Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

අත-මිට රැකගන්නා හැටි

අත-මිට රැකගන්නා හැටි

පූජ්‍ය මීගොඩ පඤ්ඤාලෝක හිමි

පුද්ගලයා කිසිදු අවස්ථාවක දුක්දොම්නසින් යුතුව ශෝකාර්ථවත්ව කුසීත ලෙස ජීවත් විය යුතුයයි බුදු සමය කිසිදු ආකාරයකින් ප්‍රකාශ නොකරයි. බුදු රජාණන් වහන්සේ විසින් ලෞකික ජීවිතයේ සුඛිත-මුදිත භාවය ඇති කරගන්නා ආකාරයද අතිශය පැහැදිලි ලෙස සූත්‍ර කිහිපයකින්ම විස්තර කරනු ලැබ තිබේ. මේ ලිපිය ඒ අලළා සැකසුණකි.

පුද්ගලයාගේ භෞතික ශුභසාධනයට අදාළ අර්ථසංරක්ෂණය පිළිබඳ විශේෂ වූ දේශනා රාශියක්ම බෞද්ධ පෙළපොත් අතරින් සොයාගත හැකිය. අපරදිග ආර්ථික විග්‍රහයන් අනුව මිනිසාගේ අවශ්‍යතාවන්ද, ඒවා මුදුන් පමුණුවාගැනීම සඳහා දරනු ලබන ප්‍රයත්නයන්ද පැහැදිලි කර දීම ආර්ථික විද්‍යාවේ කාර්යය ලෙස හඳුන්වා තිබේ.

මාර්ෂල් නම් වූ අර්ථශාස්ත්‍රඥයා ඒ ගැන සඳහන් කරන්නේ ආර්ථික විද්‍යාව වූකලි සාමාන්‍ය ජීවිත කාර්යයෙහි නියුතු මිනිස් වර්ගයා පිළිබඳ හැදෑරීමකි. මනුෂ්‍ය වර්ගයාගේ ශුභසිද්ධිය සඳහා අවශ්‍ය වූ භෞතික අවශ්‍යතාවන් හා ඒවා මුදුන් පමුණුවාගැනීම සඳහා පෙරදැරි කරගත් පෞද්ගලික හා සාමාජික ක්‍රියාවලිය ආර්ථික විද්‍යාව මගින් පරීක්ෂා කරනු ලැබේය යනුවෙනි.

අවශ්‍යතාවන් සපුරාලමින් මිනිසා තෘප්තිමත් කරවනු පිණිස යොදන උපාය මාර්ගයන් ආර්ථික විද්‍යාවෙන් විග්‍රහ කැරෙන බව මෙම විචාරයන්ගෙන් නැගෙන කෙටි අරුත බව පැහැදිලිය.

එහෙත් මෙහිදී පැනනැගෙන වැදගත්ම ප්‍රශ්නය නම් මිනිස් අවශ්‍යතාවන්හි කෙළවරක් දැකිය හැකිද? යන්න හා භෞතික මිනිසාගේ අවසාන තෘප්තිය කොතැනද? යන්නය.

බටහිර ආර්ථික විද්‍යාඥයන්ගේ මතයේ හැටියට හීන වන උපයෝගිතා න්‍යාය අනුව මිනිසාගේ වුවමනාවන්හි අවසාන තෘප්තියක් දැකිය හැකි බව ප්‍රකාශ වෙයි. භාණ්ඩ සුලභ වීමේදී මිනිසා තුළ මේ ලක්ෂණය බහුල වශයෙන් ඇති කැරෙන බවද ඔවුහු දක්වති. එය තවදුරටත් විග්‍රහ කරන ඔවුහු මඳ වශයෙන් තෘප්තියක් වුවමනා වූ විට තේ හෝ කෝපි කෝප්පයක් පානය කිරීමෙන් එය තෘප්ත කළ හැකි අතර, විනෝදාස්වාදයක් ලැබීමේ ආශාවක් ඇති වූ විට එය චිත්‍රපටයක් හෝ නවකතාවක් බැලීමෙන් තෘප්ත කළ හැකි බවද දක්වති.

එහෙත් කහට තේ කෝප්පයක් පානය කළ පුද්ගලයා ඇතැම් විටක තව මොහොතකින් ලැඛෙන කිරි තේ කෝප්පයක් පානය කිරීමට උත්සුක වෙයි. චිත්‍රපටයක් නැරඹූ පුද්ගලයා ඊළඟ අවස්ථාවේදී, වේදිකා නාට්‍යයක් බැලීමට යුහුසුලු වෙයි. වාහනයක් නැති පුද්ගලයා එවැන්නක් ලබාගත් විට සතුටට පත් වන නමුත් තව මොහොතකින් දකින එයට වඩා නවීන රථයක් තමාට ඇත් නම් මැනවැයි සිතයි. එසේ නම් පුද්ගලයාගේ වුවමනාව, ආශාව සැම විටම තාවකාලික පසුබැසීමකින් පසු අන්‍යවේශයකින් යළිත් පෙනී සිටින බව පැහැදිලිය. මිනිස් අවශ්‍යතාවන්හි කෙළවරක් දැකිය නොහැකි බව මෙම සරල නිදර්ශනයන්ගෙන්ද ප්‍රකට වෙයි. මේ නිසා හුදු භෞතිකත්වයට පමණක් සීමා වූ උපක්‍රමයන්ගෙන් මිනිසාගේ අසීමිත වුවමනාවන් තෘප්ත කළ හැකිය යන්න මායාවක් පමණක් වන බව පැහැදිලිය.

ඇතැම් ජන සමාජවල පැතිර පවත්නා ආර්ථික දරිද්‍රතාව මිනිසා අදහන ආගම-දහමේ එන ආචාරධර්මීය පිළිගැනීම් මුල් කොට පනවාගෙන ඇති ඇතැම් විරමණයන්ගේ හේතුවෙන් හටගෙන තිඛෙන්නක් ලෙස සමහර ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ආගම හා ආර්ථික විද්‍යාව සම්බන්ධ කළ නොහැකියැයි විස්තර කරන බටහිර අර්ථ ශාස්ත්‍රඥයෝ ආගමට වහල් වීම නිසා මිනිසා මෙලොවදී ඔහුගේ බොහෝ ක්‍රියාමාර්ග මරණින් මතු ආත්මය ගලවාගැනීම උදෙසා වඩාත් කැප කරනවා විනා මෙලොව උසස් අන්දමින් ජීවත් වීමට තද උනන්දුවක් නොදක්වන බවද පවසති. එසේම ආගම දහම මිනිසා කුසීත කරන්නක් ලෙස ඔවුහු පෙන්වා දෙති.

මිනිසා වඩාත් පීඩාවට පත් කරවන ඇතැම් අන්තවාදී ප්‍රතිපත්ති ඇතුළත් ආගම් ලෝකයේ නැත්තේද නොවේ. එහෙත් මේ චෝදනාව කිසි සේත්ම බුදු දහමට එල්ල කරන්නට පුළුවන්කමක් නැත. එයට හේතුව බුදු සමය පෙන්වා දෙන පරිපූර්ණ තෘප්තිමත් නිදහස් ජීවිතය, මිනිසාගේ යහපත පමණක් නොව, සකල සත්ත්ව වර්ගයාගේම යහපත අර්ථවත් කරන්නක් මෙන්ම ජීවිත සුරක්ෂිත කරන්නක්ද වන බැවිනි.

බුදු දහම පෙන්වා දෙන අර්ථ ක්‍රමය ඇතැම් විටක නවීන ලෙස සංවිධිත වූ විද්‍යාවක් නොවූවත් එය පොදු සත්ත්වසන්තතියේම සැපවත් භාවය අවධාරණය කරන්නක් බැවින් බටහිර අර්ථ ක්‍රමයට පියවර කිහිපයක් ඉදිරියෙන් සිටින පෘථුල චර්යාවක් වශයෙන් හැඳින්වීම වඩාත් සුදුසුය. බටහිර ආර්ථික විද්‍යාවේ පදනම සදාචාර විරහිත වූවක් විය යුතු ලෙස නිගමනය කර ඇතත්, පූර්ණ වූ සදාචාරාත්මක ක්‍රියා පද්ධතියක් මත ආචාරධර්මීය වාතාවරණයක් යටතේ සකස් වූ අර්ථ ක්‍රමයක් බුදු දහම පෙන්වා දෙයි.

එසේම බුදු සමයෙන් ප්‍රශස්ත සියලු ක්‍රියාවල ඵලය හුදු පරලොව ජීවිතය උදෙසාම නොවේ. මෙලොව ධාර්මික වූ සාර්ථක ජීවිතයක් ගත කළ පමණට පරලොව සැපතද උදා කැරෙන බව එහි ඉගැන්වේ. ඒ අනුව මෙලොව සාර්ථක ජීවිතය පරලොවද සැප ලබයි. ඒ හැර පරලොව ජීවිතය වෙනුවෙන් මෙලොව ජීවිතය සපුරා කැප කළ යුතුයයි බුදු රජාණන් වහන්සේ කිසි විටකත් වදාරා නැත. එසේම ආගම දහම විසින් මිනිසා කුසීත භාවයට පත් කරනු ලබන්නේය යන චෝදනාවද බුදු දහම සම්බන්ධයෙන් සඳහන් කළ නොහැක්කකි. සැබැවින්ම බුදු දහම අර්ථවත් කරන භෞතික ජීවිතයේ මෙන්ම අභෞතික ජීවිතයේද මූලික පදනම උත්සාහය (උට්ඨාන සම්පදා) වන්නේය.

මිනිසාට සදාචාර පදනමක් මත පිහිටා ස්වකීය ආශාවන්හි කිසියම් සීමාවක් ඇති කොටගෙන එම සීමිත ක්ෂේත්‍රය සපුරාගැනීමෙන් සන්තෘෂ්ටිය ළඟා කරගත හැකි බව පෙන්වා දී තිබේ. බෞද්ධ ආර්ය මාර්ගයේ ශීලය වශයෙන් අර්ථවත් කර ඇත්තේ එම ක්‍රියාදාමයයි. ඒ අනුව බෞද්ධ අර්ථ ක්‍රමයේ මූලික පියවරේදීම මිනිසා ආචාරධර්මීය ක්ෂේත්‍රයක් තුළට පමුණුවනු ලැබ, ඔහුගේ සිත තුළ ඇති වන අසීමිත ආශාවන්හි සීමාවක් ඇති කරන අතර, එම ක්ෂේත්‍රය පරිපූර්ණත්යට පත් කිරීමෙන් ඔහුට අපේක්ෂිත සන්තෘෂ්ටිය සපුරාගන්නට අවස්ථාව සලසා දෙනු ලැබේ. ජීවිතය තුළ මෙම තෘප්තිමත් භාවය ළඟා කරගත හැකි වන්නේ පරිභෝජනයෙහි හික්මීමක් ඇති කරගත හොත් පමණි. බුදු සමය මුල සිටම පුද්ගලයා අල්පෙච්ඡතාවට හුරු කර තිබේ. අල්පේච්ඡතාවෙන් යුක්ත පුද්ගලයාට සීමිත වූ තම අභිමතාර්ථයන් පරිපූර්ණත්වයට පත් කරගැනීමෙන් සන්තුෂ්ටිය කරා ළඟා විය හැකි වේ.

මුදල වූකලි අභිමතාර්ථසාධනය සඳහා යොදාගන්නා උපාය මාර්ගයක් පමණක් බව මාර්ෂල් නම් අර්ථ ශාස්ත්‍රඥයා සඳහන් කරයි. අපේක්ෂිත අභිමථාර්ථයන් උදාර වූ ඒවා නම් උපාය මාර්ග පිළිබඳ ආශාව පහත් වූවක් නොවන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. එහෙත් මෙහිදී මෙම උදාර බව මනින්නේ කවර මිම්මකින්දැයි පැහැදිලි නැත. ඇතැම් විට එහිදී මිනිසාගේ සැපය පිණිස අහිංසක සතකුගේ ජීවිතය තොර කිරීම එම උදාර පරමාර්ථවලින් එකක් විය හැකිය` ඒ අනුව මිනිසා පීඩිත මිනිසාගේ ශ්‍රමය සූරාගෙන තමන් සැපවත් වීමද එබඳුම උදාර පරමාර්ථයක් විය හැකිය`

බුදු රජාණන් වහන්සේ ඇතැම් තැනක ධනය ලෙස හඳුන්වා ඇත්තේ භෞතික වටිනාකමකින් යුත් සංකේතයන් නොව ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග ආදි අධ්‍යාත්ම ගුණාංගය. ධනය මුදල වශයෙන් ගත් විටද එය රැස් කර තබාගැනීම පිණිස නොව, ජනතාවගේ යහපත පිණිස මෙහෙයවිය යුත්තක් ලෙස වදාරා තිබේ. එසේම පරිභෝජනයට නොයෙදෙන ධනය රකුසන් අරක්ගත් විලක ජලය හා සමානයයි බුදු රජාණන් වහන්සේ විසින් වැඩිදුරටත් පැහැදිලි කොට තිබේ.

ධනය පිළිබඳව ධාර්මිකව පිළිපැදිය යුතු ප්‍රතිපදාව ඉගැන්වෙන සූත්‍ර කිහිපයක්ම පෙළපොතින් හමු වන අතර, එයින් අංගුත්තර නිකායේ අට්ඨක, නවක නිපාතවල එන, උජ්ජය, ව්‍යග්ඝපජ්ජ ආදි සූත්‍ර ප්‍රමුඛස්ථානයක් ගනී. උජ්ජය සූත්‍රයේ දැක්වෙන ආර්ථික ප්‍රතිපදාවට අනුකූල වූ විස්තරයකි ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දක්නා ලැඛෙන්නේ. ඒ අනුව ජීවිතය තුළ භෞතික සුභසාධනය උදෙසා ඇති කරගත යුතු සම්පදා හතරක් දැක්වෙයි උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා හා සමජීවිකතා යනුවෙනි. ධන නිෂ්පාදනය, ධන සංරක්ෂණය, ධනය හා සමාජ සම්බන්ධතාව සුරක්ෂිත කරගැනීම, ජීවිතයේ සමබරතාව රැකගැනීම යන කරුණු මෙහි මූලධර්ම වශයෙන් ඇතුළත් වන බව පැහැදිලිය.

ධනය ඉපයීම කළ හැක්කේ ස්වාභාවික සම්පත්වලට ශ්‍රමය එකතු කිරීමෙනි. එහිදී මානසික ශ්‍රමය ගැනද අමතක නොකරනු ලැබේ. බුදුන් වහන්සේ උට්ඨාන සම්පදා යන්නෙන් අදහස් කළේ ශිල්පීය ඥානය මෙහෙයවා කායබලය උපයෝගී කොටගනිමින් (සේදා වක්කිතේතහි ගතේතහි බාහු බල පරිචේතේහි) දහදිය වගුරුවා ධෛර්ය සම්පන්නව, සංවිධානාත්මකව ශ්‍රමය කැප කිරීමය. ශ්‍රමය සංවිධානය කරගත හැකි වන්නේ එය ශිල්පීය වශයෙන් දියුණු කරගත හොත් පමණි.

දියුණුව කැමැති පුද්ගලයා බහුශ්‍රැත බව, ශිල්පය දැනීම, හික්මීම යන ගුණාංග හා දක්ෂ බවද ඍජු බවද ඇති කරගත යුතුයයි කරය මෙත්ත සූත්‍රයේ ර්‍ණබාහු සච්චංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ... යනුවෙන් දක්වා තිබේ.

ලෝකයේ උපත ලබන සෑම පුද්ගලයකුම කුමක් හෝ දක්ෂතාවකින් යුක්ත බව පිළිගත් සත්‍යයකි. එම දක්ෂතාව ශිල්පීය වශයෙන් දියුණු කරගත් විට එය පුහුණු ශ්‍රම ශක්තිය වශයෙන් ඔහුට සමාජය තුළ එළිදැක්විය හැකිය. එම ශක්තිය බොහෝ අවස්ථාවල ස්වභාවධර්මය පවා අබිබවමින් ඉදිරිය කරා යන්නට සමත් වෙයි. භූමි ආදි සියලු ස්වාභාවික සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් උපයෝගී කොටගෙන ස්වකීය ශිල්පීය ඥානය මෙහෙයවන මිනිසාට කිසියම් ආර්ථික වටිනාකමක් ඇති භාණ්ඩයක් හෙවත් පොදු ජනතාවගේ අවශ්‍යතා පිරිමසා ලන ආකාරයේ භාණ්ඩ නිෂ්පාදනය කළ හැකිය. එය වෙළෙඳපොළට යැවීමෙන් ඔහුට ධනය උපයාගත හැකි වේ. මේ අනුව ශ්‍රමයට වාණිජ වටිනාකමක් ලැඛෙන ආකාරය හෙවත් මිනිසාට ස්වකීය ජීවිතයේ අවශ්‍යතා සපුරාගැනීම් වස් උපයෝගි වන ධනය උපයාගත හැකි ආකාරය උට්ඨාන සම්පදා යන්නෙන් පැහැදිලි වේ.

මෙසේ ඉපයෙන ධනය පුද්ගලයා ළඟ ඒකරාශි වීමේදී ඔහු අගතියට යොමු වන්නට කොතෙකුත් ඉඩ-කඩ තිබේ. මේ නිසා එම ධනය ධාර්මිකත්වයෙන් ආරක්ෂා කරගන්නා ආකාරය සහ නිසි පරිදි පරිභෝජනයට ගන්නා ආකාරයත් මෙහිදී දෙවැනි කරුණු වශයෙන් දැක්වුණ ආරක්ඛ සම්පදා යන්නෙන් අදහස් කරනු ලැබේ. ධනය සංවිධානාත්මක ලෙස පරිභෝජනයට නොගෙන එක්රැස් කිරීමෙන් පුද්ගලයා තුළ මසුරු බව වැඩෙන අතර, ඔහුගේ ජීවිත කාලය තුළම බොහෝ විට ස්වකීය ධනය රාජසන්තක කරනු ලබන්නේය∙ සොරුන් විසින් පැහැරගනු ලැඛෙන්නේය∙ ගින්නෙන් දැවී යන්නේය∙ ගංවතුර ආදියෙන් ගසාගෙන යනු ලබන්නේය∙ අප්‍රිය නෑදෑ-හිතවතුන්ට දීමට සිදු වන්නේය.

බුදුසමය පෙන්වා දෙන ආකාරයට ධනය එක් තැනක ගොඩගැසෙන්නට ඉඩ නොදී නිසි කටයුතු සඳහා සෑම විටම ආයෝජනය කළ යුතු වේ. එය ක්‍රමානුකූලව ආයෝජනය කළ යුතු ආකාරය බුදුහු සිගාලෝවාද සූත්‍රයෙහි ලා මෙසේ සඳහන් කරති

ර්‍ණඑකේන භෝගේ භූඤ්ජෙය්‍ය

ද්වීහි කම්මං පයෝජයේ

තුත්ථංච නිධාපෙය්‍ය

ආපදාසු භවිස්සති.

ඒ අනුව තමාට ලැඛෙන ආදායම සැමවිටම කොටස් සතරකට ඛෙදිය යුතු වේ. ඉන් පළමු වැනි කොටස දෛනික ජීවිතයේ පරිභෝජනය සඳහා ගත යුතුය. කොටස් දෙකක් ස්වකීය කර්මාන්තය හෝ ව්‍යාපාරය තවදුරටත් දියුණු කරගැනීම් වශයෙන් ප්‍රාග්ධනය ලෙස නැවත ව්‍යාපාරයේ යෙදිය යුතුය. සතර වැනි කොටස හදිසි ආපදා අවස්ථාවකදී ගැනීමට සුරක්ෂිතව තැන්පත් කර තබාගත යුතුය. මෙහිදී පුද්ගලයා සැමවිටම ස්වකීය පරිභෝජනය සඳහා කැප කරන්නේ තම ආදායමෙන් හෝ මාසික ව්‍යාපාරික ලාභයෙන් හතරෙන් එක් කොටසක් පමණි. මේ නිසා ඔහු අධික කාමභෝගී, අගතිගාමී පුද්ගලයකු නොවී, බුදුසමයේ ඉතා උසස් ගුණාංගයක් ලෙස උගන්වනු ලබන අල්පේච්ඡතාවට නිරායාසයෙන් හුරු වෙයි. අල්පෙච්ඡතාවට අනුව හැඩගැසුණු පුද්ගලයාගේ ජීවිතය ඉක්මනින් සන්තෘෂ්ටියට පත් කළ හැකිය.

උපයන ධනය ඛෙදූ කොටස් හතරෙන් දෙකක්ම නැවත ව්‍යාපාරයේ දියුණුව සඳහා මූල්‍යධනය වශයෙන් යෙදිය යුතු බව මෙහිදී විස්තර කැරිණ. බෞද්ධ අර්ථක්‍රමයේ දැක්වෙන ධනනිෂ්පාදනයේ ඉතා වැදගත් ඉගැන්වීමකි එය. එනම් මූලික ධනය වශයෙන් සුළු මුදලක් යොදා ව්‍යාපාරයක් පටන් ගත් විට මාසික වශයෙන් හෝ වරින් වර ලැඛෙන ආදායමෙන් ලාභය වෙන් කොටගෙන ව්‍යාපාරය තහවුරු වීම පිණිස මුලින් යොදන ලද ප්‍රාග්ධනය එසේම තිබියදී ලාභයෙන් කොටස් දෙකක්ද සෑම වතාවක්ම මූල්‍යධනය වශයෙන් නැවත නැවත යෙදීමය. එමගින් කෙටිකලකදීම එම පුද්ගලයාගේ ව්‍යාපාරය අඩාල නොවී, පුළුල් තත්ත්වයට පත් වේ. ධනය යොදන එම සෑම වාරයක් පාසාම ඔහුට ලැඛෙන ලාභයද වැඩි වන බව මෙහිදී කල්පනාවට ගත යුතු වැදගත් කරුණකි. ඒ අනුව බලන විට බෞද්ධ ආර්ථික ඉගැන්වීම ලියලන අර්ථ ක්‍රමයක් බව - එනම් පුද්ගලයා අනුක්‍රමයෙන් දැහැමි පොහොසතකු බවට පත් කරවන ආර්ථික ක්‍රමයක් බව පැහැදිලි වේ.

එහිදී ඔහු තවදුරටත් මසුරකු නොවනු පිණිස තමා ළඟ ගොඩගැසෙන ධනයට කුමක් කළ යුතුද යන්න පවා බුදු රජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. බුදුන් වහන්සේ එය සංයුක්ත නිකායේ, පඨම අපුත්තක සූත්‍රයේදී මෙසේ විස්තර කරති

ර්‍ණසප්පුරිසෝ ච ඛෝ මහාරාජ උළාරේ භෝගේ ලභිත්වා අත්තානං සුඛේති පීණේති මාතා පිතරෝ සුඛේති පීණේති. පුත්තදාරං සුඛේති පීණේති. දාස කම්මකාර පෝරිසේ සුඛේති පීණේති. මිත්තාමච්චේ සුඛේති පීණේති. සමණ බ්‍රාහ්මණේසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨා පේති. සෝවග්ගිකං සුඛවිපාකං සග්ග සංවත්තනිකං තස්ස තේ භෝගේ ඒවං සම්මා පරිභුඤ්ජියමානේ නේවං රාජානෝ හරන්ති.

ර්‍ණන චෝරා හරන්ති. න අග්ගි ඩහති. න උදකං වහති. න අප්පියා දායාදා හරන්ති. ඒවං සතේ මහා රාජ භෝගා සම්මා පරිභුඤ්ජියමානා පරිභෝගං ගච්ඡන්ති. නෝ පරික්ඛයං.

ර්‍ණමහරජ, සත්පුරුෂ තෙමේ මහත් භෝග ලැබ තමා සුඛිත කෙරෙයි∙ පිනවයි∙ මව්පියන් සුඛිත කෙරෙයි∙ පිනවයි∙ අඹු-දරුවන් සුඛිත කෙරෙයි∙ පිනවයි∙ දැසිදස්කම්කරු පුරුෂයන් සුඛිත කෙරෙයි∙ පිනවයි∙ මහණ බමුණන් කෙරෙහි මතු මත්තෙහි සුව ගෙන දෙන ස්වර්ගයට හිත සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා දක්ෂිණාව පිහිටුවයි. මෙසේ මැනවින් පරිභෝග කරනු ලබන ඔහුගේ භෝගයන් රජහු නොපැහැරගනිත්∙ සොරු නොපැහැරගනිත්∙ ගින්න නොදවයි∙ ජලය නොනසයි∙ අප්‍රිය වූ නෑදෑයෝ නොහැරගනිත්. මහරජ, මෙසේ මැනවින් පරිභෝග කරනු ලබන ඒ භෝගයෝ පරිභෝගයට යෙති. සිඳීමට නොයෙත්.

යනුවෙන් දැක්වෙ
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...