Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

දිවිමඟ සරුකර ගනිමු

දිවිමඟ සරුකර ගනිමු

කොළඹ ගංගාරාම විහාරාධිපති
ගල්බොඩ
ඤාණිස්සර නා හිමි

බුදුරජාණන් වහන්සේ මේ කාරණය මුල්කොටගෙන නුවණැති පුද්ගලයා තමන් නිසා හෝ අනුන් නිසා හෝ පව්කම් නොකරන බව අවධාරණය කළහ. පව්කම්, වැරැදි දුෂ්චරිත නරක ගති සිරිත්වල යෙදෙනවුන්ට කර්මය, කර්මඵල විපාක ලැඛෙන බව තේරුම්ගෙන වැරැදි කළ අයට විපාකද විඳින්නට සිදුවන බව මෙනෙහිකොට තම දිවිපෙවෙත සුචරිතවත්ව දැහැමෙන් සෙමෙන් ගත කළ යුතු බව මින් අවධාරණය කෙරේ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
න අත්තහේතු න පරස්ස හේතු
න පුත්තමිචෙඡ න ධනං න රට්ඨං
න ඉචෙඡය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා
(ධම්මපදය පණ්ඩිත වග්ග)

පින්වත්නි

නුවණැත්තා තමා හේතුකොට ගෙන පවු නොකරන්නේය. අනුන් හේතුකොට ද පවු නොකරන්නේය. නොදැහැමින් පුතකු ලබනු කැමති නොවේ. නොදැහැමින් ධනය ලබාගනු කැමති නොවේ. නොදැහැමින් රට රාජ්‍යය ලබනු කැමති නොවේ. නොදැහැමින් තමාගේ ඉසුරුමත් බව කැමති නොවේ. ඒ පුද්ගලයා සිල්වතෙක් ප්‍රඥාවන්තයෙක් නුවණැතියෙක්ද වේ.

මේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට දේශනාකොට වදාළ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂූන් රැස්කරවා පළමු වරට ර්‍ණඔවාද ප්‍රාතිමෝක්ෂය දෙසා වදාළේ නවම් පෝදාකය. සැරියුත් මුගලන් දෑගසව්වන් ලෙස සම්භාවනා ලබන්නේද නවම් පෝදාකය. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරීමද සිදුවු මේ නවම් පොහෝ දිනය වසරේ දෙවන පුන් පොහෝ දිනයයි. සැවැත් නුවර එක් උපාසක කෙනෙක් ධාර්මිකව ගිහිගෙයි වසන්නේ එක් දිනක බිරිඳට මහණ වනු කැමැති බව කීය. ඔබතුමා නිසා මා කුස තුළ වැඩෙන දරුවා බිහිවනතෙක් ඉවසන ලෙස ඇය කීවාය. ඒ අනුව ධම්මික උපාසක තෙමේ එම දරුවා බිහිවීමෙන් පසුව පැවිදි භූමියට පත්විය. බණ භාවනා කරමින් කටයුතුවල අනලස් වු හෙතෙම කෙලෙසුන් නසා රහත් බවට පැමිණියේය. එම පුතණුවන් දක්නට ගොස් බණ කියු පසු ගිහිගෙයි ආදීනව දැක මහණව විදසුන් වඩා රහත් වූහ.

තෙරුන්ගේ පුරාණ භාර්යාවද දැන් ගිහිගෙයි විසීමෙන් මට ප්‍රයෝජනයක් නැතැයි සලකා මහණ වී බණ භාවනා කොට නොබෝ දිනකින් රහත් වුවාය. දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූහු ධම්මික උපාසක තෙමේද ධර්මයෙහි පිහිටා මහණව රහත්ව අඹුදරුවන්ටද මෙම ශාසනයෙන් පිහිට ලබාදෙන ලද්දේ යැයි කථා කළ සේක.

බුදුරජාණන් වහන්සේ මේ කාරණය මුල්කොටගෙන නුවණැති පුද්ගලයා තමන් නිසා හෝ අනුන් නිසා හෝ පව්කම් නොකරන බව අවධාරණය කළහ. පව්කම්, වැරැදි දුෂ්චරිත නරක ගති සිරිත්වල යෙදෙනවුන්ට කර්මය, කර්මඵල විපාක ලැඛෙන බව තේරුම්ගෙන වැරැදි කළ අයට විපාකද විඳින්නට සිදුවන බව මෙනෙහිකොට තම දිවිපෙවෙත සුචරිතවත්ව දැහැමෙන් සෙමෙන් ගත කළ යුතු බව මින් අවධාරණය කෙරේ.

අධාර්මිකව ලබන, උපදන වස්තුව ධනය වැඩිකල් රඳා නොපවතී. යස ඉසුරු ධන සම්පත් තාවකාලිකසේ දැන නුවණැති පිරිස සිල්වන්තකම, ගුණවන්තකම, ඤාණවන්ත බව ආරක්ෂා කොට දෙලොව ජයගන්නට වෙර දරන බවද මින් පැහැදිලි වේ.

දස කුශල ධර්ම පදනම්කොට ගෙන සතර මඟ සතර ඵලයන්ට පැමිණෙන්නට ඔබ අප්‍රමාදව නිවැරැදි යහපත් ක්‍රියා කිරීමට කැපවෙන්න. අප වෙහෙස මහන්සි වී ධනය රැස්කරන අතර ශරීර අංග ආරක්ෂා කරනු වස් වියදම් කරන්නේය. ජීවිතය රැකගැනීමට ඒ රැකගත් ශරීර අංගයන්ද ඉවත් කිරීමට සිදුවීමට පුළුවන. ගුණ නැණ දෙකින් යුතුව ධාර්මිකව ජීවිත ගතකරන තැනැත්තා ලෝක සාධාරණත්වය සඳහා අඟපසඟ මතු නොව ජීවිතයද පරිත්‍යාග කෙරේ. එහෙයින් සියල්ල එදිනෙදා පරිහරණයට පමණෙකි. ධර්මයෙන් තම දිවිමග සරුකර ගැනීමමයි වැදගත් වන්නේ.

තෙරුවන් සරණයි`
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...