නේ ගොඩක් ලෙඩ වලෝන් අපිව ඈත කරලා තබාගන්න දෙයක්. තණකොළ, වැලි බොරලු හෝ කොහු සහිත බිමක ඇවිදින ඔබට ඊටත් වඩා වැඩි වාසි බොහොමයක් ලැබෙන බව වෛද්‍ය වරුන් පවසනවා.

කෘතිම eye lashesවලින් ඇසේ පෙනීමට බාධා

ඇස් දෙක වගේ රැකගන්නව කියල කියමනක් තියෙන්නෙ නිකම් නෙමේ. එහෙම කතාවක් ඇතිවෙන්න හේතුව වෙලා තියෙන්නෙ අපි ඇස් දෙක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු නිසාමයි. එහෙත් ඇස් දෙකට කරන විවිධාකාරයේ අලංකරණ කටයුතු නිසා ඇස් දෙකට සිදුවිය හැකි හානි බොහොමයි.

නිවැරදිව තෙල් සත්කාරයක් කරගන්නා හැටි

කාන්තාවගේ සුන්දරත්වයට ඇගේ නිරෝගී කෙස් කලඹ ආභරණයක් යැයි කීම වරදක් නොවේ. මෙවැනි සුන්දර කෙස් කලඹක් ලබා ගන්න නම් එයට නිසි සත්කාර කිරීමටද ඔබ උනන්දු විය යුතුයි. මේ අතරින් හිස කෙස්වලට සිදුකරන තෙල් සත්කාරය මුල් තැනක් ගන්නවා.

තෙල් සත්කාරයේ වාසි

Contact Lense පාවිච්චි කරන ඔබ දැනගත යුතු දේවල්

සිවි කාච එහෙමත් නැත්නම් (Contact Lense) දැන් විලාසිතාවක්.

එක එක පාටට Contact Lense දාන්න අපේ යුවතියන් හරි ආසයි.

හැම දේකම වගේ Contact Lense වලත් ප්‍රවේසම් වෙන්න ඔබ දැනුවත් විය යුතු කාරනා කිහිපයක් ගැනයි අද අවධානය.

මේවා දිගු කාලයක් පැළඳීම මගින්, වැරදි ලෙස භාවිතා කිරීම මගින් හෝ වැරදි ක්‍රමයට පිරිසිදු කිරීම මගින් හානි වෙන්නේ ඔබේ ඇහැට.

ඉතින් ඇස් දෙක පරෙස්සම් කරගන්න එක මොන තරම් වැදගත්ද කියලා ඔබට කියන්නට ඕනෑ නැහැනේ.

Contact Lense මගින් ඇහැ ආවරණය වෙන නිසා ඇහැට ස්වාභාවිකව සපයන ඔක්සිජන් ප්‍රමාණය අඩු වනවා. ඇස නිරෝගිව තබා ගන්නට මේ ඔක්සිජන් සැපයුම ඉතා වැදගත් වනවා.

මේ හානිය මග හරවා ගැනීමට නම් ඔබ Contact Lense පාවිච්චි කරන්නට කලින් වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ලබා ගත යුතුමයි.

Nail Arts කරනවා නම් නියපොතු පරෙස්සම් කරගන්න

විලාසිතා කරන්න කැමති අපේ යුවතියන් අතර Nail Arts දැන් වඩාත් ජනපි‍්‍රය වී තිබෙන විලාසිතාවක්.

රැකියාවට යද්දී , උත්සවයකට යද්දී වගේම එදිනෙදා හැම අවස්තාවකදීම තමන්ගේ ඇඳුමට වර්ණයට ගැළපෙන ආකාරයේ Nail Arts කර ගැන්මට දැන් දැන් යුවතියන් දක්වන්නේ වැඩි උනන්දුවක්.

Nail Arts කිරීමෙන් පසු සැලකිලිමත් විය යුතු කරුණු කාරණා තිබෙනවා. අප යම් විලාසිතාවක් අනුගමනය කරනවා නම් ඒ පිළිබඳ දැනුවත් බවකින් යුතුව කටයුතු කිරීමත් ඉතාමත් වැදගත්.

Nail Arts සඳහා යොමුවීමේදී එය තමන් ගේ වයසට ගැළපෙනවද අඳින ඇඳුමේ විලාසිතාවට, වර්ණයට සහ සහභාගිවන අවස්ථාවට ගැළපෙනවද යන්න ගැන සැලකිලිමත්විය යුතුමයි.

එමෙන්ම ඔබ නිතර නිතර Nail Arts කරලා නිය හැඩ ගන්වන අයෙක් නම් තමන්ගේ නිය ආරක්ෂාව ගැන සිතීමත් වැදගත්.

මෙහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන්ද?

නේල් ආට් එකක් කළ පසු එය වැඩි ලස්සනක් පෙන්නුම් කිරීම නිසා වැඩි දින ගණනක් එය එලෙසින්ම රඳවා තබා ගැන්මට ඔබ පෙළඹෙනවා වන්නට පුළුවන්. නමුත් අප එසේ නොකළ යුතුයි.

නේල් ආට් කිරීමෙන් පසු එය තබාගත යුත්තේ දින 3 ක් හෝ පහක් අතර කාලයක් පමණයි. එම කාලසීමාව තුළදී එය ඉවත් නොකොට වැඩි කාලයක් සිටීමෙන් ඔබේ නියමත දුර්වර්ණ බවක් ඇතිවන්නට පුළුවන්. එම නිසා ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

විශේෂයෙන් ඔබේ නිය කෙබඳු ස්වභාවයක් දක්වන්නේද යන්න ගැන පරීක්ෂාකාරී වන්න. සමහරුන්ගේ නිය නීරෝගිමත් ස්වභාවයක් දැක්වූවත් තවත් සමහරෙකුට යම් යම් ගැටලුකාරී ස්වභාවයක් ඇති නිය තිබෙන්නට පුළුවන්. මේ නිසා Nail Arts වැනි විලාසිතා අනුගමනයේ දී නිය ආරක්ෂාව ගැනත් ඔබ සිතිය යුතුයි.

කැඩෙන සුළු ආකාරයේ නිය තිබෙන අයෙක් නම් Nail Arts ඉවත් කිරීමෙන් පසු නියමත නේල් ගාඩ්නර් එකක් තවරා ගන්නට ඔවුන්ට පුළුවන්. එමඟින් නිය ආරක්ෂා කෙරෙයි.

කැල්සියම් විටමින් අඩංගු බේස් කෝට් දැන් වෙළෙඳසල්වල තිබෙනවා. නිය ආරක්ෂාවට මෙය ගැල්වීම ඉතාමත් සුදුසුයි.

කරන ලද නේල් ආට් එකක් නැවත ඉවත්කර ගැන්මට අවශ්‍ය නම් කිසි විටෙකත් බ්ලේඩ්, උල් පිහි හෝ නේල් කටර්ස් වලින් ඇක්‍රලික් එක කැඩීම, සූරා දැමීම ආදිය කිරීමෙන් වැළකෙන්න. ඉන් ඔබේ නිය පෙළට හානි සිදුවීමේ ඉඩකඩ ඇති බවද මතක තබා ගන්න.

මෙය ඉවත් කිරීමට වෙළෙඳපොළේ තිබෙන නේල් වාර්නිෂ් රිමූවර් භාවිත කළ හැකියි. එය පුළුන් කැබැල්ලකට ගෙන ඉන් නිය පිස දැමිය යුතුයි.

නමුත් ඇක්‍රවිලාසිතා කරන්න කැමති අපේ යුවතියන් අතර Nail Arts දැන් වඩාත් ජනපි‍්‍රය වී තිබෙන විලාසිතාවක්.

නමුත් ඇක්‍රලික් 2 ඩී ඩිසයින් එකක්කර තිබෙන විට එය තමන්ටම ගෙදරදී ඉවත් කර ගැන්ම අපහසුයි. වඩාත්ම සුදුසු දේ වන්නේ ඔබ Nail Arts සිදුකළ තැනටම ගොස් එය ඉවත්කර ගැනීමයි.

පාදවල රෝම ඉවත් කිරීමේදී ඔබ අතින්ද සිදුවිය හැකි වැරැදි...

නාන කාමරයට ගිය විගසම රෝම ඉවත් කිරීම

මූහූණේ කළු ලප එනවා මොකද කරන්නේ

මගේ මූහූණේ අනවශ්‍ය රෝම වැවීම ඉක්මනින්ම සිදුවේ. බ්ලීචිං කී්‍රම් භාවිත කර මෙම ගතිය ඉවත් කළ හැකිද? මූහූණට ත්‍රෙඩින් කිරීම හෝ වැක්ස් කිරීම සූදුසූද?

