මහින්දානන්දට ඇප-මැයි 11 නැවත අධිකරණයට

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

පසුගිය රජය සමයේ ක්‍රීඩා අමාත්‍යාංශයට කැරම්බෝඩ් ඇතුළු ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීමේදී රජයේ මුදල් රුපියල් මිලියන තිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැකපිට ඔහු අද අත්අඩංගුවට ගැණුනි.

ඒ අනුව සැකකාර මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා රුපියල් 35000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද  නියම කළා.

සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනාවට භාජනය වී තිබෙන  මුදල් පොදු දේපල ගණයට අයත් නොවන බැවින් සැකකරුට ඇප ලබාදීමට අධිකරණයට බලයක් පවතින බව පෙන්වා දුන්නේය.

එම තර්කයට අනුව සැකකරු ඇප මත මුදා හැරීම සිදු කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර මන්ත්‍රීවරයාට මැයි මස එකොළොස් සඳහා යළි අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටද නියම කළේය.

ප්‍රකාශයක් ලබා ගනීම සඳහා අද පෙරවරුවේ මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා තිබුණා.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කටයුතු කළේය.

2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සතොස ආයතනය හරහා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා කැරම්  සහ දාම් බෝඩ් මිලදී ගැනීමේදී  රුපියල් මිලියන 39 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැකපිට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  තමන්ව අත්අඩංගුවට ගැනීම  වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා මීට පෙර අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණත් එම පෙත්සම විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල නියම කර තිබුණි.

එම තීරණයට එරෙහිව මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා අවසර පෙත්සමක් ඉදිරිපත් කර තිබුණත් එය මේ දක්වා  අධිකරණය හමුවේ සලකා බලා නැහැ.

(under the courtesy of adaderana.lk news web)
යතුරු පැදියක සිව් හැවිරිදි දරුවෙකු ගැටී තුවාල ලැබීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

යතුරු පැදියක කුඩා දරුවෙකු ගැටී තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකුව කරුවලගස්වැව පොලීසිය විස

 
ලංකාවේ නව අයෝජන අවස්ථා ගැන බලන්න පාකිස්ථානයේ ආයෝජකයින් පිරිසක් දිවයිනට

ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා රැසක් පිළිබඳ සොයා බැලීමට පාකිස්ථාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයින් කණ්ඩායමක් දිවය

 
නව අභියාචනාධිකරණ විනිසුරුවන් 2දෙදෙනක් දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අද (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දී තිබේ.ඒ ජනාධිපති මෛ

 
එජාප ප්‍රතිසංවිධාන රැස්වීම හෙට : නව තනතුරු 26ක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව හෙට (24) යළි රැස්වීමට නියමිතව තිබේ.හෙට පස්වරු 3.30ට පක්ෂ නායක, අග්‍

 
රෝහලේ විදුලිය විසන්ධි වී විදුලි ජනන යන්ත්‍රය පණ ගැන්වීමත් සමග පිපිරීමක්

ප්‍රධාන විදුලි සැපයුම විසන්ධිවීමක් හේතුවෙන් රෝහලක තිබූ විදුලි ජනක යන්ත්‍රය පණ ගැන්වීමට යෑමෙදී එය පුපුරා ගොස් ත

 
පෙනීමත් දුර්වල සුනඛයා කැළයේ අතරමං වූ කුඩා දැරියක් රැකගත් හැටි

කැලයක අතරමංව සිටි අවුරුදු 03 ක් වයසැති දැරියක් සොයා ගැනීම සඳහා අවුරුදු 17 ක සුනඛයෙක් උපකාර කල පුවතක් ඕස්ට්‍රේ

 
ජනපති අගමැති හමුවක් - එජාප නියෝජ්‍ය මහ ලේකම් කරුණු හෙළි කරයි (VIDEO)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අද (23

 
තහනම් පොලිතීන් දන්සැල් සඳහා භාවිතා කරන්න එපා

වෙසක් දිනයට සමගාමීව සංවිධානය වන දන්සැල් සඳහා තහනම් පොලිතීන් නිෂ්පාදන භාවිතා නොකිරීමට දන්සැල් සංවිධායකවරුන්ට උප

 
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා ඉල්ලා අස්වෙන බව කියයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව නගන චෝදනා ඔප්පු කළහොත් වහාම තනතුරෙන් ඉල්ලා අස්වන බව ආරක්ෂක ම

 
ගෙල වැලලාගෙන පණ අදිමින් සිටි සිසුවියක් ප්‍රදේශවාසීන් දැක මුදා

එකලොස් හැවිරිදි පාසල් සිසුවියක් අද (23) තම නිවසේදි ගෙල වැලලාගෙන පණ අදිමින් සිටියදී ප්‍රදේශවාසින් පිරිසක් දැක ඇ