සැප්තැම්බර් 1 සිට සියයට 10ක බෝනස් ඩේටා ලැබෙයි

2017-08-23

Bookmark and Share

 සැප්තැම්බර් 1 සිට සියයට 10ක බෝනස් ඩේටා ලැබෙයි  - www.elakolla.com එළඹෙන සැප්තැම්බර් 01 දා සිට දත්ත මත පනවා තිබූ දුරකථන බදු ඉවත් කරන බව වාර්තා වෙයි.

එළඹෙන සැප්තැම්බර් 01 දා සිට දත්ත මත පනවා තිබූ දුරකථන බදු ඉවත් කරන බව පසුගියදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී විදුලිසංදේශ මෙහෙයුම්කරුවන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙය මෙරට විදුලිසංදේශ කර්මාන්තය වෙනුවෙන් රජය විසින් ගනු ලැබූ වැදගත් තීරණයක් බවයි.

රජයේ මෙම තීරණයත් සමඟම සියලුම අන්තර්ජාල පැකේජ/කාඩ්පත් සඳහා අතිරේක 10% ක බෝනස් දත්ත ප්‍රමාණයක් ලබා දීමට කටයුතු යොදන බව මෙම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙම බෝනස් දත්ත ලබා දීම විදුලිසංදේශ නියාමන කොමිසමේ අනුමැතියට යටත් වන බවත්, 2017 සැප්තැම්බර් 01 වනදා සිට අදාළ තීරණය ක්‍රියාවට නංවනු ලබන බවත් මෙහිදී අවධාරණය කර තිබේ.
(under the courtesy of adaderana news web)
 සැප්තැම්බර් 1 සිට සියයට 10ක බෝනස් ඩේටා ලැබෙයි  - www.elakolla.com

.


තාජුදීන් ඝාතනයේ චෝදනා ලැබූ හිටපු ස්ථානාධිපති තවදුරටත් රක්ෂිත බන්ධනාගාර
එක පින්තූරයයි..කතා කෝටියයි..රනිල්-මහින්ද සමීප පින්තූරයකින් බුකිය ඇවිලේ..
ඒකාබද්ධ විපක්ෂය දවල් හීන දකිනවා
මහල් 05 ක ගොඩනැගිල්ල ගින්නට බිළි වෙයි
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved