කෙසෙල් ගෙඩි 06ක්‌ අනුභව කිරීම මාරාන්තිකයි! ( 2018 - 11 - 08 )

එක්‌වර කෙසෙල් ගෙඩි ගණනාවක්‌ අනුභව කිරීම මාරාන්තික විය හැකි බවට ලෝකයේ කතාවක්‌ පවතී.

සත්‍ය වශයෙන්ම එක වරකට කෙසෙල් ගෙඩි 06කට වඩා අනුභව කිරීමෙන් පුද්ගලයෙකු මියයා හැකිද? එම කියමනේ සත්‍යතාව විමසීම උදෙසා විද්‍යාත්මක හේතු සෙවීමටයි මේ ප්‍රයත්නය.

කෙසෙල් යනු ලොව ජනප්‍රියම පළතුරු වර්ගයක්‌වන අතර ඉතා මිහිරි රසයකින් යුතු මේ පළතුර ඛනිජ ලවණ සහ විටමින් වර්ගවලින් පිරි මිනිස්‌ සෞඛ්‍යයට ඉතා හොඳ පළතුරකි.

ඉහත කරුණ සත්‍ය නම් කෙසෙල් ගෙඩි රාශියක්‌ එකවර ආහාරයට ගැනීමෙන් මිනිස්‌ සිරුරට සිදුවිය හැකි හානිය කුමක්‌ ද?

සාමාන්‍ය ප්‍රමාණයේ හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක පොටෑසියම් ඉතා ඉහළ ප්‍රමාණයක්‌ අඩංගුවන අතර එවැනි කෙසෙල් ගෙඩි 06කට වඩා වැඩි ප්‍රමාණයක මිනිස්‌ සිරුරට හානි කළ හැකි තරම් පොටෑසියම් ප්‍රමාණයක්‌ අඩංගුවීමට ඉඩ ඇත.

එසේ නම් පුද්ගලයකුට සිය සිරුරට ශක්‌තිය සහ පෝෂණය ලබාදෙමින් කෙසෙල් ගෙඩි හයක්‌ හානියක්‌ නොමැතිව අනුභව කළ හැකි නමුත් 07 වැනි කෙසෙල් ගෙඩිය අනුභවයෙන් ඔහු මරණයට පත්විය හැකි ද?

පොටෑසියම් අප සිරුරට බලපාන ආකාරය සොයා බැලීමෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත හැකි ය.

ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ඡ් රෝහලේ ආහාර පුරුදු පිළිබඳ විශේෂඥවරියවන කැතරින් කොලින්ස්‌ පවසන්නේ පොටෑසියම් පුද්ගලයකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය සහ සෘජුවම බලපාන සාධකයක්‌ විය හැකි අතර අපේ සිරුරේ සෑම සෛලයකම පොටෑසියම් අන්තර්ගතවන බවයි.

සෛල තුළ පොටෑසියම් ක්‍රියාකාරීත්වය විස්‌තර කළ විශේෂඥවරිය කියා සිටියේ පොටෑසියම් මගින් සෛලයක ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යෑමට අවශ්‍ය සියුම් විදුලි ආරෝපණයක්‌ ජනිත කිරීම සිදුකරන බවයි.

මීට අමතරව අග්න්‍යාංශය විසින් සිදුකෙරෙන රුධිර ග්ලූකෝස්‌ පාලනයටත් පොටෑසියම් උපකාරීවන අතර විශේෂයෙන්ම රුධිර පීඩනය පාලනය කිරීමටත් අත්‍යවශ්‍ය සාධකයක්‌ ලෙස ක්‍රියාකරයි.

සිරුරේ ඇති පොටෑසියම් ප්‍රමාණය ඉතා අඩු මට්‌ටමකට පහත බැසීම හෝ ඉහළ නැගීම මගින් හෘද ස්‌පන්දනය අක්‍රමවත් කිරීම, උදරයේ වේදනාවක්‌ ඇතිකිරීම, ඔක්‌කාරය සහ පාචනය ඇති කළ හැකියි.

සිරුරට එකවර මුදා හැරෙන ඉතා ඉහළ ප්‍රමාණයක පොටෑසියම් ක්‌ලෝරයිඩ් හෘද ස්‌පන්දනය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පවා හේතු විය හැකි ය.

කෙසේ වෙතත් හෘද ස්‌පන්දනය නවතින තරම් පොටෑසියම් ප්‍රමාණයක්‌ කෙසෙල් ගෙඩි මගින් ලබා ගැනීමට නම් දිනක්‌ තුළ කෙසෙල් ගෙඩි 300ක පමණ ප්‍රමාණයක්‌ අනුභව කළ යුතු බව කැතරින් කොලින්ස්‌ පෙන්වා දී ඇත.

වැඩිහිටි පුද්ගලයකුට දිනකට පොටෑසියම් මිලිග්‍රෑම් 3500ක්‌ පමණ සිරුරට අවශ්‍යවන අතර ග්‍රෑම් 125ක්‌ පමණ බරැති කෙසෙල් ගෙඩියක අන්තර්ගත වන්නේ පොටෑසියම් මිලිග්‍රෑම් 450 පමණවන බව බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පවසයි.

එබැවින් වැඩිහිටි පුද්ගලයකුට කෙසෙල් ගෙඩි 07ක්‌ පමණ ආහාරයට ගැනීමෙන් විද්‍යාත්මකව අනුමත කරන ලද පොටෑසියම් ප්‍රමාණය කරා ළඟාවිය හැකි ය.

එහෙත් යමෙක්‌ වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ නම් පොටෑසියම් බහුල ආහාර රාශියක්‌ එකවර අනුභව කිරීම එතරම් ශරීර සෞඛ්‍යයට යෝග්‍ය නොවන බව විශේෂඥවරිය වැඩිදුරටත් කියා සිටී.
(under the courtesy of hirunews.lk news web)
     
එජාප මන්ත්‍රීවරුන් කළු පැළඳ සභාවට එයි ( 2018 - 11 - 14 )

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාගර්භයට තුළ පැමිණ ඇති බව වාර්තා වෙයි.මේ වන විට වත්මන් අග්‍ර

 
කථානායකගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි ( 2018 - 11 - 14 )

පාර්ලිමේන්තු සංකිර්ණයේදී අද 14 කැඳවා තිබූ පක්ෂ නායකයින්ගේ රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.ඒ කථානායක කරූ

 
අද රැස්වන පාර්ලිමේන්තුවේ ආසන වෙන්වෙන හැටි ( 2018 - 11 - 14 )

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ අද 14 රැස්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව පාර්ලි

 
සම්මතවුවා යැයි කියන විශ්වාසභංගය ගැන කතානායකගෙන් නිවේදනයක් ( 2018 - 11 - 14 )

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ම

 
"නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා"- ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන පාඨලී කියන කතාව ( 2018 - 11 - 15 )

අද 15 පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතර නොසන්සුන්කාරි වාතාවරණයක් ඇතිවූ අතර , පර්ල

 
පුතාගේ විවාහය නෑදැයින්ට කියන්නට ගිය මව බස් රථයේදී හමුවූ තරුණයා සමග ලැගුම්හලකට ගිහින් ( 2018 - 11 - 15 )

විවාහක කාන්තාවක්‌ බස්‌ රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන රුපියල් 76,000 ක්‌ වටිනා රන් මා

 
අපිව දාලා ගිහින් අවුරුදු 12ක් වෙනවා-හැම කෙනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක් ( 2018 - 11 - 15 )

පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ.හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන.ඉතින

 
UNP විරෝධතාවයක් නිසා ටවුන්හෝල් හිරවෙයි ( 2018 - 11 - 15 )

එක්සත් ජාතික පක්ෂය විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාකරු පවසයි.

 
මහින්දට එරෙහි 122 ත් අරන් කථානායක ජනාධිපති හමුවෙන්න යන්න හදලා ( 2018 - 11 - 15 )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසුරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්

 
රන්ජන් පාර්ලිමේන්තුවට පිහියක් ගෙනත්! ඉන්දික අනුරුද්ධගෙන් පැමිණිල්ලක් ( 2018 - 11 - 15 )

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දි

 
ගාමිණී සෙනරත්ගේ නඩුව විශේෂ මහාධිකරණයේ ඇරඹෙයි ( 2018 - 11 - 15 )

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව

 
කථානායකට එරෙහිව විරෝධතාවයක් ( 2018 - 11 - 15 )

වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් හා කථානායකවරයාට විරෝධය දක්වමින් අද15 මිද්දෙණිය හා වීරකැටිය නගරවලදී වි

 
ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි ( 2018 - 11 - 15 )

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශයට ඡන්දයක් විමසීමට සිදු කිරීමට කථානායකවරයා විසින්

 
විපක්ෂය අදම ඕන කිව්ව අපි බැහැ කිව්වා - පාර්ලිමේන්තුවේ කලබගෑනිය ගැන වාසු කියන කතාව ( 2018 - 11 - 15 )

"විපක්ෂයේ අය විශ්වාසභංග යෝජනාව ගැන නමින් ඡන්ද විමසීම වහාම ගමු කියල යෝජනා කළා. අපි ඒකට විරුද්ධ වුණාම එයාල අදම ම