Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

හරියට දුක දැනුණොත්...

හරියට දුක දැනුණොත්...

සීතා පද්මිනි ලියනගේ

දුක්ඛ සත්‍යය නිසියුරු වටහාගැන්මට අත්වැලක් සපයන ලිපි පෙළක අවසන් කොටසයි. ඉකුත් දෙසැම්බර්, ජනවාරි නමස්කාර කලාපයන්හි මෙහි මුල් කොටස් පළ විය.

ර්‍ණසියලු පාපයන්ගෙන් මිදෙන්න, කුසලයන් උපදවාගන්න, සිත දමනය කරගන්න, මේ සියලු බුදුවරයන්ගේ අවවාදයයි, යන අර්ථය දෙන ධම්මපද ගාථාවෙන් මුළු බුද්ධ දේශනයන්ම කැටි කොට දක්වා ඇතැයි හැඟෙනවා.

සියලු පාපයන්ගෙන් මිදීම කියන්නේ සිත, කය, වචනය යන තුන් දොරින්ම සිදු වන අකුසලයන්ගෙන් මිදීමයි. පංච ශීලය, ආජීව අෂ්ටමක ශීලය ආදි ශීලයන් ආරක්ෂා කරගැනීමෙන් කය, වචනය සංවර කරගත හැකියි. ඇස, කන, නාසය ආදි ඉන්ද්‍රියන් සංවර කරගැනීමෙන් සිතේ සංවරය දියුණු වෙනවා. රූප, ශබ්ද ආදියෙන් ලැඛෙන මානසික තෘප්තිය නිසා සිත මුළාවට පත් වෙනවා. ඒවායේ අනිත්‍ය බව, අප අවබෝධ කරගත යුතුයි. ආස්වාදය නිසා ලැඛෙන සංසාර දුක අප දැනගත යුතුයි. මොහොතක ආස්වාදය කල්ප ගණන් අපා දුක් ගෙන දෙන කාරණයක් විය හැකියි. පංචස්කන්ධ ධර්ම සකස් වෙන්නේ මේ ඉන්ද්‍රියන් උපකාර කරගෙනමයි.

ඒ නිසා සකස් වන පංච ස්කන්ධයේ අනිත්‍ය-දුක්ඛ-අනාත්ම ලක්ෂණය අවබෝධ කරගෙන නුවණින් දකින්නට විදර්ශනා භාවනාවක් දියුණු කරගන්නට උත්සාහ කළ යුතුයි. එවිට පංච ස්කන්ධ ධර්මවල ඇති යථා තත්ත්වය නුවණින් දැකිය හැකියි. කිසිම හරයක් නැති හිස් දෙයක්, ඉතිරි වන දෙයක් නැහැ. අනිත්‍ය-දුක්ඛ-අනාත්ම බව, ශූන්‍ය බව දකින විට ඇසින් දකින රූපයට ඇති කැමැත්ත අඩු වෙනවා∙ නාසයෙන් දැනෙන ගඳ-සුවඳ කෙරෙහි ඇති වන කැමැත්ත ටිකෙන් ටික අඩු වෙනවා∙ කනෙන් ඇසෙන ශබ්දය කෙරෙහි දක්වන ආශාව අඩු වෙනවා∙ දිවට දැනෙන රසයට ඇති වන ගිජු බව අඩු වෙනවා∙ කයට දැනෙන පහසට ඇති වන ආශාව අඩු වෙනවා. මනසට එන අරමුණුවල යථා ස්වභාවය නුවණින් දකින විට අරමුණුවලින් විඳින ආස්වාදයේ ආදීනවය අවබෝධ වෙනවා. එවිට සිතිවිලිවලට ඇති කැමැත්ත, ආශාව ටිකෙන් ටික අඩු වෙනවා. සිත සංවර වීම ටිකෙන් ටික ඇති වෙනවා.

සිතිවිලි නිසා දැඩි ලෝභය, ද්වේෂය, ඇති වන්නේ සිතෙන්ම ඇති වන අනවබෝධය (මුළාව) නිසයි. සිහිනුවණින් සිතේ සහ කයේ ස්වභාවය විදර්ශනා භාවනාවකින් අවබෝධ කරගන්නා විට සම්මා සති, සම්මා සමාධි ආදි ආර්ය මාර්ගයේ අංගයන් දියුණු වෙනවා. සතර සතිපට්ඨාන සූත්‍රයේ භාවනාව දියුණු කරගැනීමට අවශ්‍ය උපදෙස් සියල්ල පෙන්වා දී තිඛෙනවා∙ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව දියුණු කරගැනීමේ මාර්ගය පෙන්වා දී තිඛෙනවා. නිවනට ඇති එකම මාර්ගය සතර සතිපට්ඨානය වැඩීම බව බුදු පියාණන් දේශනා කර තිඛෙනවා.

සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන අවස්ථා හතරකින් නිවන් මාර්ගය සම්පූර්ණ වන විට අවිද්‍යාව මුළුමනින්ම සිතෙන් ඉවත් වෙනවා. සියලු සංස්කාරවල අනිත්‍ය බව එවැනි උත්තම තත්ත්වයට පත් වූ කෙනෙක් දකිනවා∙ දුක් ස්වභාවය දකිනවා∙ අනාත්ම ස්වභාවය දකිනවා∙ ක්ෂය වෙමින් යන ස්වභාවය දකිනවා∙ නිරුද්ධ වී යන බව අවබෝධයෙන් දකිනවා.

අඩු වශයෙන් සෝවාන් මාර්ග ඵලය සාක්ෂාත් කරගැනීමට වත් උත්සාහ කිරීම ඉතාම වටිනා දෙයක්. සක්විති රජකමටත් වඩා සෝවාන් වීම උතුම් බව ධම්මපදයේ දක්වා තිඛෙනවා. සතර අපා දුකින් නිදහස් වීමට ඇති එකම විසඳුම එයයි. ශ්‍රී බුද්ධර්මය අකාලික වූ දහමක්. උත්සාහය, සිහි නුවණ දියුණු කිරීම, ධර්ම ශ්‍රවණය, කලණ මිතුරු ඇසුර ඇත් නම් සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙන සිත දියුණු කරගැනීමට කිසිම බාධාවක් නැහැ. අවශ්‍ය වන්නේ ඒ සඳහා කැමැත්තයි. ඒ වගේම ස්ථිර අධිෂ්ඨානයක් තිබිය යුතුයි∙ වීරිය වැඩිය යුතුයි∙ නුවණින් ධර්මය විමසා බැලිය යුතුයි.

සෝවාන් වූ කෙනකුගේ සිතේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි අචල විශ්වාසයක්, ශ්‍රද්ධාවක් ගොඩනැඟෙනවා. සක්කාය දිට්ඨිය හෙවත් ආත්ම දෘෂ්ටිය සිතින් නැතිව යන බව ධර්මයේ සඳහන් වෙනවා. හේතූන් නිසා හටගන්නා වූ නාම රූප පරම්පරාවක් ඇතැයි නුවණින් අවබෝධ කරගන්නවා. හේතූන් නිරුද්ධ වී යෑමෙන් නාම-රූප හට ගැනීම නවතින බව නුවණින් දකිනවා. මෙවැනි අවබෝධයක් ලැඛෙන විට වෙනත් සීල ව්‍රත ගැන ඇති විශ්වාසය මිථ්‍යාවක් බව හැඟෙනවා. බුදු පියාණන් පෙන්වා දුන් ආර්ය මාර්ගයෙන් හැර වෙනත් කිසිම ක්‍රමයකින් සසර ගමනින් මිදීමට නොහැකි බව වැටහෙනවා. ඒ නිසා සෝවාන් වූ කෙනකු සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජනවලින් නිදහස් වෙනවා∙ ඒ සංයෝජනවලින් සිත බැඳ තැබූ අවිද්‍යාව නැති වෙනවා.

ඊළඟට බුදු පියාණන් සකෘදාගාමි මාර්ග ඵල සාක්ෂාත් කළ අයකුගේ කාම රාග, පටිඝ සංයෝජන ධර්ම තරමක් ලිහිල් වන බව දක්වා තිඛෙනවා. කාම රාග-පටිඝ සංයෝජන ධර්ම අනාගාමි වන විට සම්පූර්ණයෙන්ම නැති වන බව බුද්ධ දේශනයයි. අර්හත් මාර්ග ඵල ලබද්දී රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජන ධර්ම ප්‍රහීණ වන බව ධර්මයේ සඳහන් වෙනවා.

එවිට ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් සම්පූර්ණයෙන්ම සිතින් ඉවත් වෙනවා∙ අනිත්‍ය වූ සංස්කාර නිත්‍ය ලෙස ගන්නා මුළාවෙන් නිදහස් වෙනවා∙ දුකක් වූ සංස්කාර සුවයක් ලෙස ගන්නා මුළාවෙන් නිදහස් වෙනවා∙ අනාත්ම වූ සංස්කාර ආත්ම වශයෙන් ගන්නා මුළාවෙන් නිදහස් වෙනවා∙ සතුටින් උපාදාන කරන සංස්කාර කලකිරීමෙන් අතහැර-දමනවා∙ පංචස්කන්ධ ලෝකයම අත්හැර-දමනවා.

සුවයක් ලෙස මුළාවෙන් අත්විඳින දුක නිසි ලෙස වටහාගැනීමේ නුවණැස සැමට පහළ වේවා` සැමට පරම සුවය වූ නිවනට අත්විඳීම වේවා`
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...