මහින්දගේ දෑත් ශක්තිමත් වෙලා - සම්බන්දන්

පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලයක් අත්පත් කරගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ප්‍රමුඛ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් වී ඇති බව විපක්ෂ නායක ආර්. සම්බන්දන් පවසනවා.

රටේ ජනතාව විසින් යළි වරක් ඔහුට බලයක් ලබාදීමට සූදානම් බව මේ තුළින් පෙනි යන බවයි ඔහු පෙන්වා දී තිබෙන්නේ.

එම නිසා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

පළාත් පාලන මැතිවරන ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මීට පෙර ද මෙරට දෙමළ ජනතාවගේ ගැටළු විසඳීමට කටයුතු කරන බව ජාත්‍යන්තරය වෙත පොරොන්දු වී ඇති බවයි විපක්ෂ නායකවරයා මතක් කර සිටියේ.

එම පොරොන්දුව හිටපු ජනාධිපතිවරයා ඉටු කළ යුතු බව පෙන්වා දෙන විපක්ෂ නායක ආර්. සම්බන්දන් කියා සිටියේ ඔහුගේ ජයග්‍රහණයට තමන් සුබ පතන බවයි.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව තමන් පිළිගන්නා බවත් මෙරට දෙමළ ජනතාවගේ ගැටළු ද සාර්ථකව විසඳා මුළු රටේ සමස්ත ජනතාවගේ සිත් දිනා ගැනීමට වග බලා ගන්නා ලෙසයි විපක්ෂ නායක ආර්. සම්බන්දන් ඔහුගෙන් ඉල්ලා ඇත්තේ.

කුමන පාර්ශ්වය සමග දෙමළ ජාතික සන්ධානය ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවල කිසිඳු වෙනසක් නොවනු ඇති බවයි.

එමෙන්ම තමන්ගේ ප්‍රතිපත්තිවලට එකඟ හෝ අවදානය යොමු කරන ඕනෑම පාර්ශ්වයක් සමග ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වන බවයි විපක්ෂ නායක ආර්. සම්බන්දන් කියා සිටියා.
(under the courtesy of nethnews.lk news web)
බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.බ්‍රිතාන

 
රවීට විහිළුවක් වුණ කැබිනට් සංශෝධනය

අද 25 සිදුවූ කැබිනට් සංශෝදනය විහිලුවක් බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කර

 
පාත‍්‍රය ගෙන අහසින් වැඩි රහතන් වහන්සේ මුහුදෙන් මතුවෙයි

රහතන්වහන්සේ නමකගේ යැයි සැක කරන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක් විසින් දැක ගොඩබිමට

 
පාත‍්‍රය ගෙන අහසින් වැඩි රහතන් වහන්සේ මුහුදෙන් මතුවෙයි

රහතන්වහන්සේ නමකගේ යැයි සැක කරන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක් විසින් ගොඩබිමට

 
ජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි - සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාල

ජිප් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සංඝයා වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුලත් කල බව මස්කෙළිය

 
කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්

කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය ස

 
ජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි

පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබාදුන් තීන්දුවට අනුව රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය

 
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය විකෘති ප්‍රතිඵලයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය විකෘති ප්‍රතිඵලයක් බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහත

 
විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකියි

ග්‍රාමීය විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

 
කැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයි

අද (25) සිදුකළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත