Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

නිවන් මඟ

නිවන් මඟ

පූජ්‍ය අජාන් චා හිමි

නිවන පසක් කරගැනීමට මනස සූදානම් කරගනු පිණිස බුදුරදුන් අනුදැන වදාළ මඟ ප්‍රායෝගික භාවනා අත්දැකීම් ඇසුරෙන් වටහවා දීමට දැරූ ප්‍රයත්නයක් මේ ලිපි පෙළෙන් ඔබ වෙත සමීප කැරේ.
එක් රැයක මම සක්මන් භාවනාවේ යෙදී සිටියා. වේලාව එකොළහ පසු වී තිබුණා. මා සිටින අසපුවේ සිට සැතපුම් බාගයක් පමණ ඈතින් ගමේ උත්සවයක් පවත්වාගෙන ගියා. මද්දහනේ සිටම එදා මට අමුතු හැඟීමක් ඇති වුණා. වෙනදාට වඩා සිත සමථයට පත් වී, මා කිසිවකට මගේ සිත යොමු කළේ නැහැ. සක්මන් කිරීම නතර කොට වෙහෙස දැනුණ නිසා කොළ සෙවිලි කරන ලද කුටියේ මා වාඩි ගත්තා.

මා වාඩි වෙනවාත් සමගම මගේ සිත ගැඹුරු සමාධියක පිහිටියා. එය ඉබේම සිදු වූ දෙයක්. මගේ පාදයන් මා වාඩි වීමට සකස් කරනවාත් සමගම සිත ඉතා නිශ්චල වී නොසැලෙන ශාන්තියක පිහිටියා. මින් කියවෙන්නේ නැහැ ගමේ නටන හා ගයන ගැමියන්ගේ ශබ්ද මට නෑසුණාය කියා. මට ඒවා අසන්නට හැකියාව තිබුණා. මට ඕනෑ වූ විට සිත ඒවායෙන් මුළුමනින්ම ඉවත් කොට ඒවා නෑසෙන ලෙස තබාගන්නටද හැකි වූවා. ඒවාට මම අවධානය යොමු කළේ නැත් නම් මට ඒවා ඇසුණේ නැහැ. එසේ නැතිව මට ඒවා අසන්නට ඕනෑ වූ විට නොසැලෙන සිතින් ඒවාට සවන් දෙන්නට හැකි වූවා. වෙන විදියකින් කියනවා නම් මගේ සිත තුළ භාණ්ඩ දෙකක් එක ළඟ තිඛෙනවා වගේ, එකක් අනෙකට සබඳකමක් නොමැතිව.

මට දකින්නට හැකි වූවා මගේ මනස හා එම භාණ්ඩ අතර සබඳකමක් නොතිබුණ බව. ඒක හරියට මේ මා ඉදිරියේ තිඛෙන කේතලය හා ඊට ඈතින් තිඛෙන පඩික්කම වගේ. මේ අත්දැකීමෙන් මා අවබෝධ කරගත් කාරණය නම් සමාධිගත වූ විට එහි ඇති ශක්තිය නිසා සිත ශබ්ද කෙරෙහි යොමු කළ හොත් හිස් වී තිඛෙන මනස ශබ්ද නාසා හිස්ව තිඛෙන බවයි. විඤ්ඤාණයට ශබ්දයක් දැනෙන්නේ නම් එහිදී කුමක්ද සිදු වන්නේ? එවිට ඔබට පෙනෙනවා දැනීම හා මනසට යොමු වන අරමුණ එකක් නොවන බව. ඒවා වෙන් වෙන්ව දැකිය හැකි දෙකකි.

මේ පිළිබඳව මම කල්පනා කළා මෙය තමයි සත්‍යතාව මනස හා මනසට යොමු වන අරමුණු ධර්මතා දෙකක් මිස එකක් නොවේ. ඒවා එකිනෙකින් ඈත්ව දකින විට සිතේ ශාන්තිය ඇති වෙනවා. මෙම අත්දැකීම භාවනාව පිළිබඳව තව-තවත් නිරත වීමට හේතු කාරක වූවා.වෙහෙස මහන්සි වී දැඩි වීර්යයෙන් මොහොතකට වත් සිතේ අවධානයට පලුදු නොවීමට මම වගබලාගත්තා. භාවනාව නතර කිරීමට මට ඕනෑ කළේ නම් එසේ කිරීමට ඉඩ-කඩ තිබුණා. ඇත්තෙන්ම භාවනා පුහුණුව මා නතර කළ විට මගේ සිතේ මැළි බව, සිතේ අසහනය හෝ මහන්සිය සුළු වශයෙන් හෝ මා අත්දුටුවාද? ඒවා කිසිවක් මගේ සිතේ තිබුණේ නැත. සිත තුළ එවැනි කෙලෙස් නම් කිසිවක් තිබුණේ නැත. සිත තුළ ඉතිරිව තිබුණේ සමතුලිතතාවයි∙ නිර්මලත්වයයි. මා භාවනාව නතර කළේ නම් අන් කිසි කරුණක් නිසා නොව, කායික වෙහෙස මුල් කරගෙනය.

අවසානයේදී මා ටික වේලාවක් නතර වූවා. භාවනානුයෝගීව වාඩි වී සිටීම වෙනස් කළා. එහෙත් සිත නතර වූයේ නැත. කොට්ටය ඉහළට ගනිමින් මා සැරසුණේ විවේක ගන්නටයි. හාන්සි වූවාට මගේ සිතේ ඇති ශාන්තිය පෙර පරිදිමය. හිස කොට්ටය මත තබනවාත් සමගම සිත තව-තවත් ඇතුළටම යන බවයි මට දැනුණේ. එය කොහේ යනවාද මට නොදැනුණාට එය තව-තවත් ඇතුළටම යමින් තිබුණා. එය හරියට යමකු විදුලි සැරයක් මා තුළට යවනවා වගේ. කනට දරන්නට බැරි තරම් හඬක් නගමින් කය තුළින් පිපිරීමක් ඇති වුණා. මේ වන විට සිතේ අවධානය ඉතා සියුම්වය තිබුණේ. සිත එක්තරා තැනක් ඉක්මවා ගොස් එය බැඳීම්වලින් නිදහස්ව කය තුළ තිඛෙන ගැඹුරුම නිශ්චල තැනට ළඟා වී ඇතිවා වගෙයි මට දැනුණේ. එතැන කිසිවක් තිබුණේ නෑ. ශූන්‍ය බවයි එහි දකින්නට ලැබුණේ. පිටත කිසිවකට එය තුළට ළඟා වන්නට නොහැකිය∙ විනිවිද යාද නොහැකිය. එහි ටික වේලාවක් සිතේ අවධානය රැඳී, ඉන් පසු එය ඈත් වූවා. මගේ ඕනෑකමින් එය මා කළා නොවේ. සිදු වන දෑ මා බලා සිටියා පමණි, එයට මා සහභාගී වූයේ නැහැ. ඒ අත්දැකීම්වලින් පසු සෙමෙන් සෙමෙන් සිත එහි යථා තත්ත්වයට පත් වූවා.

එසේ වූවායින් පසු මට ඇති වූ ප්‍රශ්නය නම් ර්‍ණසිදු වූයේ කුමක්ද? එයට ලැබුණ පිළිතුර නම්, ර්‍ණඒවා ස්වාභාවික සිදුවීම්, ඒවා සිදු වන්නේ හේතූන් මතයි. සැක ඇති කරගන්නට ඕනෑ නැහැ. මේ අන්දමින් මා මේ ගැන ටිකක් කල්පනා කළායින් පසු මගේ සිත එය පිළිගත්තා. පසුව ටික වේලාවකින් නැවත සිත මා තුළට යොමු වූවා. සිත එසේ යොමු කරන්නට මගේ වුවමනාවක් තිබුණේ නැහැ. එය සිදු වූයේ ඉබේමයි. පෙර මෙන් සිත තව-තවත් ගැඹුරටම යමින්, පෙරටත් වඩා ශබ්ද නගා මගේ කයේ පිපිරීමක් ඇති කළා. මෙවර කය පෙරටත් වඩා සියුම් කොටස්වලට කැඩී-බිඳී සුනු-විසුනු වූවා. නැවතත් සිත කයෙන් මිදී, තව තවත් ගැඹුරටම ගියා. සියල්ල නිශ්චල වූවා. පෙරටත් වඩා ගැඹුරට ගිය සිත තුළට කිසිවකට පිටින් ඇතුළු වන්නට හැකියාවක් තිබුණේ නැහැ. මේ අන්දමට සිතේම වේගය අනුව එසේ තැන්පත්ව තිබී, සිත එයින් සිතේ කැමැත්ත අනුව ඉවත් වූවා. මේ සියල්ල සිදු වූයේ මගේ ආයාසයක් නැතිවය.

