දරුවන් බිලි ගන්නා අන්තර්ජාලයේ සැරිසරන බෝනික්කා ( 2018 - 08 - 10 )

මේ දවස් වල අන්තර්ජාලය පුරා අලුත් භීතිකාවක් පැතිර යන බවට විදෙස් මාධ්‍ය විවිධ පුවත් වාර්තා කර තිබුණා. බොහෝ දෙනා එය අසත්‍ය බවට කරුණු කීවත් වාර්තා වුණු පුවත් අනුව නම් එය එසේ නොවන බව පහසුවෙන් වටහා ගන්න පුළුවන්.

ඔබට මතකයි පසු ගිය කාලයේ අන්තර්ජාලයේ සැරිසැරූ ‘බ්ලූවේල්’ භීතිකාව. එම භීතිකාව වගේම මිනිසුන් සියදිවි නසා ගැනීමට පොළඹවන අභියෝග ලබාදෙන ක්‍රීඩාවක් විදියට ‘MOMO’ හඳුන්වා දෙන්න පුළුවන්.

මෙහි ඇති විශේෂත්වය වන්නේ, ප්‍රධාන ඉලක්කය ලෙස දරුවන් හඹා යාමයි. ඒ අනුව දරුවන්ගේ WhatsApp ගිණුම් ඔස්සේ ‘MOMO’ අභියෝගය දුරකථන වලට එකතු කරගැනීමට පෙළඹවනු ලබනවා. ඉන් පසු ප්‍රචණ්ඩකාරී රූප, විවධ ක්‍රියාන්විතයන් දරුවන්ට ලබා දී අවසානයේ ඔවුන් සිය දිවි නසා ගැනීමට පෙළඹවනු ලබනවා.

ජපානයේ බෝනික්කන් නිර්මාණය කරන්නෙකු විසින් නිමවන ලද බෝනික්කෙකුගේ ආකාරයට ‘MOMO’ හි අන්තර්ගත බෝනික්කාගේ ඡායාරූපය යොදාගෙන තිබෙනවා. ඒ අනුව, ඇස් ඉදිරියට නෙරා ඇති, දෙපසට දික්වූ මුඛයක් ඇති විකාර රූපී කාන්තාවකගේ රුවක්  ‘MOMO’ හි දැකගන්න පුළුවන්.  

මේ වන විටත්, ඇමරිකා එක්සත් ජනපදය, ආර්ජන්ටිනාව, ප්‍රංශය, මෙක්සිකෝව සහ ජර්මනිය යන රටවල දරුවන් මෙලෙස ‘MOMO’ අභියෝගය වෙත ආකර්ෂණය කරගෙන තිබෙනවා. පසු ගියදා ආර්ජන්ටිනාවේ, එස්කොබාර් හි අවුරුදු 12ක දැරියගේ මිය යෑමත් මේ හා සම්න්බධ බවට සැක පළ කරනවා. කෙසේ වෙතත් ඒ පිළිබඳව පොලිස් පරක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

WhatsApp වැනි සමාජ ජාල මාධ්‍යයක දරුවන් බිලි ගන්නා මෙවැනි ප්‍රචණ්ඩකාරී අභියෝගයක් ව්‍යාප්තවීම පිළිබඳව ඒ ඒ රට වල බලධාරීන් කණගාටුවට පත්වනවා.

ඔබත්, ඔබේ දරුවත් අන්තරජාලය, සමාජ ජාල මාධ්‍ය භාවිතා කරන්නේ නම්, මේ පිළිබඳව අවධානයෙන් සිටීම වඩාත් යෝග්‍ය වනවා. ‘MOMO’ රූපය ඇති හෝ  එවැනි දුරකථන අංක හෝ ගිණුම් තමන්ගේ සමාජ ජාල මාධ්‍ය වල ඇති ගිණුම් වලට එකතුකර නොගැනීමට පියවර ගැනීමත්, සමාජ ජාල මාධ්‍ය භාවිතා කරන දරුවන් පිළිබඳව අවධානයෙන් පසුවීමත් මෙවැනි ප්‍රචණ්ඩකාරී දේවල් වලින් ආරක්ෂාවීමට ඔබට උදව් වේවි.


(under the courtesy of hirunews.lk news web)
     
ශ්‍රී ලංකාවට කඩුලු 3 ක තියුණු ජයක් ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20 යි 20 තරඟය කඩුළු 3 කින් ජය හිමි කර ගැනීමට

 
මැණික් ව්‍යාපාරිකයෙකුට රත්නපුරයේදී වෙඩි ( 2018 - 08 - 13 )

රත්නපුර - මාරපන ප්‍රදේශයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි මැණික් ව්‍යාපාරිකයෙකු අද උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව ති

 
තවත් රක්ෂිතයක් හෙළි කරන මහා පරිමාණ ජාවාරම් හසුවෙයි ( 2018 - 08 - 13 )

කුරුණෑගල දිස්ත්‍රික්කයත් අනුරාධපුර දිස්ත්‍රික්කය හා මාතලේ දිස්ත්‍රික්කයට මායිම් වෙන මීගලෑව වනජීවී කලාපයේ කහල්ල

 
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ පාලනයට විශේෂ ඒකක 25ක් ( 2018 - 08 - 14 )

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා විශේෂ ඒකක 25ක් පිහිටුවන බව නීතිය හා සාමය පිළිබඳ අම

 
ශ්‍රී ලංකාවට කඩුලු 3 ක තියුණු ජයක් ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20 යි 20 තරඟය කඩුළු 3 කින් ජය හිමි කර ගැනීමට

 
ශ්‍රී ලංකාවට ලකුණු 99 ක ඉලක්කයක් ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20 යි 20 තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණ

 
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  විස්සයි විස්ස තරඟය සජීවී විකාශනය ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනු දකුණ

 
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ ( 2018 - 08 - 14 )

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට ඇදහැලූණු අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබ

 
අගමැති ආරක්ෂක රියේ යතුරුපැදියක් ගැටේ - දෙදෙනෙක් රෝහලේ ( 2018 - 08 - 14 )

අගමැති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක හෝමාගම ගලවිවත්ත ප්‍රදේශයේදී ඉකුත්දා (11) අලුයම යතුරුපැදියක් ගැටී යතුරු පැදි

 
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ පාලනයට විශේෂ ඒකක 25ක් ( 2018 - 08 - 14 )

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා විශේෂ ඒකක 25ක් පිහිටුවන බව නීතිය හා සාමය පිළිබඳ අම

 
හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් රහස් පොලිස් අත්අඩංගුවට ( 2018 - 08 - 14 )

2008 සහ 2009 වර්ෂයන්හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධ

 
කොළඹ පසුබසී ( 2018 - 08 - 14 )

ලොව ජිවත්වීමට සුදුසුම නගර අතර ඉකුත් වසරේ 124 වන ස්ථානයේ රැඳී සිටි කොළඹ, මෙවර 130 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනව

 
ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා ඩිලන්ත මාලගමුව ඝාතන‍ය කරන්න උත්සාහයක් ( 2018 - 08 - 14 )

මෝටර් රථ ධාවන ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආ ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව වාර්තා වෙ

 
ලංකාවේ මුදල් නෝට්ටු අච්චු ගසන්නත් චීනයටම දෙයි ( 2018 - 08 - 14 )

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් නෝට්ටු චීනය විසින් මුද්‍රණය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ශ්‍රී ලංක