ක‍්‍රීඩකයන් හා තමන් අතර ගැටුමක් නිර්මාණය කරන්න ඇතැම් මාධ්‍ය පුවත් මවනවා

2017-08-18

Bookmark and Share

ක‍්‍රීඩකයන් හා තමන් අතර ගැටුමක් නිර්මාණය කරන්න ඇතැම් මාධ්‍ය පුවත් මවනවා  - www.elakolla.com ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට ක‍්‍රීඩාගාරය තුළ බිස්කට් ආහාරයට ගැනීම තමන් තහනම් කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. 
පුහුණුකරු සහ භෞතික චිකිත්සකගේ ඉල්ලීමක් මත ගුරුසිංහ මෙම තහනම පනවා ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වුණේ. 
අසංක ගුරුසිංහ පැවසුවේ සිය කණ්ඩායම සහ තමන් අතර ගැටුමක් නිර්මාණය කිරීමේ අරමුණින් ඇතැම් මාධ්‍ය මෙවැනි පුවත් නිර්මාණය කරන බවයි. 
මේ අතර ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අසංක ගුරුසිංහට කණ්ඩායම් කළමනාකාර ධුරයෙන් ඉවත් වන ලෙසට දන්වා ඇති බව මාධ්‍ය වාර්තා පල කර තිබුණා. 
ඒ පිළිබඳව ද අදහස් දක්වමින් ගුරුසිංහ කියා සිටියේ ක‍්‍රීඩා අමාත්‍යවරයා තමන්ට එවැන්නක් මෙතෙක් දැනුම් දී නොමැති බවයි. 
(under the courtesy of nethfm news web)
ක‍්‍රීඩකයන් හා තමන් අතර ගැටුමක් නිර්මාණය කරන්න ඇතැම් මාධ්‍ය පුවත් මවනවා  - www.elakolla.com

.


තිරසර සංවර්ධන කාර්යයට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කරයි
GMOA and JVP to hold discussions on SAITM
නාමල් එකඟ වෙයි
වරාය විකුණනවාට එරෙහිව මහින්දගේ නායකත්වයෙන් දැවැන්ත රැළියක්
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved