උතුරේ පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක

2017-02-09

Bookmark and Share

 උතුරේ පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක  - www.elakolla.com උතුරු පළාත තුළ පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබේ.

පෞද්ගලික බස්  රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගෙන් එල්ල වන විරෝධයට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි.

ප්‍රවාහන අමාත්‍යංශය මඟින් ඉදිකළ වව්නියාව බස් නැවතුම් පර්යන්තය නිසි පරිදි සකස් නොකිරීම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇති බව ඔහු කියා සිටියේය.

ඒ අනුව අද(09) පෙරවරුවේ සිට උතුරු පළාතේ සියලුම මාර්ගවල ධාවනය වන බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ.

මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලබා දෙන තෙක් වර්ජනය අත්නොහරින බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.


(under the courtesy of adaderana news web)
 උතුරේ පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක  - www.elakolla.com

.


ධීවර පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි
සුසන්තිකා කළ යුත්තේ පදක්කම විකිණීම නෙවෙයි - චෝදනාවන්ට නිල පිළිතුරක්
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන එක්දින තරගය අද
Pakistan to return Airbus-330 to Sri Lanka
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved