Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

ඕපාදූප

ඕපාදූප

පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි

නරක ඕපාදූප මෙන්ම හොඳ ඕපාදූපද ඇති බව පවසන මේ හිමියෝ ඕපාදූප කීම හා ඇසීම පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයෙන් කරුණු විමසා බලති.

ඕපාදූප කීමත් ඕපාදූප ඇසීමත් නිසා බොහෝම බරපතළ ප්‍රශ්න ඇති වෙනවා. ඒත් කිසිම කෙනෙක් ඕපාදූප කීමේ වරදින් සහමුලින්ම තොර අයයැයි මා කොහොමට වත් සිතන්නේ නැහැ. ඕපාදූප කීම බොහෝම චිත්තාකර්ෂය, ඒ වගේම සිත් කුල්මත් කරන කටයුත්තක්`

එසේ වුණත් අවාසනාවකට වගේ ඕපාදූප නිසා අප අතර නොයෙකුත් විදිහේ ගැටලු මතු වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඕපාදූප කීම එතරම් යහපත් දෙයක් නොවෙයි. ඒ නිසා ඕපාදූප කීමෙන් වැළකෙන්න පුළුවන් නම් ඉතා හොඳයි. මම අද ඕපාදූප කියන්නේ කුමක්ද? ඕපාදූප කීමේ අනිෂ්ට ප්‍රතිඵල නැත් නම් විපාක මොනවාද? එයින් වැළකී සිටීමේ යහපත කුමක්ද? යන කාරණා ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඕපාදූප කීමෙන් වැළකෙන්නට පුළුවන් නම් අපට වඩාත් සාමකාමි ඒ වාගේම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න ඉඩ ලැඛෙනවා.

ඕපාදූප කීමෙන් සිදු වන ලොකුම හානිය මෙන්න මේකයි. අපට යමක් අසන්න ලැඛෙනවා. මේ ඇසූ දේ ඇත්තටම සිදු වුණාද-නැද්ද? මේක නිවැරැදිද? කියා සොයාබැලීමක් නොකර අපි මේ ඕපාදූප පතුරවනවා. ඊට පස්සේ අපි පැතිරවූ ඕපාදූපය ඇත්තටම සිද්ධ වුණු දෙයක් නොවන බවත්, වැරදි ආරංචියක් බවත් දැනගත්තාම අපි මහත් අසීරුවට පත් වෙනවා.

බෞද්ධ භික්ෂුවක් විදිහට මාද අනිත් කිසිවකු තරමට ඕපාදූපවලට ගොදුරු වෙනවා. මම දැන් මට සම්බන්ධ උදාහරණයක්ම කියන්නම්.

මා තායිලන්තය, සිංගප්පූරුව වගේ රටවල සංචාරයකින් පස්සේ බොහෝම තෙහෙට්ටුවට පත් වී සිටි අවස්ථාවක මට දායකයන් කිහිප දෙනෙක් මුණගැසුණා. ර්‍ණමා මේ දැන් සිංගප්පූරුවේ සිට ආවේ. එහෙදි මට හරිම පියකරු ගැහැනු ළමයෙක් මුණගැසුණා. මා ඇය විවාහ කරනවා යැයි මම ඔවුන්ට කිව්වා. මම ඔවුන්ට කිව්වේ ෂ ්ප ටදසබට එද ප්රරහ යැර කියා.

ර්‍ණහත්දෙයියනේ` බ්‍රහ්මවංසෝ හාමුදුරුවෝ සිංගප්පූරුවේ ළමිස්සියක් බැඳගන්න හදනවාද? අපි තවත් ඔබ වහන්සේට සිංගප්පූරුව පැත්ත පළාතකට යන්න ඉඩ තියන්නෙ නැහැ` කියා ඔවුන් කෑගසන්න පටන් ගත්තා.

මට ඒ සැරේ ඔවුන්ට කරුණු-කාරණා විස්තර කර දෙන්න සිදු වුණා. මම ඇය විවාහ කරනවායැයි කීවේ ඇය විවාහ කරගැනීමක් නොවන විත්තියත්, බෞද්ධ චාරිත්‍ර-වාරිත්‍රවලට අනුකූලව ඇගේ විවාහ මංගල්ලය කිරීමේ කටයුත්ත කිරීම බවත් ඔවුන්ට පැහැදිලි කළා.

