විදුහල්පතිගේ දොර ඉස්සරහා මල් වඩමක් ( 2018 - 11 - 09 )

සාලිය ආදර්ශ මහා විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරයාගේ නිවස ඉදිරිපිටට මල් වඩමක් තැබීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සාලියවැව පොලිසිය පැවසුවේය.

සහකාර විදුහල්පතිවරයා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන්ව ඇත්තේ පාසලේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම ගැන උරණ වී ඇති එහි වැඩබලන විදුහල්පතිවරයා හා තවත් ගුරුවරුන් කිහිප දෙනෙකු එක්ව සිසුන් පිරිසක් ලවා සහකාර විදුහල්පතිවරයාගේ නිවසට මල්වඩමක් යැවීමට කටයුතු කර ඇති බවට තොරතුරු මේ වන විට ලැබී ඇති බවයි.

සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති එස්.එම්.පී.ජී.කීර්තිරත්න බණ්ඩා මහතා විසින් 6 වන දින මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයේ වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම හා වෙනත් ගොඩනැඟිලි අළුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් වන කොන්ත්‍රාත් පාසලේම ගුරුවරයෙකුට ලබා දී ඇති බවත් ඒ සඳහා පාසල් සංවර්ධන සමිතියේ අනුමැතිය ලබා ගෙන නොමැති බවත් මෙහිදී වාර්තා වෙයි.

මේ අතර එම කොන්ත්‍රාත් කිරීම් සඳහා සංවර්ධන සමිති ගිණුමේ මුදල් ද යොදවා ඇති නිසා පාසලේ ජල බිල හා විදුලි බිල ගෙවීමට නොහැකිව ජල බිලට අධිභාරයක් එකතු වී ඇති අතර පාසලට විදුලිය දෙන විදුලි සැපයුම් 4ම විසන්ධි කර තිබී ඇති බවත් අද දෙරණ වාර්තාකරු පැවැසීය.

ක්‍රීඩා උත්සවය වෙනුවෙන් දෙමාපියන්ගෙන් අය කළ රුපියල් 400 බැගින් වන කොටස් මුදල් සංවර්ධන සමිති ගිණුමට බැර නොකර අත්තනෝමතික ලෙස වියදම් කර තිබෙන බවත් පාසලට වෙනත් ආධාර යටතේ ලැබෙන මුදල් ද මෙසේ අවිධිමත් ලෙස වියදම් කර ඇති බවත් වාර්තා වෙයි.

පාසලේ ඉදිකර ඇති බුදු මැදුර වෙනුවෙන් එකතු කර ඇති මුදල්ද සංවර්ධන සමිති ගිණුමට බැර නොකර වියදම් කර ඇති බවද සදහන් වෙයි.

එසේම සහකාර විදුහල්පතිවරයා කල පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් වන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය වැඩ සටහන්  වෙනුවෙන් වෙන් කර ඇති මුදල් එවැනි කටයුතු ඉටු නොකර ලබා ගෙන ඇති බවත් ඒ සඳහා විවිධ බිල් ඉදිරිපත් කර ඇති බවත්ය.

වසර 5කට පෙර දෙමාපියන්ගේ පරිත්‍යාග හා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද පාසල් භූමියේ ගල්වැටි දැමීම ඇතුළු වියදම් වෙනුවෙන් යැයි පවසමින් 2018 වසරේ ගිණුමෙන් මුදල් ලබා ගෙන ඇති බව සම්බන්ධයෙන් ද වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයට ලද පැමිණිලි මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
    
එම පැමිණිල්ලේ වැඩි දුරටත් ඇත්තේ  ශ්‍රී ලංකා විගණන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත්  පරීක්ෂණ කටයුතු සිදු කර වාර්තාවක් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.

සාලිය ආදර්ශ මහා විද්‍යාලය තුළ විශාල වශයෙන් මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවත් මුදල් එකතු කිරීම සම්බන්ධ වවුචර්පත් ද අස්ථානගතවීම, පාසලට අයත් කුඹුරේ ආදායම් පිළිබඳ නිවැරදි තොරතුරු නොමැතිවීම ඇතුළු අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන්ද එම වාර්තාවෙන් කරුණු පෙන්වා දී තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන විමර්ශන අංශය හා ශ්‍රී ලංකා විගණන දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කළ දා සිට මේ දක්වාම විදුහල්පතිවරයා හා ඉහත  චෝදනාවලට ලක්ව ඇති ගුරුවරුන් දෙතුන් දෙනා විසින් සිසුන් දෙතුන් දෙනෙකු ලවා තමන්ට එරෙහිව කළුකොඩි දැමීම, තමන්  අතිරේක පන්තියක් පැවැත් වූ පසුගිය දිනක සිසුවෙකු ලවා ගල් ගැස්සවීම එම සිසුන් ලවා හූ කියවීම වැනි දුෂ්ඨකම් සිදු කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් සාලියවැව පොලීසියට විටින් විට පැමිණිලි කළ බවත් ඒ මහතා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

සුසාන භුමියක තබන ලද මල්වඩමක් 5වන දින රාත්‍රී 10.30ත් 11.00ත් අතර සහකාර විදුහල්පතිවරයාගේ නිවසේ දොරටුව අසල තැන්පත් කර ඇත්තේ සිසුන් හතර පස් දෙනෙකු යොදා ගෙන බවත් 5 වන දින රාත්‍රී 10.30 පමණ වන තෙක් පාසලේ පවත්වා ඇති අතිරේක පන්තියක සිසුන් පිරිසක් මේ සඳහා යොදා ගෙන ඇති බවත් පැමිණිල්ලේ සදහන් වේ .

මේ සම්බන්ධයෙන් පුත්තලම උතුරු කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා, පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, වයඹ පළාත් ආණ්ඩුකාරතුමන්ට ද මේ පිළිබඳව ලියාපදිංචි තැපෑලෙන් පැමිණිලි ඉදිරිපත් කරන බව ද එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.
(under the courtesy of adaderana.lk news web)
     
විශ්වාසභංගය සම්මත වෙද්දී සෙංකෝලය තිබුනේ කොහේද ? VIDEO ( 2018 - 11 - 14 )

අද 14 දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට සහ ආණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමේදී

 
විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනපතිගේ අධීක්ෂණයට ( 2018 - 11 - 14 )

ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන ජනාධිපති කාර්ය සාධන බළකායන්හි ක්‍රියාකාරිත්වය සහ විශේෂ ව්‍යාපෘතිවල ප්

 
මහින්ද රජය සමයේ වංචා දූෂණ චෝදනා රැසක් එල්ල වූ නව ශ්‍රීලංකන් ගුවන් සේවා සභාපතිගේ පත්වීම තාවකාලිකව අත්හිටුවයි! ( 2018 - 11 - 14 )

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති ලෙස පත්කෙරූ ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක න

 
රජයේ නිලධාරීන්ට සහ පොලිසියට රනිල්ගෙන් පණිවුඩයක් ( 2018 - 11 - 14 )

හඬ සහ ඇසට පෙනෙන දර්ශනය අනුව ආණ්ඩුවට බහුතරය නොමැති බවට කථානායකවරයා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු රැස්වී

 
"නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා"- ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන පාඨලී කියන කතාව ( 2018 - 11 - 15 )

අද 15 පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතර නොසන්සුන්කාරි වාතාවරණයක් ඇතිවූ අතර , පර්ල

 
පුතාගේ විවාහය නෑදැයින්ට කියන්නට ගිය මව බස් රථයේදී හමුවූ තරුණයා සමග ලැගුම්හලකට ගිහින් ( 2018 - 11 - 15 )

විවාහක කාන්තාවක්‌ බස්‌ රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන රුපියල් 76,000 ක්‌ වටිනා රන් මා

 
අපිව දාලා ගිහින් අවුරුදු 12ක් වෙනවා-හැම කෙනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක් ( 2018 - 11 - 15 )

පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ.හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන.ඉතින

 
UNP විරෝධතාවයක් නිසා ටවුන්හෝල් හිරවෙයි ( 2018 - 11 - 15 )

එක්සත් ජාතික පක්ෂය විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාකරු පවසයි.

 
මහින්දට එරෙහි 122 ත් අරන් කථානායක ජනාධිපති හමුවෙන්න යන්න හදලා ( 2018 - 11 - 15 )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසුරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්

 
රන්ජන් පාර්ලිමේන්තුවට පිහියක් ගෙනත්! ඉන්දික අනුරුද්ධගෙන් පැමිණිල්ලක් ( 2018 - 11 - 15 )

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දි

 
ගාමිණී සෙනරත්ගේ නඩුව විශේෂ මහාධිකරණයේ ඇරඹෙයි ( 2018 - 11 - 15 )

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව

 
කථානායකට එරෙහිව විරෝධතාවයක් ( 2018 - 11 - 15 )

වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් හා කථානායකවරයාට විරෝධය දක්වමින් අද15 මිද්දෙණිය හා වීරකැටිය නගරවලදී වි

 
ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි ( 2018 - 11 - 15 )

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශයට ඡන්දයක් විමසීමට සිදු කිරීමට කථානායකවරයා විසින්

 
විපක්ෂය අදම ඕන කිව්ව අපි බැහැ කිව්වා - පාර්ලිමේන්තුවේ කලබගෑනිය ගැන වාසු කියන කතාව ( 2018 - 11 - 15 )

"විපක්ෂයේ අය විශ්වාසභංග යෝජනාව ගැන නමින් ඡන්ද විමසීම වහාම ගමු කියල යෝජනා කළා. අපි ඒකට විරුද්ධ වුණාම එයාල අදම ම