Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

දහම දකිමු

විතාරන්දෙණියේ මේධානන්ද හිමි

නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස..
පුට්ඨස්ස ලෝක ධම්මේහි
චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං කේමං
ඒතං මංගල මුත්තමං

පින්වත්නි`

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර අතර අපේ මෙලොව සුගතිය ප්‍රගතිය හා සුබ සිද්ධිය උදෙසා මහා මංගල සූත්‍රය ඉතා වැදගත් සූත්‍රයකි. අද මාගේ ධර්ම දේශනා වේ අරමුණු වූ මෙම ගාථාව එහි සඳහන් වන අවසන් ධර්ම කාරණා විස්තරවන ගාථාවයි. බුදු දහම යනු කුමක්ද? බුදුන් වහන්සේ ඉදිරිපත් කළ සමාජ දර්ශනය තුළ පුද්ගලයා කෙබඳු තත්ත්වයක් වටහාගෙන ජීවත් විය යුතුද යන්න මෙම ගාථාවෙන් පැහැදිලි වෙනවා.

මෙලොවට බිහිවූ පුද්ගලයා හැම විටෙම අපේක්‍ෂා කරන්නේ දියුණුවයි. දියුණුව මංගල කාරණාවකි. බුදුන් වහන්සේ ඉදිරිපත් කරන දියුණුව පුද්ගලයා විටින් විට දුකට පත් කරවන දියුණුවක් නොවේ. සමාජයේ පුද්ගලයා බලාපොරොත්තුවන සැපත කායික හා මානසික සැපතක් විය යුතු අතර එය චලනය වීම අවබෝධකරගෙන ජීවත්විය යුතු බව මංගල කරුණක් බව මෙහිදී පෙන්වාදීම වැදගත්. මහා මංගල සූත්‍රය පමණක්ම අපේ ජීවිතයේ සැනසිලිදායක ජීවිතයට මගක් ලෙස හැඳින්විය හැකියි.

බෞද්ධයකු වශයෙන් අපේ ජීවිතවල සැනසීමක් ලැඛෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපට ලැබුණොත් පමණයි. බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලබන්න අපි උන්වහන්සේට ලංවෙන්නම වෙනවා. ඒ ධර්මයෙන් අපේ ජීවිතය එළියකරන වැදගත් ධර්ම සංග්‍රහයක් තමයි ර්‍ණ බුදු සරණ ර්‍ණ ඒ තුළින් අප තව තවත් ජීවිතය එළිය කරගැනීමට උත්සාහ කරමු.

පින්වතුනි`

මේ ලෝකය තුළ කොයිතරම් මහා ධනස්කන්ධයන් එකතු කළත් වෙනත් සම්පත් ලැබුවත් අප ඒ සියල්ලම විඳින්න වෙන්නේ මේ කුඩා ශරීරය තුළ තිඛෙන ඉන්ද්‍රිය පහෙන් පමණයි. ලෝකය කෙතරම් ලස්සන වුවත් ලොකු වුවත් එය දකින්න පුළුවන් මේ ඇස් දෙක උපයෝගී කරගෙන පමණයි. පුංචි කාලයේදී අප මේ ලෝකය දකින්න ගත්තේ ඇස් දෙකෙන්. සුරතල් වයසේදී සෙල්ලම් බඩුවල ඉඳලා අපි මේ ඇස් දෙකෙන් ලස්සන දැකල මේ දෑස සතුටු කරන්න කෙතරම් උත්සාහ ගන්නවද? එදා සෙල්ලම් කාලයේදී සතුටුවුන දේවල් වලට අප සතුටු කරන්න බෑ හේතුව අප එය විඳල ඉවරයි. අද මේ ඇස්දෙක සතුටු කරන්න අප කෙතරම් මහන්සි වෙනවද? වියදම් කරනවද? ඒත් ලස්සන දකින්න කැමැති මේ පුංචි ඇස්දෙක පිනවල අවසන් කිරීමට පුළුවන් වනුයේ කවදාද?

මිහිර දැනෙන්නේ කන් දෙකට, ලෝකයේ මිහිරි හඬ සප්ත ස්වරය ඔස්සේ අප කන් දෙක පිනවන්න කෙතරම් උත්සාහ කරනවද? ඒත් අවසන් කරන්න පුළුවන් වෙන්නේ කවද්ද? මේ කන්දෙක සදාකාලික පිනවීමකට ලක්කරන්න බැරිද? එමෙන්ම ලෝකයේ ර්‍ණ සුවඳ සුවඳවත් බව අප නාසයෙන් අල්ලගන්න හදනවා. ඒත් කුමන සුවඳකින් අප මේ නාසය පිනවල ඉවර කරන්නද? රස අතුරින් දිව පිනවන රසයට අප හැමදාම ඇළුම් කරනවා රසවත් දේ හොය හොයා මුදල් හම්බ කර කර වියදම් කර කර මේ දිව පිනවනවා. ඒත් එය පිනවල අවසන් කරන්න පුළුවන් වන්නෙ කවද්ද? ඒවගේම මේ ශරීරයට වුවමනා ශාරීරික සැප කෙතරම් දුන්නද ඒත් අප ලබපු සැනසුම කුමක් ද? ජීවිතය පුරාම දුක් මහන්සි වෙන්නේ සල්ලි හම්බ කරන්නේ වෙන මොනවත් සඳහා නෙමෙයි.

මේ ඉන්ද්‍රිය ටික පිනවලා ලස්සන ඇස් දෙකට පෙන්නන්න. මිහිරි හඬ කනට ලබා දෙන්න සුවඳවත් දේ තුලින් නාසය පිනවන්න. රසවත් දෙයින් බඩ පුරවල දිව පිනවන්න.

පින්වතුනි, ඒත් එක ඉන්ද්‍රියක්වත් පිනවල අවසන් කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අප වෙත මානසික සැනසීමක් තිඛෙනවද? නෑ. එහෙනම් අප කුමක් කළයුතුද? මේ පිළිබඳ අවබෝධයක් ශ්‍රී‍්‍ර සද්ධර්මය තුලින්ම ලැබිය යුතුයි. ඒ සද්ධර්මයෙන් සැනසීමක් ලබන්න පුළුවන්.

එය ප්‍රත්‍යක්‍ෂයි. ඊට තිඛෙන හොඳම සාක්‍ෂිකරුවන් තමයි අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් සමාජයේ සතුට ලෞකික වශයෙන් හොඳටම විඳපු කහවනු දහස් ගණන් දිනකට වැය කළ උපතිස්ස කෝලිතලා ඒ සියල්ලටම වඩා පරම සැපත ලෙස බුදු දහම තෝරාගන්න විට මාළිගා අඹුරුදවන් අතහරින්න ඒ අයට පුළුවන් වූයේ මේ සද්ධර්මයේ ඇති අසිරිමත් බව නිසාමයි. මෙය තුළින් ලබන සැනසීම වෙන කිසිම දෙයකින් ලබන්න බැරි නිසයි.

පින්වතුනි,

මේ තුළින් අපට පෙනෙන්න තියන එකම දේ තමයි සතුටු කරලා අවසන් කරන්න බැරි ශරීරයක් අපට තියෙන්නේ. මොන තරම් ධනය හෝ තනතුරු ලබාගත්තත් එයින් තෘප්තියට පත් වන්නේ නෑ. අපට මෙය පිනවල අවසන් කරන්න අපේ ඉන්ද්‍රිය ශක්තිමත් නෑ. මොකද මේ ලෝකයේ තිඛෙන කුමන සතුටක් වත් එක දිගට දෙන්න ඉන්ද්‍රිය ශක්තිමත් නෑ. ඒකට හේතුව ඉපදීමේ පිනට මේ ඇස , කන් ආදි ඉන්ද්‍රියන් මොහොතින් මොහොත දුර්වල වෙනවා ලෙඩවෙනවා. වයසට යනවා ජරාවට පත් වෙනවා..ඇස්දෙක පේන්නෙ නැති වෙනවා කන්දෙක ඇහෙන් නැතිවෙනවා. අතපය වාරු නැති වෙනවා. කොයිතරම් රසයට ආශා කළත් දිවට රස එපා වෙනවා. ඉතින් මේ ශරීරය කොහොම සැනසීමකට ලක්කරන්නද? ඉතිරි වන්නේ හිත හෙවත් විඥානය පමණයි. ඒකටත් හේතුව ඉන්ද්‍රියන් ඔස්සේ මේවා පිනවීමේ ආශාව හෙවත් තෘෂ්ණාව මිය යන විටත් අත්හරින්නෙ නැතිකම නිසා. මේ තුළින් මේ විඥානය සසරේ තව තවත් ගමන් කරනවා. එක එක ආත්මවල ජාතිවල නොයෙක් සත්වයන් ලෙස ඉපදී ඉපදී මේ ඉන්ද්‍රියන් පිනවන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒත් ඉවරයක් නෑ නේද?

ඒ නිසා මේ පිළිබඳ ගැඹුරින් අත්හදා බැලීම් වලින් ස්වභාවධර්මයේ මේ සිදුවීම අවබෝධකරගත් උත්තමයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාව කරුණාව ඇතිව අපේ සැනසීමට මග පෙන්නුවා . මහ බෝසත්තුමා නොයෙක් ජාතිවල මැරි මැරි ඉපදී සසරේ දුක් විඳ විඳ ගමන් කරපු හැටි පැහැදිලි කලා ර්‍ණ අනේක ජාති සංසාරං .... වශයෙන්.

බුදුහාමුදුරුවෝ මේ තත්ත්වය අවබෝධ කර දීලා ජීවිතයේ විඳවන්න නැතිව සතුටින් ඉන්න මගක් පෙන්නුවා. ඒ මග සමාජයේ එක් එක් අයට පේන්නෙ එක එක අයුරින්. එකට හේතුව තමයි ඒ අයගේ විඥානයේ ප්‍රමාණය. මේ සත් ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව වඩන්නම වෙනවා.

මේ ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනවා. වෙනස්වීමට මිනිසා මෙන්ම හැම සත්වයෙක්ම මෙන්ම ස්වභාව ධර්මයත් යටත් වෙනවා. වෙනස්වීමක් නැතිනම් සැනසීමක් ද නැහැ. කුඩා කාලයේ ඉපදුන දරුවාගේ් වෙනස්වීම තමයි වැඩීම .මිනිස් සිතක වෙනස්වීම ස්වභාවිකයි.

කෙලෙස් බරිත සිත වෙනස් කළාම රහත් වෙන්න පුළුවන් වෙනස්වීම ලෝක ස්වභාවය මේක තේරුම් නොගැනීම දුක යි. අනිත්‍ය දුක්ඛ වෙන්නෙ එහෙමයි. මෙය ධර්මයෙන් නතර නොකොලොත් ආත්මයෙන් ආත්මයට ගමන් කරනවා. මේ දහම අවබෝධයෙන් වෙනස්වෙන දුක් සහිත ලෝකයෙන් සැනසීමේ වෙනසකට ලක්කරන්න පුළුවන්.

මේ ඉන්ද්‍රියන් පෝෂණය කිරීම වැරැද්දක් නෙමෙයි. මේවා අනිවාර්යෙන් ම පෝෂණය කළයුතුම වෙනවා. වරද නම් අධික තෘෂ්ණාවෙන් අල්ලා ගැනීමයි.

අපේ හිත උපාදානයන් ඈත්කල විට මැදහත්ව ලෝකය පේනවා. ඒක හරිම සුන්දර ලෝකයක් ඒක දකින්න තමයි මධ්‍යම ප්‍රතිපදාව හෙවත් කිසිම දෙයක අන්තයකට නොවැටී මැදහත් බවින් ජිවත් වෙන්න මග පෙන්නුවේ.

බලන්න ලාභයෙන් සැනසෙන්න උත්සාහ දරන මනුස්සයා අලාභයෙන් දුක් වෙන්නෙ නැද්ද? එක ලාභ අලාභ වශයෙන් මැදහත්ව මුහුණදෙන පුද්ගලයා ඒ දෙකටම ලෝක ධර්මයක් ලෙස මුහුණ දෙන්න බිය නෑ. ඊට දුක්වෙන්නෙත් අනිසි සතුටක් ලබන්නෙත් නෑ. ප්‍රසංශාවෙන් උඩ පනින්න හදන මනුස්සයා නින්දාවෙන් වැටෙනවා.

පංච ඉන්ද්‍රියන් තුලින් සැප හොයන පුද්ගලයා සැප තුළින් සතුටක් නැතිවෙන කොට දුක් වෙනවා දුක සැප උරුමය ස්වභාව ධර්මයේ ලක්ෂණය බව වටහාගත් මැදහත්ව හිතන පුද්ගලයා හැමදාම සැනසීමෙන් ජීවත් වන්නේ.

කිසිම තෘෂ්ණාවකින් මම මගේ හැඟීම අනුව ක්‍රියාකරන්නේ නැහැ.හැමදේම තමා සමාජයේ හොඳින් සැපෙන් නිවැරදිව ජීවත් විය යුතුයි. යන්න හිතට ගන්නවා.

අනෙකාට ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් වෛරයක් ඇතිකරගන්නේ නැහැ. සෙනෙහසින් ජීවත්වෙන්න අනෙකාට මෛත්‍රිය කරනවා. බලන්න පින්වතුනි ධර්මයෙන් ජීවිතය දකින පුද්ගලයා කෙතරම් සැනසීමකින්ද ජීවත් වෙන්නේ, අටලෝ දහමෙන් කම්පාවෙන්න නෑ. ර්‍ණ හිතේ දහම පිළිබඳ නිවැරැදි අවබෝධයෙන් ඇලෙන්න ගැටෙන්න යන්නෙ නෑ. ර්‍ණ ශෝකයක් ඇති කරගන්නෙ නෑ ර්‍ණ විරහවක් වෙන්වීමක් හිතේ දුකකින් ඇතිකරගන්නේ නෑ. ජීවිතයම මංගල කරුණක් බවට පත් කරගන්න උත්සාහ කරනවා.

පින්වතුනි,

මොනතරම් සැනසීමක්ද මේ විදියට හිත හදාගත්තාම තිඛෙන්නෙ ඒනිසා අප සතුටින් ජීවත් වෙන්න නම් අට ලෝ දහමෙහි කම්පා නොවී ඉන්න ධර්මය මනසින් දකින්න ඕන. සියලු දුකත් දුකට හේතුවත් දුක නැති කරමින් ඒ මග ගමන් කරන සැපයෙන් සතුටින් ජීවත්වන සමාජයක් බුදුන් වහන්සේ පෙන්වා දුන්නා.

ඒ සැනසීම ලබන්න ඔබත් බුදුසරණ යන්න. සියලු සත්වයන් සැප ලබත්වා.
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...