Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

කවුරුද මේ මිනිසා...?

කවුරුද මේ මිනිසා...?

පූජ්‍ය නාරද නාහිමි

පූජ්‍යපාද නාරද නාහිමිපාණන් වහන්සේ ඉතා ගැඹුරු ධර්ම කාරණ ඛෙහෙවින් සරල බසින් පහදා දීමෙහි ලා මහත් සමත්කම් පෑ, ඉකුත් සියවසේ වැඩ-වුසූ අග්‍රගණ්‍ය සංඝපිතෘවරයාණ කෙනෙකි. උන් වහන්සේගේ රචනාවන් අඩංගු ඔයැ ඊමාාය් ්බා යසි ඔැ්ජයසබටි නමැති මහාර්ඝ ග්‍රන්ථය ඇසුරෙන් සම්පාදනය කැරෙන ලිපි පෙළක් මෙයින් ඇරැඹෙයි. විශේෂයෙන් ප්‍රබුද්ධ තරුණ ඔබගේ ජීවවිද්‍යාත්මක ශරීරය පිළිබඳව දැන-ඉගැනීම සාර්ථක ජීවිතයකට මඟ හෙළි කරන අතර, ආධ්‍යාත්මික ජීවිතයද සරු පල ගන්වන බව මේ ලිපි පෙළ ඇසුරු කිරීමෙන් නොමඳව වැටැහෙනු ඇත.

කවුරුද? කවරදාද? කොයිබටද? කිමද? යනාදි ගැටලු සමූහයක් සමස්ත මනුෂ්‍යත්වය අරභයා නිරතුරු එල්ල වී ඇත. මේ අතරින් පැනනඟින පළමු පැනය නම් මේ මිනිසා කවරෙක්ද? යන්නයි. මේ පිළිබඳව අපගේ ස්වයං-නිරීක්ෂණය ඇසුරෙන් කුමක් අවබෝධ කළ හැකිද යන කරුණ වෙත අවධානය යොමු කරමු.

මිනිසාට ශරීරයක් නැත් නම් ආකෘතියක් තිබේ. එය අපගේ ඉන්ද්‍රියයන්ගෙන් දැකිය හැකි අතර, නොයෙක් උපකරණවලින්ද නිරීක්ෂණය කළ හැකිය. මේ භෞතික නැත හොත් ද්‍රව්‍යමය ශරීරය යම් යම් ලාක්ෂණික ගුණයන්ගෙන් හා කිසියම් ශක්තීන්ගෙන් යුක්තය. එසේම ඒ පදාර්ථ නිරන්තරයෙන් වෙනස් වීමේ ස්වභාවයක පවතී.

පදාර්ථය යන අර්ථය දෙන පාලි වචනය රූප යන්නයි. එය වෙනස් වන නැත හොත් කැඩී-බිඳී යන ලෙසින් පැහැදිලි කරනු ලැබේ.

බුදුදහමට අනුව භෞතික පදාර්ථගත මූලධාතු සතරකි. එනම් පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ ය.

පඨවි යන්නෙන් අදහස් කරනු ලබන්නේ ව්‍යාප්තියේ නැත හොත් පැතිර පැවතීමේ මූලධාතුවය∙ නැත හොත් පදාර්ථයන්හි යටිතලයයි. එය නැතිව කිසියම් පදාර්ථයකට යම් තැනක තිරව ස්ථානගත විය නොහැකිය. හුදෙක් සාපේක්ෂව තද බවෙහි හා මුදු බවෙහි ගති ලක්ෂණ වනාහි මේ මූල පදාර්ථයේ ස්වභාවයන් දෙකයි. මේ පැතිරීමේ නැත හොත් ව්‍යාප්ත භාවයේ මූලධාතු පොළොවෙහි, ජලයෙහි, ගින්නෙහි හා වාතයෙහි නියෝජනය වෙයි. උදාහරණයක් ලෙස ඉහළ ඇති ජලය පහළ ඇති ජලයෙන් තහවුරු වෙයි. ව්‍යාප්තියේ පදාර්ථය චලනයේ පදාර්ථය සමඟ එකට බැඬෙන ලෙසයි. ඒ බැඳීමෙන් ඉහතට තෙරපුමක් සැපයේ.

ආපෝ නම් ඒකාබද්ධතාවෙහි මූලධාතුවයි. දියාරු බව අපෝ හි ගති ලක්ෂණයයි. පදාර්ථයන්හි විසිරුණු පරමාණු ඒකාබද්ධ කිරීමට හැකියාව ඇති ධාතුව එයයි. එය පඨවි ධාතුව මෙන් නොව, පසිඳුරන්ට හසු නොවෙයි.

තේජෝ නම් ඌෂ්ණය පිළිබඳ මූලධාතුවයි. උණුසුම හා සීතල යන ලක්ෂණ දෙකම තේජෝහි අන්තර්ගත වී ඇත්තේ ශරීරය මේරීමේ බලය එය අත් කරගෙන ඇති බැවිනි. වෙනත් වචනයෙන් කිව හොත් පදාර්ථය ප්‍රාණවත් කරන හෙයිනි. මේ මූලධාතුව හේතු කොටගෙනම පදාර්ථය පැවතීම හෝ දිරා-යෑම පවතියි.

වායෝ නම් චලනයෙහි මූලධාතුවයි. මේ මූලධාතුව හේතු කොටගෙන පදාර්ථයේ චලනය සිදු වෙයි. බලය සහ උෂ්ණත්වය ජනනය වන යන්ත්‍රණය ලෙසින් චලනය සලකනු ලබයි. පදාර්ථමය විෂයපථය තුළ චලනය සහ උෂ්ණත්වය යන මේ මූලධාතු දෙක අනුපිළිවෙළින් සිතට සහ ක්‍රියාවට අනුරූප වෙයි.

මේ බලගතු මූලධාතු සතර වෙන් කළ නොහැකි සේම එකිනෙක හා බැඳී පවතී. එහෙත් ඒ එක් එක් මූලධාතුව ඒ ඒ පදාර්ථයෙහිදී ඊටම අනන්‍ය ගුණයෙන් වඩා ප්‍රබල හා වැදගත් වෙයි. තව ලෙසකින් කිව හොත් ව්‍යාප්තියේ මූලධාතුව පඨවියෙහි බලයෙන් හා වැදගත්කමින් වැඩිය. ජලය ගත් විට එහි එකට ඇලීමේ ගුණාංගය ප්‍රබලය∙ වැදගත්ය. ගින්නෙහි උෂ්ණය ප්‍රබලය. වාතයෙහි චලිතය ප්‍රබලය.

මෙනයින් ළඟ-ළඟ දෙමොහොතක් වුව එක් ආකාරයකට නොපවත්නා, නිරන්තරවම වෙනස් වන ඉහත කී බලවේගයන් හා ස්වභාවයන් පදාර්ථය සතුව පවතී.

ජීවවිද්‍යාවට අනුව මිනිස් උපතකට මුල පුරන මොහොතේ දෙමව්පියන්ගෙන් උරුම කරගන්නා සෛල ප්‍රමාණය අඟලකින් මිලියන තිහකින් පංගුවක් තරම් ක්ෂුද්‍ර පරිමාවකි. මේ ඉතා කුඩා අංශුවය මිනිසාගේ භෞතික-රසායනික පදනම වන්නේ. වෙනත් ලෙසකින් පවසනවා නම් මෙන්න මේ නිර්මාණයයි මිනිසා ලෙසින් හඳුන්වනු ලබන්නේ.

මේ මිනිසා ඇතුළත විශාල වැඩකොටසක් සිදු වෙයි. නිදසුනක් ලෙස ප්‍රතිසන්ධිය හටගන්නා මොහොතෙහිම කාමය ද නිශ්චය වෙයි. අපි මේ මිනිසාගේ ඉතිරි වැඩ ගැන පසු දිනයක කතා කරමු
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...