සෘද්ධි බල ලැබූ ලාංකිය භික්ෂුවක් හිමාලයේ!උන්වහන්සේ තවත් ඉහළට ගියා - නේපාල ජාතිකයෙකුගෙන් හෙළිදරව්වක්! ( 2018 - 11 - 09 )

වත්මන් ශ්‍රී ලංකාවේ රහතුන් වහන්සේ ඇතුළු මාර්ගඵල ලාභී සහ ධ්‍යානලාභී භික්ෂුන් වහන්සේ වැඩ සිටින්නේ ද යන්න මේ දිනවල ‍පොදු සමාජ කතිකාවකට ලක්වන මාතෘකාවකි. එහෙත්, එවන් උත්තරීතර තත්ත්වයන්ට පත් වූ  ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේලා විදේශයන් හි වැඩ වෙසෙන්නේ ද යන්න පිළිබඳව එවැනි කතිකාවක් ගොඩනැගී නැත. එවන් තත්ත්වයක් යටතේ ඉන්දියාවේ හිමාල අඩවියේ වැඩ වෙසෙන ධ්‍යානබල සහිත ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමක පිළිබඳව විස්මිත තොරතුරක් අනාවරණය කර ගැනිමට ශ්‍රී ලාංකේය හිමි නමකට හැකිව තිබේ. ඒ ඇහැටුවැව දිවුල්ගනේ, පුරාණ දිඹුලාගල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමිපාණන් හටය. එබැවින් අපි උන්වහන්සේ අප හමුවේ කළ ප්‍රකාශය එලෙසින්ම මෙසේ ඔබ  වෙත ඉදිරිපත් කරමු.

“මම අපේ හිතවත් ස්වාමීන් වහන්සේලා තුන් නමකුත් එක්ක පහුගිය ජූලි මාසයේ ඉන්දුනීසියාවට වැඩම කළා. පහුගිය ජූලි නව වෙනිදා පිටත්වෙලා ජූලි දාහත් වෙනිදා තමයි නැවත අපේ රටට සේන්දු වුණේ. අපි ඒ ගමන ගියේ ප්‍රධාන අරමුණු දෙකක් ඇතිව. එකක් තමයි; ශ්‍රී ලාංකීය ආයෝජන ද සහිත ජාත්‍යන්තර සමාගමක ඉන්දුනීසියානු ශාඛාවේ සෙත් පිරිත් දේශනයක් පැවැත්වීම. ඒ අතරේ ඉන්දුනීසියාවේ ලෝක ප්‍රකට බොරෝබුදුර් බෞද්ධ සිද්ධස්ථානය වැඳපුදා ගැනීමත් අපේ අරමුණක් වුණා. ඒ හින්දා තමයි මේ ගමනට සතියක් ගතවුණේ. මේ ගමනේදී බොරෝ බුදුර්වලදී අපට මුණගැහුණා නේපාල ජාතිකයෙක්. ඔහුත් බොරෝ බුදුර් වැඳපුදා ගන්න ආපු බෞද්ධයෙක්. ඒ තැනැත්තා අපෙන් වගතුග අහලා අපි ශ්‍රී ලංකාවේ කිව්වම තමයි ඇහුවේ ‘දැන් ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා කලහාකාරීන්, අරගලකාරීන් විදිහට ජාත්‍යන්තර  මාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් යනවා ඒක රටට හොඳ නැහැ නේද?’ කියලා. එතකොට අපි කිව්වා ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා ගැන ජාත්‍යන්තර මාධ්‍යවලින් ප්‍රකාශ වෙන කරුණු අපි අහලා දැකලා නැහැ. ඒ හින්දා ඒ ගැන අදහසක් පළකරන්න බැහැ කියලා. ඒ එක්කම හැම සමාජ සංස්ථාවකම හොඳ - නරක කියන කොටස් දෙකම ඉන්න නිසා ඒක එච්චර පුදුමයකුත් ‍නෙවෙයි කියලා අපි කිව්වා. එතකොට තමයි ඒ නේපාල ජාතිකයා දැනට ඉන්දියාවේ හිමාල අඩවියේ (හිමාචල් ප්‍රදේශ්) සෘද්ධි බලයක් තියන ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්න බව අපට කිව්වේ. නමුත් අපි ඒක කීයටවත් විශ්වාස කළේ නැහැ. ඒත් ඒ ගැන ඇතිවුණු කුතුහලය නිසාම අපි ඒ ගැන අහන්න පටන් ගත්තා.

ඒ නේපාල ජාතිකයා කියපු විදිහට ඔය කියන හිමිනම ශ්‍රී ලාංකීය තරුණ භික්ෂුන් වහන්සේ නමක්. මුලින්ම උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ නේපාලයේ නාගර්ජුන් කියන කඳුකර වනාන්තරයේ ආශ්‍රමයක. ඒ කාලයේ තමයි මේ නේපාල ජාතිකයාටත් උන්වහන්සේ මුණගැහිලා තියෙන්නේ. ඒ කා‍ලේදීම උන්වහන්සේ තුළ අසාමාන්‍ය සෘද්ධි බලයක් තිබුණය කියන කාරණය තමන්ට වගේම ඒ ආශ්‍රමයේ අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් වැටහිලා තිබුණා කියලා ඔහු අපිට කිව්වා.

කිසිම දෙයක් ගැන ඇලීමක් ගැටීමක් නැතුව බොහොම සැහැල්ලුවෙන් ගෙවෙන දිවි පෙවෙතක් උරුම කරගත් උන්වහන්සේ ඉතා ඉහළ ආධ්‍යාත්මික ශක්තියක් ; ධ්‍යාන බලයක් හිමිකරගෙන හිටපු බවත් ඒ නේපාල ජාතිකයා අපට කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාවේ ඉපදිලා හැදිලා වැඩිලා එංගලන්තයේ විශ්වවිද්‍යාල කීපයකින් උපාධි ලබාගෙන ආත්ම විමුක්තිය සඳහා තරුණ වයසේදීම නේපාලයට ඇවිත් පැවිද්ද ලබා ගත්තු බව තමයි ඒ ආශ්‍රමයේ අනිකුත් ස්වාමීන් වහන්සේලා කියා තිබුණේ.

කොහොමත් ඒ හාමුදුරුවෝ තමන්ගේ පෞද්ගලික වතගොත හෙළිකරන්න කැමති නැති බව තමන්ටත් ඒ කා‍ලේම වැටහුණා කියලා නේපාල ජාතිකයා කිව්වා.  ඊට පස්සේ  කාටවත්ම නොකියා උන්වහන්සේ ඉන්දියාවේ හිමාල අඩවියේ (හිමාචල් ප්‍රදේශ්) ආශ්‍රමයකට ගිය බවත් තමන්ට පස්සේ දැන ගන්න ලැබුණා කියලයි ඒ නේපාල ජාතිකයා කිව්වේ.  දැනට උන්වහන්සේ වැඩ වසන්නේ ඒ හිමාල අඩවියේ ආශ්‍රමයකලු.

සිරිරතන හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා හමුවේ ඒ පිළිබඳව විස්තර කළ එම නේපාල ජාතිකයා පවසා සිටියේ නේපාලයේ නාගර්ජුන් වනාන්තරය ආශ්‍රිත ආශ්‍රමය හා සම්බන්ධකම් පවතින හිමාල අඩවියේ ආශ්‍රමයක වැඩ වාසය කළ උන්වහන්සේ දැන් එම ආශ්‍රමයේ ද නොමැති බවය. ඒ සම්බන්ධයෙන් විමසා බැලු  නේපාල නාගර්ජුන් වනය අද්දර ආශ්‍රමයේ හිමිවරුන්ට හිමාල අඩවියේ ආශ්‍රමයේ හිමිවරුන් “ඔහු තවත් ඉහළට ගියා” යනුවෙන් පමණක් පවසා ඇති බවද එම නේපාල ජාතිකයා සිරිරතන හිමියන් ඇතුළු හිමිවරුන්ට පවසා තිබේ.

“හිමාල අඩවියේ කොටසක තිබෙන බෞද්ධ ආශ්‍රමවලට වන්දනාකරුවන් වගේම දේශීය විදේශීය සංචාරකයන් එනවා. ඒත් ඔය අතරේ හිමාල අඩවියේ ඉහළ ප්‍රදේශවල කිසිදු ජන අවධානයට ලක් නොවූ තවත් ආශ්‍රම තියනවා. ඒ අනුව හිමාල අඩවියේ හිමිවරු ඒ හාමුදුරුවන් තවත් ඉහළට ගියා යැයි පවසා ඇත්තේ හිමාල කඳුවැටියේ ඉහළටද? නැතිනම් අධ්‍යාත්මික තත්ත්වයෙන් තවත්  ඉහළටද යන්න තමන්ට තේරුම් ගන්න බැරි යැයි ඒ නේපාල ජාතිකයා අප හා කීවා” සිරිරතන හිමියෝ කීහ.

ඒ කෙසේ හෝ එවන් උතුම් ආධ්‍යාත්මික වටිනාකම් සහිත භික්ෂුන් වහන්සේලාගෙන් යුතු ශ්‍රී ලංකාවේ හිමිවරුන් කලහකාරීන් හා ත්‍රස්තවාදීන් ලෙස මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවලින් පැතිර යන නරක ප්‍රතිරූපය සම්බන්ධයෙන් තමන් අතිශය කණගාටුවට පත්වනුයේ එම ශ්‍රී ලාංකීය හිමි නම සිහිපත් වීමෙන් යැයි එම නේපාල ජාතිකයා තමන් හා පැවසූ බවද  ගලහිටියාවේ සිරිරතන හිමියෝ අප හා කීහ.
(under the courtesy of nethgossip.lk news web)
     
අද පාර්ලිමේන්තු යනවද නැද්ද..මහින්ද මෛත‍්‍රී තීරණාත්මක සාකච්චාවක්.. ( 2018 - 11 - 14 )

කතානායකවරයා විසින් අද කැදවා ඇති පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වන්නේ නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්චාවක් ජනාධ

 
වසන්ත සේනානායක අමාත්‍යධුරයෙන් ඉවත් වෙයි ( 2018 - 11 - 14 )

ආණ්ඩුවට බහුතරය නොමැති නිසා තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව වසන්ත සේනානායක පවසයි.    

 
පාර්ලිමේන්තුවේ බහුතරය මං පෙන්නුවා- රනිල් ( 2018 - 11 - 14 )

තමනට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.අද පාර්ලිමේන්තුවේදී ඒ බව තහ

 
මහින්ද රජය සමයේ වංචා දූෂණ චෝදනා රැසක් එල්ල වූ නව ශ්‍රීලංකන් ගුවන් සේවා සභාපතිගේ පත්වීම තාවකාලිකව අත්හිටුවයි! ( 2018 - 11 - 14 )

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති ලෙස පත්කෙරූ ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක න

 
"නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා"- ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන පාඨලී කියන කතාව ( 2018 - 11 - 15 )

අද 15 පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතර නොසන්සුන්කාරි වාතාවරණයක් ඇතිවූ අතර , පර්ල

 
පුතාගේ විවාහය නෑදැයින්ට කියන්නට ගිය මව බස් රථයේදී හමුවූ තරුණයා සමග ලැගුම්හලකට ගිහින් ( 2018 - 11 - 15 )

විවාහක කාන්තාවක්‌ බස්‌ රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන රුපියල් 76,000 ක්‌ වටිනා රන් මා

 
අපිව දාලා ගිහින් අවුරුදු 12ක් වෙනවා-හැම කෙනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක් ( 2018 - 11 - 15 )

පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ.හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන.ඉතින

 
UNP විරෝධතාවයක් නිසා ටවුන්හෝල් හිරවෙයි ( 2018 - 11 - 15 )

එක්සත් ජාතික පක්ෂය විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාකරු පවසයි.

 
මහින්දට එරෙහි 122 ත් අරන් කථානායක ජනාධිපති හමුවෙන්න යන්න හදලා ( 2018 - 11 - 15 )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසුරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්

 
රන්ජන් පාර්ලිමේන්තුවට පිහියක් ගෙනත්! ඉන්දික අනුරුද්ධගෙන් පැමිණිල්ලක් ( 2018 - 11 - 15 )

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දි

 
ගාමිණී සෙනරත්ගේ නඩුව විශේෂ මහාධිකරණයේ ඇරඹෙයි ( 2018 - 11 - 15 )

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව

 
කථානායකට එරෙහිව විරෝධතාවයක් ( 2018 - 11 - 15 )

වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් හා කථානායකවරයාට විරෝධය දක්වමින් අද15 මිද්දෙණිය හා වීරකැටිය නගරවලදී වි

 
ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි ( 2018 - 11 - 15 )

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශයට ඡන්දයක් විමසීමට සිදු කිරීමට කථානායකවරයා විසින්

 
විපක්ෂය අදම ඕන කිව්ව අපි බැහැ කිව්වා - පාර්ලිමේන්තුවේ කලබගෑනිය ගැන වාසු කියන කතාව ( 2018 - 11 - 15 )

"විපක්ෂයේ අය විශ්වාසභංග යෝජනාව ගැන නමින් ඡන්ද විමසීම වහාම ගමු කියල යෝජනා කළා. අපි ඒකට විරුද්ධ වුණාම එයාල අදම ම