ත්‍රී රෝද රථයකින් පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

2017-04-30

Bookmark and Share

ත්‍රී රෝද රථයකින් පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි  - www.elakolla.com මාතර,  කොටවිල, සුල්තානාගොඩ ප්‍රදේශයේ නිවසක් අසල ගිනිගනිමින් තිබූ ත්‍රී රෝද රථයක තිබී පිළිස්සුණු මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

අද(30) අළුයම මාතර,  කොටවිල,  සුල්තානාගොඩ ප්‍රදේශයේ වාහන දෙකක් ගිනි ගන්නා බවට පොලීසියට පණිවිඩයක් ලැබී ඇති බව සඳහන්වේ.

ඒ අනුව පොලීසිය අදාළ ස්ථානයට ගෙස් ඇති අතර ඒ වන විටත් මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගිනිගනිමින් තිබූ බව පොලීසිය පැවසුවේය.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ත්‍රීරෝද රථය පිටුපස තිබී පිළිස්සුණු මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය පිළිබඳ කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


(under the courtesy of adaderana news web)
ත්‍රී රෝද රථයකින් පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි  - www.elakolla.com

.


Chandimal gets ton after Herath falls
Twelve hour water cut in Hendala and Wattala today
 ජලවිදුලි නිෂ්පාදනයට තවදුරටත් බලපෑම්
බැඳුම්කර ජනමාධ්‍යයට ඒකාබද්ධයෙන් තහනමක්!
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved