චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික පිරිසක් ජනපති හමු වෙයි

2017-02-23

Bookmark and Share

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික පිරිසක් ජනපති හමු වෙයි  - www.elakolla.com සැබෑ මිත්‍රයෙකු ලෙස චීනය ඉදිරියටත් ශ්‍රී ලංකාව සමඟ සිටින බව චීන කොමියුනිට්ස් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අමාත්‍ය සොන් තාඕ පවසනවා.


ඔහු ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද (23) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කෙරුණා.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, චීන කොමියුනිට්ස් පක්ෂයත් අතර පවතින දීර්ඝ කාලීන සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳ චීන නියෝජිතයින් සහ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
 
මේ අතර චීන නියෝජිත පිරිස අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මුණගැසුණා.


ඒ, අරලියගහ මන්දිරයේදීයි.
චීන කොමියුනිට්ස් පක්ෂය සමඟ සබඳතා ඇතිකර ගත් ශ්‍රී ලංකාවේ මුල්ම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය වන බව චීන කොමියුනිට්ස් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අමාත්‍ය සොන් තාඕ මෙහිදී ප්‍රකාශ කළා.


(under the courtesy of nethfm news web)
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික පිරිසක් ජනපති හමු වෙයි  - www.elakolla.com

.


ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ සිව්වන දිනය සජීවීව
Sri Lankan gang of jewelry robbers sentenced in Dubai
20 arrested over weapons found at Mt. Lavinia Court
සයිටම් වවාගෙන කන්න එපා!
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved