Sunday 16th of December 2018

අනුර - රාජිත දෙබෑයෝ ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට අර අදියි

2018 - 12 - 06       
feature-top
ජනාධිපතිවරයාට එරෙහිව වහාම දෝෂාභියෝගයක් න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු බවට අනුර – රාජිත සාකච්ඡාවකදී තීරණය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ මගින් පවතින නඩුවේ තීන්දුව ඔවුනට වැඩි වාසි සහගත වුවහොත් එනම් මැතිවරණය පැවැත්වීම අත්හිටවුවහොත් ජනාධිපතිවරයා විසින් නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ ජනමත විචාරණයකට යාම වැළැක්වීම දෝෂාභියෝගයේ අරමුණ බව වාර්තාවේ.

නඩු තීන්දුව කුමක් වුවත් විශ්වාසභංගයකින් සම්මත වුවහොත් නැවත වටයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට බලයක් ලැබෙන බවට මතයක් තිබීම ඊට හේතුව බව අනාවරණය වේ.

එසේම එවැනි තත්ත්වයක දී එනම් දෝෂාභියෝගයක් න්‍යායපත්‍රයේ තිබියදී තවත් ඡන්දයක් වන ජනමත විචාරණයක් පැවැත්වීමටද ඒ මගින් බාධාවක් එල්ල වන බව ඔවුන් විශ්වාස කරන බව ද වාර්තා වේ.
lanka lead news

More News »