සිදුවීම් කිසිවකට කිසි බලපෑමක් හෝ මග පෙන්වීමක් කිසිවකුගෙන් ඇති වූයේ නැඅනුමැතියක් හෝ කැමැත්තක් ඒවාට ඕනෑ කළේ නැහැ. මා ඒවා සිදු වෙනවා දැක්කා පමණි. කිසිම සැකයකින් තොරව සිත සාමාන්‍ය තත්ත්වයට පත් වූවා. ඉන් පසු මා නැවතත් භාවනාවේ යෙදුණ විට සිත අභ්‍යන්තරයට යොමු වූවා. මේ තුන් වන අවස්ථාවේ මගේ අත්දැකීම වූයේ මුළු ලොවම කැඩී-බිඳී, සුනු-විසුනු වී, විසිරී යන බවයි. මහ පොළොව ගස්වැල්, ගිරි දුර්ග... ඇත්තෙන්ම මුළු ලොවම ආකාශ ධාතුව ලෙසයි මගේ අත්දැකීම වූයේ. මිනිසුන් හෝ අන් කිසි දෙයක් ඉතිරිව තිබුණේ නැහැ. මෙහි අවසානය වූයේ පූර්ණ ශූන්‍යතාවයි.

මා තුළ මගේ මනස මේ අන්දමින් මගේ කිසි බලපෑමක් නොමැතිව ශාන්තව තිබුණා. මා දන්නේ නැහැ, මෙම සිදුවීම පැහැදිලි කරන්නට හෝ ඒ සිදුවීමට හේතුව අන් අයකුට එය පැහැදිලි කිරීමට හෝ ඒ ගැන කථා කොට අවබෝධ කරවීමට මට හැකියාවක් නැත. එය සැසඳීමට තවත් කිසිවක්ද නැත. පෙර කී අන්දමින් සිත පෙරට වඩා වැඩි වේලාවක් සිට පෙර මෙන් ශාන්ත වී මා තුළ රැඳී සිට එතැනින් ඉවත් වූවා. මෙසේ කීමෙන් මා අදහස් කරන්නේ නැහැ මගේ ඕනෑකම අනුව සිත ඉවත් වූවාය කියා. එසේ සිදු වූයේ සිතේම ඕනෑකම අනුවයි. එය යථා තත්ත්වයට පත් වෙනවා මා දැක්කා පමණි. ඉහත කී අවස්ථාවන්හිදී කුමක් වූවාදැයි කාට කිව හැකිද? කාට විස්තර කළ හැකිද? එය විස්තර කරන්නට අවශ්‍යකමක් නැතිවා විය හැකිය.

මා විසින් මෙහිදී සඳහන් කරන්නට යෙදුණේ අපේ අත්දැකීමට තුඩු දුන් සිතේ නිර්මලත්වය පිළිබඳවයි. සිත හා සිතේ ඇති වන සිතුවිලි පිළිබඳව පොත-පත අනුව කරන විග්‍රහයක් නොවේ මෙය. එවැන්නක් කිරීමට අවශ්‍යකමක් නැත. බුදු දහම පිළිබඳව නොසැලෙන විශ්වාසය හා දහම් පුහුණුව ක්‍රමයෙන් වර්ධනය කිරීමය ඇත්තෙන්ම අපි කළ යුතුව තිඛෙන්නේ. ඔබේ ජීවිතය දහම් පුහුණුවට කැප කළ යුතුයි. යථා කාලයේදී ඔබ දන්නා ලෝකය උඩු-යටිකුරුව ඔබට දකින්නට ලැඛෙනවා. සත්‍යය පිළිබඳ ඔබේ දැකීම හා අවබෝධය මුළුමනින්ම වෙනස් වෙනවා. එවිට අන් අය ඔබව දුටුව හොත් ඔවුන් ඔබ උමතු අයකු ලෙස සිතාවි. හොඳ සිහිය හා නිසි අවධානය නැති අයකුට එය සිදු වුව හොත් ඔහු උමතු වන්නට ඉඩ තිඛෙනවා. ඒ ඇයි? එවැනි අත්දැකීමකින් පසු ලොව කිසිවක් පෙර අන්දමට නොවේ ඔහුට පෙනෙන්නේ. ඔබ ලොව දකින ආකාරය වෙනදා මෙන් නොවේ. එහෙත් ඒ අත්දැකීම ඔබට සීමා වෙනවා. සත්‍යය ලෙස ඔබ දකින්නේ අන් අය දකින ලෙස නොවේ. ඔබ දකින්නේ එක විදියකටයි. ඔවුන් දකින්නේ තවත් විදියකටයි. ඔවුන් හා ඔබ කථා කරන්නේද එක විදියට නොවේ. ඔවුන් මේ පැත්තෙන් උඩට යන විට ඔබ අනිත් පැත්තෙන් පහළට යනවා. කවදාවත් ඔබට අනිත් මිනිසුන් ලෙස සිතන්නට බැහැ. මෙම අත්දැකීම්වලින් පසු එවැනිම අත්දැකීම් වරින් වර ඇති වී ඒවා පෙරට වඩා කල් පවතිනු ඇත.

මෙය ඔබම අත්හදා බලන්න. ඔබේ පුහුණුවේ දී මෙවැනි අත්දැකීමක් ඇති වුව හොත් ඔබ ඈත තියන යමක් සොයන්නට වෙහෙසෙන්නට ඕනෑ නැහැ. ඔබේ සිත පිළිබඳව පරීක්ෂාවෙන් ඉන්න. එම අවස්ථාවේදී ඔබේ සිත අධික විශ්වාසයෙන් හා නිර්භයකමෙන් යුක්තය. ඔබ කවරදා වත් බලාපොරොත්තු නොවූ තරම් එවිට සිත බලවත්ය.
මෙය තමා සමාධියේ බලය. මේ අවස්ථාවේදී චිත්ත බලය සමාධියේ බලයමයි. මෙම අවස්ථාවට පත් වූ සමාධිය, බලයෙන් හා ගැඹුරු බවෙන් පූර්ණය. මේ තත්ත්වය පෙරට වඩා වෙනස්ය. සිතපාලනය කිරීම හෝ වරින් වර එය ඒකාග්‍රතාවට පත් කිරීම මෙහිදී වැදගත් වන්නේ නැහැ. සිතේ සමාධිය උපරිම තත්ත්වයට පත්ව ඇත. ඔබ ඒ සිත විපස්සනා ඥානය දියුණු කිරීමට යොමු කරන්නේ නම් එය ඵලදායකය. මෙතනදී සිත තවත් දෑ කෙරෙහි යොමු කළ හැකිය. අරුම-පුදුම දෑ කරන්නට හා මානසික බලවේගයන් ඇති කරගැනීමට ඇතැම් යෝගීන් ඔවුන්ගේ සිතේ මෙවැනි ඒකාග්‍රතාවන් උපයෝගී කරගන්නවා. යන්ත්‍ර-මන්ත්‍ර-ගුරුකම් කිරීමටද එය යොමු කරයි. මේ තත්ත්වයට දියුණු වූ සිත එවැනි දෑ කෙරෙහි යොමු කළ විට එය හරියට මත්වතුර පානය කළා වගේ. ඉන් ඔබ මත් වෙනවා. එවැනි දෑ අල්ප පල සහිතය.

ශාන්තියට පත් සිත දහම් පුහුණුවේ යෙදෙන්නාට ගිමන් හරින තැනක් වෙනවා. බුදුරදුන් මෙහිදී විපස්සනා භාවනාවේ යෙදී සත්‍යය වටහාගැනීමට වෙහෙසුණා. මෙතැනට ළඟා වූ ඔබට ගැඹුරු සමාධියක් ඕනෑ වන්නේ නැහැ. ඔබ තුළ හා අවට තිඛෙන දේ කෙරෙහි ඔබේ අවධානය නුවණින් යොමු කිරීමයි ඕනෑ කරන්නේ. හේතු හා ඒවායේ පල ඔබේ කල්පනාවට යොමු කරන්න. සිතේ නිර්මලතාව උපයෝගී කරගන්නේ ඔබ අත්දකින රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ වටහාගැනීමට හා ඒවා නිසා ඇති වන ප්‍රිය, අප්‍රිය හා ප්‍රිය-අප්‍රිය නොවන වේදනාවන් ඇති වන අන්දම දැකගැනීමටයි. එය හරියට යම් කිසිවකු අඹ ගසක අතු සොලවමින් ගෙඩි කඩන විට ඔබ එය යට සිට වැටෙන ගෙඩි අහුලනවා වගේ. නරක් වූ අඹ ගෙඩි ප්‍රතික්ෂේප කරමින් හොඳ ඒවා පමණක්ය ඔබ රැස් කරගන්නේ. මේ අන්දමින් ඔබට ඔබේ වෙහෙස අවම කරන්නට හැකි වෙනවා. ගහට නගින්නේ නොමැතිව යට සිට අඹ අහුලාගනිමින්.

මෙහි තේරුම නම් ඔබේ සිත නිසල වූ විට මනසට දැනගන්නට ලැඛෙන හැම අරමුණක්ම ඔබේ දැනීම හා අවබෝධය වැඩි-දියුණු කිරීමයි. සිතේ අවධානය තිඛෙන නිසා එම අරමුණු මුල් කරගෙන ඔබ සිතිවිලි පරම්පරාවන් මවන්නේ නැත. ජය හා පරාජය, යසස හා අයස, නින්දා හා ප්‍රශංසා, දුක හා සැප ඒවා සියල්ල ඇති වී නැති වී යනවාය ඔබට පෙනෙන්නට තිඛෙන්නේ. පැහැදිලි නිසල සිතින් මේවා තෝරා-බේරාගෙන ඒවායෙන් කම්පාවට පත් නොවී කල් ගත කරනවා. ඔබ අත්දකින මානසික අරමුණු ඔබට ප්‍රිය හෝ අප්‍රිය දෑ වුවත් සැප හෝ දුක් වුවත්. ඒවා සියල්ල ඔබේ පුහුණුවට උපකාරී වෙනවා. අන් අයකු ගහට නැග අතු සොලවන විට වැටෙන අඹ ඔබ එකතු කිරීමයි ඊට හේතුව.

ඔබ විවේකයෙන් අඹ අහුලනවා. ඔබට කිසි බියක් ඇති වන්නේ නැහැ. අන් කිසිවෙක්ය ගසට නැග අතු සොලවන්නේ. ලාභ හා අලාභ, යසස හා අයස, නින්දා හා ප්‍රශංසා, සැප හා දුක ඒවා සියල්ල ගහෙන් වැටෙන අඹ ගෙඩි වගේ. ඔබ ඒවා අහුලාගැනීමේදී ඒවායේ යථා තත්ත්වය නොසැලෙන සිතින්ය දකින්නේ. ඔබ දන්නවා හොඳ හා නරක අඹ තෝරා වෙන් කරගන්නට. මේ අන්දමින් ඔබගේ සිතේ ශාන්තිය මුල් කරගෙන ඔබ කල්පනා කරන විට ප්‍රඥාව නොහොත් විපස්සනා ඥානය බිහි වෙනවා. එය ඔබ මවන්නට හෝ අන් අන්දමකින් ඇති කරන්නට ඕනෑ නැහැ. ඔබගේ සිත දියුණු ලෙස සත්‍යය දකින්නේ නම් නිරායාසයෙන් ඔබ විපස්සනාවෙහි පිහිටනවා. එයට ලේබල් හෝ නම් සඳහන් නොකොට, සිතේ නිර්මල ගතිය අල්ප නම් විපස්සනාව එමෙන් අල්ප වෙනවා. එහෙත් ඔබේ සිත තියුණු දැකීමෙන් යුක්ත නම් විපස්සනාව ඊට වඩා වැඩියි. සියලු දෑ පිළිබඳ යථා තත්ත්වය ඔබ නියම අන්දමින් දකින්නේ නම් එවිට විපස්සනාව පූර්ණය. ඇත්තෙන්ම විපස්සනාව ප්‍රඥාවයි. එහි යෙදීම එතරම් පහසු නැත. ඔබට හිටි හැටියේ එහි යෙදෙන්නට නුපුළුවන. එක්තරා තත්ත්වයක නිසලතාවක් තියෙන්න ඕනෑ විපස්සනා නුවණ පහළ වන්නට. මෙය ඇති වූවායින් පසු ඉබේම විපස්සනා නුවණ පහළ වෙනවා. සිතට බල කිරීමෙන් ඔබට එය ලබාගන්නට බැහැ.
ඔබේ පුහුණුව ස්වාභාවික හේතු මත ඔබ ඉදිරියට ගෙන යා යුතු බවය බුදු රදුන්ගේ ඉගැන්වීම. පුහුණුව මේ තත්ත්වයට පත් වූවායින් පසු ඔබ එයට ඉඩ හරින්නට ඕනෑ. ඔබ විසින් පුරන ලද පාරමී ධර්මයන් හා සසර එක් රැස් කරන ලද කර්මයන් අනුව පුහුණුව පල දරන්නට ඉඩ හරින්නට ඕනෑ. මින් කියවෙන්නේ නැහැ පුහුණුව ඉදිරියට ගෙන යෑමට ඔබ තව දුරටත් වෙහෙස-මහන්සි විය යුතු නැත යන්න. ඉන් අදහස් කරන්නේ ඔබ කරන උත්සාහය හා දරන මහන්සිය නොපිරිහෙළා ඉදිරියට යන අතර ඔබේ දියුණුව ඔබේ බලපෑම මතම තීරණය නොවන බවයි. එය ශීඝ්‍රයෙන් හෝ හෙමින් හෙමින් සිදු වන්නට ඉඩ තියෙනවා. ඒක හරියට පැළයක් සිටුවනවා වගේ.

පැළය දන්නවා එයට වැඩෙන්නට හැකි වේගය. ඔබ එය වේගයෙන් වැඩෙන්නට ආශා කිරීම මුළාවක්. ඔබ පුහුණුවේ යෙදෙන්නේ නම් ඔබට පල ලැඛෙනවා. ඔබට මිරිස් පැළයක් වවන්නට ඕනෑ නම් ඔබ කළ යුත්තේ එය සිටුවා වතුර හා පෝර යොදා එය කෘමීන්ගෙන් ආරක්ෂා කිරීමයි. මෙය තමයි ඔබේ වැඩ කොටස. මිරිස් පැළය කෙසේ වැවෙනවාද යන්න එයටය භාර වන්නේ. ඔබ එයට කොටස්කරුවෙක් නොවේ. එය වේගයෙන් වැඩෙන්නට කියමින් කොළවලින් ඇද්දාට ඔබට පලක් වන්නේ නැහැ. සොබාදහම ඒ විදිහට නොවෙයි වැඩ කරන්නේ. ඔබේ වැඩ කොටස නම් වතුර හා පෝර එයට යෙදීමයි.

ඔබ මේ අන්දමින් පුහුණුවේ යෙදෙන්නේ නම් ඔබට ඒ තරම් දුක් ඇති වන්නේ නැහැ. මේ අත්බැව්හි ඔබ නිවන් ලබනවාද, එසේ නැතිව ඉපදී එය ළඟා කරගන්නවාද යන්න එතරම් වැදගත් ප්‍රශ්නයක් නොවේ. ඔබට ඔබේ පුහුණුව පිළිබඳව විශ්වාසය තිබේ නම් එය ඔබට ඉක්මනින් හෝ හෙමින් හෙමින් පල ලබා දෙනවාද යන්න ඔබ රැස් කර තිඛෙන කර්මයන්, ඔබේ හැකියාවන් හා ඔබ වඩා ඇති පාරමී ධර්මයන්ය එය තීරණය කරන්නේ.

ඔබ මේ අන්දමින් ඔබේ පුහුණුව දෙස බලන්නේ නම් ඔබට අසහනය ඇති වන්නේ නැහැ. එය හරියට අශ්ව කරත්තයක් ඔබ පදවනවා වගේ. කරත්තය අශ්වයා ඉදිරියෙන් දැමිය යුතු නැත. එසේ නැත් නම් ඔබ කුඹුරක් වැපිරීමේදී මී හරකා පසුපසින් ඌ මෙහෙයවමින් යනවා වෙනුවට ඌ ඉදිරියෙන් ගමන් කරනවා වගේ. ඉක්මනට පල නොලැබීම නිසා ඔබේ සිත අසහනයෙන් පෙළෙන්නේ නම් වෙහෙසීම පල රහිත වෙනවා. මේ අන්දමින් කල්පනා කොට ඔබේ පුහුණුව කරගෙන යන්නේ නම් මී හරකාට ඉස්සරහින් නොයා ඔබ ඌ පසුපසින්ම ගමන් කරන්නේය. පෙර කී අන්දමට ඔබ මිරිස් පැළයට ජලය හා පොහොර ලබා දී කෘමීන්ගෙන්, වේයන්ගෙන් ආරක්ෂා කරනවා. එය සාරවත් ගසක් ලෙස වැඩෙන්නට ඔබ කළ යුතු දේ සෑහෙනවා. ඉන් පසු ඔබ බල කළ යුතු නැහැ. පලක් නැති දුක් කන්දරාවක්ය ඔබ ඉන් ඇති කරගන්නේ. මිරිස් පැළය වැඩෙන්නේ එ&
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...