දේශීය සමාගමක් ශ්‍රී ලංකාවේ හැදූ ගිණි නිවීම් සුපිරි අධිවේගි යාත්‍රාව දියත් කෙරේ - ඉන්දියාවට යාත්‍රා 80කුත් නිපදවලා ( 2018 - 09 - 14 )

මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැවි , බෝට්ටු වෙත ක්ෂයණිකව ලගා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කිරීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධිවර වරායේදී ඊයේ [ 13 ] සිදු කෙරිණ .

පැයට නාවීක සැතපුම් 35 ක වේගයකින් යාත්‍රා කළ හැකි මෙම යාත්‍රාව සතුව පැයකට වතුර ලීටර් ලක්ෂ 06 ක් මීටර් 120 ක් දුරට විදිය හැකි පහසුකම් සහ ගොඩබිම සිට නාවීක සැතපුම් 200 ක දුර ගිනි නිවීමේ මෙහෙයුම් වල සාර්ථකව නිරතව නැවත ගොඩබිමට ලගවිමේ සියලු පහසුකම් වලින් සමන්විතය . BELUGA – 18 නමැති මෙම ගිනි නිවීමේයාත්‍රාවේ ගිනි නිවීම් භටයින් 06 දෙනෙකුට ගමන් කර මෙහෙයුම් සිදු කිරීමේ පහසුකම් ඇත. මහ මුහුදේ සිදුවන එවැනි ගිනි ගැනීම් පාලනය කිරීම පිළිබද විශේෂ පුහුණුවක් ද ඔවුන්ට ලබා දී ඇත . ඉන්ධන වැනි ද්‍රව්‍යක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්වන නැවක් හෝ බෝට්ටුවක ගින්න පාලනය සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලීටර් 8000 කින් ද මෙම ගිනි නිවීමේ යාත්‍රාව සමන්විතය .

එවැනි ගිනි ගැනිමක් පිලිබදව වාර්තා වූ වහාම අදාළ ස්ථානය නිශ්චිතව හදුනාගැනීමේ නවීන තාක්ෂ ණය මෙන්ම , එවැනි ගිනි ගැනීමක් දැනගැනීමත් සමග අදාළ නැවේ IMO අංකය මගින් එම නැව ඇති ස්ථානය පහසුවෙන් හදුනාගැනීමේ AIS තාක්ෂ්ණයෙන්ද මෙම යාත්‍රාව සමන්විතය. එවැනි ගිනි නිවීමක් පාලනය කිරීමේ මෙහෙයුමකදී අදාළ ස්ථානයේ ස්ථානගත වී සිටීමේ GPS සහ සැටලයිට් තාක්ෂණය අනුව යාත්‍රාව ස්වයංක්‍රීයව බලගැන්වී සාගරයේ පා නොවී සිටීමේ විශේෂිත හැකියාවද සහිතව මෙය නිපදවා ඇත . මෙම ගිනි නිවීමේ යාත්‍රාව සම්පුර්ණයෙන් දේශීය නිෂ්පාදනයකි.

ගින්නක් පාලනය කිරීමේ මෙහෙයුම් වලදී එල්ල වන අධික උෂ්ණත්වයෙන් මෙම යාත්‍රාව ආරක්ෂා කිරීම ස්වයංක්‍රීයව ජලය විහිදුවා සිසිල් කිරීමේ යාන්ත්‍රණයකින්ද මෙය සමන්විත බව එහි නිෂ්පාදක සෝලා මැරීන් ලංකා සමාගමේ කලමනාකර අධ්‍යක්ෂ එස්.ඩි. ප්‍රේමතිලක පැවසුවා. ඔහු සදහන් කළේ අනතුරටපත්  යාත්‍රාව ඇති ස්ථානය නිශ්චිතව හදුනාගෙන අවශ්‍ය මෙහෙයුම් සදහා යෙදවිය හැකි ලෝකයේ දැනට භාවිත කරන නවීන තාක්ෂ.ණය මෙය නිපදවීමේදී උපයෝගී කර ගෙන ඇති බවය .ඊට අමතරව බේරාගන්නා පුද්ගලයින්ට හදිසි ප්‍රතිකාර ලබාදී කඩිනමින් ආසන්නම වරාය වෙත රැගෙන එම සඳහා ද මෙම යාත්‍රාව සතුව පහසුකම් ඇති බවයි .

