Sunday 16th of December 2018

ජවිපෙ යෝජනාවට එජාපය එකඟ වෙයි

2018 - 12 - 06       
feature-top
සිදු වූ හදිසි බල පෙරළිය සම්බන්ධයෙන් කොමිසමක් මගින් විමර්ශනයක් කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කළ යෝජනාව තමන් ද අනුමත කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පෙන්වා දෙන්නේ නීතිවිරෝධී අගමැතිවරයෙක් සහ නීති විරෝධී ඇමති මණ්ඩලයක් පත් කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කළ වගකිවයුත්තන්ට පියවර ගැනීමට කොමිසමක අවශ්‍යතාව ඇති බවයි.  

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් යෝජනා කර සිටියේ අදාළ විමර්ශනයේදී හෙළි කර ගන්නා කරුණු දේශපාලන විද්‍යාව යටතේ විෂය නිර්දේශවලට ද ඇතුළත් කළ යුතු බවයි. එමගින් මෙවැනි තත්වයක් නැවත ඇතිවීම වළක්වා ගත හැකි බවද ජනතා විමුක්ති පෙරමුණ පැවසුවා.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ පිළිබඳ පළ කරන්නේ වෙනත් අදහසක්. ඔවුන් පවසන්නේ විමසා බැලිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති රහසිගත එකගතා පිළිබඳ බවයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මේ බව සඳහන් කළා.

දෙමළ ජාතික සන්ධානය ද එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර මෙම රහස් හවුලෙහි තවත් පාර්ශවකරුවෙකු බව චන්දිම වීරක්කොඩි මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

More News »