සහල් වලට පැනවූ මිළ ඉවතට

2017-08-19

Bookmark and Share

සහල් වලට පැනවූ මිළ ඉවතට  - www.elakolla.com මෙතෙක් ආනයනික සහල් වෙනුවෙන් පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට ජීවන වියදම් කමිටුවෙන් තීරණය කළ බවට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වව්නියාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ,

"අවසන් වරට පැවති ජීවන වියදම් කමිටුවේදී මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍යවරුන් අට දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආනයනික සහල් වෙනුවෙන් මෙතෙක් පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගත්තා.
ඒ වගේම දැන් ඕනෑම කෙනෙකුට හෝ පිරිසකට සහල් ආනයනය කරන්න පුළුවන්.
මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ ආනයනික සහල් මීට පෙරදී පැවති උපරිම සිල්ලර මිලටත් වඩා අඩු මිලකට පාරිභෝගික ජනතාවට ලබා දීමට අවස්ථාව උදා වෙයි කියලා.

ඒ වගේම තමයි මේ වන විට සීනි වෙනුවෙන් රුපියල් අටක බද්දකින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කරලා තියනවා.
ඒක ලෝක වෙළඳ පොළේ පවතින මිල ගණන් වලට අනුව තමයි වැඩි කරන්න අපි සියලු දෙනා එක්ව තීරණය කළේ.
නමුත් සීනි සඳහා රුපියල් අටක බද්දක් වැඩි වුනාට පාරිභෝගික ජනතාවට මුලින් පැවති මුදලටම සීනි ලබා දෙන්නට තොග වෙළෙන්ඳන් හා සිල්ලර වෙළෙන්ඳන් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා"


(under the courtesy of nethfm news web)
සහල් වලට පැනවූ මිළ ඉවතට  - www.elakolla.com

.


ආර්ථිකය සවි කරන්න කුඩා පරිමාණ කර්මාන්තශාලා 150 ක්
උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් උතුරු පළාත් සභාව වටලයි
ප්‍රදේශ 3ක ගිනි ගැනීම්
Navy officer injured during Independence Day rehearsals
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved