Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

උපත මරණය හා මනෝවිද්‍යාව

උපත මරණය හා මනෝවිද්‍යාව

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

වසරින් වසර කාලය ගත වී යද්දී ජීවිතයට නවඅත්දැකීම් එක්‌ වේ. බලාපොරොත්තු අලුත්් වේ. තැබූ බලාපොරොත්තු ඉටු වුවත් නොවූවත් තවත් අලුත් බලාපොරොත්තු ගොන්නක්‌ සමඟ හෙට දවස ඇරඹීමට අප සූදානම්ය. දිනක්‌ වසරක්‌ හෝ තත්පරයක්‌ ගත වී යනවා යන්නෙහි අර්ථය නම් මිනිසුන් අනුක්‌රූමයෙන් වියපත්වීමයි. මේ වියපත්වීම නැතහොත් මහළුවීමේ අවසානය මරණයයි. මරණය සෑම දෙයකම කෙළවර නොවේ. මිනිස්‌ ජීවිතය වර්තමාන භවයෙන් පමණක්‌ අවසන් නොවේ. එහි ආරම්භයක්‌ මැදක්‌ හෝ නිෂ්ඨාවක්‌ නොදැකිය හැකි පමණටම අති දීර්ඝය. සසර යනුවෙන් බොදුනුවන් විසින් හඳුන්වනු ලබන මේ අති දීර්ඝ භව චාරිකාවේ අවසානය නිවන් අවබෝධයයි. නිවීම වනාහී සියලු දුක්‌ඛදායිබවේ අවසානයයි.

සමාජයෙහි මරණය නමින් අප විසින් හඳුන්වනු ලබන අපගේ ශරීරය බිඳී යාමෙන් සිදුවන සම්මුති මරණය පමණක්‌ නොව ම්වත්වන මොහොතක්‌ මොහොතක්‌ පාසාම මානසික පැවත්මේ හා දේහ සෛලවල, ජීව රසායන ක්‍රියාවලියෙහි සිදුවන විපර්යාසය ද මරණය සේ සැලකිය හැක. මෙය එක්‌තරා ආකාරයකට ක්‌ෂණික මරණයකි. එසේම එය අපගේ පසිඳුරන්ට සෘජු ලෙස ගෝචර නොවන සිදුවීමකි. දියුණු කරන ලද නුවණින් හා ප්‍රඥාවෙන් අවබෝධ කළ යුත්තකි. අපගේ පංච ඉන්ද්‍රියයන්ට ගෝචර වන අත්දැකීම් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයි. එසේම එය සාමාන්‍ය සංජානනය ලෙස හැඳින්විය හැකිය. ඉන්ද්‍රියයන්ට හසු නොවන අති සියුම් නුවණින් අවබෝධ කළ යුතු අත්දැකීම් සීමාව අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය ලෙස හැඳින්වේ. එය අසාමාන්‍ය සංජානනයයි.

මෙම අසාමාන්‍ය සංජානනය පිළිබඳව සිදු කරන ලද පර්යේෂණ බටහිර මනෝවිද්‍යාව තුළ අවමය. එයට හේතුව බටහිර මනෝ විද්‍යාවේ පදනම ලෙස සැලකෙන චර්යාවාදයේ මූලික කරුණු භෞතික ලක්‌ෂණ සහිතවීමයි. අසාමාන්‍ය සංජානනය පිළිබඳව භෞතිකව කරුණු හැදෑරිය හැකි නොවීම ද මෙම ක්‍ෂේත්‍රය තුළ සිදුවන පර්යේෂණ අවම වීමට හේතු වී තිෙරී. උපත්තිය හා මරණය වැනි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයට සෘජුවම හසු නොවන බොහෝ කරුණු පිළිබඳව අසාමාන්යය සංජානනය මඟින් කරුණු ගවේෂණය කළ හැකි වුවත් නූතන බටහිර මනෝ විද්යා වේ මිණුම් දඬුු එවැනි දේ කෙරෙහි දක්‌වන්නේ දුබල ආකල්පයකි.

බටහිර මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත බොහොමයක්‌ම ගොඩනැඟී ඇත්තේ පංච ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය වටාය. චර්යාවාදය ඊට නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය. චර්යාවාදයෙහි දී බාහිරින් නිරීක්‌ෂණය කළ හැකි මානව චර්යා පැතිකඩට අයත් හැසිරීම් රටා කිසියම් විද්‍යාත්මක ක්‍රමයකට පිළියෙළ කිරීම මඟින් ලබා ගන්නා වාද, ප්‍රවාද, නියම හා සිද්ධාන්ත චර්යාවාදයට පදනම් වී ඇත. මින් පැමිණෙන නිගමනවල සාවද්‍ය නිරවද්‍යතාව පිළිබඳව බොහෝ මනෝ විද්‍යාඥයින් විසින් අදහස්‌ පළ කර තිෙරී. මනෝ විද්‍යාවේ විවිධ ගුරු කුල බිහිවීමට මෙවැනි ආකල්ප ඉවහල් විය. මේ අතරින් චර්යාවාදය පිළිගනු ලැබූ සිග්මන් ප්‍රොවිඩියානු ආකල්ප මූලික ස්‌ථානයක්‌ හිමිකර ගනී.

සිග්මන් ප්‍රොයිඩ් කායික වෛද්‍යවරයෙකු ලෙස ස්‌වකීය ගමන් මඟේ ආරම්භය සනිටුහන් කළ අයෙකි. එසේම පසු කලක මනෝ විද්‍යා ක්‍ෂේත්‍රය යටතේ පර්යේෂණ මහත් රාශියක්‌ සිදු කළ විද්‍යාඥයෙකි. එසේම එදා යුගයෙහි සිටි සමකාලීනයන් අතර පවා බොහෝ සේ විවාදාපන්න කරුණු මධ්‍යයේ අභියෝග හා බාධා කිරීම් රාශියකට සාර්ථකව මුහුණ දී ජයග්‍රහණය කළ තැනැත්තෙකි. කිසියම් පුද්ගලයෙකුගේ භෞතික කායික හා චර්යා ලක්‌ෂණ නිරීක්‌ෂණයෙන් මානසික පැවැතුම හෙළි කර ගැනීම හා චර්යාවාදය පිළි ගැනීම අතර සම්බන්ධයක්‌ ලෙස බොහෝ දෙනෙකු විසින් පෙන්වා දෙනු ලබන්නේ කායික වෛද්‍යවරයෙකු ලෙස සිග්මන්ඩ් ප්‍රොයිඩ්ට තිබූ පූර්ව අත්දැකීම්ය.

ප්‍රොවීඩියානු මනෝ විද්‍යාව හා බෞද්ධ ආභිධම්මික ඉගැන්වීම් අතර යම් යම් සමානකම් මෙන්ම විෂමතා ද වේ. ඒ අතර ඉඩ් සංස්‌කාරය මඟින් යටි සිතට ඇති කරනු ලබන බලපෑම බුදු දහමේ රාගය මඟින් ඇති කරනු ලබන චිත්ත විපර්යාසයට යම් සමානකමක්‌ පෙන්වයි. ආභිධම්මික ඉගැන්වීම්වල තරම් අති සූක්‌ෂම ලෙස සිත විග්‍රහ කිරීමක්‌ බටහිර මනෝ විද්‍යාවේ නොමැත. සියලු කෙලෙසුන් කෙරෙන් විනිර්මුක්‌ත වන තත්වය බුදු දහමට පමණක්‌ සුවිශේෂි වූවකි. බටහිර මනෝ විද්යානව රාග, ද්වේෂ හා මෝහ ආකල්ප සිතේ මුලිිනුදුරා දැමීමට හැකි බව පෙන්වා නොදේ. සිතේ තත්වය මානසික රෝගී අවස්‌ථාව කරා ළඟා නොවන පරිදි විවිධ චිකිත්සක ක්‍රම මඟින් පාලනය කරන ආකාරය බටහිර මනෝ විද්යාකව තුළ පැහැදිලි කර දී තිබේ. එසේම බටහිර මනෝ විද්‍යාව මඟින් විස්‌තර කරන්නේ සිතේ භෞතික රටාව පමණක්‌ වන අතර අභ්යීන්තර චිත්ත ක්‍රියාකාරී බව අභිධම්මික විශ්ලේෂණ තුළින් පැහැදිලි කරනු ලබයි.

ජීවිතය හා මරණය පිළිබඳව ඇති විවිධ අර්ථකථන අතර වඩාම හොඳ හා යථාර්ථවාදී විග්‍රහය ඇත්තේ බෞද්ධ ඉගැන්වීම් තුළය. එසේම ඒවා හැමෙකක්‌ම පාහේ ඉතාම ප්‍රායෝගිකය. බුදුරදුන් විසින් තමාගේ චිත්ත ගවේෂණය මගින්ම මුල් වරට සොයා ගෙන ලොවට දායාද කර දී ඇති ප්‍රත්‍යක්‍ෂ කරුණු ඇසුරෙන් ත්‍රිටකාගත ඉගැන්වීම් පරිපෝෂිතය. ඊට අමතරව බුද්ධානුමැතිය සහිත ශ්‍රාවක භාෂිත ද ප්‍රායෝගික කරුණු ඇසුරෙන් ගොනුගත වී තිබේ. ශ්‍රී ලාංකික සංස්‌කෘතිය මෙම ත්‍රිපිටකාගත ඉගැන්වීම් සහිත ස්‌ථවිරවාදී බුදු දහම ඇසුරේ ශික්‌ෂිත වී ඇත.

ලක්‌දිව ස්‌වයංපෝෂිත අර්ථක්‍රමය සකස්‌ වී පැවතියේ මෙම ස්‌ථවිරවාදී බුදු දහමේ ආභාෂය ලබාය. එබැවින් පුරාණයෙහි සිටම මානසික සංතෘප්තිය උපරිමව භුක්‌ති විඳි ජන සමාජයක්‌ ලෙස මෙරට ජනතාව හඳුන්වා දිය හැකිය. පරගැති සිරිත් විරිත්වලින් ආකූල ව්‍යාකූලව යාමට පූර්වයෙන් ලක්‌දිව ජන සමාජය ඉතා සමඟි සම්පන්නව විසූ බව කාය ශක්‌තියෙන් තැනූ විස්‌මිත නිර්මාණ දෙස බැලූ කළ පැහැදිලි වේ. මෙකල මෙන් දියුණු යන්ත්ර සූත්රර නොතිබූ පුරාණ යුගයෙහි සියලු කාර්යය සිදු කරන ලද්දේ හුදෙක්‌ කාය ශක්‌තිය හා කායික ශ්‍රමය වගුරුවාය. මිනිසුන් අතර සමගියක්‌ නොවී නම් එතරම් විශාල කාර්යයන් සඳහා සාමූහිකව කායික ශ්‍රමය වැය කිරීමක්‌ සිදු විය නොහැක.

තම පසමිතුරෙකු හෝ මරණය පතන සිරිතක්‌ ලාංකික සමාජය තුළ නොතිබිණි. බෞද්ධ දර්ශනයෙන් ලත් ආභාෂය හා පළුල් සමාජ දැක්‌ම එයට හේතු විණි. සියලු ජෛව ප්‍රජාව විෂයෙහිම මෙත් සිත් පෙරදැරිව කටයුතු කිරීමේ පුරුද්ද අපට ලැබුණේ ඒ ආකාරයෙනි. කිසියම් කෙනෙකුහට සිදුවන විපතක්‌ කරදරක්‌ අසා වනේ වන හතුරෙකුටවත් එවන් විපතක්‌ සිදු නොවේවා යෑයි පතන සිරිත සාමාන්‍ය ජනතාව තුළ විය. මරණයක දී විපතක දී එක්‌වන්ව එක්‌ සිත්ව සමඟිව විපතට පත් වූ අයට උදව් උපකාර කිරීමේ යහ සිරිත අප තුළ තිබිණි. එබඳු අවස්‌ථාවල දී පරණ තරහ මරහ කොන්තර එදිරිවාදිකම් අමතක කර කටයුතු කිරීම දක්‌නට ලැබිණි.

මළ සිරුර ශුද්ධකොට රසායනික ඛෙහෙත් ගල්වා දින සති ගණන් කල්තබමින් හැකිතාක්‌ විසිතුරු ලෙස සැරසිලි කර රන් රිදී කැටයම් කළ ඉස්‌තරම් දැවයෙන් නිම වූ අති සුඛෝපභෝගී වටිනා පෙට්‌ටි වල බහා තමාගේ ධනවත්කම, සමාජ තත්වය මළ සිරුර මතින් මිනිසුන්හට ප්‍රදර්ශනය කිරීමේ වුවමනාවක්‌ එදා යුගයෙහි සිටි අයට නොවීය. ජීවිතයෙහි යථාර්ථය අවබෝධ වීමට හා ඥාතීයාගේ මරණ දුක තුනීවීමට අදාළ කාර්යයන් ඉටු කිරීම, මළ පොත කියවීම, ආගමික චාරිත්‍රවාරිත්‍රයන්ට අනුව කටයුතු පිළියෙළ කිරීම සහ හැකිතාක්‌ චාම්ව ඉක්‌මනින් අවමංගල කටයුතු නිම කිරීම තත් යුගයෙහි කැපී පෙනුනි. දුක්‌තයින්ට මානසික සහනය ලබාදීම මෙහි දී කැපී පෙනේ.

දානමය හා ධර්ම දේශනාමය පුණ්‍යකර්මයන්ට වඩින භික්‌ෂුන් වහන්සේලා විසින් හටගත් සියලු සංස්‌කාර ධර්මයන් නැසෙන බව ස්‌වභාවය කොට ගෙන ඇති බව ඥාතී පිරිසට සිහිපත් කර දීම මඟින් හුදෙක්‌ දුක තුනී කිරීම හා සසරෙහි අනිත්යෙ බව පිළිබඳව වටහාදීම සිදුකරනු ලැබිණි. මේ භව ගමනෙහි කෙළවර එක්‌ භවයක සිදුවන මරණය නොවන බවත්, එහි නැවැත්ම හා සංසිඳවීම සිදු වන්නේ තණ්‌හාවේ නිරෝධය තුළ බවත් ශ්‍රවකයින්ට සිහිපත් කරදීම බුදු දහමේ සුවිශේෂිත්වය ලෙස පෙන්වා දිය හැක. බටහිර මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට වඩා සිය දහසක්‌ ඉදිරියෙන් බුදු දහමේ මරණානුස්‌සතිය සිටී. නිරතුරුව මරණානුස්‌සතිය වඩන පුද්ගලයින් වෙත බහුල ලෙස විපත් හා කරදර ළඟා නොවේ. වඩා සුවදායී ලෙසින් ජීවිතයට මුහුණ දීමේ අධිෂ්ඨානය ඇති වේ. භවය හා නිරෝධය බුදු දහමේ විග්‍රහවන හොඳම ස්‌ථානය නම් පටිච්ච සමුත්පාද න්‍යායයි. එහි සසර ගමනට හේතුවන උත්පත්ති භවය හට ගැනීමට ඉවහල් වන හේතු ප්‍රත්‍ය ධර්ම පිළිබඳව හා එම හේතු ප්‍රත්‍ය ධර්මයාගේ සංසිඳවීම නිසා භව නිරෝධය සිදුවන අයුරු මනාව විග්‍රහකර ඇත.

උත්පත්තිය නම් භවය හටගැනීමයි. බුදු දහමේ සඳහන් අන්දමට මරණය භවයෙහි කෙළවර නොව භව ගමනෙහි තවත් එක නැවතුම් පළක්‌ පමණි. මරණය තවත් උපතකට යෝග්‍ය ලෙස සූදානම් වීමකි. නව උපතක්‌ ගෙනදීම පිණිස පංචස්‌කන්ධය යළි සංස්‌කරණය කිරීමට අවස්‌ථාවක්‌ මරණය නිසා ජීවියා උරුම කර ගනියි. සත්වයා තුළ ඇති ආශාව මරණය හා යලි උපත අතර යටින් දිවෙන සියුම් හුයයි. මේ සියුම් හුය ඉවත් කරනතුරු සසරෙහි යළි යළිත් පුනර්භවය ලබන බව බුදු දහමේ විස්‌තර කෙරේ. බෞද්ධ මනෝ විද්‍යාව සිතෙහි ප්‍රභාස්‌වරය මතු කිරීම නිෂ්ඨාව ලෙස පෙන්වා දෙයි.

භවය හා පුනර්භවය අතර ඇති තණ්‌හාව නැමැති හුය මුළුමනින්ම ඉවත් කිරීමේ කාර්යය අර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති ක්‍රමවේදය තුළ ගොනු කර දක්‌වා තිබේ. එම ක්‍රමවේදයම ශීල, සමාධි හා ප්‍රඥා යන ත්‍රි ශික්‌ෂාව මඟින් ද පෙන්වා දිය හැක. ශීලය මඟින් චර්යා පැතිකඩ ශික්‌ෂණය කරන අතර සමාධි ශික්‌ෂාව ආවේදන පැතිකඩ ශික්‌ෂණය කරයි. සංජානන පැතිකඩ ශික්‌ෂිත වීම ප්‍රඥා ශික්‌ෂාව මඟින් සිදු වේ. මේ යටතේ චර්යා, ආවේදන හා සංජානන පැතිකඩ ක්‍රමානුකූලව ශික්‌ෂණය කිරීමට උපදෙස්‌ සපයා තිබේ. මෙයින් පැහැදිලි වන්නේ භවය දුකක්‌ ලෙස පෙන්වා දෙන බුදු සමය ඉන් එතෙර වීමේ ක්‍රමවේදය ආනුපුබ්බීය ලෙස පැහැදිලි කර දී ඇති බවය.
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...