සේවක වැටුප්වලටත් මිල සූත්‍රයක් ඉල්ලයි ( 2018 - 09 - 14 )

මිල සූත්‍රයේ වෙනස්වීම්වලට අනුව ඛනිජ තෙල් මිල ඉහළ දමන්නේ නම් ඊට සරිලන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීමේ සූත්‍රයක්ද නිර්මාණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මුළු රටම කනත්තට දක්කගෙන යන අවමංගල පෙරහරට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හිස පහතට නමාගෙන ගමන් කිරීම පිළිබඳව තමන් පෞද්ගලිකව ලැජ්ජාවට පත්වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පසුගියදා බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

"ඉන්ධන මිල සූත්‍රයට අනුව සති තුනක කාලයක් ඇතුළතදී තුන් වැනි වරටත් ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා. ඛනිජ තෙල් මිල ඉහළ යෑමත් සමඟම අනෙක් සියලුම භාණ්ඩ හා සේවාවල මිල වැඩිවෙනවා. මේ ඉන්ධන මිල සූත්‍රය කුමක්ද, මිල වැඩිවෙන්නේ කුමන ප්‍රතිශතයකින්ද කියන්න ජනාධිපතිවරයා දන්නේ නැහැ. මේ ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව විෂයභාර අමාත්‍යවරයා හා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සඳහන් කරනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේවත් මේ සූත්‍රය ගැන කිසිම තොරතුරක් දෙන්නේ නැහැ. මේ මායාකාර ගුප්ත මිල සූත්‍රය මොකද්ද?" යැයි පැවසීය.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නඩුව පසුගියදා කුරුණෑගල මහාධිකරණයේදී විභාගයට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මේ නඩුවේදී සාක්ෂිකරුවන්, පැමිණිලිකරුවන් හැරුණු විට වෙනත් කිසිවකු අධිකරණ පරිශ්‍රයට ඇතුළුවීම වළක්වා තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනෙක් මෙම නඩු විභාගයට සහභාගි වුණා. අධිකරණ නියෝගය අනුව අපි අධිකරණ පරිශ්‍රයට ඇතුළු වුණේ නැහැ. නමුත් පළමු වතාවට මාධ්‍යකට අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීම වළක්වා තිබුණා. සියලුම මාධ්‍යට නඩුව වාර්තා කිරීම තහනම් නම් නඩුවේ තොරතුරු ආණ්ඩුවේ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂපාඨය බවට පත්වුණේ කොහොමද? කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා".


(under the courtesy of srilankamirror.lk news web)
     
පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට එකම තැන ජීවිතය අහිමි කළ අනතුර ( 2018 - 09 - 18 )

අනුරාධපුර, පාදෙනිය මාර්ගයේ ගල්ගමුව සතිපොළ ආසන්නයේදී ඊයේ (17) රාත්‍රියේ සිදුවුන අනතුරකින්  පොලිස්

 
පොලිසිය ජනපති යටතට පවරා ගන්නැයි ශ්‍රීලනිපයේ කණ්ඩායමක් ජනපතිට කියයි ( 2018 - 09 - 17 )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිත ආරක්ෂාව ඇතුළුව රටේම ආරක්ෂාව බරපතළ ලෙස අවදානමකට ලක්ව තිබෙන නිසා පොලිසි

 
චීන අමෙරිකා යුද්ධයක් උග්‍රවෙයි ( 2018 - 09 - 18 )

චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පිය

 
රජය සම අනුග්‍රහය දක්වා ඇති යෝජනාවට කැබිනට් අනුමැතියත් නෑලු ( 2018 - 09 - 17 )

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙනආ විකල්ප යෝජනාවට රජය සම අනුග‍්‍රහය දක්වා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක

 
කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර බැස්මක් ( 2018 - 09 - 18 )

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහලට පැමිණියේය. අද දින ගනුදෙනු අවසා

 
අතුරුදහන්ව සිටි දෙදරු මව ඇළකින් හමු වෙයි ( 2018 - 09 - 18 )

නිවසෙන් අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුරක් ඇළක තිබි හමු වු බව මස්කෙලිය පොලීසිය පවසයි.

මෙසේ හමු වි

 
“මැද පෙළ අසාර්ථක වුණා.පීඩනය දරාගන්න බැරිවුණා” – ඉතිහාසගත පරාජයෙන් පසු මැතිව්ස් කියයි
( 2018 - 09 - 18 )

ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා

 
උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි ( 2018 - 09 - 18 )

උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක් අද ප‍්‍රතික්ෂේප කෙරුණා. මහ ඇමතිවරයා මෙම

 
‘‘මේවා බලන් ඉන්න එක හරිම වේදනාකාරියි‘‘ - ඉන්දියානු ක්‍රිකට් රසිකයින් රසල් ආනල්ඩ්ගෙන් පලි ගනී (PHOTOS) ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අකාරයට පහත වැටී ඇති අයුරු දක්නට ලැබීම දැඩි වේදනාකාරි බව විස්තර විච්රක රසල් ආනල්ඩ් පවසයි

 
ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් සහ කෙසෙල්වලිනුත් ඉදිකටු හමුවෙයි ( 2018 - 09 - 18 )

ඔස්ටේ‍්‍රලියාවේ අළෙවි කරන ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර

 
රුපියල බාල්දුවීම ගැන ආණ්ඩුවෙන් පාර්ලිමේන්තු විවාදයක් - රංජන් ( 2018 - 09 - 18 )

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම පිළිබදව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බව නියෝජ්‍ය

 
ආශිර්වාද ලබා ගන්න DIG නාලක සිල්වා කැලණියට ( 2018 - 09 - 18 )

දැඩි කතාබහක් ඇති කළ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, තවත් ජේ්‍යෂ්ඨතම පොලිස් නිලධාරියෙකු

 
ජනපතිගෙන් ඇරයුමක් ( 2018 - 09 - 18 )

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනා

 
චීන අමෙරිකා යුද්ධයක් උග්‍රවෙයි ( 2018 - 09 - 18 )

චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පිය