අයහපත් කාලගුණයෙන් 12ක් ජීවිතක්ෂයට ( 2018 - 10 - 10 )

පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වයත් සමඟ සිදු වූ අනතුරුවලින් මේවනවිට පුද්ගල මරණ 12ක් වාර්තාවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම පුද්ගලයින් හැට නව දහස් හාරසිය තුනකට පීඩා සිදුව ඇති අතර නිවාස 2086කට හානි සිදුව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව, ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ සීමාවෙන් ඉන්දියාවට ඇතුළුවනු ඇතියි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර  ඊයේ(09) රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාවත් සමඟ කලුතර විද්‍යාලය වැසි ජලයෙන් යටවී ඇති අතර මේ හේතුවෙන් අද(10) දිනයේදී පාසල නොපැවැත්වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.


පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගාල්ල නාගොඩ දොරණවිල මාර්ගය තවදුරටත් ජලයෙන් යටව ඇති අතර, ඟිං ගඟේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ උඩුගම,  බද්දේගම, කුරුපනාව යන ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටව තිබේ.

එමෙන්ම ගාල්ලේ දෙවට වැල්ල, රත්ගම වැල්ල සහ කඩේ වැල්ල තොටුපොළවලින් මුහුදු යන ධීවරයින් අද මුහුදු යෑමෙන් වැළකී සිටියේය.

මේ අතර නාගලගම්වීදියේ පිහිටි කැලණි ගඟේ ජල මාපකයේ අගය ඊයේ අඩි 2.2ක් ලෙස සටහන්ව තිබූ අතර අද පෙරවරු 8 පමණ වන විට එම අගය අඩි 1.9 දක්වා පහළ බැස තිබුණි.

මෙන්ම පසුගිය පළමු වැනිදා දැඩි සුළඟකින් හානි වූ ආණමඩුව ආඬිගම මහා විද්‍යලයේ ගොඩනැඟිලි රැසක් පිළිසකර කිරීමට බලධාරීන් මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් එම පාසලේ සිසු සිසුවියන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.

එමෙන්ම සිය ප්‍රෙද්ශය පුරා ඇති කාණු පද්ධතිය ජා ඇල නගර සභාවේ බලධාරීන් විසින් ක්‍රමවත්ව සකස් කර නොමැති බවට චෝදනා කරමින් ජාඇල පාරිස් පෙරේරා මාවතේ ප්‍රෙද්ශවාසීන් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණි.

ඔවුන් පෙන්වා දෙන්නේ පාරිස් පෙරේරා මාවත නිරන්තරයෙන් ගං වතුරට හසුවන බැවින් තමන් අසීරුතාවයට පත්ව සිටින බවයි.

මේ අතර බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර දකුණු සහ ඌව පළාත්වලත්,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි අපේක්ෂා කරන අතර බස්නාහිර, දකුණු, මධ්‍යමසහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ද ඇතිවිය හැකියි.
(under the courtesy of adaderana.lk news web)
     
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video] ( 2018 - 10 - 21 )

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරිය

 
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video] ( 2018 - 10 - 21 )

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරිය

 
මෝටර් රථ ලක්ෂ 2ක්..යතුරු පැදි ලක්ෂ 90 ක් - අවුරුදු පහකට හරියන්න වාහන ලංකාවට ගෙන්වලා,ආර්ථික කඩා වැටෙන්න හේතුවක් විශේෂඥයින් සොයාගනී ( 2018 - 10 - 22 )

දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රව

 
විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට ( 2018 - 10 - 22 )

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තිසර පෙරේරා න

 
e - bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසර ( 2018 - 10 - 22 )

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව

 
පළමු වරට ඩොලරය 173 පහු කරයි ( 2018 - 10 - 22 )

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක්

 
Uber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයි ( 2018 - 10 - 22 )

අද(22) උදෑසන කොළඹ,නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී කුලී රථ රියදුරන් හා කුලී රථ සේවක සංගමයේ සේවකයින් උද්ඝෝෂණයක් ආ

 
රැඳවියන් විරෝධතාවය නතර කරයි ( 2018 - 10 - 22 )

බන්ධනාගාර බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් පසු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ක්‍රියාත්මක කළ වි

 
"මේක අවුස්සලා.. මෝදි අගමැතිතුමාවත් දැනුවත් කරලා" SB කියයි ( 2018 - 10 - 22 )

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණ ප‍්‍රමාදවීම ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත‍

 
වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ - අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් - විශ්ව ලංකා ( 2018 - 10 - 22 )

මුහුණු‍පොත නිසා මම මුහුණ දීපු අමතක නොවන සිදුවීම් හුඟක් තියෙනවා. රසික රසිකාවියන් විදියට කතා කරන අය නිසා මුහුණ ද

 
පාරේ ගිය අය අඩි 100 ක් පහලට ගිය හැටි ( 2018 - 10 - 22 )

ලිඳුල පොලිස් වසමට අයත් ඩයගම- තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ නාගසේන නගරය ආසන්නයෙදී ත්‍රීරෝද රථයක් රාත්‍රීයේ දී අඩි 10

 
තද වැස්සට ඉහළ කොත්මලේ ඇරෙයි ( 2018 - 10 - 22 )

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පස්වරු කාලයේ ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශය