රූපවාහිනී ලාංඡනයෙන් සැළලිහිණියා පියඹා යයිද..? රටම කතාකළ පුවත ගැන රූපවාහිනියෙන් නිවේදනයක්..! ( 2018 - 10 - 10 )

ජාතික රූපවාහිනියේ ලාංඡනය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දැඩි ආන්දෝලනාත්මක කතා බහක් ඇති වුනා. ජාතික රූපවාහිනිය ආරම්භයේ සිටම පැවති සැළලිහිණියාගේ රුව සහිත ලාංඡනය වෙනුවට වෙනත් ලාංඡනයක් යටතේ වැඩසටහන් ඉදිරිපත් වීමත් සමඟ ඒ පිළිබඳව බොහෝ දෙනාගේ විවේචනයට ලක්වුනා. කෙසේ වෙතත්  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ කිසිම ආකාරයකින් ජාතික රූපවාහිනියේ ලාංඡනය වෙනස් නොකරන බවයි.

එ් අනුව ඇය සඳහන් කර තිබෙන්‍ෙ තරගකාරී රූපවාහිනී මාධ්‍ය ආයතන සමග ඉදිරියට පැමිණීමේදී ජාතික රූපවාහිනිය සහ ඩිජිටල් මාධ්‍ය අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීම සඳහා Ru Digtal නමින් මෙලෙස උප සන්නාමයක් භාවිතා කරන බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්

රූපවාහිනී සන්නාමය වෙනස් කරන බවට ගෙන යන ප්‍රචාරය සාවද්‍යයි.

ජාතික රූපවාහිනියේ ලාංඡනය වෙනස් කරන බවට  විවිධ මාධ්‍ය මගින් සැලසුම් සහගත ප්‍රචාරයක් ගෙනයන බව පෙනෙන්නට ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව වගකීමෙන් යුතුව අවධාරණය කළ යුතුය. එසේම ඒ පිළිබද සකච්ඡාවක් හෝ සිදුකර නොමැති අතර එවන් අවශ්‍යතාවක්ද නොමැත. 

ජාතික රූපවාහිනියේ ලාංඡනය වූ සැළලිහිණියා අප ආයතනයේ ගෞරවයේත්, අභිමානයේත් සංකේතයකි. තිස් හත් වසරක් තිස්සේ රැකගෙන ආ එකී අභිමානයේ සංකේතය අංශුවකින් හෝ වෙනස් නොකොට ඉදිරියටත් රැක ගැනීම අපගේ තිරසර අදිටන හා වගකීම වන්නේය. නව මාධ්‍ය සංස්කෘතිය තුළ අප ක්‍රියාවට නැංවූ ප්‍රවර්ධන ක්‍රමෝපායයන් නිසි ලෙස වටහා නොගත් ඇතමුන් වෙනත් මාධ්‍ය මගින් සාවද්‍ය ප්‍රචාර රැගෙන යාම කනගාටුවට කරුණකි.

තරගකාරී රූපවාහිනී මාධ්‍ය ආයතන සමග ඉදිරියට පැමිණීමේදී ජාතික රූපවාහිනිය සහ ඩිජිටල් මාධ්‍ය අතර මනා සම්බන්ධතාවක් තිබිය යුතු බව අප විශ්වාස කරන අතර රූපවාහිනිය ස්වකීය සමාජ ජාලා පද්ධතියට අනුකූලව නව වැඩ සටහන් ගණනාවක් ක්‍රියාවට නංවා තිඛෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. රූපවාහිනියේ නමින් බිදී ආ ‘රූ ඩිජිටල්‘ (Ru Digtal) නම් වූ උප සන්නාමය භාවිත කිරීමෙන් සිදුකරන ප්‍රවර්ධන කටයුතු එහි එක් උපායමාර්ගයකි. එහි හැඩතල භාවිත කරමින් රූපවාහිනී ප්‍රවෘත්ති ඇතුළු ඇතැම් වැඩ සටහන් ප්‍රවර්ධනයේදීද මෙම උපායමාර්ගය යොදාගෙන තිබේ. දැනටමත් මේ පිළිබද සමාජ අවධානයක් දිනාගැනීමට හැකිවීම අපගේ එකී උපායමාර්ගය සාර්ථක වී ඇති බවට කදිම සාක්ෂියකි. 

ජාතික රූපවාහිනිය මෙවන් ක්‍රමවේද අනුගමනය කළ පළමු අවස්ථාව මෙය නොවේ. අපගේ අලෙවි පියස ‘රූ එන්ටර්ටේන්මන්ට්‘ (Ru Entertainment)  යන සන්නාමයෙන් ප්‍රවර්ධනය කිරීම ඇරඹුවේ මීට වසර 10 කට තරම් පෙර සිටය. එයින් ජාතික රූපවාහිනියේ ප්‍රධාන සන්නාමයට හානියක් හෝ අනතුරක් සිදු වී නොමැත.

රූපවාහිනියට එරෙහි සාවද්‍ය ප්‍රචාර පසුපස ඇත්තේ සීමිත පිරිසකගේ පටු උවමනාවන් බව අපි දනිමු. එහෙත් එවන් පටු ප්‍රයත්න වලින් ජාතික රූපවාහිනිය බඳු දැවැන්ත, ජාතික ආයතනයක කීර්තිය අබ ඇටයක ප්‍රමාණයකින් හෝ විනාශ කිරීම සිහිනයක් පම‚. ජාතික රූපවාහිනිය ජාතික වස්තුවකි. එය  ජනතාවගේ ආයතනයක් වන අතර පොදු ජනතාවගේ දැනුම හා වින්දනය පුළුල් කිරීමේ අරමු‚න් නිසි සැලසුමකින් යුතුව ජාතික නාලිකාවක වටිනාකම් හා වගකීම් රැකගනිමින් අප පෙරට යන ගමනේ ආපසු හැරීමක් නොමැති බවද ස්ථීරසාරව ප්‍රකාශ කර සිටිමු. 

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

සභාපති

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
(under the courtesy of nethgossip.lk news web)
     
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video] ( 2018 - 10 - 21 )

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරිය

 
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video] ( 2018 - 10 - 21 )

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරිය

 
"පාරමී වසන්තිට මුදල් දෙන්න එපා කියූ සුසන්තිකා ශෙලින්ඩාටත් බැන වැදිලා" යොවුන් කණ්ඩායම විනාශ කරවන සුසන්තිකාගේ තවත් කුහකකම් හෙළිවේ! ( 2018 - 10 - 22 )

මෑත යුගයේ ක්‍රීඩිකාවක් වශයෙන් ශ්‍රී ලංකාවට මළල ක්‍රීඩාවෙන් විශාලම සේවයක් සිදු කළේ ඇය ය. ඒ මවුබිම් වෙනුවෙන් ඔලි

 
මෝටර් රථ ලක්ෂ 2ක්..යතුරු පැදි ලක්ෂ 90 ක් - අවුරුදු පහකට හරියන්න වාහන ලංකාවට ගෙන්වලා,ආර්ථික කඩා වැටෙන්න හේතුවක් විශේෂඥයින් සොයාගනී ( 2018 - 10 - 22 )

දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රව

 
විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට ( 2018 - 10 - 22 )

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තිසර පෙරේරා න

 
e - bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසර ( 2018 - 10 - 22 )

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව

 
පළමු වරට ඩොලරය 173 පහු කරයි ( 2018 - 10 - 22 )

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක්

 
Uber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයි ( 2018 - 10 - 22 )

අද(22) උදෑසන කොළඹ,නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී කුලී රථ රියදුරන් හා කුලී රථ සේවක සංගමයේ සේවකයින් උද්ඝෝෂණයක් ආ

 
රැඳවියන් විරෝධතාවය නතර කරයි ( 2018 - 10 - 22 )

බන්ධනාගාර බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් පසු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ක්‍රියාත්මක කළ වි

 
"මේක අවුස්සලා.. මෝදි අගමැතිතුමාවත් දැනුවත් කරලා" SB කියයි ( 2018 - 10 - 22 )

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණ ප‍්‍රමාදවීම ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත‍

 
වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ - අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් - විශ්ව ලංකා ( 2018 - 10 - 22 )

මුහුණු‍පොත නිසා මම මුහුණ දීපු අමතක නොවන සිදුවීම් හුඟක් තියෙනවා. රසික රසිකාවියන් විදියට කතා කරන අය නිසා මුහුණ ද

 
පාරේ ගිය අය අඩි 100 ක් පහලට ගිය හැටි ( 2018 - 10 - 22 )

ලිඳුල පොලිස් වසමට අයත් ඩයගම- තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ නාගසේන නගරය ආසන්නයෙදී ත්‍රීරෝද රථයක් රාත්‍රීයේ දී අඩි 10