සමහර වෙලාවට මා මෙහෙම කරුණු පැහැදිලි කළාම, සමහරුන්ගේ බලාපොරොත්තු කඩ වෙනවා. හොඳ ඕපාදූපයක් පතුරවන්න තිබුණ කදිම අවස්ථාවක් නැති වුණා කියලා ඔවුන් සිත් තැවුලට පත් වෙනවා. මිනිසුන් ඕපාදූප කීමෙන් මේ තරම් විනෝදාස්වාදයක් ලබන්නේ ඇයි? මක් නිසාද යත් බොහෝම සරල වචන කිහිපයක්, නැත් නම් සරල ක්‍රියාවක් වුණත් බොහෝම ලෙහෙසියෙන් වැරදි විදිහට තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒ මගින් නොයෙකුත් ප්‍රශ්න හා ගැටලු ඇති වෙන්නත් ඉඩ තියෙනවා.

මේ නිසා ඕපාදූපයක් පතුරවන්නට පෙර මුලින්ම නිසැක වශයෙන් කළ යුතු දෙයක් වන්නේ අප මේ කියන්නට යන කතාව ඇත්තක්දැයි සොයා බැලීමයි. අප පතුරවන්න යන ඕපාදූපය ඇත්තක් වුණත්, ඇයි මේ ඕපාදූපය තවත් කෙනෙකුට කියන්නේ? කියා සිතා බැලිය යුතුයි.

මිනිස්සු නරක දේවල් ගැන, නිෂේධාත්මක දේවල් ගැන ඕපදූප පතුරවන්න වැඩිය කැමැතියි. වෙනත් කෙනකුගේ නරකක්, නිෂේධාත්මක දෙයක් ගැන කියන ඕපාදූප පතුරවන්න මේ හැටි උනන්දු ඇයි? ඒකට මුල්ම හේතුව අප තරගකාරි සමාජයක ජීවත් වීමයි. මේ නිසා අපේ හැකියාවන් ඉක්මවා යමින්, අපට වඩා ඉහළින් තවත් කෙනෙක් බැබළෙනවා දකින්න අප කැමැති නැහැ. ඒ නිසා විශිෂ්ටත්වය කරා ළඟා වන්න, අනුන් ඉක්මවා බැබළෙන්න, මුදුනා වෙන්න කරන්න පුළුවන් එක් දෙයක් තමයි අපට තරගයක් වෙන්න පුළුවන් අනික් අය පහතට ඇදදැමීම∙ අනිත් අය පහත් කොට සැලකීම.

විශේෂයෙන්ම තමන් තරගකාරි ක්ෂේත්‍රයක සිටින විට තමන් මතු වීමට නම් අනුන් පහත් කොට සැලකීමට පෙලඹීමක් ඇති වෙනවා. මගේ ක්ෂේත්‍රය ආගමයි. මේ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ මගේ වැයික්කියයි. සමහර විට මගේ ක්ෂේත්‍රයේ මුදුනා වෙන්නට මට තරගයක් විය හැකි අනිත් අය පහත් කොට සැලකීමට, පහතට හෙළා ඕපාදූප පැතිරවීමට ඉඩ තියෙනවා`

ආගම් හෙළා දැකීම ගැන කියන විට මට සිහිපත් වෙන එක වැදගත් කාරණයක් තිඛෙනවා. බුද්ධාගම අනෙක් ආගම් කෙරෙහි පවතින්නේ කෙසේද යන්න එක්තරා කුලුනක (ඉන්දියාවේ තැනින් තැන මෙවැනි කුලුනු බොහෝ ගණනක් තිඛෙනවා) ඉන්දියාවේ එවකට සිටි අධිරාජයෙක් අවුරුදු 2300කට විතර ඉස්සර සටහන් කළ ඡේදයක් මෙන්න මෙසේ සටහන් කර තිඛෙනවා

ර්‍ණකවුරුන් හෝ වෙනත් ආගමකට ගරහන්නේ නම් හෝ විවේචනය කරන්නේ නම් හෝ ඔහු තමා අදහන ආගම පහතට හෙළාදමයි.

මෙය සටහන් කළේ අශෝක රජතුමා ඉන්දියාවේ මුල්ම බෞද්ධ අධිරාජයා. මෙය කදිම කියමනක්.

ඔබ වෙනත් ආගමක් විතරක් නොව, වෙනත් කෙනකු වුව පහත් කොට සලකන්නේ නම්, නැත් නම් විවේචනය කරන්නේ නම් එයින් ඔබ විදහා දක්වන්නේ ඔබේ අනුවණකමයි∙ අනුකම්පාවක් නැති බවයි. විශේෂයෙන්ම තවත් ආගමක් ඔබ ගරහන්නේ නම් පහත් කොට සලකන්නේ නම් එයින් පිළිබිඹු වන්නේ ඔබ අදහන ආගම ගැන ඔබේ සිත තුළ කිසිම දයානුකම්පාවක් නැති බවයි.

අනෙක් අතට අනෙක් අය පහතට ඇදහෙළීම මගින් අප ඉහළට යන්නේ නැහැ. අනෙක් අය ගැන භයානක කතා, නරක කතා පතුරුවාහැරීම මගින් මම මුදුනා වෙනවායැයි හිතුවත් එය එසේ සිදු වන්නේ නැහැ, එයින් පිළිබිඹු වන්නේ ඔබේ ආධ්‍යාත්මික දුර්වලකම. අනෙක් අයගේ අගුණ කියමින් ඔවුන් ගැන අවලාද කියමින් පහත් කොට සලකා ඕපාදූප දෙඩීමෙන් සිදු වන්නේ ඔබ පිරිහීමයි∙ ඔබ පහත් තත්ත්වයට ඇදහෙළීමයි. ඔබ මෙය තේරුම් ගත් විට, අනිත් අය ගැන ඕපාදූප කියකියා යෑම හොඳ දෙයක් නොවන විත්තිය ඔබට ඒත්තු යනවා ඇති.

එසේ වුවත් මා කැමැති එක්තරා ජාතියක ඕපාදූප වර්ගයක්ද තිඛෙනවා. ඒ වර්ගයේ ඕපාදූප කීම උනන්දු කළ යුතුයැයි මා සිතනවා. ඒ තමයි යහපත් දේවල් ගැන ඕපාදූප කීම. තවත් විදිහකින් කිව්වොත් ඔබට කිසිවකු ගැන ප්‍රශංසාත්මක යමක් කියන්න පුළුවන් නම්, කෙනෙකු පහතට හෙළන විදිහේ ඕපාදූපයක් වෙනුවට ඔහුගේ ජයග්‍රහණයක් නැත් නම් සාර්ථකභාවයක් ගැන අගය කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳද? එය කෙනෙක් ප්‍රබෝධවත් කිරීමක්, ඉහළට ඔසවා තැබීමක්.

ඔබට කාර්යාලයේ සිට ගෙදර ඇවිත් කාර්යාලයේ සිදු වූ යහපත් දෙයක් ගැන උදම් අනන්න පුළුවන්∙ සතුටු වෙන්න පුළුවන්.

තරගකාරි සමාජයක ඕපාදූප කීම මගින් අනිත් අය පහතට හෙළන්න අසුබ දේවල් කියන්න යෑමෙන් නරක දෙයක් ඇති වෙනවා. නිතරම අනිත් අය ගැන නරක කතා කිරීමෙන්, නිෂේධාත්මක දේවල් පමණක් කීමෙන් හා ඇසීමෙන් හානියක් සිදු වෙන්න පුළුවන්. මක් නිසාද යත් ඒ වගේ අසුභවාදි දේවල් ගැන පමණක් කතා කිරීමෙන්, ඇසීමෙන් මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන්. එක දිගටම මේ අසුභවාදී කතා ඇසීම, දෙඩවීම නිසා සියදිවි නසාගැනීම් පවා ඇති වෙනවා.

මිනිසුන් හැම විටම හැම දෙයකම නරක පැත්ත, හැම දෙයක වැරැද්ද පමණක් සොයන විට හැම දෙයක්ම භයංකර විදිහට පෙනෙනවා. අසුභවාදී ඕපාදූප නිසා භය, වෛරය, වරදකාරිභාවය, බලාපොරොත්තු කඩ වීම වැනි බරපතළ ප්‍රතිවිපාක ඇති වෙනවා. එවැනි තත්ත්වයක් මානසික සෞඛ්‍යයට, ශාරීරික සෞඛ්‍යයට මෙන්ම සමාජයේ යහ පැවැත්මටත් හානි කරනවා.

කවදාවත් කිසිම කෙනකුගේ නරකක් නොකියන තැනැත්තකු ගැන පොතක කියවූ කතාවක් මගේ මතකයට එනවා. ඔහු කිසිම දවසක කවුරුවත් ගැන නරකක් කියන්නේ නෑ. අනිත් අය කිසිවකු ගැන නරකක්, අසුභවාදී කතාවක්, පහත් කොට සලකා කතා කිරීමක් කරන අවස්ථාවලත් ඔහු යහපතක් සොයා ඒ ගැන කතා කරනවා. ඔහුගේ මේ යහගුණය අනික් අයට අරුමයක් වුණා. ඒ මොකද කිව්වොත්, කවදාවත් තවත් කිසිවෙකු පහතට හෙළීමක් දොස් කීමක් ඔහු අතින් සිදු වන්නේ නැහැ.

ඒ සැරේ ඔහුගේ යාළුවෝ එක දවසක් ඔහුට මෙහෙම කිව්වා

ර්‍ණඔබ හැම වේලාවෙම හැම කෙනෙකුගේම හොඳක් විතරයි කියන්නේ. එහෙනම් හිට්ලර් නම් සමූහ ඝාතකයා, කුරිරු ඒකාධිපතියා ගැන යහපත් යමක් කියන්න. ඔවුන් ඔහුට අභියෝග කළා. ර්‍ණහිට්ලර් කියන්නේ දස ලක්ෂ ගණනක් යුදෙව්වන් මරාදැමූ මිනීමරුවෙක්. ඔහු ගැන යහපත් දෙයක් කියන්න. ඔවුන් ඔහුට කිව්වා.

ර්‍ණඔව්. හිට්ලර් ඔහුගේ ක්ෂේත්‍රයේ නායකයෙක් ර්‍ණ්‍යැ සි ් කැ්ාැර දෙ යසි සෙැකා. ඔහු උත්තර දුන්නා.

පුද්ගලයන්ගේ නරක ගැන නොකියා හොඳක් කියන්න පුළුවන් විත්තිය මේ කතාවෙන් පෙනෙනවා. ඇත්තටම ඕනකමක් තියෙනවා නම් ඔබටත් එය කරන්න පුළුවන්.

මිනිසුන්ගේ නුගුණ කතා කිරීම වෙනුවට ඔවුන්ගේ යහගුණ කතා කිරීම ගැන මම ඔබට තවත් පුංචි කතාවක් කියන්නම්. මෙය හිටපු අග්‍රආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් ඩීන් පැවසූ කතාවක්.

ර්‍ණඅමෙරිකා එක්සත් ජනපදයේ බොහෝම ධනවත් ප්‍රභූ පවුලක් හිටියා. මේ පවුලේ ඇත්තන්ට ඔවුන්ගේ පවුලේ වංශකතාව ලියන්න ඕන වුණා. මේ වගේ කටයුත්තක් කරන්නට පුළුවන් තරම් හැකියාවක් තිඛෙන කෙනෙක් ඔවුන්ගේ පවුල්වල නොසිටි නිසා පවුලේ වංශකතාව ලියන්න බොහෝම දක්ෂ ලේඛකයෙක් කුලියට ගත්තා.

ර්‍ණඅපේ පරම්පරාව ගැන පර්යේෂණයක් කර, අපේ පවුලේ ඉතිහාසය ලිවීමේ වගකීම ඔබට පවරනවා. පරම්පරාවෙන් පරම්පරාවට ආ අපේ පවුලේ ඉතිහාස කතාව ලියන්න. ඒත් සැමවිටම සත්‍යයම ලියන්න. තවත් දෙයක් කියන්න තියෙනවා. අපේ පවුලේ කීර්තියට හානි වෙන කිසිම දෙයක් නොලියන්නත් පරිස්සම් වෙන්න, ඔවුන් ඔහුට කිව්වා.

ර්‍ණඒත් අපටත් බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. අපේ පවුලේ එකම එක නරක කෙනෙක් හිටියා. ඕනෑම පවුලක එහෙම අය ඉන්න පුළුවන්. මේ කියන අපේ ඥාතියා ස්ත්‍රී දූෂණයකට වරදකරු වී විදුලි පුටුවේ හිඳුවා මරාදමන්නට තීන්දු වුණා.

මේ පවුලේ වංශ කතාව ලියන මේ ගත්කරුවාට මේක බරපතළ ප්‍රශ්නයක් වුණා. මේ කතාවත් මේ වංශවත් පවුලට නින්දාවක් නොවන විදිහට ලියන්න ඕන කියා ඔහු සිතාගත්තා. සමහර විට මේ ගත්කරුවා දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්` ඒ මොකද කිව්වොත් ඔහු මෙසේ ලිව්වා

ර්‍ණමේ පවුලේ අසවල් මාමා, සිය ජීවිතයේ අවසාන භාගයේදී බොහෝම ප්‍රසිද්ධ රාජ්‍ය ආයතනයකට ඇතුළු කරගත්තා. එහිදී ඔහුගේ ජීවිතය අවසන් වුණේ ඉතා කීර්තිමත් ආසනයක් මතයි. ඔහුට මරණය ළඟා වුණේ කම්පනයක් හේතු කොටගෙනයි.

මේක සත්‍ය කතාවක්. නරක ඕපාදූප පතුරවනවා වෙනුවට ගුණාත්මක දේවල් හුවා දක්වන්නෙක් විදිහට එම ගත්කතුවරයා අගය කරන්න පුළුවන් නේද?

ඕපාදූප කියනවා නම් අනිත් පුද්ගලයන් ගැන අසුභවාදී දේවල්, නිෂේධාත්මක දේවල් හුවා දක්වනවා වෙනුවට ඔවුන්ගේ යහගුණ ගැන, ගුණ යහපත්කම් සම්බන්ධ දේවල් කියන්න. මක් නිසාද යත් යහගුණ කීම නිසා මනුෂ්‍යවර්ගයා ප්‍රබෝධවත් වෙනවා∙ දිරි ගැන්වෙනවා. අපට හොඳ ආරංචි, ගුණාත්මක ආරංචි අසන්නට ලැඛෙනවා නම් අපේ ශක්තිය වැඩි වෙනවා∙ අපේ බලාපොරොත්තු වැඩි වෙනවා. මේ ජීවිතය නරක දෙයක් නොවෙයි කියා සුභවාදී හැඟීම් ඇති වෙනවා∙ ඒ වගේම අනිත් පුද්ගලයන්ගේ යහගුණ අගය කිරීමට අප පෙලඹෙනවා. අප ලෝකයේ පවතින යහපත්කම ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන විට ඒ වගේ යහපත් දේවල් සඳහා දායක වීමට අප තුළ පෙලඹීමක්, උනන්දුවක් ඇති වෙනවා. පුද්ගලයන් අප ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන විට තව තවත් යහපත් වීමට අප තුළ උනන්දුවක් ඇති වෙනවා∙ මේ ලෝකය ජීවත් වීමට යහපත් තැනක් යන හැඟීම අප තුළ ඇති වෙනවා.

අනෙක් අය ගැන විවේචනය කිරීම, ඔවුන් ගැන අවලාද කතා කිරීම මගින් සිදු වන්නේ මෙහි අනෙක් පැත්ත. නිතරම අනෙක් අයගේ නරක ගැන කියවෙන දේවල් අපට ඇහෙන විට නරක දේවල් කිරීමට පෙලඹීමක් ඇති වෙනවා. ලෝකය මේ තරම්ම අයහපත් නම් අපිත් නරක දේවල් කළාට වැරැද්දක් නැහැ නේද කියලා අපට සිතෙනවා.

මේ නිසා හොඳ දේවල් ගැන, ලස්සන දේවල් ගැන, යහපත් දේවල් ගැන විතරක් ඕපාදූප කියන්න. කන්තෝරුවේ ඔබ දන්නා හඳුනන ඔබේ සගයින් කළ-කී හොඳ දේවල් ගැන විතරක් ඕපාදූප කියන්න. ඒ වගේ සුභවාදී මනසක් ඔබ තුළ වර්ධනය වීම සමග ඔබ ආධ්‍යාත්මිකවද යහපත් වෙනවා. ඔබේ හිතේ සතුට නිසා ඔබේ ප්‍රබෝධය, උනන්දුව තවත් වැඩි වී මෙම ලෝකය තුළ සහජීවනයක් පැතිරවීමට ඔබේ දායකත්වය වැඩි වෙනවා.