පිළිතුර

ආයුර්වේද රූපලාවණ්‍යයෙන් දෙපා සත්කාර

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්

නියපොතු ලස්‌සන නැත්නම් වැඩක්‌ නෑ

සුන්දර දෙඅත් පිළිබඳව සැලකිලිමත් වන ඔබට එහි අලංකාරය තව තවත් වැඩිකරන නියපොතු ගැන අමතක කළ නොහැකියි. ඔබගේ නියපොතු ආලේපන මගින් පමණක්‌ අලංකාර කරගත නොහැකි වන අතර එය ආරක්‍ෂා කරගැනීම සඳහා බොහෝ දේවල් සාමාන්‍ය ජීවිතය තුළ ඔබට කරගත හැකියි. එමනිසා නිරෝගිමත් නියපොතු අලංකාරය සඳහා පමණක්‌ම නොව සුන්දර දැත් යුගලක්‌ සඳහා ද ආභරණක්‌ වේ.

මුහුණ වගේම දෙපය ගැනත් හිතන්න

රූපලාවන්‍ය ශිල්පින චන්දිමා සඳමාලි

ලස්‌සන ඈත් කරන ඔබ නොදැන කරන වැරදි ක්‍රියා

ලස්‌සන ගැන කතා කිරීමේදී නිරෝගී, පිරිපුන් සම ප්‍රධාන තැනක්‌ ගන්නවා. සම නිරෝගීව තබා ගැනීමට උත්සාහ කරන බොහෝ යුවතියන්, කාන්තාවන් නොදැන කරන වැරදි නිසාවෙන් සමට අවලස්‌සනක්‌ එකතු කර ගන්නා බව ඔබ මෙතෙක්‌ නොදැන සිටියා විය හැකියි. ඔබ මුහුණ ක්‌ලෙන්ස්‌ කරනවා. ඒ කියන්නේ සමට ගැළපෙන ක්‌ලෙන්සින් එකක්‌ තෝරාගෙන සමේ කුණු ඉවත්කර ගන්නවා. මුහුණ පිරිසිදු කර ගන්නට ක්‌ලෙන්සින් එක භාවිත කලාට ඔබ මුහුණ පිසදමන තුවාය කෙතරම් පවිත්‍රද කියා බලනාවද? සතියකට සැරයක්‌වත් එය සෝදනවාද?

කුණු දුහුවිලි සහිත තුවායෙන් මුහුණ පිසදැමීමේදී ඒවා මුහුණට එකතු වෙනවා. ඉතිං ඔබ, මුදලක්‌ වියදම් කර තෝරාගත් ක්‌ලෙන්සර් එකෙන් නියම ප්‍රතිඵල ලැඛෙන්නේ නැහැ නේද? ඒ නිසා මේ කරුණ හොඳින් මතක තියා ගන්න. මුහුණ පිරිසිදු කර ගැනීමට, මුහුණේ කුණු දුහුවිලි ඉවත්කර ගැනීමට ඔබ තෝරාගත් ක්‌ලෙන්සර් එක මුහුණට භාවිතා කර මුහුණ සේදීමෙන් පසු පිරිසිදු කපු රෙදි කෑල්ලකින් මුහුණ පිසදමන්න. මුහුණ පිසදැමීමෙන් පසු එම රෙදි කෑල්ල සෝදන්නත් අමතක කරන්න එපා. එවිට, නැවත ඊළඟ දිනට ඔබ භාවිතා කරන්නේ සෝදා තැබූ පිරිසිදු රෙදි කඩක්‌.

