රුපියල් 75 ට පොල් නොදුන්නොත් වැඩ වරදියි

නියම කර ඇති පාලන මිලට වඩා වැඩි මිලට පොල්, කරවල සහ පරිප්පු අලෙවි කරන්නන් සොයා ලබන සෙනසුරාදා සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ දක්වා වූ කාලය වෙළඳුන්ට තොරතුරු දැන ගැනීමට සහ සූදානම් වීමට ලබාදෙන බවයි නෙත් නිවුස් කළ විමසීමක දී එහි සභාපති හසිත තිලකරත්න කියා සිටියේ. 

පොල්, කරවල සහ පරිප්පු සඳහා පාලන මිලක් නියම කෙරුණු අතිවිශේෂ ගැසට් පත‍්‍රය ඊයේ (06) රාත‍්‍රියේ නිකුත් කෙරුණා.

ඊට අනුව පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75ක්. කට්ටා කරවල සඳහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් 01ක් රුපියල් දහසක් ද, සාලයා කරවල සඳහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් 01ක් රුපියල් 425ක් ද වනවා. මයිසූර් පරිප්පු කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 130ක්. 

ඉකුත් මාස කිහිපයේ පටන් වෙළඳපොළ තුළ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ අතර එහිදී කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් පවා අලෙවි කෙරුණේ රුපියල් 95ත් 100ත් අතර මිලකටයි. 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් පත්‍රය මෙන්න

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පැනවූ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොල්, පරිප්පු, කරවල සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි සඳහන් කෙරුණේ.

අදාළ නියමයන් අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝ එකක මිල රුපියල් 130ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. 

මෙම ආහාර ද්‍රව්‍යවල උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට් නිවේදනය අද (06) නිකුත් කෙරෙන බවද සඳහන් .


(under the courtesy of nethnews.lk news web)
හමුදා කෝප්‍රවල්වයෙක්ට කිඹුල් ප්‍රහාරයක්

හලාවත ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ භුමියේ ආරක්ෂාවට යොදවා සිටි යුධ හමුදා කෝප්‍රල්වරයෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව හලා

 
බොරැල්ලේ වෙඩි තැබීමක්-පුද්ගලයෙකුට තුවාලයි

බොරැල්ල-කොටා පාර දුම්රිය හරස් මාර්ගය අසළ වෙඩි තැබීමක් සිදුව තිබේ.එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වන විට රෝහල්

 
මොරගහකන්ද නිසා පොලොන්නරුවේ වී වගාවට වාසි

මොරගහකන්ද ජලාශයේ ජලය ලබාගැනීමට හැකිවීමෙන් පොලොන්නරුවේ වී වගාව සඳහා ප්‍රමාණවත් ලෙස ජලය මුදාහැරීමේ හැකියාව පවති

 
උදයංගට එල්ල වු රතු නිවේදනය ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකා රජය විසින් තමාට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කිරීමට සුදානම් වු බවට සාවද්‍ය තොරතුරු ඉදිරිප

 
ජාතික පාසැල්වල විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ඉක්මනින්ම

ජාතික පාසැල්වල විදුහල්පතිවරුන්ගේ හිඟයක් පසුගිය වසර දෙක තුන තුළ පැවතුන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම

 
ටොන්ගා රාජ්‍යයට පාර්ලිමේන්තුව අහිමි කළ ගිටා සුළි සුළඟ නවසීලනත්යට

ඉකුත් සතියේදී පැසිෆික් දූපත් හරහා හමා ගිය ප‍්‍රබල ගිටා සුළි කුණාටුව නවසීලන්තයට හෙට (21) ඇතුළු වනු ඇතැයි එරට ක

 
ඊ නිව්ස් සඳරුවන්ට නොතීසි බාරදෙන්න බැරිවෙලා

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති ලංකා ඊ - නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අධිකරණය හමුවේ

 
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන අල් හුසෙයින්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ජිනිවාහිදී ආරම්භ වීමට නියමිත මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් කරුණු 2ක් සම්බන්ධයෙන් අවදාන

 
ඇමති මණ්ඩලයට අලුත් මුහුණු

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී සිය ආසන ජයග්‍රහණය කරමින් ජනතා ගෞරවය හිමිකර ගත් තරුණ මන්ත්‍රීවරුන්ට මෙවර නියෝජ්‍ය

 
ජාතික ආණ්ඩුව ඉදිරියට තියවනවද? නැද්ද? අවසන් තීරණය හෙට

ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම්දෙන බව කථානාය