Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

මනසේ රහස

මනසේ රහස`

අතිපූජ්‍ය නාරද නාහිමි

බටහිර විද්වත්හුද මනස් සිරුරක් ගැන කතා කරති∙ එහෙත් මනසේ සංවර්ධනාත්මක ස්වරූපය ගැන අපට තෘප්තිමත් විය හැකි තරමට පැහැදිලි කිරීමක් අපට නොසපයති. තිබියේවා` බුදුන් වහන්සේගේ දේශනාවන්ගෙන් අපට මනස ගැන බොහෝ දෑ උගත හැකිය. මෙය ඉතා වැදගත් කරුණකි. මන්ද අනාගත ලෝකය රඳා පවත්නේ තුරුණු ඔබගේ සංවර්ධනාත්මක මනස ක්‍රියා කරන ආකාරයෙහි ප්‍රතිඵලය මත වන බැවිනි.

භෞතික ශරීරයෙහි අනෙකුත් අංග මෙන් නොව, ඔබ සතු අභෞතික ශරීරය ඔබට නොපෙනේ. පුදුමය නම් එය ඔබට ඍජුවම සවිඥානක වීමය. අපූරු පැරණි කියුමක් මෙහිදී අපගේ සිහියට නැගේ.

කුමක්ද මේ මනස?

- ඒක ඒ තරම් කාරණයක් නොවේ.

කුමක්ද කාරණය?

- ගණන් ගන්න එපා`

අපි අපගේ සිතුවිලි ගැන දනිමු∙ අපගේ හැඟීම් ගැන දනිමු∙ එමෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස ඍජු දැනීමෙන් ඒවායේ පැවැත්ම නිගමනය කරන්නේ එකඟත්වයෙන්ය යන්නද දනිමු.

අපගේ පාලි පත-පොතෙහි මනස යන්නට පර්යායව යෙදෙන වචන කිහිපයක් භාවිත වේ. මන, චිත්ත, විඤ්ඤාණ ඒ අතරින් ඛෙහෙවින් යෙදෙන වදන් කිහිපයකි. මේ වචන අතරින් පාලියෙහි මනස යන පදයෙහි මූලය වන්නේ මන් යන්නය. මේ පදය ඉංග්‍රීසියෙහි ප්බ යන වචනයත් සමඟ යළි විමසා බැලීම වටී. පාලි භාෂාවේ මනුස්සා යන පදයෙන් අපට ලබා දෙන අරුත වන්නේ දියුණු කළ මනසක් ඇත්තා යන්නයි.

බුදුදහම තුළ මනස හා විඥානය (සිහි ඇති බව) අතරෙහි වෙනසක් දක්වා නැත. මේ වචන දෙකම සමාර්ථයෙන් භාවිත වේ. මනස නිර්වචනය කරන්නට ඇත්තේ සරල ලෙසින් යම් අරමුණක් පිළිබඳ දැනීම හැටියටයි. ඒ නිසා සියලු ක්‍රියාකාරකම් හසුරුවන්නට වෙනත් නියෝජිතයකු හෝ ආත්මයක් නැත. එය අඩංගු වී ඇත්තේ පාවී යන මානසික තත්ත්වයක් වහා හටගන්නා ස්වරූපයක් සහ විදුලි කෙටීමක් වැනි තරමේ ක්ෂණයකින් විනාශ වී යෑමකි. එය කෙබඳුදැයි යළිත් පවසනවා නම් මෙලෙසය ගඟක් එහි උල්පත නැත හොත් මූලාශ්‍රයන්ගෙන් හටගෙන නිරතුරුව ගලා යමින් අතු ගංගා එකතු කරමින්, ගංවතුර හටගන්වමින් මෝය කටින් තම ගමනේ අවසානය අත් කරගන්නා පරිද්දෙනි. වෙනස් වන ජීවන ප්‍රවාහයෙහි විඥානයෙන් සෑම මොහොතක් පාසාම මේ පසු කර යන ගමනේදී එහි සියලු ශක්තීන් සම්ප්‍රේෂණය කැරේ∙ නැත හොත් පතුරුවා හරිනු ලැබේ. එසේ කරන්නේ මැනීමට නොහැකි තරමින් සනිටුහන් කළ සියලු පීඩනයන් ඊළඟට පැමිණෙන්නාට පවරමිනි. සියලු හැඟීම්, මෙකී සදා වෙනස් වන, යම් සටහනක් මැකී ගිය පසු ඒ මත යළි ලියනු ලබන ලේඛනයක් බඳු මනස තුළ නොමැකිය හැකි ලෙසින් වාර්තා වෙයි. එසේම සැඟවුණු සියලු ශක්තීහු, තාවකාලික වූ භෞතික ලෙසින් කැඩී-බිඳී යෑම සැලකිල්ලට නොගන්නා මේ ජීවිතයෙන් ජාතියට පවරනු ලබත්.

විදුලිය බඳු සිතද නිර්මාණාත්මක හා විනාශකාරී යන දෙයාකාරයෙන් යුතු බලවත් ශක්තියකි. එය දෙපැත්ත කැපෙන ආයුධයක් සේ හොඳට හෝ නරකට හෝ සමානව භාවිත කළ හැකිය. නොපෙනෙන මේ මනසෙහි උපදින එක සිතුවිල්ලකට ලෝකය බේරාගැනීමට හෝ විනාශ කිරීමට පිළිවන. එවැනි එක් වචනයකින් මුළු රටක් ජනාවාස කරන්නට හෝ ජනශූන්‍ය බවට පත් කළ හැකිය. කෙනකුගේ දෙව්ලොව නිර්මාණය කරන්නේ සිතයි. එසේම එයම කෙනකුගේ අපායද නිර්මාණය කරයි.

අවුස්පෙන්ස්කි නමැති දාර්ශනිකයා මෙසේ පවසයි

ර්‍ණසිත නමැති මේ ප්‍රපංචය තුළ අන්තර්ගත වී ඇති මේ සැඟවුණු ශක්තිය ගැන සලකා බලන විට-එනම් සිතුවිලි තුළ හැඟීම් තුළ ආශාවන් තුළ අපට මුණගැසෙන්නේ ගිණිය නොහැකි, සීමා නැති විභවතාවන් නැත හොත් ශක්තීන්ය. ඉතිහාසය පුරා නිරීක්ෂණයෙන් ලද පෞද්ගලික අත්දැකීම් තුළින් හැඟීම් හා ආශාවන් ඒවා විසින්ම විද්‍යමාන කර ඇති ලෙසට අදහස්, හැඟීම් හා ආශාවන්වලට අසීමිත ප්‍රමාණයකින් ශක්තීන් නිදහස් කළ හැකි ප්‍රපංචයන්ගේ නිමක් නැති පන්ති (නැත හොත් මාලාවන්) අපමණ ප්‍රමාණයක් නිර්මාණය කළ හැකිය. එක අදහසකට නැවුම් ශක්තීන් නිදහස් කොට තවත් අලුත් ප්‍රපංචයන් පුබුදු කළ හැකිය. අතීතයේ ජීවත් වූද, දැන් ඒවා මිථ්‍යාවක්යයි පවසන තරමට පත් කර ඇත්තා වූද ඉතා දිගු කලක් තිස්සේ පැවත එන ඒ අදහස් අදත් ජීවමානයි∙ ක්‍රියාත්මක වෙයි. පුරාණ ආගම් නිර්මාණය කළ නිර්මාතෘවරුන්ගේ නම් මෙහිදී සිහිපත් කළ හැකිය. අමරය ශක්තීන් සැඟවගත් අතීත පෞරාණික කාර්යයන්, වීරයන්, නායකයන් හා අනාගත වක්තෘවරුන් ගැන අපි දනිමු. ඔවුන්ගේ අදහස් මිනිසුන් අප්‍රමාණ සංඛ්‍යාවකගේ තොල් අග යළි-යළිත් රැව්-පිළිරැව් දෙයි. ඔවුන්ගේ අදහස් තවමත් අධ්‍යයනය කැරෙයි∙ පැසසුමට ලක් වෙයි.

සැකයකින් තොරව පැවසිය හැක්කේ කවියකුගේ එක සිතුවිල්ලක සැඟවගත් අතිමහත් බලවේගයක් අන්තර්ගත බවයි. එය කෙබඳුදැයි පැවසුව හොත් අඟුරු කැබැල්ලක හෝ පණ ඇති සෛලයක ගැබ්ව ඇති ලෙසටයි. එහෙත් ඒ අසංඛ්‍ය ලෙසින්, වඩාත් සියුම්ව, නිශ්චිතව, තක්සේරු කළ නොහැකි ලෙසට හා ප්‍රබල අන්දමටයි.
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...