"මදූෂ්ලවා ගෝඨාට ගහමු, අගමැතිතුමාට ලකුණු වැටෙන්නයි ඕන" ගෝඨාභය ඝාතන සැලැස්මක් ඉහළ තැනකින් පොලීසියට, නියෝජ්‍ය පොලිස්පතිගේ කෙරුවාව මෙන්න! ( 2018 - 09 - 14 )

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සැලැස්මක් අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීමට සුදානම් වූ මෙම සැලසුම පිළිබදව මාධ්‍යයට අනාවරණය කර සිටින්නේ දූෂණ විරෝධි බලකාය සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින්.

ශ්‍රී ලංකා පොලීසියේ ත්‍රස්ත විමර්ෂණ කොඨ්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ඩි සිල්වා විසින් මෙම ඝාතනයන් සැලසුම් කරමින් සිටින බවට මෙහෙයුම් අධ්‍යක්ෂවරයා හෙළිකරනවා, මෙහිදි ඔහු නියෝජ්‍ය පොලිස්පති නාලක ඩී සිල්වා සමග සිදු කළ දුරකථන ඇමතුම් කිහිපයක හඬපටද මාධ්‍යයට ඉදිරිපත් කළා.

මෙම හඬපටවලට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා "අගමැතිවරයාට ලකුණු වැටෙන වැඩක් කරන්න ඕන" යනුවෙන් ප්‍රකාශ කරයි. එහිදි සිය කූඨ උපක්‍රමය පිළිබද තවදුරටත් සැලසුම් කරන නියෝජ්‍ය පොලිස්පති නාලක ඩි සිල්වා පාතාල නායක මාකඳුරේ මදූෂ් හරහා ගෝඨාභය රාජපක්ෂ සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කරවා, එම ඝාතනයන් වෙනත් සංවිධානයක පිට පටවන බව කියා සිටිනවා. 2020 ජනපතිවරණය ඉලක්ක කරමින් තමන් මෙම සියලූම දේ සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කරනවා. 

ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ පාතාල මර්ධනය කිරීම හේතුවෙන් මාකඳුරේ මදූෂ් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අමනාපයෙන් සිටින බවත්, ජනපති මෛත්‍රීගේ මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහනක් හේතුවෙන් මදූෂ් මෛත්‍රී ජනපතිවරයා සමග අමනාපයෙන් සිටින බවත් සදහන්.

එම නිසා නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරතවන අතරතුර ගෝඨාභය රාජපක්ෂ සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මකඳුරේ මදූෂ්ලවා ඝාතනය කරවීම නියෝජ්‍ය පොලිස්පති නාලක ඩි සිල්වාගේ සැලසුම බවත් කියවේ.

මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම නිළධාරියෙක් මෙලෙසින් රටේ ජනාධිපතිවරයා සහ මීළග ජනපතිවරණයක ප්‍රධානම අපේක්ෂකයා ඝාතනය කිරීමට උත්සාහ කිරීම ශ්‍රී ලංකා පොලීසිය දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බවට සාක්ෂියක් බවත්, මින්පසු පොලීසියට නොගොස් සෘජුවම අධිකරණයට යන බවට විපක්ෂයේ දේශපාලකයන් ප්‍රකාශ කරනවා. මේ අතර පසුගිය සමයේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී ගැටුම් ඇතිකිරීම සම්බන්ධයෙන්ද මෙම පුද්ගලයා කටයුතු කර තිබෙන බවට සැකසහිත බව විපක්ෂ දේශපාලකයන් අදහස් දක්වනවා.
(under the courtesy of nethgossip.lk news web)
     
මෙට්ටයට වසන් වු ගංජා ( 2018 - 09 - 17 )

කිලිනොච්චිය,අම්බාල්කුලම ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 4ක් ප්‍රවාහනය කළ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව ක

 
මහින්ද - ට්‍රම්ප් හමුවෙන්න නියමිතයි ලු ( 2018 - 09 - 17 )

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සාකච්ඡාවක් සඳහා අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඉදිරි මාස ක

 
වියලි කාලගුණය නිසා කුඩා තේ වතු හිමියන් අර්බුධයක ( 2018 - 09 - 17 )

පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් සිය අස්වැන්න අසීමිත ලෙස පහත වැටී ඇති බව කුඩා තේ වතු හිමියන් පවසනවා. මේ හේ

 
මහින්ද - ට්‍රම්ප් හමුවෙන්න නියමිතයි ලු ( 2018 - 09 - 17 )

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සාකච්ඡාවක් සඳහා අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඉදිරි මාස ක

 
කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර බැස්මක් ( 2018 - 09 - 18 )

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහලට පැමිණියේය. අද දින ගනුදෙනු අවසා

 
අතුරුදහන්ව සිටි දෙදරු මව ඇළකින් හමු වෙයි ( 2018 - 09 - 18 )

නිවසෙන් අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුරක් ඇළක තිබි හමු වු බව මස්කෙලිය පොලීසිය පවසයි.

මෙසේ හමු වි

 
“මැද පෙළ අසාර්ථක වුණා.පීඩනය දරාගන්න බැරිවුණා” – ඉතිහාසගත පරාජයෙන් පසු මැතිව්ස් කියයි
( 2018 - 09 - 18 )

ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා

 
උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි ( 2018 - 09 - 18 )

උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක් අද ප‍්‍රතික්ෂේප කෙරුණා. මහ ඇමතිවරයා මෙම

 
‘‘මේවා බලන් ඉන්න එක හරිම වේදනාකාරියි‘‘ - ඉන්දියානු ක්‍රිකට් රසිකයින් රසල් ආනල්ඩ්ගෙන් පලි ගනී (PHOTOS) ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අකාරයට පහත වැටී ඇති අයුරු දක්නට ලැබීම දැඩි වේදනාකාරි බව විස්තර විච්රක රසල් ආනල්ඩ් පවසයි

 
ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් සහ කෙසෙල්වලිනුත් ඉදිකටු හමුවෙයි ( 2018 - 09 - 18 )

ඔස්ටේ‍්‍රලියාවේ අළෙවි කරන ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර

 
රුපියල බාල්දුවීම ගැන ආණ්ඩුවෙන් පාර්ලිමේන්තු විවාදයක් - රංජන් ( 2018 - 09 - 18 )

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම පිළිබදව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බව නියෝජ්‍ය

 
ආශිර්වාද ලබා ගන්න DIG නාලක සිල්වා කැලණියට ( 2018 - 09 - 18 )

දැඩි කතාබහක් ඇති කළ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, තවත් ජේ්‍යෂ්ඨතම පොලිස් නිලධාරියෙකු

 
ජනපතිගෙන් ඇරයුමක් ( 2018 - 09 - 18 )

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනා

 
චීන අමෙරිකා යුද්ධයක් උග්‍රවෙයි ( 2018 - 09 - 18 )

චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පිය