හිටපු ජනපති-හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසක් මෝදි සමග සාකච්ඡා

2017-05-12

Bookmark and Share

හිටපු ජනපති-හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසක් මෝදි සමග සාකච්ඡා  - www.elakolla.com ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙවන් සාකච්ඡාවක් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ  නිල න්‍යාය පත්‍රයේ නොතිබුණු නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙම අවස්ථාව ලබාදුන් බව ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය  ජී.එල් පීරිස් මහතාද එක්ව ඇති බව සඳහන්ය.

ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා ගංගාරාමයේ වෙසන් කලාපය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති මන්දිරයේ පැවැත්වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගිවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස හමුවී තිබේ.


කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අද දෙරණ මාධ්‍යවේදිනියක ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සමග ඉතාමත් සුහදශීලි සාකච්ඡාවක් පැවති බවයි.

ගතවූ වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී සඳහන් කළ බව ඉන්දියානු මහකොමසාරිස්වරයා මෙහිදී සිහිපත් කළේය.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල්, විදේශ ලේකම් එස්.
ජයශංකර් ඇතුළු පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සාකච්ඡාවට එක්ව ඇති බව සඳහන්ය.

චීනයේ මගපෙන්වීම හා ආධාර අනුබල සහිතව ඉකුත් පාලන සමයේ වැඩ ආරම්භ කරන ලද පෝට් සිටි ව්‍යාපෘතියට ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල් විසින් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට තරයේ අනතුරු අඟවා තිබුණු බවට මීට පෙරාතුව වාර්තා පළවී තිබිණි.

කෙසේ වෙතත් මේ සියලුදෙනාගේ සහභාගිත්වයෙන් ඊයේ දිනයේ පැවති සාකච්ඡා සුහදව පැවති බව ආරංචි මාර්ග පවසයි.
(under the courtesy of adaderana news web)
හිටපු ජනපති-හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසක් මෝදි සමග සාකච්ඡා  - www.elakolla.com

.


ගොවිජන සම්මේලනය නීත්‍යානුකූල බලය ඉල්ලයි
උතුරු පළාතේ අමාත්‍ය මණ්ඩල රැස්වීම වලක්වාලමින් ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක්
ඉරාජ්ගේ වීඩියෝවෙන් බුකිය කැළඹූ සමන්තබද්‍ර හිමි ඩුබායි ගිහින් ගත්ත සැප මෙන්න
මුහම්මදුල්ලා යළි කැඳවයි
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved