Thursday 13th of December 2018

මං ජනාධිපති වුනා නම් හොදට රට පාලනය කරනවා..දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ..

2018 - 12 - 06       
feature-top
තමන් ජනාධිපති වූයේ නම් අද ජනාධිපතිවරයා කරන ආකාරයේ තුට්ටු දෙකේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් තමන් ජනාධිපති කලේ නම් අනිවාර්යෙන්ම රට ඉදිරියට ගෙන යන්නේ එම පක්‍ෂය සමග බවද ඔහු කියා සිටී.

‘ව්‍යවස්තාව කඩන්නේ නෑ. ජනතා පරමාධිපත්‍ය පාගලා දාන්නේ නෑ. පිස්සුවෙන් වගේ පාර්ලිමේන්තුව මේ තත්වයට දාන්නේ නෑ. එජාප නායකයාගේ කකුලෙන් අදින්නේ නෑ’

පාර්ලිමේන්තුව අමතමින් ඊයේ දිනයේ ෆොන්සේකා මහතා මෙම අදහස් පල කලේය. (under the courtesy of lankacnews.com news web)

More News »