Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

වේළුද්වාර සූත්‍රය

වේළුද්වාර සූත්‍රය

කඩුගන්නාවල මුදලිවත්තල දීපාලෝක විහාරාධිපති
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි

බුද්ධ යන වචනයට අරුත් රැසක් තිබේග ලෝකය මැනවින්ල නුවණින් අවබෝධ කළ තැනැත්තා යන්න එක් අරුතකිග ලොව මිනිසුන් මෙන්ම සෙසු සත්වයන් ද දුක් විඳිතිග දුකට කිසිවෙක් කැමති නැති නිසාල ඈත කාලයක සිට ම මිනිසා දුකෙන් නිදහස්වීමේ මඟ සෙවීමට උත්සාහ කළහග එහි ප්‍රතිඵල ලෙස විවිධ විමුක්ති මාර්ග ලොවට අනාවරණය වියග

බුදු දහම පහළ වන්නේ එවැනි ඉගැන්වීම් හැට දෙකක් පමණ ක්‍රියාත්මකව පැවති සමයකයිග සෙසු ඉගැන්වීම්වලට වඩා බුදු දහම වෙනස් වන එක් සාධකයක් වන්නේල මෙය බෝසතාණන් වහන්සේ සසර ගමනේදි ලද අත්දැකීම් මුල්කර ගෙන ඉදිරිපත් කළ දහමක් වීමයිග ඒ බව අරිය පරියේසන සූත්‍රයෙන් හෙළිකර තිබේග මෙහි අන්තර්ගතය වන්නේල ලොව පවත්නා ස්වභාවයයිග එනම් ස්වභාව ධර්ම මතයයිග එබැවින් බෞද්ධ ඉගැන්වීම අකාලික ගුණයෙන් යුතු ඉගැන්වීමකිග

බුදුරජාණන් වහන්සේ වරක් කොසොල් දනව්වේ වේළුද්වාර නම් ගමට වැඩම කළහග එහිදී වේළුද්වාර ඇතුළු ඒ ගම් වැසි බමුණෝ උන්වහන්සේ හමුවට පැමිණෙතිග ඔවුහු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන්නේල උන්වහන්සේ පිළිබඳ පැතිර තිබුණූ කීර්ති රාවය ඇසීමෙනිග ගෞතමයන් වහන්සේ අරහත්යග සම්මා සම්බුද්ධයල විද්‍යා චරණ ධර්මයන්ගෙන් යුක්තයග එතුමා සුගත ගුණයෙන් යුක්තයග ලෝකවිදූයල අනුත්තර පුරිස දම්ම සාරථියල දෙවි මිනිසුනට ශාස්තෘයග බුද්ධ නම් වන සේකග එමෙන්ම භගවා ගුණයෙන්ද යුක්තයග උන්වහන්සේ මුලල මැද හා අග යන තුන් තැනෙහිම යහපත්වන දෙසුම් පවත්වතිග ඒවා අරුත් බරයිග හොඳ තේරුමකින් යුක්තයිග උසස් ජීවිතයකට මග කියා දෙනවාල ර්‍ණමේ කීර්ති රාවය නිසාම ඔවුන් බුදුරජාණන් වහන්සේ තුළ උතුම් දහමක් ඇතැයි සිතාල උන්වහන්සේ හමුවට පැමිණියහග ඔවුහු උන්වහන්සේට දහම් දෙසීමට ආරාධනා කළේ මෙලෙසිනි භවත් ගෞතමයන් වහන්සෟ අපි දරුවන්ගේ බාධා සහිතව යහන්හි වෙසෙමුග සඳුන් ඇඟ ගල්වමුල මල් ගඳ විලවුන් දරන්නෙමුග කසීසළු අඳින්නෙමුග රං රිදී ආදිය භාවිත කරන්නෙමු ග එවැනි ජීවිත ගත කරන ල එවැනි ජීවිත ගත කිරීමට කැමැත්ත ඇති අපටල මිය ගිය පසු සුගතියෙහි උපදින දහමක් දෙසනු මැනවර්‍ණ කියායිග බුදුහාමුදුරුවෝ ඔවුනට අනුගමනය කිරීම සඳහා අත්තුපනායික දහමක් දෙසූහග එකී කරුණු වේළු ද්වාර සූත්‍රයට ඇතුලත්ව තිබේග

මේ සූත්‍රයේ එන කරුණු පිළිබඳව නුවණින් විමසා බලනවිට ල ඉගෙනීමට ඇති අගනා පාඩම් කීපයකිග එනම්

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මිනිසුන් සඳහා මිසක බෞද්ධයින් සඳහා පමණක් නොවන බවල

ගිහි ජීවිතයේ කටයුතුවල නිරත වන අතරල දහම් මගට බැස ගැනීමට ඉඩ කඩ තිබෙන බව කය හා වචනය සංවර කර ගත යුත්තේ ඇයි ද යන වග අත්තුපනායික ධර්ම මාර්ගය පැහැදිලි කර දීම ත්‍රිකෝටි පාරිසුද්ධ සීලය කුමක්දැයි හෙළි කිරීම අධ්‍යාත්මික දියුණුව තමන්ටම ඇති කරගත හැකි බව පෙන්වාදීමල වැනි අගනා කරුණු රැසක් මෙහි ඇතුලත් වේග බුදුරදුන් හමුවට පැමිණි මොවුහු කිසිවෙක් බෞද්ධයෝ නොවෙතිග උන්වහන්සේ ඔවුනට දහම් දෙසූහග එයින් පෙනෙන්නේ මේ දහම මිනිසුන් සඳහා වූවක් බවයිග මෙහි පළමුවෙන්ම පෙන්වා දෙන්නේ කය හා වචනය සංවර කරගෙන සිල්වත්වන ආකාරයයිග ප්‍රාණඝාතයල අදත්තාදානය හා කාමමිථ්‍යාචාරය යන කායික ක්‍රියා තුන බැහැර කිරීමදල මුසාවාද ල පිසුණාවාචා ල ඵරුසාවාචා හා සම්ඵප්පලාපා යන වචනයෙන් සිදුවෙන වැරදි හතරෙන් වැළකීම ද යන කරුණු හත එයට ඇතුළත් වේග සිල් සමාදන් වීමෙන් කෙනෙකු කරන්නේල තමන් සමාදන් වන සිල් පද වලින් කියවෙන වැරදි නොකර සිටීමටල තමන් තුළ පොරොන්දුවක් ඇතිකර ගැනීමයිග සීලයෙන් කෙරෙන්නේ පුද්ගල ක්‍රියාකාරකම් පාලනය කිරීමයිග තම හැසිරීම පාලනයකින් තොර වුවහොත්ල ඒ පුද්ගලයාගේ සමාජයට සිදුවිය හැකි හානිය අති විශාලයිගලොව කොතැනක හෝ මිනිස් හැසිරීමක් නිසා විපතක් කරදරයක් සිදුවේ නම් ඒ සීලය නොමැතිකම නිසයිග

මේ සූත්‍රයේ සිල් ආරක්ෂා කළ යුතු හේතු හතරක් දක්වයිග මිනිසුන් මෙන්ම සතුන්ද ජීවත්වීමට කැමති වෙතිග තම ජීවිතයට පි‍්‍රයයග එහෙයින් කිසිවෙක් කිසිවෙකුට එරෙහිව ක්‍රියා නොකළ යුතුයග එය ජීවිතුකාමා යනුවෙන් දැක්වෙයිග අප මෙන්ම සතුන්ද ජීවිතයට පි‍්‍රයයෝයග දිව රෑ නොතකා වෙහෙස නොබලාල අව් වැසි නොතකා යමක් සපයා ගැනීමට කටයුතු කරන්නේදල ජීවිතය ගැට ගසා ගැනීමටයිග කිසිවෙක් මරණයට කැමති නොවෙතිග එය අමරිතුකාමා යනුවෙන් දැක්වෙයිග අප මෙන්ම සතුන්ද සැපයට කැමැතියග එය සුඛකාමා යනුවෙන් සඳහන් වෙන අතර හතරවෙනි කරුණ නම් හැම දෙනාම දුකට අකැමැති බවයිග දුක පිළිකුල් කරන බවයිග දුක්ඛ පටික්කූලා යනුවෙන් ඒ බව දැක්වෙයිග බෞද්ධ ඉගැන්වීම මිනිසුන් ගැන පමණක් සිතා කටයුතු කිරීමට නොවල සතුන් පිළිබඳවද එලෙසින්ම කටයුතු කිරීමටයිග එය තමන් උපමාවට ගැනීමෙන් ක්‍රියාත්මක කළ හැකග අත්තුපනායික ධම්ම පරියාය යනුවෙන් එය ඉගැන්වේග මගේ ජීවිතයට තවෙකෙනකුගෙන් තර්ජනයක් එල්ල වනවාට මා අකැමැතියග එමෙන්ම අනෙකෙකුද ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වනවාට මා අකැමැතියග එබැවින් මා විසින් තවෙකෙනකුට හිරිහැර නොකළයුතුයිග එලෙස සිතා හැම වරදක්මල හැම දුරාචාරයක්ම නොකර අත්හළ යුතු බව මේ න්‍යායෙන් ඉගැන්වේගතමන් දුසිරිතෙන් වැළකී අනෙක් අයත් වළකාලීමට කටයුතු කිරීම සැබෑ බෞද්ධයාගේ වගකීම බවල මේ සූ‍්‍රත්‍රයේ පැහැදිලි කෙරෙන ත්‍රිකෝටි පාරිසුද්ධියෙන් අනාවරණය කෙරෙයිග ඒ අනුව පුද්ගලයෙකු තුන් ආකාරයකින් පිරිසුදුකම ඇති කරගත යුතුයිග එනම් තමන් වරදින් වැළකීම පළමුවැන්නයිග දෙවැන්න අනුන් වරදින් වළකාලීමයිග තෙවැන්න වැරදි නොකිරීමේ ගුණය අගය කිරීමයිග බෞද්ධයින්ගෙන් වැඩි දෙනා පළමුවැන්න ඉටු කරතිග තමන් වරදින් වැළකී සිටිතිග අඹු දරුවන් පෝෂණය කරමින්ල රැකියාවල යෙදෙමින් කාමභෝගී ජීවිතයක් ගෙවන ගිහියාටල දහමට අනුව කටයුතු කිරීම උගහටයැයි සමහරු සිතතිග දුක ගැන කතා කරන දහමකල සැපවත් ජීවිත ගෙවීමට ඉඩක් තිබේදැයි ඇතැමුන් විමසතිග මේ ගැටලුවලට කදිම විසඳුමක් මෙම සුත්‍රයෙන් ලබාගත හැකග දහම් මග පිළිබඳ මනා අවබෝධයක් ලබාගත් කෙනෙකුට ලසැබවින්ම ගිහි ජීවිතයට අදාළ සියල්ල කරමින් සතුටින් ජීවත්විය හැකිබවල මෙහි දැක්වෙන සෝතාපන්න අංග හතරෙන් හෙළි කරයිග අවෙච්ඡප්පසාදයෙන් යුතුව බුදු රජාණන් වහන්සේල ධර්ම රත්නය හා සංඝරත්නය සරණයාමත්ල අරියකාන්ත සීලය ආරක්ෂා කිරිමත් යන මේ සතරල සෝතාපන්න අංග වේග බුදුන් සරණයාම යනු බුද්ධත්වය පිළිගැනීමයිග එසේ පිළිගැනීමක් ඇති තැනැත්තා බාහිර බලවේග පිළිබඳ විශ්වාස නොකරයිග

දහම නුවණ හෙළි කරන මග බැවින්ල දහම සරණ යන්නාට අනෙකෙකු සරණයාමේ අනුවණකම වැටහෙනු ඇතග ආර්ය සංඝයා තුළ පැවති උදාර ගුණල තමන් තුළ ඇතිකර ගැනීම සංඝයා සරණයාමයිග කරුණු දැන තෙරුවන් සරණ යන තැනැත්තා අකුසලයෙන් වළකීල කුසලයෙහි යෙදෙයිගඅන්අයද අකුසලයෙන් වළකාලයිග එපමණක්ද නොවල ඔහු තමන් සමාදන්වන සීලය පළුදු නොකරගෙනල සිදුරු නොකරගෙන ආර්යයන් වහන්සේලාගේ ප්‍රසාදය ඇතිවන පරිදිලආරක්ෂා කරයිග එසේ රකිනු ලබන සීලය අරිය කන්ත සීලය ලෙස දක්වා තිබේග මුලින් දක්වන ලද කාය වාග් සුචරිතයේ අංග හත සපුරාගෙනල සෝතාපත්ති අංග හතර දියුණු කරගත් තැනැත්තාටල ර්‍ණමම නිරයෙන්ල පේ‍්‍රතලෝකයෙන්ල තිරිසන් බවෙන් මිදුනෙක් වෙමියි සහතික විය හැකග එබැවින් ඔහුගෙන්ල කිසිවෙකුටත් නපුරක් ල නරකක් සිදුනොවේග යහපතක්ම සැපතක්ම සිදුවෙයිග ඔහු නිර්භයව ජීවත් වන්නා සේම සෙසු අයද බියෙන් තොරව ජීවත් වෙතිග පී‍්‍රති ප්‍රමෝදයට පත්වෙති
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...