තම සමාගම මේ වන විට ඉන්දීය නාවික හමුදාව වෙනුවෙන් අධිවේගී යාත්‍රා 80 ක් සහ මාලදිවයින වෙනුවෙන් අධිවේගී යාත්‍රා 05 ක් නිෂ්පාදනය කර එම රටවලට භාර දී ඇති බවත් , ඉන්දීය නාවික හමුදාවට නිෂ්පාදනය කල එම අධිවේගී යාත්‍රා එරට වෙරළාරක්ෂක බලකාය විසින් භාවිත කරන බවත් මෙම ගිනි නිවීමේ යාත්‍රාව දියත් කිරීමේ අවස්ථාවේදී රැස්ව සිටි පිරිස අමතමින් ඔහු පැවසිය . 
(under the courtesy of nethnews.lk news web)
     
"ලැජ්ජයි මැතිවුස්" ශ්‍රී ලංකා ක්‍රිකට් අවසන් ගමන් යයි, ඇෆ්ගනිස්ථානය හමුවේත් අන්ත පරාජක් ලබා ආසියාවෙන්ම කැපුනු හැටි! ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අදුරු ලැජ්ජා සහගත දිනයක් සටහන් කරමින් ඇන්ජලො මැතිවුස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට්

 
බැංකුවක් කොල්ලකා දවස් 06ක් සැඟව සිටි 06ක් අල්ලයි ( 2018 - 09 - 18 )

කතරගම, දෙටගමුව ප‍්‍රදේශයේ බැංකුවකින් මුදල් සොරකම් කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඉකුත් 1

 
බැංකුවක් කොල්ලකා දවස් 06ක් සැඟව සිටි 06ක් අල්ලයි ( 2018 - 09 - 18 )

කතරගම, දෙටගමුව ප‍්‍රදේශයේ බැංකුවකින් මුදල් සොරකම් කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඉකුත් 1

 
ඇෆ්ගනිස්ථානය හමුවේ අන්ත පරාජයක් : පළමු වටයෙන් ශ්‍රි ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට ( 2018 - 09 - 17 )

පස් වරක් ආසියානු කුසලානයට හිමිකම් කියු ශ්‍රි ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් විමට සිදුවුවා. ඒ ඇෆ

 
කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර බැස්මක් ( 2018 - 09 - 18 )

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහලට පැමිණියේය. අද දින ගනුදෙනු අවසා

 
අතුරුදහන්ව සිටි දෙදරු මව ඇළකින් හමු වෙයි ( 2018 - 09 - 18 )

නිවසෙන් අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුරක් ඇළක තිබි හමු වු බව මස්කෙලිය පොලීසිය පවසයි.

මෙසේ හමු වි

 
“මැද පෙළ අසාර්ථක වුණා.පීඩනය දරාගන්න බැරිවුණා” – ඉතිහාසගත පරාජයෙන් පසු මැතිව්ස් කියයි
( 2018 - 09 - 18 )

ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා

 
උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි ( 2018 - 09 - 18 )

උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක් අද ප‍්‍රතික්ෂේප කෙරුණා. මහ ඇමතිවරයා මෙම

 
‘‘මේවා බලන් ඉන්න එක හරිම වේදනාකාරියි‘‘ - ඉන්දියානු ක්‍රිකට් රසිකයින් රසල් ආනල්ඩ්ගෙන් පලි ගනී (PHOTOS) ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අකාරයට පහත වැටී ඇති අයුරු දක්නට ලැබීම දැඩි වේදනාකාරි බව විස්තර විච්රක රසල් ආනල්ඩ් පවසයි

 
ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් සහ කෙසෙල්වලිනුත් ඉදිකටු හමුවෙයි ( 2018 - 09 - 18 )

ඔස්ටේ‍්‍රලියාවේ අළෙවි කරන ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර

 
රුපියල බාල්දුවීම ගැන ආණ්ඩුවෙන් පාර්ලිමේන්තු විවාදයක් - රංජන් ( 2018 - 09 - 18 )

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම පිළිබදව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බව නියෝජ්‍ය

 
ආශිර්වාද ලබා ගන්න DIG නාලක සිල්වා කැලණියට ( 2018 - 09 - 18 )

දැඩි කතාබහක් ඇති කළ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, තවත් ජේ්‍යෂ්ඨතම පොලිස් නිලධාරියෙකු

 
ජනපතිගෙන් ඇරයුමක් ( 2018 - 09 - 18 )

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනා

 
චීන අමෙරිකා යුද්ධයක් උග්‍රවෙයි ( 2018 - 09 - 18 )

චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පිය