පැය 6ක මෙහෙයුමකින් පසු පැලවත්තේ ගින්න නිවයි ( 2018 - 10 - 11 )

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික නිමි ඇඳුම් වෙළඳ සැලක අද පෙරවරු 11ට පමණ හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබේ.

ගින්න සීග්‍රයෙන් පැතිර යෑම වැළැක්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක්, කොළඹ මහනගර සභාවේ ගිනි නිවන රථ දෙකක්, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවන රථයක්ද මෙන්ම හා ගුවන් හමුදා ගිනි නිවන රථ 2ක්ද යොදා ගැණුණි.

එමෙන්ම යුද හමුදාවේ නිලධාරීන් 100 දෙනෙකු පමණ ගින්න මැඩ පැවැත්වීම සඳහා යෙද වූ බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

නිමි ඇඳුම් වෙළෙඳ සැලෙහි ඉදිරිපස කොටසේ හටගත් ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන නිලධාරීන් කටයුතු කළද, වෙළෙඳ සැලෙහි පිටුපස කොටසින් යළි ගින්න ව්‍යප්ත වීම ආරම්භ වී තිබුණි.

මේ හේතුවෙන් යාබඳ පිහිටි ටයර් වෙළඳසැලකටද ගින්න පැතිර ගොස් තිබිණි.

ගින්න ව්‍යප්ත වීම පාලනය සඳහා ප්‍රදේශයේ විදුලිය සැපයුමද විසන්ධි කෙරුණු අතර, බොරැල්ල-කොට්ටාව 174 බස් මාර්ගයේ වාහන ධාවනයද සම්පූර්ණයෙන් නවතා දැමුණි.

ගිනි නිවීම් නිලධාරීන්, යුද හමුදා සහ ගුවන් හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගිනි නිවීමේ කටයුතුවල නිරත වන පසුබිමක ගින්න පාලනය සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයක සහයද ලබා ගනු ලැබීය.

පැය 6ක් පමණ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව ගින්න පාලනය කර ගැනීමට හැකි වූ අතර ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව  නොමැත.
(under the courtesy of adaderana.lk news web)
     
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video] ( 2018 - 10 - 21 )

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරිය

 
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video] ( 2018 - 10 - 21 )

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරිය

 
රැඳවියන් විරෝධතාවය නතර කරයි ( 2018 - 10 - 22 )

බන්ධනාගාර බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් පසු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ක්‍රියාත්මක කළ වි

 
"මේක අවුස්සලා.. මෝදි අගමැතිතුමාවත් දැනුවත් කරලා" SB කියයි ( 2018 - 10 - 22 )

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණ ප‍්‍රමාදවීම ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත‍

 
වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ - අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් - විශ්ව ලංකා ( 2018 - 10 - 22 )

මුහුණු‍පොත නිසා මම මුහුණ දීපු අමතක නොවන සිදුවීම් හුඟක් තියෙනවා. රසික රසිකාවියන් විදියට කතා කරන අය නිසා මුහුණ ද

 
පාරේ ගිය අය අඩි 100 ක් පහලට ගිය හැටි ( 2018 - 10 - 22 )

ලිඳුල පොලිස් වසමට අයත් ඩයගම- තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ නාගසේන නගරය ආසන්නයෙදී ත්‍රීරෝද රථයක් රාත්‍රීයේ දී අඩි 10

 
තද වැස්සට ඉහළ කොත්මලේ ඇරෙයි ( 2018 - 10 - 22 )

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පස්වරු කාලයේ ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශය

 
රංගන හේරත් සමු ගන්න එයි ( 2018 - 10 - 22 )

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන

 
අද සිට කොළඹටත් STF ( 2018 - 10 - 22 )

කොළඹ බන්ධානාගාරවලට බාහිරින් පැමිණෙන පිරිස් පරික්ෂා කිරිම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීම අද (22) සිට ක‍්‍

 
මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපති ( 2018 - 10 - 22 )

යහපාලන රජය බලයට පත් කිරීමේ දී ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසත් සහ රටේ යහපාලනය ක්‍රියාත්මක කරන ලෙසත් තමන් ජනාධි

 
අදත් මාතර වෙඩි තැබීමක් ( 2018 - 10 - 22 )

මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ අද(22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.අද උදෑසන 9.25 ට පමණ හුලංකන්ද, දම්පහල මාර්ගයේ ද

 
සභාපතිට සුපිරි ගෙයක්..බිරිඳටත් වරදාන ලු..- වරායේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් නොසන්සුන් ( 2018 - 10 - 22 )

වරාය ජාතික සේවක සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රී ඉවත් කරන ලෙස ඉල්ලා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමයේ සෙසු නිලධා