සීගිරියට තවත් ප්‍රශ්නයක් ( 2018 - 08 - 09 )

සීගිරිය සංස්කෘතික ත්‍රිකෝණයට අයත් සංචාරක නිකේතන කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් පවතින බව සීගිරියේ හෝටල් හිමියන් පවසනවා.

පසුගිය මාස තුන තුලදී පමණක් හෝටල් 12 කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස කොල්ලකා ඇති අතර, ඒවායේ සිටි විදේශිය සංචාරකයින්ට පහරදී මුදල් සහ භාණ්ඩ ද පැහැර ගෙන ඇති බවයි සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පවතින තත්ත්වය මත සීගිරිය ප්‍රදේශයේ හෝටල් වෙත මේ වනවිට විදේශ සංචාරකයින් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව හෝටල් හිමියෙකු සඳහන් කළා.

සීගිරිය සහ දඹුල්ල පොලීස් ස්ථාන මගින් මීට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන නමුත්, පොලීසියට අවශ්‍ය පහසුකම් අවම මට්ටමේ පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අප මේ පිළිබඳව සීගිරිය පොලීසියෙන් ද විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ අදාළ කොල්ලකෑම් සිදුකළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

ඔවුන්ව කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව එම උසස් පොලිස් නිලධාරියා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සාලිය දයානන්ද පවසන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා සීගිරියට සංචාරක පොලීසියක් නොමැති වීම බලවත් ගැටලුවක් බවයි.
(under the courtesy of hirunews.lk news web)
     
කලාවැව ජාතික උද්‍යානයේ විනාශ වූ මළසිරුරක් (ඡායාරූප) ( 2018 - 08 - 13 )

කලාවැව ජාතික උද්‍යානයට රාත්‍රී කාලයේ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් දින කීපයක් ග

 
"ලංකාවේ තුනෙන් එකකට විතර හිටපු එකම වෛද්‍යවරයා ඔහුයි" ( 2018 - 08 - 14 )

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම තවදුරටත් අඩාල වී තිබෙනවා. එහි සිටි එකම විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය

 
හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් රහස් පොලිස් අත්අඩංගුවට ( 2018 - 08 - 14 )

2008 සහ 2009 වර්ෂයන්හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධ

 
කොටි අසරණ කළ බුද්ධි බළකායේ සුපිරි දක්ෂයාට මරණ දඬුවම, රණවිරු පවුල අන්ත අසරණයි! ( 2018 - 08 - 13 )

කොටි ත්‍රස්තයන් අසරණ කරමින් මානූෂිය මෙහෙයුම ජය ගැනීමට ඉතා විශාල වැඩ කොටසක් කළ බුද්ධි අංශයේ මේජර් ඩික්ෂන් රාජමන

 
ශ්‍රී ලංකාවට කඩුලු 3 ක තියුණු ජයක් ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20 යි 20 තරඟය කඩුළු 3 කින් ජය හිමි කර ගැනීමට

 
ශ්‍රී ලංකාවට ලකුණු 99 ක ඉලක්කයක් ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20 යි 20 තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණ

 
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  විස්සයි විස්ස තරඟය සජීවී විකාශනය ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනු දකුණ

 
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ ( 2018 - 08 - 14 )

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට ඇදහැලූණු අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබ

 
අගමැති ආරක්ෂක රියේ යතුරුපැදියක් ගැටේ - දෙදෙනෙක් රෝහලේ ( 2018 - 08 - 14 )

අගමැති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක හෝමාගම ගලවිවත්ත ප්‍රදේශයේදී ඉකුත්දා (11) අලුයම යතුරුපැදියක් ගැටී යතුරු පැදි

 
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ පාලනයට විශේෂ ඒකක 25ක් ( 2018 - 08 - 14 )

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා විශේෂ ඒකක 25ක් පිහිටුවන බව නීතිය හා සාමය පිළිබඳ අම

 
හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් රහස් පොලිස් අත්අඩංගුවට ( 2018 - 08 - 14 )

2008 සහ 2009 වර්ෂයන්හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධ

 
කොළඹ පසුබසී ( 2018 - 08 - 14 )

ලොව ජිවත්වීමට සුදුසුම නගර අතර ඉකුත් වසරේ 124 වන ස්ථානයේ රැඳී සිටි කොළඹ, මෙවර 130 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනව

 
ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා ඩිලන්ත මාලගමුව ඝාතන‍ය කරන්න උත්සාහයක් ( 2018 - 08 - 14 )

මෝටර් රථ ධාවන ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආ ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව වාර්තා වෙ

 
ලංකාවේ මුදල් නෝට්ටු අච්චු ගසන්නත් චීනයටම දෙයි ( 2018 - 08 - 14 )

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් නෝට්ටු චීනය විසින් මුද්‍රණය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ශ්‍රී ලංක