දළ පූට්‌ටුවාගේ ඝාතන පරීක්ෂණ අතරේ වනජීවී ලොක්කන්ගේ කෙරුවාවල් හෙලිවේ.. නීති විරෝධීව කුරුල්ලොත් ගෙනල්ලා.

පසුගිය මාසයේම වගේ අපිට ප්‍රධානම මාතෘකාවක් වෙලා තිබුනෙ ගල්ගමුවේ දළ පූට්ටුවා ගැන. කිසිවෙකුටත්  කරදරයක් නැති දෑස් අන්ධ මෙම සත්වයා ඝාතනය කිරීමත් සමඟ මුළු රටම කම්පාවුනේ මෙම හස්තියාතුල තිබුණු ගුණ යහපත්කම නිසාමයි. එසේම මෙම අපරාධය සිදුකළ අය සොයා ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙනු ඇතැයි සැමගේම අපේක්ෂාව වුනා.

කෙසේ වෙතත් ජනමාධ්‍ය මෙම අපරාධය වාර්ථා කරන තුරු  වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම වන ජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද  මෙය දැනුවත්ව නොසිටි බවට තොරතුරු අනාවරණය වුනා.

මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන අතරතුරදී මෙම අපරාධය සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග ගත යුතු  තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් සිදුකරන ලද තවත් ජාවාරම් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

විදෙස්‌ රටකින් නීති විරෝධී ලෙස ගෙන්වන ලද කුරුල්ලන් නීත්‍යානුකූල නොවන අයුරින් හම්බන්තොට සෆාරි උද්‍යානයට ලබාදීමට වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇති බවද මේ වන විට විමර්ශනයකින් හෙලිකරගෙන තිබෙනවා. එසේම මෙම උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඥතියකු බවද අනාවරණය කරගෙන තිබෙනවා.

වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාද  මෙම කුරුල්ලන් සෆාරි උද්‍යානයට භාරදීම සම්බන්ධව කිසිඳු තොරතුරක් නොදැන සිටි  අතර මේ සම්බන්ධව දැනගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ පිළිබඳ සොයා බලා කරුණු තහවුරු කරගෙන  තිබෙනවා.

මේ හේතුවෙන් වත්මන් වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවට වෙනත් නිලධාරියකු පත්කරන බවත්  වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  තනතුරෙන් ඉවත් කරන බවත්  රජයේ ආරංචි මාර්ගවල සඳහන් වෙනවා.
(under the courtesy of nethnews.lk news web)
ජනප්‍රිය නිළි බුවනි චාපා බස් රථයක් තුළ කපා කොට ඝාතනය කර දමයි - වීඩියෝව මෙන්න

බුවනි චාපා කියන්නේ ඉතාමත් ජනප්‍රිය නිළයක්. ඒවගේම බොහෝ දෙනාගේ ආදරය දිනා දිනාගත් ජනප්‍රිය නිවේදිකාවක්.ඇයව බස්ර

 
මම වැඩ්ඩෙක්, ඒ නිසා තමයි රංජන් මාව කපන්නේ.. කාලා කාලා මට හම්බ වුනේ රොඩ්ඩ කියලා අමීෂම මට කියනවා - අර්ජුන කමලනාත්

අර්ජුන් කමලනාත් හා රන්ජන් රාමනායක අතර කලක පටන් පවතින්නේ විරසකයක්.තමාව සිනමාවෙන් කපාදැමීමට රන්ජන් උත්සාහ කරන

 
වෙළෙඳසැලක නාන කාමරයක් තුළ දී තරුණයෙක් ගෙළ වැළලා ගනී

කොහුවල ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක නාන කාමරය තුළ තරුණයකු ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව කොහුවල පොලිසිය

 
දුම්රිය සේවයට හමුදාව ගේන්න තීරණය කරයි

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් රාජ්‍ය දේපළවලට යම් හානියක් කළහොත් ඔවුන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර

 
අයි.එස්. යුද්ධය අවසන්

අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් සමඟ කළ සටන අවසන් බවත්, ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගනු

 
යූරියා මෙට්‍රික් ටොන් 36,000ක් ‍ආනයනය කිරීමට පියවර

පොහොර අවශ්‍යතාව පියවීම සඳහා රජයේ සමාගම් දෙකක් මගින් විවෘත ටෙන්ඩර් කැඳවා ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසය

 
රූපවාහිනි වැඩසටහනක දී නටමින් සිටි ටීනාගේ උඩුකය ඇඳුම ගැළ වූ වීඩියෝව මෙන්න

ටීනා ශනෙල් කියන්නේ මෑත කාලයේදී ඉතාමත් ජනප්‍රිය වූ නිරූපණ ශිල්පිණීයක් වගේම රංගන ශිල්පිණියක්.ඉතාමත් කෙටි කාලයක

 
මාව අත්අඩංගුවට ගන්න එපා"දළ පූට්ටුවාගේ දළ ඩීල් සිදුවූ පන්සලේ විහාරාධිපති කියයි - ඇත් ඝාතකයන්ට දඬුවම් ඉල්ලා ගල්ගමුවේ දේව කන්නලව්වක..

රටටම අභිමානයක් වූ ලෝක උරුමයක්ද ලෙස නම්කර සිටි ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතන‍යට ලක් වීම අතිශය කතාබහට ලක් වු

 
කොහොමත් වනජීවී එකට සිතුල්පව්ව දැන් ලොකු බාධාවක්‌" හමුදා මුරපළවල් ඉවත් කරලා, හාමුදුරුවන්ට දානෙත් නෑ. සිතුල්පව්වට අත්වූ සංවේදී ඉරණම..

සංචාරක වශයෙන්ම මෙන්න පූජනීයක්වයෙන්ද අපට ඉතාමත් වැදගත් ඓතිහාසික සිතුල්පව්වට මේ වන විට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉත

 
අපේ පොදු හතුරා ඒකාබද්ධය නෙමෙයි-එජාපයයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා ඒකාබද්ධ විපක්ෂය නොව එක්සත් ජාතික පක්ෂය බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