ඉන්ධන මිල ඉහළ දැමූ දින සිදු වූ ඉන්ධන බෙදා හැරීමේ වංචාවකින් කෝටියක පාඩුවක් ( 2018 - 05 - 16 )

ඉන්ධන මිල ඉහළ දැමූ දින සිදු වූ ඉන්ධන බෙදා හැරීමේ වංචාවකින් කෝටියකට ආසන්න පාඩුවක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට සිදුව ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. 

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මූලික විමර්ශන අවසන් වීමෙන් පසුව එම වංචාවට වගකිය යුතු නිලධාරීන් හඳුනාගෙන දැඩි දඬුවම් දීමට කටයුතු කරන බවයි. සිදු වූ පාඩුව වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකරගැනීමට පියවර ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියා. ඔහු මේ බව කියා සිටියේ අද (16) ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුව සිදු කළේ පසුගිය 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටය. ඒ බව එදිනම උදෑසන ආණ්ඩුව නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. එවැනි අවස්ථාවක, එනම් ඉන්ධන මිල ඉහළ දමන බවට නිවේදනය කළ අවස්ථාවේ සිට ඉන්ධන මිල සැබෑ ලෙස ඉහළ යන අවස්ථාව දක්වා දෛනික ඇණවුම් ක්‍රමයට (Same Day System) එනම් එදිනම ඇණවුම් කර එදිනම ඉන්ධන තොග විකිණීමේ ක්‍රමයට ඉන්ධන තොග නිකුත් කිරීම තාවකාලිකව අත්හිටු වේ. එවැනි ක්‍රමයක් අනුගමනය කරන්නේ ඉන්ධනහල් හිමියන් විසින් වංචා සහගත ලෙස අඩුමිලට ඉන්ධන මිලදී ගෙන වැඩිමිලට පාරිභෝගියා වෙත විකිණීම වළක්වාලීමේ අරමුණිනි. 

කෙසේ නමුත් පසුගිය 10 වෙනිදා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලින් දෛනික ඇණවුම් ක්‍රමයට ඉන්ධන බවුසර් 74ක් නිකුත් කර ඇති බව මූලික විර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ කොලොන්නාව නිමාවෙන් බවුසර 52ක් සහ මුතුරාජවෙල නිමාවෙන් බවුසර 22ක් වශයෙනි. එයින් කොලොන්නාවේ නිමාවට රුපියල් 6580200ක පාඩුවක්ද මුතුරාජවෙල නිමාවට රුපියල් 2468400ක පාඩුවක්ද සිදුව තිබෙනවා. ඊට අමතරව ඇතැම් ප්‍රාදේශීය ඩිපෝ ආශ්‍රිතව දෛනික ඇණවුම් ක්‍රමයට ඉන්ධන තොග නිකුත් කර ඇති බවද මේ වන විට මූලික විමර්ශන මඟින් හඳුනා ගෙන ඇති අතර එම ඉන්ධන වංචාවේදී පෙට්ට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් යනුවෙන් නිකුත් කර ඇති බවද අමාත්‍ය අර්ජුන රණතුංග පවසා සිටියා.

“මේ වංචාව සම්පූර්ණයෙන්ම සිදු කරලා තියෙන්නේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් පිටතට ගිහිල්ලා අපේ ඇස් වහලා. එතැනදී සමහර ඉන්ධන හල්වලට මීට පෙර සුමානෙකදී නොගියපු ඉන්ධන තොග මේ පැය කිහිපයේදී ලබා දී තිබෙනවා. ඒ වගේම කලින් දවසේ මුදල් බැන්දත් ඉන්ධන තොග නොලැබුණු අය ඉන්නවා. සමහරු එදා පැයකින් මුදල් බැදලා තවත් පැයකින් ඉන්ධන තොග අරන් තියෙනවා. එය සම්පූර්ණයෙන් වංචාවක්. එම වංචාවට වගකිව යුතු නිලධාරීන් හඳුනා ගැනීමට මේ වන විට පුළුල් විමර්ශනයක් සිදු කෙරමින් පවතිනවා. ඒ වගේම පුළුල් විමර්ශනය අවසන් වූ පසුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෙම වංචාවපොලිස් මුල්‍ය විමර්ශන ඒකකයට භාර දීමටත් කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.


(under the courtesy of nethnews.lk news web)
     
ජනපතිගෙන් ඇරයුමක් ( 2018 - 09 - 18 )

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනා

 
මෙට්ටයට වසන් වු ගංජා ( 2018 - 09 - 17 )

කිලිනොච්චිය,අම්බාල්කුලම ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 4ක් ප්‍රවාහනය කළ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව ක

 
යුද අපරාධ ගැන යලි කතා නොකිරීමට යෝජනා මාලාවක් (වීඩියෝ) ( 2018 - 09 - 17 )

දස අවුරුද්දක් තිස්සේ නොවිසඳී තිබෙන ශ්‍රී ලංකාවේ රජයට එල්ලවී තිබෙන යුද අපරාධ චෝදනා පිළිබඳ සාකච්ඡාව නවතා දැමීම ස

 
ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් සහ කෙසෙල්වලිනුත් ඉදිකටු හමුවෙයි ( 2018 - 09 - 18 )

ඔස්ටේ‍්‍රලියාවේ අළෙවි කරන ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර

 
කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර බැස්මක් ( 2018 - 09 - 18 )

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහලට පැමිණියේය. අද දින ගනුදෙනු අවසා

 
අතුරුදහන්ව සිටි දෙදරු මව ඇළකින් හමු වෙයි ( 2018 - 09 - 18 )

නිවසෙන් අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුරක් ඇළක තිබි හමු වු බව මස්කෙලිය පොලීසිය පවසයි.

මෙසේ හමු වි

 
“මැද පෙළ අසාර්ථක වුණා.පීඩනය දරාගන්න බැරිවුණා” – ඉතිහාසගත පරාජයෙන් පසු මැතිව්ස් කියයි
( 2018 - 09 - 18 )

ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා

 
උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි ( 2018 - 09 - 18 )

උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක් අද ප‍්‍රතික්ෂේප කෙරුණා. මහ ඇමතිවරයා මෙම

 
‘‘මේවා බලන් ඉන්න එක හරිම වේදනාකාරියි‘‘ - ඉන්දියානු ක්‍රිකට් රසිකයින් රසල් ආනල්ඩ්ගෙන් පලි ගනී (PHOTOS) ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අකාරයට පහත වැටී ඇති අයුරු දක්නට ලැබීම දැඩි වේදනාකාරි බව විස්තර විච්රක රසල් ආනල්ඩ් පවසයි

 
ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් සහ කෙසෙල්වලිනුත් ඉදිකටු හමුවෙයි ( 2018 - 09 - 18 )

ඔස්ටේ‍්‍රලියාවේ අළෙවි කරන ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර

 
රුපියල බාල්දුවීම ගැන ආණ්ඩුවෙන් පාර්ලිමේන්තු විවාදයක් - රංජන් ( 2018 - 09 - 18 )

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම පිළිබදව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බව නියෝජ්‍ය

 
ආශිර්වාද ලබා ගන්න DIG නාලක සිල්වා කැලණියට ( 2018 - 09 - 18 )

දැඩි කතාබහක් ඇති කළ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, තවත් ජේ්‍යෂ්ඨතම පොලිස් නිලධාරියෙකු

 
ජනපතිගෙන් ඇරයුමක් ( 2018 - 09 - 18 )

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනා

 
චීන අමෙරිකා යුද්ධයක් උග්‍රවෙයි ( 2018 - 09 - 18 )

චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පිය