Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

මානසික පීඩාව ජය ගනිමු

මානසික පීඩාව ජය ගනිමු

පූජ්‍ය බෝධිචින්තා මෙහෙන් වහන්සේ

අපගේ සිත තුළ අනවරතයෙන් නැගෙන කම්පාව, නොසන්සුන්කම හා නොරිස්සුම් සහගත බව තුරන් කරගැනීමට අනැගි උවදෙස් සමුදායක් මේ මෙහෙණියෝ පහදති.

ඔබ සිතේ නිතර බිය සිතිවිලි ඇතිව ජීවත් වන්නෙක් නම් මෙසේ සිතන්න බිය චිත්තාවේගයක් පමණි. බිය වීමෙන් තමන් මුහුණ පා සින තත්ත්වය ජය ගත නොහැකිය. බිය වීම පසෙක ලා නිවැරදි දැකීමෙන්, නිර්භයව අභියෝගය ජය ගැනීමට කළ යුත්ත කරන්න.

හිතේ බිය පහළ වූ විට ර්‍ණතමන් මොනවටද මේ බිය වන්නේ? යන්න තර්කානුකූලව කල්පනා කර බැලීම බිය තුරන් කරගැනීමට මහෝපකාරයක් වේ. අප බිය වනවා නම් බිය විය යුත්තේ වැරදි කිරීමටය. ඔබ අනුන්ට දොස් පවරන්නෙක් නම් විවේචනය කිරීමේ පුරුද්ද ඇත් නම් තමාගේ අඩුපාඩු හා අගුණ දැකීමටත්, අනෙකාගේ ගුණය දැකීමටත් එය පමණක් ලොවට හඬගා පෑමටත් උත්සාහ ගන්න. මේ ක්‍රියාවෙන් තමා වටා සතුරන් වෙනුවට මිතුරෝ ඇති වෙති.

නිතර අනුන්ට දෝෂාරෝපණය කරන්නකු නොව, කළ යුතු දේ නිහඬව කර සැනසෙන්නකු බවට පරිවර්තනය වීමට උත්සාහ කරන්න. අනුනගේ කුණු ඇවිස්සීම නතර කළ හොත් අනුන්ට දොස් පැවරීමට මූලික වන හේතු කාරණා තමා වටා රැස් වීම අඩු වේ. ඔබ අනුන්ගේ දොස් සොයන, නිතර අනුනට දොස් පවරන කෙනකු නම්, කාලයාගේ ඇවෑමෙන්, ඔබව ඇසුරු කරන්නන්ගේ - විශේෂයෙන් බුද්ධිමතුන්ගේ - පිළිකුලට ඔබ භාජනය වේ.

ප්‍රශ්නයක් විසඳාගැනීමට නොදන්නේ නම් ගුණය, නුවණ ඇත්තකු හමු වී එය නිරාකරණය කරගැනීමට උපදෙස් ගැනීම යෙහෙකි. හමු වන සෑම සියලු දෙනා සමඟ තම ප්‍රශ්න කීමට යෑමෙන් මහා ළැව් ගිනි ඇති වීම නොවැළැක්විය හැකිය. මෙහිදී තමාද, අනුන්ද දැවී තැවී විනාශ වී යන්නේය. එනිසා කා හට හෝ ප්‍රශ්නයක් කීමට පෙර, එම කෙනා එය කීමට සුදුසු කෙනාදැයි දෙවරක් සිතා බලන්න.

ලෝකයට පෙන්වීමට සිල්වතකු හෝ හොඳ කෙනකු වීමට ගන්නා උත්සාහයට වඩා අවංකවම පිරිසිදු හදවතකින් ගුණය, නුවණ තමා තුළ වඩාගැනීමට උත්සාහ ගන්න. මවාපෑම් තාවකාලික වේ. කාලයාගේ ඇවෑමෙන් ලෝකයා රඟපෑම් හඳුනාගනී. එවිට ලෝකයාගේ පිළිකුලට භාජනය වීම නොවැළැක්විය හැකිය. තමන්ගේ හදවත පිරිසිදු වන විට තමන් ගෙදර අයට, රාජකාරි ස්ථානයේ අයට, සමාජයට නිරන්තරයෙන් පි‍්‍රය කෙනකු බවට පත් වේ. එවිට සැහැල්ලුවෙන් දිවි ගෙවිය හැකිය. බුදුන්ගේ දේශනාවට අනුව යමකු තමන්ටත්, අනුන්ටත් හා සියලු සත්ත්වයන්ටත් ඉත සිතින් මෛත්‍රිය වඩයි නම් එම පුද්ලයා මනුෂ්‍යයාට පමණක් නොව දෙවියන්ට, තිරිසනුන්ට හා අමනුෂ්‍යයන්ට පවා පි‍්‍රය වූ කෙනකු බව පත් වේ. එසේම ඔහු ස්වාභාවික උපද්‍රවලින්ද රැකෙන බව මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වේ.

ලෝකයේ ඒ ඒ ධර්මතාවට අනුකූලව සිදු වන දේ තමාට පමණක් සිදු වන දේ ලෙසත්, තමන්වම ඉලක්ක කර කවුරුන් හෝ කරන දේවල් ලෙසත් සිතීමෙන් වැළකීම සිත පිරිසිදුව තබාගැනීමට උපකාර වේ.

නිදසුනක් ලෙස තමන් ගමනක් යෑමට සැරසෙන විට ධාරානිපාත වර්ෂාවක් ඒ මොහොතේ කඩා හැලීම ගැන මේක මගේ ගමනට බාධාවක් වෙන්නට වූ දෙයක් කියා සිතුව හොත් වන්නේ තම සිත කිලුටු වීම පමණකි. අහිංසක වැස්ස කිසිත් නොදන්නේය. කිසිවෙකුටත් බාධා කළ යුතුයැයි සිතා වැස්ස නොවසී. නුවණැත්තකු කරන්නේ වැස්ස මඟහැරීම හෝ කුඩයක් ගෙන තම ගමන යෑමය. නිතරම ලෝකයේ සිදු වන දේ දිහා ඒ ඒ හේතූන් නිසා ඒ ඒ ඵල හටගන්නා බවත් ඒ හේතූන් වෙනස් වීමත් සමඟ එම ඵලද වෙනස් වන බවත් සිහියට නගාගෙන බලන්න.

මුහුණපාන අවස්ථාව හඳුනාගෙන සාමකාමීව එයට මුහුණදීමට පුරුදු වීමෙන් එයට යුද්ධ ප්‍රකාශ කරන්නකුගේ සිතේ ඇති වන අසහනය නොමැතිව සිහියෙන් බුද්ධියෙන් එයට මුහුණ දී සැනසිල්ල පවත්වාගැනීමට මඟපෑදේ.

ඔබ කළ පරණ කර්මවල ඵලවිපාකවලට මුහුණ දීමේදී, මේ මොහොතේ එයට දක්වන ප්‍රතිචාරය මත අලුතෙන් එවැනිම කර්ම ඵල-විපාකවලට මුහුණ දීමට සිදු වේද? නැද්ද? යන්න තීරණය වේ. ඔබ දැන් විඳින්නා වූ අමිහිරි ඵල-විපාක නැවත නොවිඳීමට ප්‍රාර්ථනා කිරීම පමණක් මදිය. එය සඵල වීමට නම් තමන් දැන් කරන ක්‍රියාව දෙසට අවධානය යොමු කිරීම වැදගත් වේ.

ඊර්ෂ්‍යාව, තරහව, කේන්තිය, අනුන්ට දොස් නැඟීම හා පළි ගැනීම පහසුවෙන් මෙන්ම කරදරයක් නැතිව ඕනම මෝඩ අයකුට පවා කළ හැකි දේ වේ. එහෙත් මේ ක්‍රියාකාරකම් නිසා හටගන්නා ඵල භුක්ති විඳීමේදී අපහසුතාවට ලක් වීම නම් කිසි ජගතකුට වත් නොවැළැක්විය හැකිය. එම නිසා අමාරුවෙන් අපහසුවෙන් හෝ අන් අය කෙරෙහි අනුකම්පාව, මෛත්‍රිය, කරුණාව, දයාව වැනි ගුණයන්ද, අවබෝධය හා තම නුවණද වඩවාගත හොත් මේ ක්‍රියාකාරකම්වලින් හටගන්නා ඵල, තම සැපත, සැනසිල්ල හා පහසුව පිණිසම පැවතීම කිසිවකුට නතර කළ නොහැකිය.

තම සිතට එන අදහස් විශ්ලේෂණය කර හඳුනාගැනීම වැදගත් වේ. නිදසුනක් ලෙස යම් අදහසක් ආ විට එය තරහා නිසා ඇති වුණාද, ඊර්ෂ්‍යාව නිසා පහළ වුණාද යනුවෙන් තමාම තම අදහස් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. මෙහිදී එම අදහස ලෝභ, ද්වේෂ, මෝහ යන ඒවා මුල් කරගෙන හටගෙන ඇත් නම් එය ක්‍රියාවට නොනඟා සිටීමට වගබලාගත හැකිය.

මේ මොහොතේදී තමන් තමන්ගේ අනාගතය වියමින් සිටින බව අමතක නොකරන්න. එම වියමන කෙබන්දක් විය යුතුද යන්නේ වගකීම මේ මොහොතේ ඔබ අත ඇති බව නිතර සිහියට නඟාගන්න. ඔබ දුක් විඳින්නේ ඔබ කළ කර්මවල ඵල හැටියට මෙන්ම සැප විඳින්නේත් ඔබ කළ කර්මවල ඵල හැටියටය.

තමන්ගේ නෞකාව කැමැති දිශාවකට පැදවීමට එහි නායකයා හැටියට ඔබට අයිතියක් ඇත. නුවණැත්තෝ තම නෞකාව අඳුරෙන් එළිය කරාත්, සැපතින් - සැපත කරාත් යෑමට හේතු - කාරණ සකස් කරගනිමින් මෙලොවත් පරලොවත් ජය ගන්නා දිශාවට පදවති.

තමන්ටත් අනුන්ටත් සතුට සැනසිල්ල පිණිස පවතින දේ වැඩීමට ඔබ ශක්තිය, ධෛර්යය අරගන්න. සත්ගුණවත් වීම අමාරු වුවත් එය උතුම් කොට සැලකීමෙන් තමන්ටත් එවැන්නකු වීමට මඟ පෑදේ. පාපී දුර්ජන ඇසුරෙන් මිදී කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීමෙන් තමන්ට ආරක්ෂාව, රැකවරණය හා සෙත සැලසෙන බව අමතක නොකරන්න.

නිතර කා සමඟත් සිනාමුසු මුහුණින් යුතුව ආශීර්වාදාත්මක මුවින් යුතුව සංවාදයේ යෙදෙන්න.

ඇති හැකි බලවතුන්ට අප දක්වන සැලකිල්ලට වඩා නැති-බැරි අසරණයාට සැලකිල්ල දක්වන්න. අසරණයන්ට පිහිට වීම උතුම් ගුණයක් බව සිහි කරන්න. ලෞකික මෙන්ම ආධ්‍යාත්මික සාර්ථකත්වය හමුවේ උඩඟු නොවී නිහතමානි වීමට පුරුදු වන්න.

ඉන්ද්‍රියන් පිනවීමට වඩ-වඩාත් උත්සාහ කරන විට වඩා වර්ධනය වන්නේ තණ්හාව බැවින් තමා කරා එන්නේ සැපතක් නොව දුකක්ම බව අවබෝධ කරගන්න. ර්‍ණතණ්හාය ජායතී සෝකෝ යනුවෙන් බුදුන් වදාරා ඇති බව සිහි කරගන්න.

තමන්ට අත දෙන්නන්ගේ අත සපාකෑම, දුර්ජනයන්ගේ ලක්ෂණයක් බව සිහි කරගන්න. මුල අමතක නොකර, කෘතගුණ සැලකීමට පුරුදු වීම යමකුට වඩවාගත හැකි වහා වටිනා, දුර්ලභ, ගුණයක් බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. නියම සැප අත්විඳිය හැක්කේ නරක සිතුවිලි පංචනීවරණ ඉවත් කර, සිත පිරිසිදු කර තණ්හාව ක්ෂය කළ විට බවත්, බුද්ධ දේශනාව මෙයම වන බවත් සියට ගන්න.

සියලු කෙලෙස් නැසූ, කුරාකූඹියකුටවත් හිංසා පීඩා නොකළ බුදුරදුන්ටද ඊර්ෂ්‍යා කළ, සතුරුකම් කළ අය බොහෝයි. බුදුන් වහන්සේටද මේවාට මුහුණ දීමට සිදු වූයේ නම් අපට ඒවායින් බේරී සිටීමට ඇති හැකියාව කුමක්ද? මෙසේ දුක් කම්කටුලුවලට මුහුණ දීමේදී බුදුන් වහන්සේ ආදර්ශයට, සිහියට නගාගන්න. බුදුන් වැඩිය අඩි පාරේ ඉවසීම, මෛත්‍රිය හා බුද්ධිය පෙරටු කොට ගමන් කිරීමෙන් ඒකාන්තයෙන්ම සැනසීම ළඟා වන බව සිහියට නඟාගන්න.

අප, මඩේ පිපි නෙළුමක් මෙන් විය යුතුයි. සියලු දුක් කම්කටුලු මධ්‍යයේ, අන්‍යයන්ගේ රැවුම්-ගෙරවුම් මධ්‍යයේ හා ඊර්ෂ්‍යාකාරයන් හමුවේ අප ඉවසීමෙන්, මෛත්‍රිය මුල් කරගෙන ජීවත් වීමෙන්, මඩෙන් ඉහළට විත් පිපුණ නෙළුම මෙන් දසත සුවඳ විහිදවිය හැකිය.

ආතතියට පත් වීම හෝ නොවී සිටීම තමා තීරණය කළ යුත්තක්. ඔබ ගුණයෙන්, නුවණින් පෝෂණය වූ විට ආතතිය නැති කර, තම ජීවිතය වටිනා ජීවිතයක් බවට පත් කරගත හැකිය. අනුන්ට සෙතක්, ශාන්තියක් සේවයක් කර සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වී, දීර්ඝායු වලඳා, දවස් පැමිණි කල දසත සුවඳ විසිරවූ මලද පර ව යා යුතු මෙන්, මෙලොවත්, පරලොවත් ජය ගත්තකු ලෙස අන් මතකයේ සදා රැඬෙමින්, පසුතැවීමෙන් තොරව සතුටින් හා ශාන්ත ලෙස මිය යා හැකිය.
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...