එක් ආගමක් අනික් ආගමක් විවේචනය කිරීම නිසා ආගමික යුද්ධ පවා ඇති වී තිඛෙනවා. ඒ වෙනුවට එකිනෙකා ප්‍රශංසා කරගැනීම කොතරම් කදිමද? අප අතර වෙනස්කම් හා විවේචන තිබුණත් පුංචියට වුණත් කැරෙන ප්‍රශංසාවකින් සහජීවනය ඇති වෙනවා.

තරගකාරී විවේචනවල (ක‍දපචැඑසඑසඩැ ක‍රසඑසිසිප) එක් අංගයක් තමයි ඕපාදූප. මේ තරගකාරිත්වය අපට ආවේ කොතනින්ද? අප ජීවත් වන සමාජය දිහා බැලුවාම අප ඉතා කුඩා කාලයේදීම පාසල තුළ ඇති වන තරගකාරිත්වයට ගොදුරු වෙනවා. පාසල තුළදී අප පන්තිවලට ඛෙදා තිඛෙනවා. අනිත් අයට වඩා හොඳින් වැඩ කරන්න, අපේ දෙමාපියෝ නිතරම අප උනන්දු කරනවා.

මෙය ළමයින්ට ප්‍රශ්නයක්. මක් නිසාද යත් අපේ ළමයින්ගෙන් බාගයක් විතරයි සමාජයට ඉහළින් (්ඉදඩැ ්ඩැර්ටැ) ඉන්නේ. ළමයින්ගෙන් බාගයක් විතර සාමාන්‍යයට පහළින් ඉන්න පුළුවන්. ඒ කියන්නේ 50%ක් සාමාන්‍යයට ඉහළින්. තවත් ළමයින් 50%ක් සාමාන්‍යයට පහළින්. මේක අපි තේරුම් නොගෙන අප ළමයින්ට ඉහළින්ම සමත් වෙන්න කියා බල කරනවා. ඔවුන් තරගකාරිත්වයට තල්ලු කරනවා. මේ නිසා සමාජය තුළ සහයෝගයෙන් වැඩ කිරීම වෙනුවට තරගකාරි බව තියුණු වෙනවා.

මා මේ නිසා නිතරම එක් යෝජනාවක් කරනවා. එය දැන් පවතින තරගකාරි තත්ත්වයට හොඳ විසදුමක්යැයි මා සිතනවා.

මගේ යෝජනාව මේකයි පාසල්වල පවත්වන විභාගවලදී 60%ක් පෞද්ගලික සාධනය සඳහාත්, ඉතිරි 40%ක් මුළු පන්තිය සඳහාත් ලබාදීමේ ක්‍රමයක් අනුගමනය කරන්න බැරිද? පන්තියේ ඔක්කොම අය සහයෝගයෙන් යුතුව හොඳින් වැඩ නොකළොත් පන්ති මට්ටමේ ලකුණු පහළ වැටෙනවා. ඒ නිසා පන්තියේ සියලු දෙනාම උනන්දු වෙනවා. විශේෂයෙන් පන්තියේ ඉහළ ලකුණු ලබන ළමයි තමන්ගේ සීමාවෙන් බැහැර නොවී දුර්වල ළමයින්ට උදව් වෙන්න කටයුතු කරාවි. මක් නිසාද යත් ඔවුන් දුර්වලයන්ට උදව් කළ විට පන්තියේ ලකුණු මට්ටම ඉහළ ගොස් ඔවුන්ගේ ලකුණුද ඉහළ යනවා. මෙම ක්‍රමය මගින් සමගියත්, සහයෝගයෙන් වැඩ කිරීමට අනුබල දෙන අතර තරගකාරී බවට පෙලඹවීම වැළකෙනවා. තවද මේ ක්‍රමය නිසා දක්ෂයන් හා දුර්වලයන් දෙගොල්ලටම ලකුණු ලැඛෙන නිසා ඔවුන් උනන්දුවෙන් වැඩ කරනවා.

මෙමගින් ළමයින් ඔවුන්ගේ සැබෑ ජීවිතයටද පරෝපකාරය හුරු කරනවා. අනුනš
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...