ක්‌ලෙන්සර් එක භාවිතා කිරීමේදී මුහුණට වගේම ඛෙල්ලටත් ක්‌ලෙන්සර් එක ආලේප කිරීමට මතක තබා ගැනීමත් වැදගත් කරුණක්‌. මුහුණේ ලස්‌සන ගැන කතා කිරීමේදී මුහුණට බලපෑමක්‌ වන ලෙසට බොහෝ කාන්තාවන් යුවතියන් කරන තවත් වරදක්‌ තිඛෙනවා. ඔබට ගැළපෙන ශැම්පෝ වර්ගය තෝරාගත් ඔබ එය හිස ගල්වා හිස මදක්‌ සම්භාහනය කර හිස සෝදනවා. ඔබ හිස සෝදන්නේ කොහොමද? හිසේ තිඛෙන ශැම්පෝ ටික ඔක්‌කෝම ඔබේ මුහුණට වැටෙන ලෙස නේද? ඒක හරිම වැරදි ක්‍රියාවක්‌. හිස ශැම්පෝ කර හිසේ ඇති ශැම්පෝ සෝදා ඉවත්කළ යුත්තේ මුහුණට සහ ඇඟට නොවැටෙන ලෙසටයි. ශැම්පෝ තිඛෙන්නේ මුහුණටවත්, සිරුරටවත් නොවෙයි. ශැම්පෝ මුහුණට වැටීමෙන් මුහුණට හිසේ ඇති කුණු දුහුවිලි සියල්ලම එකතු වෙනවා. මෙන්න මෙවැනි දේ ඔබ එතරම් අවධානයක්‌ නොකරන කරුණු වුවත් ඔබේ ලස්‌සන ඔඛෙන් ඈත්වීමට මෙවැනි කරුණු තදින්ම බලපාන්නට පුළුවන් බව අමතක කරන්නට එපා

කාන්තාවන් දෙපාවල පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා ප්‍රමාණවත් ද?

තමන්ගේ විලුඹ කොටසින් පහළ පාදය ගැන අපි දක්වන සැලකිල්ල ප්‍රමාණවත් ද? ශරීරයේ වැඩිපූර කුණූ තැවරෙන්නට ඉඩකඩ ඇති තැන මෙතනැයි කීවොත් එය ඉතාම නිවැරදියි. මේ තැන කාන්තාවක් ලෙස පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් බව අමතක නොකරන්න.කකුල් අපිරිසිදුව තිඛෙනවා නම් ඒවා පැලෙන්නට ඉඩකඩ ඇත. පැලීම නිසා තවතවත් අපිරිසිදු වෙන්නට පූළුවන්. කොහොම වූණත් දේශගුණික හේතුන් මතත් කකුල් පැලෙන්නට පූළුවන් බව අප විසින් අවධාරණය කර ගත යූත්තකි. කකුල් පිරිසිදුව තබා ගැනීම දෑනටමත් කර නැත්නම් ඒවා පිරිසිදු කරගන්නා හැටිත් පැලුණූ දෙපා යළි යථා තත්ත්වයට ගෙන ඒමටත් පූංචි සත්කාරයක් කියා දෙන්නට මම මේ ලිපියෙන් අදහස් කරමි.

අනවශ්‍ය ලෙස මස්පිඩු ඒල්ලා වැටීම වළක්වමු.

කාන්තාවකගේ මස්පිඩු ඕනෑවට වඩා මහත්වීම හා අනවශ්‍ය ලෙස මස්පිඩු ඒල්ලා වැටීම සිරුරේ හැඩයට අහිතකර ලෙස බලපායි.

අනවශ්‍ය මස්පිඩු හා එල්ලා වැටෙන පස්පිඩු නැතිකර ගැනිම සදහා පිහිනීම, පිටි කෙටිම, ඇඹරීම් වැනි කාර්යයන්හි නිරතවීම හොද ව්‍යායාමයකි. එමෙන්ම බැඩිමින්ටන්, ෙටිබල් ටෙනිස් වැනි කි්‍රඩාවල හො අතපය වෙහෙසන වෙනත් සරල කි්‍රඩාවල යෙදීමෙන්ද අත්වල මස්පිඩු අඩුකර ගත හැකිය.

මුහුණට දෙන සාත්තුව දෙපාවලටත් දෙන්න

නිරෝගීමත් පා යුගළක් සඳහා සම්බාහනය සුදුසුය. එසේ වුවත් පාද වතුරේ දමා ගෙන සිටීමෙන් හෝ ජලයෙන් සේදීමෙන් මුළු ගතම ප්‍රබෝධමත් වෙයි. සමකාසන්නයේ පිහිටි උෂ්ණාධික රටක් වන ලංකාවේ අපට අත්, පාද හා මුහුණ අවදි වූ විගස කෑමට පෙර නින්දට පෙර සේදීමෙන් ගතට අපූරු ප්‍රබෝධයක් ඇති වෙයි.

පාදවල දුගඳ නැසීමට

මද උණුසුම් ජලයට

More News »

add_one